Dec 30, 2010

සිගාකමි ජීවිතය

තෙරක් නොපෙනෙන මහ සමුදුර මැද
අතරමං වූ සෙයකි ජීවන නෞකාව
සොයාගත නොහැකිව මගක්
පාව යන්නට කෙම් බිමක් වෙත
ඉතින් සිගා කමි ජීවිතය
හිතක් පපුවක් නැතිව
පෙරලෙන දළ රළ පෙලින්
සොයා දෙන ලෙස කියා මාවතක්
සොයාගෙන යන්නට
සැනසුමක් ඇති තැනක්
රිදුණු හිත තදින් තුරුලු කොට
සනසන්නට හදන මගෙම සිතිවිලි සමග
අරමුණක් නැතිව ඔහේ පාවෙන
නෞකාවකි අසරණ ජීවිතය
‍වැටෙන පොඩි හිරු කිරණකට
දෙන්න පුළුවන් උවත් ජීවිතය
විඩාබර තනි සිතට දැන් අවැසි නැවතුමක්
සදාකල් නැංගුරම්ලන්නට

Dec 27, 2010

සයුරු ඉම



මං නැති උනාට
සුවද සමන් වැල
සුදු සේලය අදිනවා ඇතී
වැට අද්දර හරි ජයට සුවද දී
වැටකේ මල් පිපෙනවා ඇතී
සැලෙන සයුරු රළ
 වගේම නුඹේ සිත
සිතිවිලි රළ නැගෙගනවා ඇතී
අප පියමන් කල වෙරළ ඉමට වී
ඔබත් මෙලෙස තැවෙනවා ඇතී



මම වෙරළේ සුදු වැල්ලේ එරෙමින්  දැවිද ගියේ නුහුරටයි..එක් අතක පාවහන් යුගලත්  අනෙක් අතේබෑගයත් විය..වෙනදා මම මේ ගමන ආවේ හිතෙහි වු අපමණ සැහැල්ලුවකිනි, නමුත් අද ඒ සැහැලුලුව හිත අහලක නැත. මොහොතකට නැවතී වෙරළ තීරය සිසාරා නෙත් හෙලීමි.. සුපුරුදු ලෙස ගල්පරය මතට වී ඇත ක්ෂිතිජය දෙසට නෙත් යොමාගෙන හිටියේ ඔහුයි. හිත් අහස පුරාවට හරි අපූරුවට පායා උන් ඔහුයි... වෙනදා නම් ඔහු මෙලෙස සිටින විට මම කරන්නේ දග කාරකමට පිටු පසින් ගොස් දෝතින්ම ඒ ඇස් වසා මහ හඩින් සිනාසීමයි,

මා පළමු වරට ඒසේ දග කම් කල දිනය මට කිසිදාක අමතක නොවේ.. එදින කියවීම් ශාලාවෙන් පිටවී සයුරු වෙරලට එද්දී නොසිතූ ලෙස පමා වී තිබුණි. එදත් අද මෙන්න ඔහු මෙලෙසම ගල්පරය මතට වී සයුරේ කෙලවර සොයමින් උන්නේය, ඔහුට නොදැන්නට ඔහු පසුපසින් ගිය මා දොතින්ම මුහුණ වසන විට ගැඹුරු කල්පනාවක උන් ඔහු එකවර ගැස්සී. මාත් සමගම ගල්පරයෙන් ලිස්සා... මුහුදු ජලයේ වැටුණි..තරමක් ගැඹුරු. ජලයේ ගිලී ගිය මා දොතින් ගෙන වෙරළේ සියුම් වැලි පොළවේ සතපවා පෙවුණු වතුර ඉවත් කල අයුරු මේ දැනුත් මා නෙත් ඉදිරියේ මැවේ..

"පිස්සී.. තව පොඩ්ඩෙන් දෙන්නම ගිලෙනවා.." මට යන්තම් සිහිය ආ පසු ඔහු මා තුරුලු කොට ගෙන කීවේ තරහින් නොවේ..  සියුම් බියක් අතර වුවද සිදුවු දෙයට මගේ ‍දෙතොල් අතරද හීනි හිනාවක් මෝදු විය..


"මෝඩ කෙල්ල... කියල බය කරන්න බැරිද.. මම ගැස්සුනා.." ඔහු මගේ නළළ සිඹ කීවේය,

"හිතුවේ නැහැ ගැස්සෙයි කියල ඔය තරම්....." බොහොවේලාවකට පසු පියවි සිහියට ආ මා හුරතල් වෙමින් කීමි..

"මම ගොඩක් දුරක හිටියේ මැණික... ඒකයි.. දැන් ඒ ගැන හිතන්න එපා... කො අර අව්ව තියෙන තැනට යමු ඔයගේ ඇදුම හොදටම තෙමිලා" ඔහු මා වත්තන් කොට යලිත් ගල් පරය වෙතම ගියේය...

"අනේ මට බයයි.. වැටෙයි..." මම ගල් පරයට නැගීම ප්‍රතික්ෂේප කලෙමි

"මම ඉන්නවනේ... බය වෙන්න එපා බබා.. ආයේ කවදාවත් මම ඔයාව වතුරට වට්ටන්නේ නැහැ..."ඔහු කීවේ සිනාසෙමින් මගේ හිස පිරිමැදය,

සිතිවිලිත් සමග නොදැනීම මම ගල් පරය අසලය... ඒත් වනදාමෙන් ඒ දෑස් වසා ඔහු සමග හුරතල් වන්නට බැරියඅපේ ආද‍රයට කළු පැල්ලමක් එක්කර ඔහු මාගේ හිත බිද දමා දුරක ගොස් ඇත.. මම මෙහොතක් නිහඩවට උන්නෙමි සිතිජ අයියාගේත් මගේත් ආදරයට දැනට සිව් වසරකි, ආදරයේ සිව්වෙනි වසර සමරන්නට ඔහු සයුරු වෙරලට ආවේ නැත ක්ෂිතිජ ඉමෙන් හිරු බැස යන තුරුත් වෙරළට වී උන් මා හඩමින් නිවසට යන විට මුණ ගැසුණු මිතුරියන් කීවේ  දහවල ඔහු යුවතියක් සමග නගරයේ සිටිනු දුටු බවයි.

ඉතින් මා කිසිත් අසන්නට නොගියෙමි.. සය මසක්ම මම ඔහු මගහැර උන්නෙමි මවෙත එවු පෙම් හසුන් සියල්ලම විවෘත නොකරම  බැගයක එකතු කලෙමි... පන්ති ගමනත් නතර කලෙන් මම නිවසේම කොටුවිය, සිතිජ අයියා මතක් වෙන හැම මොහොතකම කාමරයේ දොර වසාගෙන ඇති තරම් හැඩුවෙමි.. හිත හදන්නට එන අක්කාට පෙනෙන්නට බොරුවට සිනාසුනෙමි නතිකම විසින්ම මා බිය ගුල්ලියක් බවට පත් කරන්ට ඇත, හුදෙකලාව තනිවී හූල්ලන මගේ හැසීරිම අක්කාටත් අයියාටත් වදයක් විය.

අම්මා නොදුටු මට අම්මා කෙනෙක් වු අක්කාත් තාත්තාගේ වියොවෙන් පසු අක්කාව හදිසියේම විවාහ කරගෙන  අප දෙදෙනාටම තාත්තා කෙනෙකු වු අයියාත් රිදවන්නට මට තවත් සිත් නොවීය.. අවසන මම තීරණයක් ගතිමි. සහන් අයියාගේ මිතුරකු වු අසිත අයියා හෙට ඔහු ගේ දෙමාපියන් සමග මා  බැලිමට නිවසට එන ගමනට මම කැමති වීමි.

"බල කරන්නේ නැහැ චූටි නංගි.. ඔයා කතාබහ කරල බලන්න ඔයාට හොදයි කියල හිතෙනවනම් අපි වචනයක් දෙමු.. ගෙදරට ආපු පලියට මගුලක් ගන්නේ නැහැනේ..."
අක්කා සැනසිලි වදන් කීවාය...

"හ්ම්...." මම සුසුමක් පමණක් හෙලීමි

"තවමත් ඔයාගේ හිතේ ඉන්නේ සිතිජ නේද.... "
නිහඩ බව බිදින්නදෝ අක්කා ඇසුවාය..

"නහැ අක්කේ... නැහැ... එයා අපේ ආදරේ සොහෙන් ගත කරල ඉවරයි.... මට මගේ හිත හදා ගන්නයි ඔනි.. ඒත් මේ මතක  මා ළග තියෙනකල් මට එයාව අමතක කරන්න අමාරුයි... එක පාරක් මුණගැහිලා.. මේ  සේරම එයාටම ආපහු දෙන්න ඔනි"
ඔහුගෙන් ලද සියලුම සොදුරු තිලිණ අඩුක්කර තිබූ බෑගය පෙන්වමින් මා කිවෙමි..

" ම්.... මුණ ගැහෙන්න ඔනි නම් මම අයියට කියන්නම් හවස එන්න කියන්න කියලා.. සිතිජත් තුන් හතර පාරක්ම  අයියගෙන් අහල තිබුනා හිරූට එන්න බැරිනම් මම ගෙදරටවත් එන්නද කියලා... " අක්කා සන්සුන්ව කීවාය..

"හ්..ම්ම්ම්ම්ම්ම්... විස්තරේ කියලම එන්න කියන්න ඒත් ගෙදරට නෙවෙයි වෙරළට.... " දිගු නිහඩතාවයක අවසන මම කීවෙමි...

ඒ අනුව මම මෙලෙස සයුරු වෙරළට පැමිණියේ අපගේ අවසන් හමුවටයි...

"හීරූ.... ගො..ඩක් වෙලාද මැණීක ඇවිත්...." සිතිවිලි වල අතරමන්ව හිදිද්දී ඔහු ගල්පරයේ කෙලවර උන්  මා අසලටම පැමිණ  සිටියේය.

" ම්හ්..ම් .. නැ..හැ.."  මම උගුරෙන් කිමි.. ඔහු මා අමතන්නේ එදා වාගේමය... මම ගල් ගැසී උන්නෙමි.

"මම කල්පනාවක හිටියේ... සොරී.. මම ඔයා එනව දැක්කේ නැහැ " ඔහු සන්සුන්ව කීය

"ක..ම..ක් නහැ... ආ මේක ගන්න.. ම..මම යනවා...." මා අත වූ බෑගය ඔහුට දී.. මම යන්නය හැරුනෙමි නොසිතූ ලෙස ඔහු එම බෑගය ඈත සමුදුර දෙසට වීසි කොට දැඩිව මා තුරුලු කොට ගත්තේය, මම කිසිත් සිතා ගන්නට නොහැකිව ගල් ගඋසී උන්නෙමි..

