Nov 5, 2010

පිච්ච මල II

 පිච්ච මල I  කියවන්න............. මේ දෙවැනි කොටස.................

මේසය අසල වාඩගෙන යමක් ලියම්න් උන් රුව අදුනගන්න අමාරු උනේ නැහැ මට..... හයියෙන් කැගහල මගේ වස්තුවගෙ නම කියන්න ඔනි උනත් මට වචන පිට උනේ නැහැ. මගේ නෙත්මි.....‍මගේ චූටි මැණික......හිත ඇතුලෙන් මිමිනුවත් ඒ වචන පිට කැගන්න බැරි වුනා.ඇය තවමත් එහෙමම මුහුණ ලියමින් උන් දෙයට නැඹුරු කරගෙන...

මට දැනුනා මාව දහඩියෙන් නැහැවෙනවා.... කකුල් වෙව්ලනවා.. මාව ඇදගෙන වැටෙයි කියන බයට මම උළුවස්සට වාරු උනා. ඒ එක්කම මේසය මතට වැටුණු මගේ හෙවනැල්ලට ගැස්සුනු මගෙ නෙත්මි ඇස් ඔසවලා දොර දිහා බැලුවා. අනේ...... ඒ ඇස් තත්පරේට බොදවෙලා ගියා.දොතින්ම මුහුණ වසාගෙන මහ හය්යෙන් එයා ඉකිබිදිද්දිත් මම ගොළු වෙලා බලාගෙන හිටියා.

"දිල්ශාර...................."  


පටුපසින් පැම්ණි කෙනෙක් මගේ නම කියල කතා කලා...මම ගැස්සිලා හැරිල බලද්දි
ඇස් ලොකු කරන් මා දිහා බලාගෙන හිටියෙ  උත්පලා... මගේ චූටි මැණිකගෙ අක්කා... මගේ පාසැල් මිතුරිය...

 "උ..ත්..ප..ලා... " මම අමාරුවෙන් අකුරු ගැලපුවා.

"දිල්ශාර... අපි ටිකක් එහාට යමු" උත්පලා අමුතුම හඩකින් කියාගෙන ඉස්සර උනා. නෙත්මි දිහා තව එකපාරක් හැරිලා බලපු  මමත් උත්පලා පසුපසින් ඇවිදන් ගියා.
උත්පලා නතර වුනේ කලාගාරයේ මිදුලෙ තිබුණ විශාල බට් අඹ ගහ යට.
"ද්ල්ශාර ඇයි මෙහාට ආවේ" රුදුරු හඩකින් උත්පලා ඇහුවෙ ඒ වගේම රුදුරු බැල්මකින් මාදිහා බලාගෙන.. මට උත්තර නැතිව ගියා.

"උත්පලා ම...ම.‍ මම ......" මං කතාකරන්න වචන හෙව්වා....
"කතාකරන්න එපා දිල්ශාර....කතා....කරන්න එපා..... වදින්නම්...... ....ය...න්....න........ .........ය...........න්න.. ..මෙතනින් යන්න............"  උත්පලා කතාකලේ හඩමින් වෙව්ලන අත්දෙක එකතුකරල මගේ දිහාට වදිම්න්අඩියෙන් අඩිය පසුපසට ගිය මම මටවත් හිතාගන්න බැරි වේගයකින් වාහන අංගනයේ නවතා තිබුණු කාරය ලගට ඇවිත් තිබුනා.

හිත සන්සුන් කරගන්න කොයිතරම් වෙලාවක් ගත උනාද කියල මට මතක නැහැ.මට ගෙදර ගේට්ටුවේන් එනවවත් මට මතක නැහැ. මට ගෙදරට ආව බවත් ම‍ට හැගුනේ පුංච් පුතා එක්ක මිදුලෙ සෙල්ලම් කරමින් උන් අය්යා ඇවිත් රියදුරු අසුන පැත්තෙන් දොරත් ඇරියට පස්සේ.

"පොඩ්ඩා........ ඇයි මේ.......... අවුලක්ද............." මම හිටපු වේශය දැකල අය්යා පුදුම විදියට කලබල උනා..... මට කතාකරගන්න බැහැ තරහින්..... දුකින්..........ආත්මානුකම්පිවෙන්......... මම මිරිකිලා හිටියේ. මුකුත් නොකියාම මම මගේ කැමරයට දුවගෙන ගියා..


