මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 24, 2011

අහස මිතුදම් හැර ගිහින්


කවිකාර සිත බල කරයි 
ලියන්නලු කවියක්
සිත් යාය සිහින අසරණයි
සිතේ නැහැ සිතිවිලි බිඳක්
ඔබ සිහිනයක් වගේ දුරයි
සිතට නෑ නිවනක්
ආදරෙයි මම ආදරෙයි
කියන්නට නැහැ ඉඩක්
අහස තරහින් මඟ හරියි 
කියන්නට බැහැ දුකක්
වරු ගනන් දුක් අසා ඇතිවී
අහස මිතුදම් හැර ගිහින්


හංස ගීතයෙන් ඔබ්බට.. අද තවලමෙත් කවියක්.. පුංචි වෙනසකටත් එක්ක....

Dec 20, 2011

ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.


මහපාන්දර පටන්ගත් සිරි පොද වැස්ස නිමක් නැත. වැස්ස නිමවන තුරු සිටින්නට මට සිතක් නැත.. මුහුණට පුයර බිඳක් දමාගෙන හැඩවී මම ගෙයින් පිටවුනෙමි. කවදත් මා අශා කල රෝස පැහැති සුවිටරයත්  වුල් මෆ්ලරයත් මට උණුසුම  ගෙන  දුනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.

සිතල දෙසැම්බරය  වඩ වඩාත් සුන්දර කරවන නෙක පැහැති ඩේලියා මල් මාවත දිගේ මට සිනාසුනි..  සීතලෙන් පෝෂණය ලබන ඇත්තමේනියා , ඩේසි හා ජේබරාස් මල් හිහැහෙන අතර සීතලට දොස් පවරමින් රෝස සහ සමන් පිච්ච මල් සැගවී උන්හ.. එහෙත් වැට අද්දර කහ පිච්ච පඳුරේ අතරින් පතර මල් කිහිපයක් සීතල පරයා නැගි සිට මගේ මාවත් සරසන ලදි.  ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

වැස්සට සේදී ඔප ගැන්වුනු තාර පාරේ මින් පෙර දුවිලි බිඳක්හො තිබුනු බවට සලකුණක් නැත.. සැබැවින්ම එය බුමුතුරුණක් තරමට සුපිරිසිදුය. කළු පැහැති කාපට් ඇතිරු මාවත දෙපය යායම කොල පැහැයට හැරවී ඇත..  මසක් පමණ කලක් සිට නොනවත්වා වහින වැස්ස නිසා පෝෂණය වු පඳුරු ශාක මාවත දෙපසට නැවුම් සුන්දරත්වයක් එක්කොට ඇත. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

සීතල කපාගෙන පාළු පාර දිගේ පැමිණි බස් රථයට නැවතුම් සංඥාව දෙන්නට හකුලාගෙන සිටි සුරත දිගු කලෙමි. කම්මැලි ස්වරූපයෙන් පැමිණි බස් රථය කීරීස් හඬ නංවා මා ඉදිරි පිට නතර කරන ලදි. මා එයට නැඟුනෙමි.. බසය නැවත කම්මැලි විලාසයෙන් ගමන් අරඹිය. සීතලට ගුලිවි ගොළුවත රැකි නිහඬ මිනිසුන් සියල්ලම පාගේ රේඩියෝවේ වාදනය වන ගීතයන්ට සම වැදී උන්හ... “දෙතුන් වතාවත් ඔබ ඇමතූවෙමි.. සැප දුක සොයා බලන්න.. මගේ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න.. “ ඉබේම වාගේ මම දුරකතනය ගෙන බැලුවෙමි. නිහඬ සිතිවිලි සේම දුරකතනයද නිසොල්මනේ විය. මාද අන් අය සේම සංගීතයට සමවැදී උන්නෙමි. උද්භිත උද්‍යානය අසලින් පිටුපස අසුන් වල සිටි ජෝඩු කිහිපයක් බසසෙන් බැස්සෝය. මා ඔවුන් දෙස බැලුවේ සීතලෙන් ගල් ගැසුනු සිතිවිල්ත් සමඟයි. මන්ද.. මෙවන් වු කම්මැලි සීතල දිනයක කොයිතරම් සුන්දර වුවත් විවෘත උද්‍යානයක ඇවිදින්නට මට නම් සිත් නොදේ...  වැව් ඉස්මත්තේද සීතල නොතකන සංචාරකයින් බයිසිකල් පදිමින් ඔබමොබ ඇවිදිමන් විනොද වෙමින් උන්නෝය. දුප්පත් ගොවියන්ට මින් පෙර තම හරකුන් සහ එළඵදෙනුන්ව පොෂණය කල තණ පිටිය අද සංචාරක පාරා දීසයක්ව ඇති අරුම බලා මම උදාසිනව උන්නෙමි.. කෘත්‍රිම මං මාවත් කාත්‍රීම ලී පාලම් නැතත් මින් පෙර මා දුටු වැව් ඉවුර , ගවයින් සහ පෝනියන්ගෙන් පිරී තිබෙන විට මීට වඩා සුන්දර ලෙස මට පෙනුන බව මතකය. එහෙත් දැන්  එය සුපිරි පන්නයේ වාහන වලින් පැමිනෙන දෙස් විදෙස් සංචාරයයින්ට උරුම වුනු සීතල පාරාදීසයකි. ... සිතිවිලි අතරේ සිටියදීම බස් රිය ගමනාන්තයට ලං විය. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