"කාත්කවුරුත් නැති මාව තනි කරල යන්න එපා මගේ මැණික....යන්න එපා... ඔයා නැතිව ඉන්න බැහැ මට.... අනේ... ඇයි මෙහෙම අනාථ කරන්නේ මාව... හැමදාමත් මම ඔයා එයි කියල මෙතන උන්නා මැණික.... ඒත් ඔයා අද ඇවිත් යන්නම යන්න හදනවා... ඇ..යි ඇයි.. එකපාරක් ඇහුම් කන්දෙන්න බැරි මට,......" ඔහු කියවාගෙන ගියේ  මගේ දෑසට එබීය... ඒ දෑස් හමුවේ මට නොහඩා ඉන්නට බැරි විය. මම කෑ ගැසුවෙමි

"බලාගෙන උන්න මම ඒදා හවස් වරුවම... ආවේ නැහැ ඔයා... ආ..වේ.. නැහැ.. සිතිජයියේ.... ‍‍"
 ආවේගය සහ වේගවත් ඉකිබිදුම අතරින්ම ඔහුගෙන් මිදුණු මා ගල්පරය කෙලවරට වේගයෙන් දිවගොස්.. සයුරු ජල කදට පැන්නෙමි... කිසිවක් සිතන්නට මටද වේලාවත් නෙවීය..වේගයෙන් සයුරු ජල කද මත පතිත වනවාත් ඒ සමග ආ රළපහරට මගේ සිරුර යටවී යනවාත් මතකය..

මම දෙනෙත් විවර කලෙමි මා උන්නේ වෙරළේ නොවේ.. රෝහලක ගිලන් සයනයක් මතය, අක්කාත් අයියාත් දෙපසින් විය... මට ඔවුන්ට මුහුණ දෙන්නට බැරි සෙයක් දැනුනි...  මම දෙනත් සගවා ගතිමි ඔවුන් දෙදෙනාත් නිහඩවම උන්නෝය... වෛද්‍යවරුන් සහ හෙදියන් කාමරයෙන් පිටවී යන තුරුත් නිහඩව උන් අක්කා ඉකිබිදිමින් මගේ හිස සිම්බාය...

"ඇයි පිස්සියේ.... ඔය තරම් දෙයක් කරගන්න ගියේ....." ඇය මගේ හිස කෙස් අතරින් ඇගිලි දුවවමින් කීවාය... මම නිහඩවම උන්නෙමි

"නංගා... අර කොල්ල  දවස් තුනක් තිස්සේ.. එළියේ කොරිඩෝවට වෙලා හූල්ලනවා... එක වචනයක් කතා  කරන්න....." අයියා ගිලන් සයනය මත්තේ හිද කිවේ වේදනාවෙනි... මම හිස සැලීමි.. ඒ පාළු වෙරළේ සයුරු රළ සමග පොර අල්ලා ඔහු මා බේරාගත් බව මට දැන් අමුතුවෙන් කිසිවෙකු කියන්නට උවමනාවක් නැත..

සිතිජ අයියාට ඉඩදී අක්කා මා අසලින් ඈත් වුවාය ... මම කිසිත් නෙකියා ඔහු දෙස බලා උන්නෙමි.. කිසිවක් කියන්නට වචන ගලපාගන්නට මට නොහැකි විය.

"ඒදා... ඒ ගර්ල් මහ පාරේ කලන්තේ දාල වැටුන නංගා.. ම....මම එයාට උදව් කලා.. ඒ..කයි මට එන්න බැරි උනේ...." ඔහු අසරණ හඩින් කීය... මට හැඩුම් වාවනු බැරි විය මම ඒ..දිගු  ඇගිලි තුඩු  තදින් අල්ලා ගතිමි....

සයුර ඉම සදු ලවැලි තලයේ
අපේ සරමරුම් ඉකිබිදී
සිතිජ අන්තේ හිරු කුමාරි
ගිලි යලි  හෙට එනු ඇතී...
 
****************************************නිමි********************************************

Dec 23, 2010

ගරහන්න එපා අහිංසක පෙමට

සමනලියකට වසග උන
බඹරෙකුට පෙම් කල සමන් මල, 

වැළපෙනව අද ඉකිබිද
කාත් කවුරුත් නැතිව තනිවම,
අතරමං වී කුරිරු කතරක
කෙම්බිමක් සොයා ඇදෙන විට, 

පැන් පොදක් කියා වැළද ගත් ඔබ
මිරිගුවක් වී ගියා ඈතට,
සමන් මල් කැකුළ තනිකර 

 සමනළිය සොයා ගිය නුඹ ,
 රැවටී කිරිලි කුමරියකට
වරදත් පැටවුවා සමන් කැකුලට,
නිල් නුවන් කදුළු බොද කර 

 අයැදිනා විට සෙනෙහස, 
පැවසුවා නුඹ පෙම් නොකළ බව  
කිසිදාක සමන් කැකුලට,
හිතට නොදැනුණ සෙනෙහස  

වදන් කොට පැවසුවලු නුඹ, 
නුඹම කීවා යළිදු දිනයක  
දැනෙනු ඇති බව සෙනෙහස,
එවන් දිනයක හිරු රැස
පායනා තුරු අදුරු කතරට, 

කදුළු පුරවන් ඇස් අග  
බලා උන්නා සමන් කැකුලිය,
විලක උන් කුමුදු මලකට  

දුක සිතී සමන් මල ගැන‍,
 සොයුරු සෙනෙහස කැටි කර
සිනාසී බැලුවාලු ඇය දෙස,
කුරිරු වදනින් සොවබර  

බඹර කුමරුන් රිදවු විට සිත, 
තනිකම හිතට හිරකර  
දුරින් සිටියා සමන් කැකුලිය,
තුන් හිතක නොවු කරුණක
අරුත් සුන් අරුතක් සොයාගෙන, 

බඹරිදු පෙළයි සමන් මල
ගරහන්න එපා මගේ නිමල පෙම හට
පෙම් කළේ මම නුඹට 

 සදාකාලෙට ලගින් ඉන්නට, 
ඔත්පලයි දැන් කවි හිත
කිසිදාක බැහැ යළිත් පෙම් පුරන්නට,

Dec 21, 2010

මලට ලීයූ ලියුමක්

මල් වත්ත,
මල්පාර,
මල් යාය.
22/12/2010
 මල් වඩම් හීනෙන් පෙනේවා..


මගේ මල පැන්නූ කේස් එක වෙත මලින් ලියන වගනම්

         දයාබර මල් කේස් එක, නුඹ මලක්ද, කිරිල්ලියක්ද එසේද නැතිනම් ඩුප්ලිකේට් සුරංගනාවියක් දැයි නොදනිමි, නමුත් මා දන්නා එකම එක කාරණය නුඹ හරිහමන් ජෙන්ඩර් එකක් නැති එකෙකු බවයි. බොට මා මේ පෙම් හසුන ලිවීම‍ට අදහස්  කලේ මගේ හදවත තුල බෝ කෙරෙහි වු ප්‍රෙමය උතුරා ගලා පිරී ඉතිරී ගොස් වාන් දමා මල කෙලියක් සිදුවී ප්‍රෙමය ඉස්ටෝර් කිරීමට ඉස්තානයක් නොමැති වු බැවිනි. 

       මෙලෙස අකුරු වල පටලා අහුරා අඩුක් කර කම්ප්‍රෙස්කොට , තොට එවීමට සිතුවේ මෙම ප්‍රෙමය නිසා මා පැලී මිය ගියහොත් මගේ ඉරනම් කාරයාට සොරිම වන බැවිනි. තොට මගේ මල් වත්තේ වැට පනින්නට සපොට් එක දුන් මූකලන් බස්සා කවුරු උන්ත් මම නම් දැන් ඉන්නේ ඒ සත්වයා පිළිබදවු උපරිම මලෙනි, නිකමට හෝ ඒකා මේ ළග පාතකට පැමිණියහොත් මම ඒකාව මල් යහනක සතපවා මලින් සරසා මල් වඩමින් පුද දෙන එක නම් සුවර්ය.... ඒ වග මා කිව් බව ඌටත් කියාපිය..

      තට මා වැව් මල් වත්තේ මලක් අනවසරයෙන් නෙලා ගැනීම පිළිබද මෙතරම් දොස් කීමට හෙතුව ඒ මල මට ගොඩක් වටිනා මලක් වීමය... විශේෂයෙන්ම එය මා හට මල පැනීම නිසා පල කල මලක් වීමය...මා මල් වවන්නේ තොපිට බලා රස විදින්නට මිස මටත් හොරෙන් නෙලා වෙන වෙන උන්ගේ අයිතියන් හගවන්නට නොවේ...

     තෝ මල් වත්තට පැන මලක් නෙලා ගැනීම මට ඒ තරම් කාරනාවක් නොවේ, මගේ මල ට කාරනාව බෝ මගේ වත්තට පැන ඇත්තේ මගේ මලට හොතුවු මලගේ කරපිටින් වීමත්... දෙදෙනා එකතුම මගේ මල හොරකම් කිරිමත් නිසාය. 

   මීට වඩා කීමට දෙයක් නැත මල් වැවීම මගේ ජ්විතයයි, ඒ පිපිපෙන පිපෙන හැම මලකම ඇත්තේ මා දුක් ව්දිම්න් ගැලපූ රොන්ය... නුඹලාට මල් රස විදීමට අවසර ඇත.... නෙලිමටද ඒසේමය.... රස විදිම සදහා සිහින තවලම ඇතත් මල් නෙලිමට අවැසිනම් මැසේජ් එකකින් හරි මට පොඩියක් මතක් කිරීමට කාරුනික වෙයව්... මොකද මම මල් රස විදින විට වෙන එකෙකුගේ වත්තක මගේ මලක් උගේ වගේ තබාගෙන සිටින විට මේ හදුන් පොතට ඒක දරා ගැනීමට අපහසුය......


මීට මල් වවන 
මම

     

Dec 20, 2010

සුන්දර එකතුවක්

ම්ම්ම්ම්ම්ම් තනිකම මහ නපුරු දෙයක්
ඒ වගේද එකමුතුකම...
ඔන්න හංසි කෙල්ලත් එකමුතු කමින් වැඩක් පටන් ගත්තා..

නිල වශයෙන් ඇරඹුනේ ඊයේ ඒකියන්නේ 19/12/2010 වැනි දින, මෙන්න මේකයි වැඩේ....
ගලාගෙන යන ජීවිතයක් ගැන කියා දෙන අපේ නදී අක්කයි,
එයයිට හිතෙන හිතෙන ඒව ලියන අපේ ළමය මල්ලියි,
එයාගෙම සිතිවිලි නිම්නය ලියන අපේ පොඩි මහත්තයා කොලුවයි,
මූණු පොතේ සුරංගනාවිට ආඩම්බර පාන ඔයයි මමයි කොල්ලයි,
තව ඉදිරියට එකතුවෙන යාළු මාළුවෝ කිහිප දෙනෙකුයි එකතු වෙලා පටන් ගත්තනේ මෙන්න මෙහෙම වැඩක්.........