දොරටත් අගුලු දාගෙන මට ඔනි උනේ තනිවෙන්න..ඒත් දොරට එහා පැත්තේ.ඉදන් ගෙදර හැමොම දොර අරින්න කියල කරන කන්නලව්ව ඉවස ගන්න බැරිම තැන මම කලේ දොර ඇරල දාල බැල්කනියට විවර උන දොරෙන් පිටවෙලා යන් එක, එයාලට තේරුම් ගන්න බැරි උනා මට තනිවෙන්න ඔනි වෙලා බව ඒනිසාම මට අය්යගෙන් බේරිල්ලක් නැති වුණා.

 රෑ කෑම මේසයේ අය්යත් මමත් තනිවෙනකල්ම මම නිහඩව හිටියා මට ඔනි උනේ අය්යගෙන් අහන්න එකම එක දෙයක්..  "ඇයි අය්යේ............මේ...........ම් තරම් ලොකු බොරුවක් කිව්වේ........"
 අවසානයේදි මං ඇහුවා. පුදුමයෙන් විසල් උන නෙත් මාදිහාට අය්යා මං දිහා බලාගෙන හිටියා. මමත් එක එල්ලේම අය්යා දිහා බලාගෙන හිටියා.. 

"පොඩී මොනව ගැනද මේ කියවන්නේ..මං මොකක්ද කියපු බොරුව ඔයාට"  අය්යගේ ඇස්වල තිබුණේ මහ පුදුමයක්.
මං කට ඇදකැරල සමච්චලේට හිනි වුණා.  ඒ හිනාව අය්යගෙ හිත දරුණු විදියට පාරපු බව මට ඒ ඇස් වලින් තේරුණා.


“ඔයා හිතුවද මම මැරිල ඉපදුනා කියලා අය්යේ...............නැ මං මැරි මැරී ජීවත් වුණා. ...........එකම දෙයක් නිසා  ඒ මගේ පණ ඩිංගිත්ත ජීවතුන් අතර නැ කියලා මේ කන්දෙකට අහන්න වුණ නිසා. .............ඇයි........ ඇයි............ඒ වගේ ලොකු  බොරුවක් කිව්වෙ මට ඇයි...................”
මම මගේම හිසකෙස් දොතින් අවුල් කරගෙන අය්යා දිහාට අනුකම්පා විරහිත බැල්මක් හෙලුවා...... මගේ ජීවිතේ උන්න ප්‍රතාපවත් පිරිමියා අසරණ පුංචි ළමයෙක් වගේ......මං දිහාම බලා හිටියා වචනයක් කතාකලේ නැහැ..... මම හැමදාම කොපිකරන්න උත්සහ තරපු ලොකු අය්යගේ පෞර්ශය......ඒ ප්‍රතාපවත් පිරිමි කම.....හැංගිලා ඒ මූණේ තිබුණේ මහා පරාජිත බවක්. නිහඩවම එයා කෑම මේසයෙන් ඉවත්වෙලා ගියා මට උත්තරයක් නොදීම.......
කැම කාමරයෙ තියෙන හැම බඩුවක්ම කුඩු පට්ටම් කරල මුළු ගේම දෙවනත් වෙන්න කෑ ගහන්න 
තරම් ආවේගයක් ආවත් මම මාවම පාලනය කරගත්තා.. මං කාමරේට ගියේ වලියකින් පැරදුන බලු පැටියෙක් වගේ. රැ  එලි වෙනකල් මට හිතන්නදේවල් ගොඩක් තිබුණා.....






පිච්ච මල III කියවන්න............. මේ තෙවැනි කොටස.................

4 comments:

  1. මගේ හිත සන්සුන් නැහැ.............සමාවෙන්න ඉතිරිය පසුවට....

    ReplyDelete
  2. හ්ම්..ඒක හොදයි..ලියා ගන්න බැරි තරම් දුක හිතෙන අවසානයක් ඇත්තේ

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්... හෙමීට ලියන්න අලෝ.. ‍හිතේ තියාගෙන ඉන්න දේවල් මෙහෙම ලියාලා හරි පුංචි හරි සැහැල්ලුවක් ලබන එක හොදා..

    ReplyDelete
  4. මගේ ඇස්වලට කදුලු අවා අනේ... අපොයි...

    ReplyDelete