කුඩයට ඔරොත්තු නොදෙන හිරිපොද වැස්ස හමන්නේ සුලඟ සමඟ එක ඇලයකටය. ඉඳින් කොතරම් උත්සහ කලත් නොතෙමී සිටීම උගටහය. මා මෙන්ම වැස්සෙන් බේරෙන්නට පොරකන සීතල කබා පොරවා ගත් ගුප්ප මිනිසුන් අතරට මමද එක් වීමි. ඔරොත්තු නොදෙන සීතලට සහ පීඩාකාරි හිරිපොදට විරුද්දව නැඟි සිටින්නට මෙන් මිනිසුන් සුපුරුදු ලෙස තම තමන්ගේ රජ කාරි වල නිරතව උන්නෝය.. සයිවර් කඩය පහුකර යනවිට දැනුනු උණු වඩේ සුවඳ දිවගට කෙල බිඳුමෝදු කරවීය. එහෙත් හිස්ව  තිබුණු කුසට එවත් තෙල් සහින අහරක් නුසුදුසු බැවින් මම ගමන ඉක්මන් කලෙමි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

බේකරිය අසල උදෑසන පොරනුවෙන් ගත් පාන් බනිස් ආදිය පිරි කුඩා ලොරි රථය නවතා තිබුනි. සේවයකින් දෙදෙනකු සීතල පරදමින් එවා යුහුසුලුව රාක්ක වල අසුරමින් සිටියෝය. එළවළු සහ පළතුරු වෙලඳුන් ප්ලාස්ටික් පෙට්ටි වල ඇසුරු ද්‍රව්‍යයන් රැගෙන මධ්‍යම වෙළඳ පොල දෙසට ඇදෙමින් සිටියෝය. මාවත දිගේ ඇවිඳන් එන යුවතියන්ගේ ඇදුම් මොස්තර දෙස බලමින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

ස්ටෝබෙරි පෙට්ටියක් පුස් බයිසිකලයේ තබා ගත් වියපත් වෙළෙන්දෙකු දේශිය සංචාරකයින් පිරිසකට මැදිව උන්නේය. නියම ස්ටෝබෙරි රසය නොදන්නවුන් සේ ඔවුන් ඇඹුල් රසැති බාල ස්ටෝබෙරි අධික මුලදකට ගන්නට පොරබදිමින් සිටියෝය. ඒ දෙස බලා යමින් සිටි මම මල් කූඩයක් රැගෙන මල් කඩය වෙත යමින් සිටි කාන්තාවකගේ ඇඟේ නොහැපී බේරුනෙමි. ඇය සුහද ලෙස මා හා සිනාසුනේ ඇය අතවු සුන්දර මල් මිටියේ සිරි තවත් වැඩි කරමිනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

“සුභ උදෑසනක් පත්තර අයියේ.. මට රන්දිව අරන් තියන්න..“ මා පසුකරමින් කෑ ගසාගෙන ගියේ ඉදිරිපස කඩයක අයිති කරුවෙකි. ඔහු තම කඩය විවෘත කරන්නට දිවයන්නට ඇතැයි මම සිතුවෙමි.  බුලත් කොල වතුරේ පොඟවමින් අසුරන බුලත්වෙලෙන්දිය ගැන මෙන්ම සීතලේ ටයිප්රයිටරයත් සමඟ පදික වේදිකාවේ සිටින ලියන්නා ගැනද ශෝකි සිතිවිලි සිත පිරදේදි  මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