Dec 18, 2010

මට කරන්න පුළුවන්දේ....

සුදෝසුදු වළාකුලකට ගොඩ වෙන්න
පුලුන් මෙන් වූ වළාකුලු දෑතින් කඩාගෙන
මොනාද ඔයා බලා පොරොත්තු උනේ.....
පියාඹන්න ආස හිතුනද........
වලා කුලක් වෙලා පාවෙන්න ආසනම්
කියන්නම් එකම එක වැඩක්
නගින්න උස ගොඩ නැගිල්ලකට
උඩම තට්ටුවේ ඉදන් පනින්න බිමට...
පුදුම සැහැල්ලුවක්
දිඩි.... දිඩි... ගාල ගැහෙනව නේද පපුව
ඔයාට ඔයාව අමතකයි වගේ නේද
ජීවතේ දුක... විරහවේ දුක
හැමදේම
ඔයා පියාඹනව වගේ දැනෙනවද
නිදහසක්....
කාගෙන්වත් බාදාවක් නැති නිමේෂයක්
විදින්න හදවතින්ම
මම ඉන්නම් ශක්තිමන් දැලක් අල්ලගෙන
බිල්ඩිම පාමුල... බේර ගන්න ඔයාව වැටෙන්න නොදී...
නංගියා වෙලා කරන්න පුළුවන් එච්චරයි තමයි ....


සහෘර්දයෙක්ගේ පෝස්ට් එකකට මම ලියු කමෙන්ටුවක්


Dec 17, 2010

දුක



අමතක කරන්න මගේ දුක
ලිව්වා ස්ටේටස්, ගො‍ඩක් දුක
චැට් එකට ආව ඔබ,අහන්න මගේ දුක
ටයිප් කලා සිංහලෙන්ම මගේ දුක
ටික ටික කියන කොට ජීවිතේ දුක
ඉල්ලුවා ඔබ මගේ දු:ක
නොදීඉන්න හිතුන නිසා දුක
මම ඔයාට දුන්නා මගේ දු:ක
එදා ඉදන් ඔබට අහන්න උනා මගේ දුක


තනියෙම ඉදැද්දි මට හිතෙනකොට දුක
අහල අහල මගේ දුක
කිව්ව මටත් ඔයාගේ දුක
ආදරේ උනා මකන්න දුක
සතියක් යද්දී බිසි ඔයාගේ දු:ක
වදිනව සද්දෙට මගේ දු:ක
කියනව යෙහෙලියක් එයාගේ දුක
ඉල්ලන් හැම කෙල්ලගෙම දු:ක
කිය කිය යනවලු ඔයාගේ දුක
අහන්න ගිහින් වෙන කෙනෙක් ගේ දුක
මටත් ඔබ  අන්තිමට දුන්නේ දුක

Dec 15, 2010

වෙන්න බැරිනම් පින්න වෙනවද මගේ වැස්ස

මල් පෙති අග්ගිස්සෙන්
බිමට වැටෙන්නට දග කරන
තුහින බින්දුව කියන් මට
නුඹ,ආදරේ නොවේද
මේ දුප්පත් හිත්පොඩියට
හයියක් නැ මට තවත් බලා ඉන්නට..
වැටියන් තෙමාගෙන වේලුනු හිත් පොඩිය,
පායා එන්න පෙර  උදෑසන හිරු දහර
නොවැටුනොත් වියලී යයි ඉතින්,
මට සිසිලසක් නොදීම
කාටත් අයිති නැති‍ ලෙස නුඹ
බලාගෙන උන්නා ඇති නේද
කෑමොර දෙයි මගේ යටි හිත
වියලී ඉරි තැළුණු කර්කෂ හිත
තෙමන්නට අවැසිය බිදුවක් තුහින
ඉන්නට නොහැකිවම් වෙලා සිසිලස,
පලයන් යන්න නොඑන්නම නොදී
තවත් මට ගින්දර......

Dec 14, 2010

යශෝදරා නෙවෙයි මගේ නම

පෙරුම් පුරන්නට ඇති කප්පරක්
නූඹ නිසාම
මේ සසර පුරාවට
විදින්න ඇති දහ දුක්
ලබන්නට ඔය සෙනෙහස
රකින්නට මගේ පණ ලෙස
පිපෙන් ඇති මම මලක් ලෙස
ඔය හිත පුරාවට
කිදුරු කුලයේ
ඉපදුනේ නැති උනාට
ලෙහෙන කුලයෙදිත්
මම පෙම් නොකෙරුවාට
උපන් හැම අත් භවයකම
පතන්න ඇති මම ඔය හිතම
ඒ නිසා වෙන්න ඇත් මේ තරම් ගින්දර
ගිය පසුත් නුඹ
යශෝදරා සොයාගෙන
උහුලන්නේ මම මේ හැටි ගින්දර
නැති උනු වෙලාවට යසෝගේ සුව බස
අමතන්නේ කිමද මට
දෙන්නට පොඩි වෙලාවක්
හදාගන්න මට මගේ හිත
මහන්සියි මට
අමාරුයි නගින්න මේ ගිරි දුර්ඝය
වෙනස් උන නිසා මගේ නම

Dec 13, 2010

ආදරේ දුක

සුළග පසුපස හඹා යමි මම,
නිහඩ වන්නේ කෙලෙසද
සොයා යා යුතුය ආදරය....

අහිමි වී ගිය සන්තකයම,‍
යලිත් ඉල්ලා හඩන හදවත
වාවන්නේ කෙලෙස නම් මම...

වැතිර හෝ ඔබ දෙපා පාමුල,
හඩන්නම් ඉකි ගසා මම
ලැබ්නම් මට හීන සෙනෙහස
හිත පුරෝගෙන සිනාසෙන්නට......

Dec 8, 2010

‍හීන III

දෙතොලග සිරවී තිගෙනා සුරතල් පෙම් බස් කියන්න
දෙන්නේ නැද්ද කවදාවත් මට නිමේෂයක්
හැමදාමත් දුරින් ඉදන් නෙතින් ආදරෙයි කියන්න
එපා අනේ මට ආසයි අහන්න වදනක්
මිහිරි ඔබේ මධුර ස්වරය හීනෙන් ඇහෙනවා රෑට
දුකවි අහිමි හින්දා මට ඒ සවනක් රැස්
මද සුළග වගේ පිවිතුරු දගදෙන ඔබ දුටු විට හිත
ගිලෙයි දුකක මට නැද්දෝ ඔබේ අයිතියක්

Dec 4, 2010

හීන....III

ඔයාට දුකක් දීල සතුටු වෙන්න බැහැ මට...
ඒත් ඔයාට සතුටක් දීල දුක් වෙන්න පුළුවන් මට
ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන්
ඔයා ගේ හීන කුමාරිට විතරනම්..
එයාව ආයෙත් ඔයාගේ ලෝකෙට ගේන්න
මං උත්සහ කරන්නම්.....
එයා ආවොත් ඔයා සතුටින්
ඒ නිසා.....
මමත් සතුටින්...................

Nov 29, 2010

මගේ පණ............

"තරුවක් වත් නැති කළුවර අහසට
සුපුන් සදක් වී පායනු මැන අද"
එකම එක පුංචි තාරකාවක් වත් නැති
මන්දාරම් අහස වගේ තිබුණු මගේ...
හිත හරි එළියයි දැන්
කලා සොලොස පිරුණු පසලොස්වක සදක් වී
පෑයු පසු නුඹ හිත් අහස පුරාවට....
නුඹ තරම් දගකාර  නුඹේ ඔය දෙනෙත ,
හිරු සදු ලෙස මගේ ලොවට පෑයු දා සිට
රැයත් දවාලෙත් වෙනසක් නැහැ මට....
සිතන්නෙමි නුඹ ගැනම මවන්නෙමි සිහින
ම.....ට....ම හිමි වූ නුඹ ගැනම .....
දුරක සිටියත් නුඹ.....
මගේ ළගමැයි සැම විටම....
සිනාසෙන දගකාර පෙම් සිහින
හදවතේ  හිර කරන් හිදින්න්නට
හැ..........ම..........දා.........ම
ඔබයි මගේ පණ............

ඔබ විය...

කදුලු හසරැල් නැවුම් පැතුමන්
හද පුරා රදවා තබාගත් කවිය ඔබ විය
මගේ විජිතය සීත පිනි මල් වලින් සැරසුව...
සුදෝ සුදු වන් පිච්ච පොකුරක
සැගවිලා මට සිනහ මල් දුන්
සතුට ඔබ විය මගේ දෛවය රෝස
කැකුලක් මට ගෙනත් දුන්
මන්ද මාරුතයේ හමා ආ
සිහිල් සුවදක සුවය ලැබදුන්....
ලොවම ඔබ විය දැවෙන හදවත
පෙම් සුවෙන් සනසා නිවාදුන්.....

Nov 25, 2010

පිච්ච මල V


පිච්ච මල IV කියවන්න............. මේ අවසන් කොටස.............

මං ඇස් අරිද්දි හිටියේ ලංකාවෙන්  ගොඩාක් දුර.... මටවත් හිතාගන්න බැරි ඉක්මනකින් කාලයත් ගෙවිලා තිබුණා අවුරුද්දක දිගු කෝමා තත්වයකින් මිදුණු මට ඉස්සෙල්ලාම මතක් වුනේ මගේ සුදු පිච්ච මලව.....
 මං කොහෙද මේ ඉන්නේ....... කේ මගේ සුද්දී.......කෝ එයා......
 මම රොහල් කාමරය දෙවනත් වෙන්න කෑගැහුවා.... ඒත් මාව වට කරන් හිටපු විදේශීය වෛද්‍යවරුන්ටවත් හෙදියන්ටවත් මම අහනදේ තේරුනේ නැහැ...ඒයාලට මම කියනදේ නොතේරෙන බව තේරුම් ගන්නවත් තරම් යහපත් මානසිකත්වයක මම හිටියේ නැහැ.....

මගේ ජිවිතේ ඒ මාරක අනතුරින්  බේරුණු එක ගැන මම දස දහස් වාරයක් පසුතැවුණා..කොටින්ම කියනවනම් මම ජිවත් වුනේ ඇවිදින මළ කදක් ගානට...හුසසම ගත්තු හැමමොහොතකම මම බලාපොරෙතේතු වුණේ මගේම මරණය.. ඒ මගේ අහිංසක පිච්ච මල  මගේ නොසැලකිලිමත් කම නිසා වුණ අනතුරෙන් මේ ලෝකෙන් සමුඅරන් ගියා කියල මට මගේ කන්දෙකටම අහන්න වුණ නිසා...

සම්පූර්ණ සුවය ලැබුවත් ආයෙමත් මම ලංකාවට නොආවෙත් මගේ පිච්ච මල නැතිව අපේ ආදරේ මතක සටහන් වලට මුහුණ දෙන්න  තරම් හයියක් හිතට නොතිබුණ නිසා...... මේ වතාවේ මම ආවේ අවුරුදු හයකට පස්සේ....එකම එක වතාවක් මගේ සුදු මැණිකගේ සොහෙ‍ානට වැදලා....මගේ හිතුවක්කාරකමට සමාවක් ඉල්ල ගන්න... දන්න දන්න හැම කනත්තකම හෙව්වත් මට මගේ කෙල්ලව හොයාගන්න බැරි වුණා...මම ඉබාගාතේ ඇවිද්දේ ඒකට...... හිත බිදුනේ මගේ  කෙල්ලගේ දෙම‍ාපියන්ගේ සොහොන් කොත් ළගවත් එයා නොහිටිය එකට..... දැනුයි මම දන්නේ ඒ ඇයි කියලා....මගේ වස්තුව තවම ජීවතුන් අතර........ඒත් ගොඩා...ක් දුර...හොයාගන්න බැරි තරම් දුරක.........

නිදි නොලබා ගෙවපු දුශ්කර රැයක් ගෙවෙද්දි මම කාමරයෙන් එළියට ආවේ දැඩි තීරණයක් අරගෙන... උත්පලා මාව ගහල පන්නා ගත්තත් කමක් නැහැ මම අද කොහොම හරි යනවා ඒ ගෙදරට ඒකයි අද දවසේ මම කරන පළමු සහ එකම දේ...

ගෙදර කවුරුවත් අළුත්  දවසට සූදානම් නැහැ... ඉරිද දවසක් නිසා වෙන්න ඇති. කාටත් නොකියම මම ගේට්ටුවන් පිට උනා එතකොටම මතුවුන ත්‍රීරෝද රියට ගොඩ වුණ මම විනාඩි පහලොවකට පස්සේ හිටියේ නෙත්මිලාගෙ ගෙදර ගේට්ටුව ළග.... ගෙදරකට යන්නමේ උදේ වැඩියි..ඒත් මේ දේ නොකර මට දවස පටන් ගන්න බැහැ.

මම ගේට්ටුවෙන් එබිලා බැලුවා, මට පිටුපාල කෙනෙක් මිදුල අතුගානවා... මැදි වයසේ පිරිමි කෙනෙක් ඒ කවුරුවෙන්න ඇතිද කියලා මම කල්පනා කලා. නෙත්මිගේ දෙමව්පියෝ ජිවතුන් අතර නැහැ.. ළග ළග අවුරුදු දෙකකදි ඒ දෙන්නාම ම්ය ගිහින්... එහෙනම් මේ කවුද... හතේ තිබුණු ප්‍රශ්නාර්ථය එහෙමම  තියෙද්දි මම ගේට්ටුව හොලවලා මම ඉන්න බව සැල කලා..

ඒ කෙනා ගේට්ටුව ළගට ආවේ ඉදලත් අරගෙන මූණේ  තිබුණේ විශාල විමතියක් උදේ හත වෙන්නත් කලින් ගේට්ටුව හොලවන මේ පිස්සා කවුද කියලා හිතන්න ඇති....
මේ.....උ..ත්පලා... ඉන්නවද...  නනල රැලි කරන් මා දිහා බලා උන්න කෙනාගෙන් මම ඇහුවා...

උත්පලා... ඒ කෙනාගේ මුහුණේ තිබුනේ විමතියක්...
ඔව්..... උත්පලා වීරසිංහ මං බලාපොරොත්තු දල්වගෙන බලාගෙනම හිටියා..........
එහෙම කෙනෙක් මෙහෙ නැහැ... මුණට දමල ගැහුවාවගේ දුන්නු පිළිතුරෙන් මම ගැස්සුනා..
 ඒ දවස් වල මම අපේ  ගෙදර ඉන්නවාට වැඩිවෙලාවක් හිටියේ මෙහේ ඒ නිසා ගේ වැරදුනේ නැති බව මට විශ්වාසයි

එහෙනම් නෙත්මි...........

නෑ.......... නෑ........... ඔය කියන කවුරුත්  මෙහෙ නැහැ......

ඒත්......මීට අවුරුදු හයකට කලින් එයාල මෙහෙනේ හිටියේ.......

මට මේ ගේයි ඉඩමයි සින්න වෙලා.. දැන් අවුරුදු තුනක්  වෙනවා.. ඔය කියන්නේ මීට කලින් මෙහෙ  කලින් හිටපු අය ගැන වෙන්න ඇති....

ඒ කිව් දෙයින් මම ගොළු වුණා.....ඒ කියන්නේ එයාල ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා... මට දැනුනේ මං අතරමං වෙලා ‍වගේ....සැහෙන වෙලාවකට පස්සේ වට පිට බලද්දීයි මට තේරුනේ මං පාරදිගේ ඉබාගාතේ ඇවිදන් ඇවිත් කියලාඒ වට පිටාව මට අද්රගන්න අමාරු උණේ නැහැ.... වැව රවුම........ තව ටික දුරක් ඇවිදන් ගියාම මට ගස් දෙබල ළගට යන්න පුළුවන්...

ඉස්සර මම මේ ගස්දෙබල ළග වාඩිවෙලා පැය ගනන් ඉන්නවා ඒ පරිසරය තවමත් එහෙමමයි මාත් මගේ පිච්ච මලත් නැති අඩුව විතරමයි තිබුණේ.......  ගස් දෙබල උඩ වාඩිවෙලා වැව් දිය දිහා  බලාගෙන ඉන්නකොට මට මගේ පිච්ච මල වෙනුවෙන් මම දුක් විදපු දවස් මතක් වුණා....අය්යා අක්කා හැමෝම මාව සනසවද්දිත් මම විදවපු විදවිල්ල......


  පොඩී...... යම්  ගෙදර....... මං කොච්චර නං හෙව්වද උඹව....  උරහිස මත බරට අත තියාගෙන

හිටියේ අය්යා.....මං නෝක්කඩෙුවට මුහුණ හංගා ගත්තා......

යමං පොඩියෝ ගෙදර........  අය්යාගේ හඩ  වේදනාබරයි.....

බෑ....... බෑ......බෑ......යන්න වද නොදී..... මං මගේ කෙල්ලව හොයාගෙන මිසක් ආයෙත් එන්නේ නැහැ...... මම දැඩි මුරණ්ඩු හඩකින් කිව්වා.... කිව්වා නෙවෙයි බෙරිහන් දුන්නා......

දැන් වෙලාව හතරත් පහුවෙලා.....පිස්සෝ දැන් යමන් ගෙදර හෙට හොයමු.... අය්යාගේ හඩ සන්සුන් ඒත් මමවත් මගේ හිතවත් සන්සුන් නැහැ.......

වද නොදී යන්න අය්යේ... .ය......න්......න........  මම අසරණ හඩකින් කිව්වා......

හරි යමන් දැන් හොයමු....... අය්යා බොහෝ වෙලාවකට පස්සේ ආවේගාත්මක හඩකින් කියද්දි මම ගැස්සුණා....

හොයන්න දෙයක් නැහැ.........ඔයා දන්නවා ඉන්න තැන........ මම ගස් දෙබලින් නැගිටලා ඇවිත් අය්යගේ උරහිසට අත බර කලා......


ඔව් දන්නවා.....යමන් මාත් එක්ක.....බලාගනින්  උඹේ...ඇස් දෙකෙන්ම........ ආවේගයෙන් කියාගෙනම අය්යා ගිහින් රියදුරු අසුනට බර උණා...

අපි අතර තිබුණේ දැඩි නිහඩ බවක්....මම කිසි දෙයක් ඇහුවෙවත් අය්යා කිසි දෙයක් කිව්වේවත් නැහැ..... ලෑලි ගෙවල් පේලියක කෙලවරේ කාර් එක නතර කරලා අය්යා බැස්සා.... මාත් එයාව අනුගමනය කලා.....දාස්පෙතියා මල් වවපු පුංච් ගෙමිදුලේ නතරවෙලා අය්යා දොර දිහාට අත දිගු කලා.... මම නොපැකිලී ගිහින් දොරට දෙතුන් පාරක් තට්ටු කලා..... සෑහෙන වෙලාවකට පස්සේ අවුරුදු තුනක විතර පුංච් පුතෙක් ඇවිත් දොර ඇරියා....ඒ මුනේ ලස්සක හුරතල් හිනාවක් ඇදුනා අය්යා දැකපු ගමන්......

කෝ..පැට්ටෝ අම්මියා... දරු පැටියා අය්යාට හුරුයි......

තාම ආවේ ලැ...අන්කල්....... හුරතල් හඩට මට ආදරේත් හිතුනා......මම හිටියේ කිසිදෙයක් හිතාගන්න බැරිව.......පොඩිඑකාව වඩාගෙන අය්යා ගේ ඇතුලට ගියා..මම ඔහුගේ පසුපසින්......

කෝ පුංච්... අය්යා ඇහුවේ  සාලේ පුටුවක වාඩිවෙන ගමන්....මගේ පන නැති වෙලා තිබුණු කකුල් වලට පණ ආවා....බබා උත්පලා‍ෙග්............

පුංච් කාමලේ.....ච්ත්ත අදිනවා...... පුදචි අත්පොඩිය ඇතුල් කාමරයක් දිහාට දිගුකරලා පොඩි එකා හුරතල් හඩකින් කියද්දි මට ඉබේටම ඒ පැත්ත බැලුනා.......
 අය්යා අතින් සන් කලා...මට කාමරේට යන්න කියලා ඒත් ඔහු දිහා පුදුමයෙන් බලාගෙන මම එහෙමම හිටියා.........

යන්න පොඩී නෙත්මි ඇති....... අය්යා කිව්වේ සන්සුන් හඩකින් ඒත්....මං ගල්වෙලා බලාගෙන හිටියා.......

කවුද ආවේ පුතූ...... කාමරේ ඇතුලෙන් ආවේ මගේ පිච්ච මලගේ හඩ.....

සුදාල අන්කල්....... පොඩි එකා මහ හයියෙන් කෑ ගැහුවා....... මං හිටියේ මං හිටියේ ඒ කාමරේ දොරට පිටුපාලා...වාඩිවෙලා....දොර ළගින් ඇහුන චිරි චිරි හඩට මම හැරිලා ඒ පැත්ත බැලුවා...

කොහොම නම් කියන්නද මම දැකපුදේ........සිද්දවෙන්නේ මොනාද කියලවත් හිතාගන්න බැරි  තරමට....මම කලබල  උණා..... මට උන් හිටි තැන් අමතක උණා....