සීතල ඇඳුම් වලින් උණුසුම් වුනු දරුවන් අතරින් පතර පන්තිය පුරා විසිර සිටියෝය. ඔවුන්ගේ වෙනදා ජවය නැත්තේ සීතල විසින් ඔවුන් ගල් පිළිමයන් බවට පත්කර ඇති  හෙයිනි. වැඩිහිටි ළමුන් සඳහා වු මගේ පන්තියට ගෙඩවැදි ඔවුන් හා විශය කරුණු වල අතර මං උනෙමි. විවේක කාලය  රසවත් කලේ අපූරු කෝපි කෝප්යකිනි. පන්තිය නිමවා ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

මා දන්නා කල සිටම පාර අයිනේ  කෙටි ආහාර සාදන ලොරිය සුපුරුදු ලෙස එහි විය.  පුරුදු ලෙස ඔවුන්ගෙන් යමක් අම්මා වෙනුවෙන් මිලදී ගෙන යලිත් ගමන් ඇඹුවෙමි.  වැස්ස සැරවෙමින් තිබුනි.. සීතල මගේ මග අවුරන්නට විය. කෝපි කෝප්පයක් රස විඳිමේ ආශාවෙන් පෙලෙද්දි මා මිතුරු යුවලක් මුන ගැසුනි. ඔවුන් සමඟ අවන් හලට වැදි රස කතා සමඟ කෝපි කෝප්ය රස විඳ යලිත් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
සීතල දෙසැම්බරයේ පාළු හුදෙකලා මං මාවත් අතර තනි මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

Dec 16, 2011

නමක් නොදනිමි.. එහෙත් මෙය ආත්මාණු කම්පාව පිටකිරිමකි!!

මීදුමින් වැසුණු කඳු යාය කවදත් මම ආදරය කල දසුනකි..  එහෙත් බීරලු වැට අද්දරට වී ඒ සොබා සිරි නරඹන්නට අවසන් වරට කාමරයෙන් පිටතට ගියේ මීට දින කිහිපයකට කලිනි..  කාමරයේ මුල්ලක ඇති පරිගණකය හා ගත කරන හුදෙකලා ජීවිතයේ දුක සැප අතර  කොටුවී  සිටින මට, කාමරයෙන් ඉවත්වීම වදයකි.. එසේ ඉවත්ව ගියත් මිනිත්තු පහකට වඩා පිටත රැඳී සිටින්නට මසිත මට ඉඩ නොදේ.. අහවර නොකල මල් මොස්තරය සහිත කොට්ට උර පළුව සැටිය මත බලා සටී.. පරිගණක ඛේතයන් වන්නට  බලා සිටින කුරුටු පොතක කුරුටු ගෑ කවි සිත්තම් පසෙක ඇත.. අරුන්දතී අත්පිටපතද එසේමය..   කිසිදාක නොදැනුනු නොහැඟුණු තරමේ ගුප්ත හැඟීම් සමුදායක් විසිනි මා සිත වෙලා ගනු ලැබ ඇත.

ඔය මුහුන දකින්නට මසිත මට බල කරයි. ඔබට හොරා ,ලඟ තබා ගත් ඔබේ පින්තූරයක් පරිගණක තිරය මත රැස් විහිදයි.  ඔය මුහුන මට පෙනෙන්නේ කොතරම් හැඩටද.. ඔබ හා කතා කොට ඇත්තේ ස්වල්ප වචන ගනනක් වුවද යලි යලිඳු එය සිහිකරන්නට සිත මටම බල කරයි.. 

ඔබ කොහි සිටිනවාදැයි සොයන්නට මම රස්තියාදුවේ යමි.. නැත  ඔබ කිසි තැනක නැත. අහම්බෙන් හො දුටුවහොත් වහා මම සැඟවෙමි. රහසේ ඔබ කියනා දෙයක් කරනා දෙයක් බලා සිත සනසවා ගමි. ඒ ඔබේ ප්‍රතාපවත් පෞර්ශත්වයට ඇති බිය නිසායි.  සැබැවින්ම මා ඔබට ආදරය කරන්නේත් එම ප්‍රතාපවත් බවට නමුදු. හිමි වන්නටත් පෙර මට අහිමිව ගිය ඔබ හා එකදු වදනක් දොඩන්නට නොහැකි තරමේ අවාසනාවන්තියක වී බලා සිටිමි..