මගේ අහිංසක පිච්ච මල.... මගේ....... සුරංගනාවි දොර......... .. .ළග.......රෝ......ද .......පු.....ටු......වක..... ................ ...... ........ මට බැලුනේ ඒ සුදු කකුල් දිහා.......ප්‍රාණයක් නැති වුනත් තාමත් ලස්සනයි......ඒදා වගේම.........ඒ මහුන බලන්න හයියක් නෙතිබුණ නිසාම ඒ අප්‍රාණික කකුල් දෙකේ මුහුණ හොවාගෙන මං ඇඩුවා....මතක නැහැ කොයි තරම් වෙලාවක්ද කියලා.....සුදු කිගු ඇගිලා වලින් මගේ හිසකෙස් අවුල් මගේ පිච්ච මලත් මාත් එක්ක තරගෙට ඇඩුවා....

මගේ සුදු මැණික.......කොහොමද මේ පව් ගෙවන්නේ මං......

ගොඩක්වෙලාවකට පස්සේ ඔළුව උස්සලා ඒ තෙත මූණ දෝතින්ම අරන් ඇහුවා මම..........
මා....ව... දා.....ල  ය..න්....න....... ඒ තොල්පෙති හෙමිහිට සැලුණා........
 කොහොමද.... සුදු මෑණික...............කොහොමද .....ඔයා දන්නවද මං විදවපු තරම....ඔයා නැතුව.......දන්නවා....අය්යට හුස්ම වැටෙන්නේ නෑ.......මැණික ඔයා නැතුව........ මගේ හඩ බිදුනා......

යන්.....න ලස්සනට ජීවත්වෙන්න....මගේ අය්යේ......... ඒ සුදු හීනි අතැගිලි අතරේ මගේ කම්මුල් හිරවුණා

කොහොමද ඉන්... නේ....ඔය කතාකරණ ඇස් නැතිව...... මං අසරණව ඒ ඇස් දිහාම බලාගෙන හිටියා......

සු.....ධා...ර...අ..ය්යේ....... උත්පලා කෑගහගෙන ලෙට ගොඩ වෙද්දි අපි හැමෝම ගැස්සිලා ඒයා දිහා බැලුවා.........

ඇයි......... ඇයි......... ඈත් වෙලා ඉන්න බැරි........අපේ ජීවිත වලින්......... ඇයි......... සු.....ධා...ර...අ..ය්යේ....... මෙයාව මෙහාට එක්කරන් ආවේ..... ඇයි......... ඔයා පොරෙ‍ාන්දු වුණා නේද......... මේ කෙල්ල...පිච්චි පිච්චි ජීවත්වෙන නිසයි මම ඊයේ රෑත් ඔයාට කෝල් කරල  කිව්වේ...මෙයාට අපේ හුළගක්වත් වදින්න ඉඩ තියන්න එපා කියලා............මේ මොනාද කලේ ඔයා.......

උත්පලා ආවේස වෙලා වගේ කෑ ගැහුවා......... මං බැලුවේ නෙත්මි දිහා.......ඒ ඇස් පියවිලා තිබුණත් දිග කදුලු පාරක් නොනවත්වා ඒ කම්මුල් දිගේ ගලාගෙන ගියා.........

උත්පලා.... ඔයාගේ නංගිගේ ඉල්ලීමට..මං මූට.....අපේ..ගෙදර අය‍ට....මහා...ලොකු බොරුවක් කිව්වා...... මේ වෙනකල් ඒ ‍ රහස රැකගෙනත් හිටිය.......ඔයා දන්නවද.... ඒ බොරුව නිසා..... සිහිය ආවට පස්සේ ගෙවුණ අවුරුදු පහම මේකා ජීවත් වුනේ ඇවිදින මළ කදක් ගානට......කී පාරක් දිවි නහ ගන්න හැදුවද.......ඒත් මං ඉවසුවා......නෙත්මිගේ ඉලිලීමට..... ඒත් ඊයේ ඔයාලම දන්නවනේ සිද්ද වුණ දේ.......ඉතින් මම තවත් කොහෙමෙද මේ බොරුව කරන්නේ.........උදේ ඉදන් මූ පාරක් පාරක් ගානේ පිස්සෙක් වගේ....ඇව්ද්දා නෙත්මිව හොයාගෙන..... ඉවසන්නම බැරි නිසයි....... මම මෙහාට එක්කරන් ආවේ........ උත්පලා නංගී මම කලේ වරදක්නම් මට සමාවෙන්න.....ඔයා ඔයාගේ නංගිට ආදරේ කරන තරම්ම මාත් මගේ මල්ලිට ආදරෙයි......... ඌ පිස්සෙක් වෙනවා මට උහුලන්න බෑ............

අය්යා කියාගෙන යන අතරේ මම එබුනේ ඒ සුදු මුහුණට.......
මේ ඇත්තද සුදු නෝනේ....ඔයාද මේ බොරුව ගෙතුවේ......... මටන් නොදැනී මගේ ගොරෝසු කම්මුල් දිගේ තවත් අළුත් කදුලු පාරක් ගලාගෙන ගියා........

ඔයාගේ ලස්සන ජීවිතේට බරක්වෙන්න ම‍හෙිත දුන්නේ නැහැ අය්යේ......ඔයා මරණේ ළගටම ගිහින් ආවේ.....ඔයාට ලස්සන අළුත් ජීවිතයක් ලැබෙනවටයි මම කැමති වුණේ....... ඒ හඩ අසරණයි....... මං ගොඩා..ක් වෙලා නිහඩව හිටියා....

දහ පාරක් මැරිල ඉපදුනත් මගේ ජීවිතේ ඔයා නැතුව ලස්සන නැහැ මගේ පිච්ච මල.......යමු මා එක්ක ඒ රටටම.....මං ඔයාව ආයෙත් ඔය කකුල් දෙකෙන් ඇවිද්දවනවා......



******------ පිච්ච මල මතෙකින් නිමාවිය ------******

Nov 22, 2010

සමුගැන්මක දුක.....

සිදංගනා වෙනදට ලියන්නේ කවි.. නිසදැස්... කෙටි කතා...ඒත් අද සයිබර් අවකාශෙට ගොඩ උණේ වෙනස් දෙයක් ලියන්න..... ඒ සමු ගැනීමක් ගැන...එක්කෙනෙකුගේ නෙවෙයි....විටින් විට සමුගෙන ගිය තුන්දෙනෙකු වෙනුවෙන්........
ඔයාල හිතනවා ඇති ඒ කවුද කියලා... වැල්වටාරම් නැතිව කියන්නම්...... 

1 ළමයා
2 රත්ගමයා
3 ආදරය තවම ජීවතුන්  අතර

එයාල ගැන මම වෙන වෙනම හිතුවා..පුළුවන් හැම තැනම හෙව්වා..ඒත් ආරංච්යක් නැ......ළගදිම දුරස් වෙලා ගියේ ළමයා....ඒකයි මම මේක ලියන්න හිතුවේ....එයා මෙක අනිවාර්්‍යයෙන් කියවන බව මම දන්නවා....

ළමයා,  රත්ගමයා, ආදරය තවම ජීවතුන්  අතර ,මට මුලින්ම මුණ ගැහුණේ මගේ කාවින්ධ්‍යා ජාන් පේස් බුක් පොරොෆයිල් එකෙන්..ඒකේ මට හිටියේ යාළුවෝ 20 ක් වගේ පොඩි ගනනක් මම ඒක වැඩිය පාවිච්චි කලේ නැහැ ඒ පේස් බුක් පොරොෆයිල් එකෙන් මම කලේ Hiru Fm "back to Back Love Songs පේජ් එකේ කවි ලියන එක විතරමයි.... මම මුලින්ම ඇඩ් කරපු ඇත්ත නමක් නැති ඇත්ත මූණක් නැති අන්වර්ත නාම වලින් පෙනී ඉන්න යාළුවන් අතර එයාලා හිටියා... ඒ දවස් වල මාත් එක්ක කිට්ටු යාළු කමක් නොතිබුනත් කමෙන්ටුවකින් ලයික් එකකින් හොද යාළුකමක් පැවැත්වුවා.... මම සිදංගනා හැදුවේ ළමයා.... සොදුරු... පොඩි මහත්තයා.... ආදර්ශයට අරන්...ඒ 10/10/10  සිදංගනාට මුලින් ඇඩ් කරපු යාළුවෝ අතර ළමයා හිටියා.... රත්ගමයා හිටියා..ආදරය තවම ජීවතුන්  අතර හිටියා.එදාම තමයි ඉරු මල්ලි සිංහල බ්ලොග් ලියන්නෝ- sinhala blog writers ග්රූප් එකත් හැදුවේ...එදා අපි ග්රූප් චැට් එකක් දැම්මා...අන්න එදයි ළමයා මගේ හොදම ලාලුවෙක් උණේ...... රත්ගමයා මල්ලි මගේ හොදම යාළුවෙක් උණේ......ආදරය තවම ජීවතුන්  අතර එක්ක මම චැට් කලේ කාවින්ධ්‍යා ජාන් පොරොෆයිල් එකෙන්.... පස්සේ ඒක මම ඩිඇක්ටිව් කරද්දි එයාවත් මම සිදංගනාට ඇඩ් කරගත්තා....

ඉරු මල්ලි නිසයි මම බිලොග් ලියන්නියක් උණේ....එයයි හැමදාමත් මගේ නිර්මාණ අගේ කරල මාව දිරිමත් කලේ......සිදංගනා අක්කාගේ සුරංගනා කවි කියලා එයා මගේ බිලොග් ලින්ක් එක ෂෙයා කරල තියෙද්දි මගේ ඇස් වග කදුලුත් පිරෙනවා...... රත්ගමය මට මගේම මල්ලියෙක් මම හරි ආදරෙන් උන්නේ... ඒත් හිටි අඩියේ නොකියාම එයා හැමදේකින්ම දුරස්වෙලා ගියා ....ගිය බව මම හරියටම දැන ගත්තේ බොලොග් එකෙන්..... මම ඒකේ කමෙන්ට් කලේ තරහින්.......බස් ඒකේදි මම ඇහුවම කිව්වේ...."ලබා උපන් හැටි අක්කා..." කියලා......

අනිත් කෙනා ආදරය තවම ජීවතුන් අතර....තිලිණ මල්ලි.... එයා නැහැ කියල මම දන්නෙත් මේ ළගදි...කවද කොහොම ගියාද කියල මම දන්නේ නැහැ පහුගිය ටිකේ මමත් ගොඩාක් මානසිකව වැටිලා හිටි නිසා මටත් තිලිණ ගැන හොයල බලන්න බැරි උණා.... අනිත් දෙන්නා ගැනම මට බයක් නැ....ඒත් තිලිණ....හැමවෙලාවෙම කියව කියව හිටියේ එකම දෙයයි......."මගේ සොහොනට ඇය ආවොත් අවසර විගසින...කියන්න මා පෙම් කල බව..." කෙල්ලෙක්ගේ පර වැඩක් නිසා මල්ලා ගොඩාක් වැටිලා හිටියේ දෙපාරක්ම ජොබ් එකත් නැති කරගත්තා...... මම පුළුවන් විදියට එයාගේ හිත හැදුවා....මේ අක්කාට පුළුවන් තරමින්....ඒත් ....මට බලන්න බැරි උණ ටිකට කොල්ලා අතුරු දහන්...... මල්ලියේ උඔ මෝඩ තීරණයක් අරන් නැත්තම් මේ අක්කාව අමතක කරත් කමක් නැ....ඒත් මහ රැ හීනෙනුත් මම ගැස්සෙනවා....ඉන්න තැනක ඉදන් යහතින් ඉන්න බව විතරක් දන්නලා එවන්න....ඒ ඇති මට.....