 සිහින වලින් මා අවදිවද්දි නැවතත් ඔබ අතුරුදන්ව ඇත.. යලිත් මම සයිබරය පුරා රස්තියාදුවේ යමි. බ්ලොග් පිටු අතර දකින හැම ආදර වදනක්ම මා සිත අළුතින් දවාලයි.. ආදරය තේරුම් ගත් හැක්කේ කාලයට පමණක් බව මධුරංග මල්ලී ඔහුගේ බ්ලොග් පිටුවේ ලියා තිබුනේය. මම සිතිවිලි වලින් ඔබ සොයා ගියෙමි.. කෙදිනක හෝ ඔබ විසින් මා තේරුම් ගනු ඇතැයි සිතා සිත සනසවා ගතිමි. එහෙත් බුද්ධිය විසින් මගේ දුර්වල මනසට ඔබ සදා කල්ම මට අහිමි දෙයක් බව යලිත් වටහා දුන්නෙන්.. සීතල සිතිවිලි හදවතටම සිරකරන් මම ගොළු උනෙමි.

අන්තර්ජාලයේ රෑදී සිටිම වේදනාවක් බව මට හැඟෙයි.. සිත සනසවාගන්නට මිතුරන් හා රණ්ඩුවට පැටලෙමි. එහෙත් අවසන රිදෙන්නේ මගේ හිතමය. විහිලු සියල්ලගෙන්ම ඇස් රතු කරවාගෙන වෙබ්බ්‍රව්සරය තිරයෙන් ඉවත් කර, වෙනත් පිටුවක් වෙත යමි. ගිගාබයිට් තිහකට ආසන්න ප්‍රමාණයක ගබඩාකර ඇති ගීත අසන්නට සිතෙන්නේම නැත. විසිතිස් ගනනකට වඩා ඇති චිත්‍රපට එකිනෙක මකා දමන්නේ එවා බැලීම සිතට වදයක් නිසාමය. අවසන මා නතර වන්නේ අධ්‍යාපනික යමක් ලියැවුනු  PDF පුටුවක් ලඟයි.. එහෙත් සිතිවිලි වලින් වෙහසුනු මනසට  එහි ඇති කිසිවක් නොවැටහේ..  මේ සතියේ උගන්වන්නට ඇති විශය කරුණු ඉතාමත් සංකීර්ණය . ඒවා ළමුන්ට තේරෙන අයුරින් සරලව ලියා ගැනිමට මා දැනටත් පරක්කු වැඩිය.. එහෙත් පරිගණක ක්‍රමලේඛනයන් අතරමගේ සිත නොරැඳේ..  එය අන්තිම මොහොතට ඉතිරි කර යලිත් මා අන්තර් ජාලයේ රසිතියාදුව පටන් ගනිමි.

සිහින තවලම,  හංස ගීතය මෙන්ම අක්ෂරයද මගේ ජීවිතයේ කොටස්ය. එහෙත් සිහින තවලම වෙනුවෙන් ලියන්නට බලා සිටින අළුත්ම පෙම් කතාව ලියන්නට මසිතට සිතිවිලි නැත.  හංස ගීතය වෙනුවෙන් ලියා ඇති පැදි  කුරුටු කවි පොතේ බලා සිටියද ඒවා ඛේතයන් බවට පත් කරන්නට සිතට නිදහසක් නැත.. අක්ෂරය වෙනුවෙන් අධ්‍යාපනික උපදේශන ලිපි මාලාවක් ලියන්නට රැස්කල කරුණු පරිගණක මේසයේ පැත්තක එහෙමමය.  
කිසිත් කරන්නට සිත නොදෙන්නේ මන්දැයි මම මගෙන්ම අසමි. ඇතැමි විට මෙය මානසික පීඩනයක් විය හැකි බව මටද සිතේ. 

ජීවිතයේ දනනා කාලයක සිට මෙවන් විවේකයක් මට ලැබී නැත. කුඩාම අවදියේ පටන් පාසැල් අධ්‍යාපනය නිමවන තෙක් පොතින් පතින් තොර ලොවක් මට නොතිබිනි. සාමාන්‍ය පෙල නිමවා ඊට පසුදිනම වාගේ උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කලෙමි.. එතැන් පටන් මුළු දිවියම ජීවවිද්‍යා විශයන්ට කොටුවිය.  එහෙත් අවසානයේ නොසිතූ ලෙස සියල්ල වෙනස් විය. ජීවිතයේ පළමු කඩා වැටීම ලෙස ප්‍රථම ප්‍රේමයෙන් පැරදී ජීවිතයට නව අරුතක් සොයා ගියේ උසස් පෙළ විභාගයද පසෙකලායි. මම පරිගණක විද්‍යාවට පෙම් බඳින්නට වුවෙමි.. සතියේ දින හතම IDM ආයතනයට වී ඩිප්ලෝමාව සාර්ථකව නිමකලෙමි. 