ළමයා මල්ලී....ඔයා...ඇයි ගියේ මොකටද ගියේ කියලා නොකිව්වාට මට කියලයි ගියේ... එක සැනසීමක් ඔයා හොදින් ඉන්න බව මම දන්නවා..... ඔයා මේවගෙන් ඈත් උනේ ඔයාගේ ඉගෙනීම නිසානම්.... ඒකට කමක් නැ.....එහෙම නැතුව වෙන හේතුවක් නිසා නම්...අනේ ඇවිත් නිමක් නැති ඔයාගේ කතාව ලියන්න.....ඔයාගේ බිලොග් එක නෑ...ඒක මම හරියට කියවලා ඉවරත් නැහැ....නොලිව්වත් අඩුම ගානේ අපිට කියවන්න පළුවන් විදියට තියන්න...නැත්තටම නැති කරන එක පාඵකයන්ට කරණ අසාධාරණයක්.....
ඔයාගේ හුරතල් හිනා මූණ නැතුව මූණු පොතෙන් වැඩකුත් නැහැ.......

තුන්දෙනාටම පොදුවේ මට කියන්න තියෙන්නේ...ඔයාල තවම පොඩියි.....ජීවිතේ කඩා වැටෙන්න ඔනි වයස් වල නෙවෙයි ඉන්නේ......පොඩි ලොඩි දේවල් වලට මෙහෙම වැටෙන්න එපා...අක්කා මෙහෙම හිටියට ආයේ නැගිට ගන්න අමාරුම විදියට දෙපාරක්ව වැටුණ කෙනෙක් ඔයාලට හිතාගන්නවත් බැරි තරම් දරුණු අත්දැකීම් මට තියෙනවා..ඒවා ගැන දන්න එනම එක්කෙනයි මේ සයිබරේ ඉන්නේ.....ඒයා බිලොග් ලියන්නෙක් නෙවෙයි කියවන්නෙක් ඒ නිසා ඔයාල එයාව දන්නේ නැහැ.....කොහොම උණත්....වැටෙන්න එපා...වැටිවැටී හරි නැගිටින්න...අඩ අඩා හරි හිනාවෙන්න....මේදේවල් දාල යන එක දුක නිවන මග නෙවෙයි..කොල්ලෝ නේද..........

පුරුෂ ධෛර්්‍යයෙන් ජීවිතේට මුහුණදෙන්න....ප්‍රශ්ණ වලින් පැනල යන එක නෙවෙයි විසදුව.....ප්‍රශනෙට මුහුණ දීල ඒක විසදගෙන ඒකෙන් ගැලවෙන එක.....
තුන්දෙනාම ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න .. බුදුසරණයි.. ඔයාල  ආයේ එනකල් සුරංගනාවි බලාගෙනම ඉන්නවා................

Nov 21, 2010

පිච්ච මල IV

පිච්ච මල III  කියවන්න............. මේ සිව්වැනි කොටස.................

උදාවෙන හැම දවසකම නෙත්මි පාසැල් යන, පන්ති යන, මග අහුරගෙන කියපු කරපු දේවල් නියා......කොහොමහරි මට ඒ  පිච්ච මල මගේම කරගන්න පුළුවන් උණා..මගේම වෙලා හරියට ආදරේ උණා මට...... ඒත් මගේ හිතේවත් නොතිබුණු නපුරු කමක් මගේ පිච්ච මල ඉස්සරහදි මට ආරූඩ උණා... මම බොරුවට සැරකලා පස්සේ තනියම දුක් උණා... එයාව බය කරන් හිටියෙ මම, පුංචි මුව පැටියෙක් වගේ මං කියන හැමදේම කදුලුබෝල ඇස්දෙකෙන් ඉවසුවා මගේ අහිංසකී.....

නෙත්මි සාමාන්‍යපෙළ විභාගෙට ලෑස්තිවෙමින් හිටියේ...එයත් අක්කා වගේම හරි ආසා වුණා හොදට ඉගෙන ගන්න. ගොඩාක් මහන්සිවෙලා පාඩම් කලා ඒත් මට ආදරෙන් අන්ධ වෙලා තිබුණ මගේ හිතට එයාගේ ඉගෙනීමවත් විභාගේවත් වැදගත් වුනේ නැහැ. මට හැමතිස්සෙම ඔනි වුනේ වැව ළග ලස්දෙබල උඩට වෙලා ඒ කතාකරන ඇස් දිහා බලාගෙන ඉන්න.....එයාව බයිසිකලේ නංගගෙන පාරවල් පුරා කරක්ගහන්න

ඒ දවස අමතක නැ මට... පහුවුණ සතියක්ම පන්ති පන්ති කිය කිය නෙත්මි මාව අමතක උන ගානට හිටියට මම උන්නේ හිත නරක් කරගෙන .......මං ආසම සුදු මල් ගවුම ඇදගෙන.....දිග කොන්ඩේ තනි කරලට ගොතාගෙන....මගේ දිච්ච මල එන පාරේ මම රැකගෙන හිටියා....මාව දුටු හැටියේ ඒ මූණට මල් මල් හිනාවක් වැටුනා.....හිත හොදටම රිදිල තිබුන නිසාද කොහෙද මම අමනාපෙන් අහක බලා ගත්තා......මගේ ළගටම ඇවිත් නැවතුන මගේ පිච්ච මල දිහා මං බයිසිකලේ පැති කන්නාඩියෙන් හොරෙන් බලාගෙන හිටියා.
"අයියේ...තර..හ..ද............"  ඒ ඇස් වල කදුලු පිරිලා.....ඒත් මං හිටි විදියටම හිටියා........අනේ...ඒ සුදු දිගු අතැගිලි වලින් මගේ බාහුව තද වුණා...මම හැරුණ වේගෙට  ගැස්සුන කෙල්ල පසුපසට වීසි උණා......
"නගිනවා ඉතින්........." මම රුදුරු මුහුණවෙනස් නොකර හෙල්මට් එක දිගුකලා.....එයා.ඒක නොගෙන මහා අසරණ බැල්මකින් මා දිහාම බලාහිටියා...
"මාව යකා...අවුස්සගන්න එපි සුද්දී........." මං කෑගැහුවා.අහිංසකීගේ ඇස්දෙකෙන් වැස්සක් වගේ කදුළු වැටෙන්න ගියේ තත්පරයියි.....මට දුක හිතුනා ගොඩාක්......හෙල්මට් එක පැත්තකට දාල මම ඒ සුදු මුහුණ දෝතින්ම ගත්තා.............
"මට ඉන්න බෑ.......සුදු මැණික......ඔයාව ඔනි මට.....මගේ ළග ටික වෙලාවක් ඉන්න......." මං මහා අසරණ හඩකින් මිමිනුවා.......

"අද මට එක්සැම් එකක් අය්යේ........" ඒ ඇස් අසරණයි...ඒත් මට යන්න දෙන්න බෑ බෑ මයි.......

"මම දාන්නම් වෙලාවට .....අනේ සුදු පැංච් විනාඩි පහලොවක් ඉන්න.......අය්යා පව්නේ............." මං බැගැපත්වෙද්දි  එයා ඇස් වලින් "හා" කිව්වා.....
මහ පාර මැදදි ඒ මුහුණට එබුණු මම ඒ සුදු කම්මුල් වල මගේ ගොරෝසු කම්මුල්අතුල්ලලා ඒ කදුලු වලින් මගේ මුළු මුහුණම තෙමා ගත්තා........
"යමු.........." දඩිබිඩියේ බයිසිකලේ පණ ගන්වගෙන මම මගේ පිච්ච මලත් අරන් වැව රවුමේ ගස්දෙබලට ඉගිලුණා......

මගේ පිච්ච මල ලස්සනයි පුංච් සුරංගනාවියක් වගේ.....ඊටත් වඩා අහිංසකයි....මං කියන දේ අහනවා කීකරු හා පැටියෙක් වගේ....ඒකයි මම පපුව පුපුරන්න තරම් ආදරේ උණේ...........හැමසාමත් වගේ වැව රවුමේ ගස්දෙබල උඩට වෙලා ඒ ඇස් දිහා බපාගෙන ඒ පිවිතුරු මිනිස් සුවද විදගෙන ඉන්නකොට නොදැනීම වෙලාව ගත වුණා...... කෙල්ල බය වෙලා ...ඒ ඇස් බොදවෙලා....
"පොරොන්දු උණානේ මම බය වෙන්න එපා....විකාඩියකට කලින් පන්තියට දානවා....දන්නවනේ අය්යාගේ හැටි....ඉගිල්ලෙන්නම් මැණික.....නඩා ඉන්න....ඉවසන්න බැ මං නිසා අඩන එක....."


වේග සිමාව ඉක්මවල මම ගියා........"අනේ හෙමිහිට යමු අය්යේ...පරක්කු උණාට කමක් නැහැ..." පිච්ච මල කැ ගහනවා බයේ..... මම හයියෙන් හිනා උනා...."

"මීට වඩා හයියෙන් යන්න පුළුවන් මට..." වේගය කපාගෙන එන හුලං පාරට ඉව කරලා මම කැගැහුවේ පිටු පසට යාන්තමට හරිලා...........ආපහු හැරෙද්දි.....................ඉදිරියෙන් ආවේ රෝද දාසයේ ට්‍රක් එකක්............................................................................................ ..........................................*******************************************......................................................................................................................................................


පිච්ච මල V  කියවන්න............. මේ සිව්වැනි කොටස.............


Nov 20, 2010

පිච්ච මල III

පිච්ච මල II  කියවන්න............. මේ තෙවැනි කොටස.................

උත්පලා මගේ අඹ යාළුවා උණේ හෝඩ්යේදි අපි දෙන්නා වාඩි උණේ එක ළග සෙල්ලම් කලේ එකට කාලය ගෙවිල යද්දි වයසත් එක්ක හෝඩ්යේ තිබුණ යාළු කම ටික්ක අඩු උනත් එකි හැමදාමත් මගේ අඹ යාළුවාහැම පන්තියකදිම වගේ උසස් පෙළ පන්තියේදිත් මගේ සටහන් ලිව්වේ උත්පලා, ගෙදරින් ගේන බත් මුල මාත් එක්ක බෙදා ගත්තෙ එක කුස උපන් සහෝදරියක් වගේ..

තාත්තිට ඇතිවෙන්න සල්ලි තිබුණාඒ නිසාම මට ඉගෙන ගන්න තිබුණ උවමනාව අඩුවුණා.ඒත් උත්පලා නැහීගෙන පාඩම් කලා. මාවත් පාඩම් කොරව්වා... මම උසස් පෙළට ගත්තු අධිසම්මාන හතරම අයිති මට නෙවෙයි  උත්පලාට. 

අපිදෙන්නම සරසවි වරම් ලැබුවා... ඔය කාලේ මම හිටියෙම උත්පලාලගේ ගෙදර,  පුතෙක් නැති ඒ ගෙදර මම ලොකු පුතා වුණා.........ඒ දුප්පත් දෙමව්පියෝ මට සැළකුවේ තමන්ගෙම දරුවෙක්ට වගේ ඒත් ඒ ගෙදර උන්න පුංච් පිච්ච මල කවදාවත් මගේ ඇස් ඉස්සරහට ආවෙ නැහැ. මම ගේට්ටුවෙන් ඇතුල්වෙද්දිම නෙත්මි කාමරේට රිංගනවා..  කටුව ඇතුලේ හැංගෙන ඉබි පැටියෙක් වගේ. ඒ දවස් වල රංගයා කිව්වේ මං ඇස් වලින් ඒ පොඩි කෙල්ලව කනවා කියලා..... 
රංගයාගේ කතාව ඇත්ත වෙන්න ඇති... ඔනවට වඩා මම නෙත්මි දිහා බලාගෙන ඉන්නවා... මහ පාරෙදි ඉස්කෝලෙදි... එයාව දකින දකින හැම තැනදිම..................... මං ඒ අහිංසක පිච්ච මලට ආදරේ උණේ සාමාන්‍යය පෙල පන්තියේ ඉන්නකොට  එතකොට මගේ කෙල්ල අට වසරේ ....ඒ නිසාම එයාට මගෙ ආදරේ ගැන නොකියා මම එයාට හිතින් විතරක් ලං වුණා. 

"ද්ල් මචං...   මල වටේට බඹරු කැරකෙනවා වැඩියි.....ඉක්මනට නෙලා නොගත්තොත් උඹට සොරිම තමයි......" 

දවසක් රංගයා අනතුරු  හැගෙව්වා... මම මගේ හිතේ තිබුණ පුරුෂ ධෛර්යය ඉස්සරහට දාගෙන උසස් පෙළ සමත් උණාට තාත්තාගෙන් තෑගි ලැබුණ මොටර් බයිකලෙන් ගියා නෙත්මි ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට අතරමග පාලම හන්දියට... වෙලාවටත් කලින් ගිහින් ඔරලෝසුවට රව රවර ඉන්නකොට මගේ පිච්ච මල ඇතින් මතු උණා. 

මං නෙත්මි දිහාම බලාගෙන හිටියා අහම්බෙන් අපේ ඇස් හමු උණාම එයා පුරුදු විදියට මගෙන් හංගගෙන ඇස් බිමට බර කලා. මම සැලුනේ නැහැ. මගේ අහිංසක පිච්ච මල මවෙ පහු කරන් යන්න හද්දිම මං එයාගේ මග අහුරලා හිටගත්තා පැනල දුවන්න ඉඩනොදී ඒ බාහුව වැරෙන් අල්ලාගත්තා අනේ අහිංසක මුව පැටික්කියෙක් වගේ මගේ කෙල්ල වෙව්ලනවා. මම මගේ දකුණු අත ලිහිල් කලා, වෙව්ලන ඇගිලි ඒ දිලිනෙ කෙස් අතරින් යවලා මං ඒ ඇස් දෙකට එබුණා. 
"මං ගොඩාක් ආදරෙයි........ චූටි මැණික දන්නවා ඒක........" ඇසෙන නෑසෙන හඩකින් මම මිමිනුවා. ඒ බෝල ඇස් පිපිරිලා ලොකු කදුලු බින්දුවක් වැටුනා. මගේ අත් පණ නැති වුනා වගේ නෙත්මිගේ දකුණු බාහුව තද කරන් හිටපු මගේ වම් අත ගිලිහෙද්දි මගෙන් මිදුන කෙල්ල ඇතට දුවගෙන ගියා.....

පපුවට තුරුලු කරන් ආව ෆයිල් කවර ටිකත් අහුලගෙන මං එයාලගෙ ගෙදර ගියත් එදා දවසට ආයෙත් මට ඒ ඇස් මුණ ගැහුණේ නැහැ, මං ෆයිල් ටික ගැන කියපු බොරුව නිසා අහිංසක කෙල්ලට අම්මාගෙනුයි අක්කාගෙනුයි බැනුම් අහන්න උනු එක විතරයි උණ්.....



පිච්ච මල IV කියවන්න............. මේ තෙවැනි කොටස.................

කදුලක අවසන............

නිමාවු ඒ වසන්තේ....,,,,,
යලිත් නොඑනා බව කියන්නයි,
මේ කවිය මම ලියන්නේ...........

සෙනෙහසේ නිම්නයේ තනිවී,
ගැයුපෙම් ගී නිමාවී......
ඔබත් මාගෙන් වෙන් කලාවු නිමා වු ඒ වසන්තේ....................

ගැලූ කදුලක තිබූ උණුසුම
තවම රැදුනත් දෙකොපුලේ..
හැරගියාවු ඒ වසන්තේ සුවද ඉතිරිව නෑ හිතේ................

Nov 9, 2010

සුරංගනාවිගෙ දුප්පත් ආදරේ...............කදුලු............... II

තරු ඇස් පුංච් කරගෙන
හීනි තොල්පට විහිදුවලා
හිනාවුණ හැටි නුඹ............
බෑ මට අමතක කරන්නට.......
ඒ දවස්වල අපි ආගිය තැන් වල......
ඉතිරි වුන අපේ මතක සිතුවම්....
සමව්චලයට හිනාවෙනව මට..........
අද මං යනකොට තනියම..


"ඇයි දාල ගියේ මාව......මම මෙහෙම දුක් විදියි කියල හිතුනෙ නැද්ද නිකමටවත්"

 වෙනුවට........................... සුරංගනාවිගෙ පෙම්වතා..............

Nov 8, 2010

සුරංගනාවිගෙ දුප්පත් ආදරේ...............කදුලු...............

සුරලොවෙන් බසින සුරංගනාවන්
මල් යහන් සිබින නාරි ලතාවන්
ඇවිදින් මල් වරුසා මළුවට
හිත හරිම අසරණයි................

ඔබ ඇවිත් මගෙ සිහින නිම්නයට
ආදරෙයි කීවාට හීනියට
මම ඔබෙන් බෝ දුරයි...................
සිත ඇගේ තරුනෙත් ළගයි.........

අහසේ දිදුලන තරු පොකුරක
තරුවක් වී පැයුවානම් මම
නුඹ කුමුදු මලයි මිහි දෙරණේ
ඇය මගේ තරු කුමරියයි.................

මට හොරෙන් ඔබ මගෙ හිත අරගෙන
දිව ගිහින් සිහිනයන් සමග දුර............
නුඹ හිතින් පෙම් කෙරුවත් මහිතට................
අපි හරිම දුරයි.................ඇය රැගෙන ගිහින් හිත.....................

 වෙනුවට........................... සුරංගනාවිගෙ පෙම්වතා..............

Nov 7, 2010

සයොනාරා......................

සයොනාරා......................
ඔබ ගිය නිසා කියාගෙන "සයොනාරා"..............
හිත හඩා වැටුණා..........
මගේ හීන බිදුණා...............
යලි එතැයි සිතමින් කියාගෙන "සයොනාරා"....................
.........මම බලා සිටියා.............
නිදි වරාගෙන..............දුක පුරොගෙන..................
ගෙවී යනතුරුම සකුරා වසන්තය...........
හිදියි මම.............
නෙත් තෙමාගෙන..............හිත රිදෝගෙන.........................
දුක් පුරාගෙන........නිදිවරාගෙන....................
මග හැරෙයි මට මල් වසන්තය..............
මං විදවන නිසා................... නුඹ නිසා................
සයොනාරා.........................

                                        

කරුණාකර ආපසු දෙන්න.................මගේ පෙම්බරාගෙ හිත...................

අහිමි බව දැන දැනම.............

පහන් දැල්ලක් ලෙසින් විකසිත එකම එක මල් හිනාවක්.....
අරන් ඔබ වෙත පාව එන්නම්.. පවන් රොද සමගින්....
හෙරෙන් ගන්නට පුංචි මල් මල් ආදරේ ඔබගෙන්....
පියාඹා දුර ඈත යන්නට ඒසෙනේ සමගින්...........

හීනයක් වී රු අහසටය පායනා තරු මල්......
නෙලා දොතට මං පුදන්නම් ඔබේ ළග දෙපතුල්....
පාරමී පරනා උතුම් හිත සෙනේදම් රකිමින්......
මිලින වි පෙති හැලී යාවිද ඔබේ රුදුරු බවින්.........

එක් වරක් නොව දස දහස් වර තෙමෙයි නෙතු කදුලින්...
ඔබේ එක් දගකාර කමකට බිදෙයි සිත සිත සැනෙකින්....
සෙනෙහසේ දුක් කන්දරාවන් දවයි කුරිරු ලෙසින්.....
ඔබේ සුවදක රැදී මට සැනසෙන්න දෙන්න වරම්........

පුපුරවා නෙත් ගලා හැලෙනා කදුලු නැත ඉවරක්....
දුකක් ඇත්නම් ඔබම ඇවිදින් නිවයි නෙතු සැනෙකින්....
ලොවක් හදුනන මගේ පෙම් වත නොදන්නා ලෙසකින්...
කිමද ඔබ දුර ඈත යන්නේ මා දමා මෙලෙසින්...........

Nov 5, 2010

පිච්ච මල II

 පිච්ච මල I  කියවන්න............. මේ දෙවැනි කොටස.................

මේසය අසල වාඩගෙන යමක් ලියම්න් උන් රුව අදුනගන්න අමාරු උනේ නැහැ මට..... හයියෙන් කැගහල මගේ වස්තුවගෙ නම කියන්න ඔනි උනත් මට වචන පිට උනේ නැහැ. මගේ නෙත්මි.....‍මගේ චූටි මැණික......හිත ඇතුලෙන් මිමිනුවත් ඒ වචන පිට කැගන්න බැරි වුනා.ඇය තවමත් එහෙමම මුහුණ ලියමින් උන් දෙයට නැඹුරු කරගෙන...

මට දැනුනා මාව දහඩියෙන් නැහැවෙනවා.... කකුල් වෙව්ලනවා.. මාව ඇදගෙන වැටෙයි කියන බයට මම උළුවස්සට වාරු උනා. ඒ එක්කම මේසය මතට වැටුණු මගේ හෙවනැල්ලට ගැස්සුනු මගෙ නෙත්මි ඇස් ඔසවලා දොර දිහා බැලුවා. අනේ...... ඒ ඇස් තත්පරේට බොදවෙලා ගියා.දොතින්ම මුහුණ වසාගෙන මහ හය්යෙන් එයා ඉකිබිදිද්දිත් මම ගොළු වෙලා බලාගෙන හිටියා.

"දිල්ශාර...................."  


පටුපසින් පැම්ණි කෙනෙක් මගේ නම කියල කතා කලා...මම ගැස්සිලා හැරිල බලද්දි
ඇස් ලොකු කරන් මා දිහා බලාගෙන හිටියෙ  උත්පලා... මගේ චූටි මැණිකගෙ අක්කා... මගේ පාසැල් මිතුරිය...

 "උ..ත්..ප..ලා... " මම අමාරුවෙන් අකුරු ගැලපුවා.

"දිල්ශාර... අපි ටිකක් එහාට යමු" උත්පලා අමුතුම හඩකින් කියාගෙන ඉස්සර උනා. නෙත්මි දිහා තව එකපාරක් හැරිලා බලපු  මමත් උත්පලා පසුපසින් ඇවිදන් ගියා.
උත්පලා නතර වුනේ කලාගාරයේ මිදුලෙ තිබුණ විශාල බට් අඹ ගහ යට.
"ද්ල්ශාර ඇයි මෙහාට ආවේ" රුදුරු හඩකින් උත්පලා ඇහුවෙ ඒ වගේම රුදුරු බැල්මකින් මාදිහා බලාගෙන.. මට උත්තර නැතිව ගියා.

"උත්පලා ම...ම.‍ මම ......" මං කතාකරන්න වචන හෙව්වා....
"කතාකරන්න එපා දිල්ශාර....කතා....කරන්න එපා..... වදින්නම්...... ....ය...න්....න........ .........ය...........න්න.. ..මෙතනින් යන්න............"  උත්පලා කතාකලේ හඩමින් වෙව්ලන අත්දෙක එකතුකරල මගේ දිහාට වදිම්න්අඩියෙන් අඩිය පසුපසට ගිය මම මටවත් හිතාගන්න බැරි වේගයකින් වාහන අංගනයේ නවතා තිබුණු කාරය ලගට ඇවිත් තිබුනා.

හිත සන්සුන් කරගන්න කොයිතරම් වෙලාවක් ගත උනාද කියල මට මතක නැහැ.මට ගෙදර ගේට්ටුවේන් එනවවත් මට මතක නැහැ. මට ගෙදරට ආව බවත් ම‍ට හැගුනේ පුංච් පුතා එක්ක මිදුලෙ සෙල්ලම් කරමින් උන් අය්යා ඇවිත් රියදුරු අසුන පැත්තෙන් දොරත් ඇරියට පස්සේ.

"පොඩ්ඩා........ ඇයි මේ.......... අවුලක්ද............." මම හිටපු වේශය දැකල අය්යා පුදුම විදියට කලබල උනා..... මට කතාකරගන්න බැහැ තරහින්..... දුකින්..........ආත්මානුකම්පිවෙන්......... මම මිරිකිලා හිටියේ. මුකුත් නොකියාම මම මගේ කැමරයට දුවගෙන ගියා..


දොරටත් අගුලු දාගෙන මට ඔනි උනේ තනිවෙන්න..ඒත් දොරට එහා පැත්තේ.ඉදන් ගෙදර හැමොම දොර අරින්න කියල කරන කන්නලව්ව ඉවස ගන්න බැරිම තැන මම කලේ දොර ඇරල දාල බැල්කනියට විවර උන දොරෙන් පිටවෙලා යන් එක, එයාලට තේරුම් ගන්න බැරි උනා මට තනිවෙන්න ඔනි වෙලා බව ඒනිසාම මට අය්යගෙන් බේරිල්ලක් නැති වුණා.

 රෑ කෑම මේසයේ අය්යත් මමත් තනිවෙනකල්ම මම නිහඩව හිටියා මට ඔනි උනේ අය්යගෙන් අහන්න එකම එක දෙයක්..  "ඇයි අය්යේ............මේ...........ම් තරම් ලොකු බොරුවක් කිව්වේ........"
 අවසානයේදි මං ඇහුවා. පුදුමයෙන් විසල් උන නෙත් මාදිහාට අය්යා මං දිහා බලාගෙන හිටියා. මමත් එක එල්ලේම අය්යා දිහා බලාගෙන හිටියා.. 

"පොඩී මොනව ගැනද මේ කියවන්නේ..මං මොකක්ද කියපු බොරුව ඔයාට"  අය්යගේ ඇස්වල තිබුණේ මහ පුදුමයක්.
මං කට ඇදකැරල සමච්චලේට හිනි වුණා.  ඒ හිනාව අය්යගෙ හිත දරුණු විදියට පාරපු බව මට ඒ ඇස් වලින් තේරුණා.


“ඔයා හිතුවද මම මැරිල ඉපදුනා කියලා අය්යේ...............නැ මං මැරි මැරී ජීවත් වුණා. ...........එකම දෙයක් නිසා  ඒ මගේ පණ ඩිංගිත්ත ජීවතුන් අතර නැ කියලා මේ කන්දෙකට අහන්න වුණ නිසා. .............ඇයි........ ඇයි............ඒ වගේ ලොකු  බොරුවක් කිව්වෙ මට ඇයි...................”
මම මගේම හිසකෙස් දොතින් අවුල් කරගෙන අය්යා දිහාට අනුකම්පා විරහිත බැල්මක් හෙලුවා...... මගේ ජීවිතේ උන්න ප්‍රතාපවත් පිරිමියා අසරණ පුංචි ළමයෙක් වගේ......මං දිහාම බලා හිටියා වචනයක් කතාකලේ නැහැ..... මම හැමදාම කොපිකරන්න උත්සහ තරපු ලොකු අය්යගේ පෞර්ශය......ඒ ප්‍රතාපවත් පිරිමි කම.....හැංගිලා ඒ මූණේ තිබුණේ මහා පරාජිත බවක්. නිහඩවම එයා කෑම මේසයෙන් ඉවත්වෙලා ගියා මට උත්තරයක් නොදීම.......
කැම කාමරයෙ තියෙන හැම බඩුවක්ම කුඩු පට්ටම් කරල මුළු ගේම දෙවනත් වෙන්න කෑ ගහන්න 
තරම් ආවේගයක් ආවත් මම මාවම පාලනය කරගත්තා.. මං කාමරේට ගියේ වලියකින් පැරදුන බලු පැටියෙක් වගේ. රැ  එලි වෙනකල් මට හිතන්නදේවල් ගොඩක් තිබුණා.....






පිච්ච මල III කියවන්න............. මේ තෙවැනි කොටස.................

Nov 2, 2010

සිහින තවලම

නවතින්න මොහොතක්.
අපේ සිහින තවලමට  නැවතුමක් දෙන්න.
පසුව.....
ඔබ යන්න ඔබේ මග, මාද යන්නෙම් මගේ මග.......


නවතින්න මොහොතක්.
අපේ හදවත් වල කතාව ජීවත් කරවන්නට
පසුව.....
ඔබ යන්න ඔබේ මග, මාද යන්නෙම් මගේ මග.......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
ආලෝකවත් සුර්්‍ය රශ්මියද.....


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
විකසිතව එන මල් මොට්ටුවක්ද...


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
සතුටේ වලාකුල් යහනාවද......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
මා ලස්සන නව ලොවක් සොයා ගත්තාවත්ද.......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
සුවදවත් සුලං රැල්ලක්ද........


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
සතර අත පැතිරුණු වර්ණවත් බවද.......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
දිදුලන මාවතක්ද


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
අවකාශයේ දොංකාර දෙන ගීතයක්ද......


මේ මා සොයාගත් ඔබද...
නොඑසේනම්
මගේ ගමන් මගෙහි කෙලවරද.......


මේ ඔබද නොඒසේ නම්
වාතය විසින් මවනු ලැබූ මායාවක්ද......


මොහොතක් නවතින්න
පසුව.....
ඔබ යන්න ඔබේ මග, මාද යන්නෙම් මගේ මග.......


Oct 29, 2010

දෙන්න අවසර




දෙපා පාමුල  වැටී හඩනා අහිංසක මට දෙන්න අවසර
අදුරු විජිතය එලිය කරවන පහන් සිල වී ලග රැදෙන්නට
දුක් පුරන හිත දැවෙන ගිනිගෙන, පිරිත් පැන් ඉස නිවාලන්නට
ළගට වී සැනසුම දෙවන්නට අනේ චුට්ටක් දෙන්න අවසර

ඔබට බැදුනාවු සෙනෙහෙ දම කෙලෙසකත් බැහැ සිද දමන්නට
ඔබව හැර වෙන් නෙලා යන්නැයි කියනු වෙනුවට ඉන්න නිහඩව
බෑ කොහෙත් මට ඔබව අතහැර වෙන්ව යන්නට මේ අතර මග
අනේ මම ඉන්නම් හොරෙන් හිත් පොඩිය සරසා අහිංසක ලෙස

ආදරේනම් මේ තරම් මට කියනුයේ ඇයි වෙන්ව යන ලෙස
දන්මි මම ඔබ හට නොහැකි බව මා පෙලා සිත නිවා ගන්නට
කටුක නම් මේ ජීවිතේ ඇයි ඔබම රිදවා ගනුයෙ ඔබටම
ඉඩ දෙන්න මට පොඩි මලක් වී පිපෙන්නට ඔය දෙපා පාමුල

හිදින්නම් මම මහ මෙරක් සේ රිදුම් දෙන හිත ළග පිපීගෙන
නිවන්නම් දුක්ගිනි ඔබේ සුදු මුදු සමන් මල් නෙලා දෝතට
වෙන්ව  යනු බැහැ කොහෙත්නම් මට අසරණයි හුරතල් මගේ හිත
හැර ගියොත් ඔබ මහ පවක් එය ඉඩදෙන්න මට පෙම් පුරන්නට

Oct 15, 2010

කදුලු කැට II


හෙමිහිට ඇදිල යන දුම්රියේ පාපුවරුවේ
ඉදන් ඔයා බලාගෙන හිටපු විදිය......
ඔයාගෙ ලොකු ඇස්වල තිබුණ අසරණ කම..
ඇස් පියාගෙන ආයෙත් මතක් කරන්න පුලුවන් මට....
අවුරුදු හතරක් ගෙවුනටත් පස්සෙ......
මම තවමත් දුම්රිය පොලේ....වේදිකාව උඩ.....
ඇද්ල යන දුම්රිය දිහාට අත දිගු කරන් තවමත් අඩාවැටෙනව....
එදා මට බැරි උන නිසා කියන්න.....
“දාල යන්න එපා මාව.......මට බැ ඉන්න ඔයා නැතිව”

පසුව ලියමි......
හමු උනොත් අහම්බෙන් හරි එකම එක දෙයයි මම අහන්නේ..... “ඇත්තටම ඇයි මාව දාල ගියේ.....? ”