එය අවසන්කොට නිවසේ සිටියේ සතියකටත් අඩු කාලයකි. මට IDM ආයතනයේ රැකියාව ලැබුනෙන් මම මගේ ගුරු ජීවිතය ඉතාමත් අඩු වයසකදි ආරම්භ කලෙමි.

ඒ පටන් ගත්අළුත් ජිවිතයේ  ගතවන හැම තත්පරයක්ම යම්කිසි වැඩක් වෙනුවෙන් යොදවන්නට මා පුරුදු උනෙමි.. මාගේ ඉගෙනීම් වාගේම රැකියා කටයුතු නිසා මා ගතකලේ පුදුම තරමේ කාර්‍යබහුල දිවියකි.

නුවර රැකියාව ලද පසුද කරන්නට තරම් විශාල වැඩක් නොවුවත් මුළු දවසම කර්‍යාලයට වී කුමක්  හෝ වැඩක නිරත වී සිටීම මට විනෝදයක් විය. බෝඩිමේ ගත කල කාලය තුල කිසිම දිනක මා දහවල් කාලය බෝඩිමේ ගත නොකල බව මටම මහා පුදුමයකි.

නුවරින් සමු ගෙන නිවසට පැමින නිවසේ විවේකිව සිටියේ හරියටම දින හතරක් පමණි. යලිත් ගුරු ජීවිතය ආරම්භ කලෙන් මුළු දවසම සිසු සිසුවියන් ඇසුරේ ගෙවා..  හවස් යාමයේ නිවසේදීත් පාසලේ කටයුකු සඳහා සූදනම් වීම ජීවිතයේම කොටසක් විය..

නමුත් එළඹ ඇත්තේ පාසැල් නිවාඩු කාලයයි. එක දිගට සති තුනක් මට නිවසේ සිටින්නට සිදුවී ඇත. ජීවිතයේ ප්‍රථම වරට ලද මේ දිර්ඝ විවේකය දැන් දැන් දැන් මානසික වදයකි.

සංජු අක්කා කීවා හරිය. ඇය දිනක් කීවේ පාසැල් නිවාඩුව එපා වෙන එකක් බවයි.. ඇයගේ මුණු පොතේ සටහනට යටින් මම ලියුවේ හොඳට නිදා ගන්නට කදිම කාලයක් බවයි.. එහෙත් උපරිම උත්සහ කලද අඩුම තරමේ රාත්‍රියටවත් නින්ද මා කරා එන්නේ නැත. නිදා ගන්නවායැයි කියා පරිගණකය ලඟින් ඈත් වන්නේ අම්මාගේ වද කිරිම නිසා මිස නිදිමතක් නිසාම නොවේ.

 මට ජංගම දුරකතනයක් ඇති බව මට සිහි වන්නේ දිනකට වරක්වත් ආසිරි මල්ලි යුතුකමක් කොට සලකා කතා කරන වෙලාවට පමනි. ඒසේ නොවිනම් මගේ ජංගම දුරකතනයත් නිවසේ ඉවතලන පැරණි බඩුබාහිරාදිය අතරට එකතු වනු නියතය.

අසල්වැසි නිවසකින් අම්මා කියවන්නට ගෙන ආ නවකතා පොත් බොහෝ කලකට පෙර මා කියවුයේ කෑම බීම පවා අමතක කරයි. කොහෙන්හෝ පොතක් ගෙන ආවිට එය කියවන්නට අම්මාත් මමත් එකල තරඟ කලෙමු.. එහෙත් මෙකල මට බො ළඳ පෙම් කතා කියවීම වදයකි. නොඑසේනම් එවා කියවාගෙන යන විට හැඟෙන්නේ එහි ඇති වදන් සියල්ල හිස ඒවා බවයි.

නව යෞව්වනයේදි මා පියවි ලොව ගත කරන වේලාවට වඩා වේලාවක් ගතකලේ සිහින ලොවකය. මෙතෙක් කලත් මා අතින් බිහිවුනු කෙටි කතා වල චරිතයන් සමඟ ගතකල අවදිය ඉතාමත් සුන්දරය.. එහෙත් මෙකල එවන්  කතාවක් මනසින් මවන්නට මා අපොහොසත්ය.  

මගේම සිතිවිලි වල කෘරත්වයට මොහාතකට මම ශාප කරමි.  අවසන්වරට මා ලියු පෙම් කතාව වලාවෙන් වැසුණු සඳ ඔබලාට මතක ඇතුවාට සැක නැත..  වේගවත් ලෙස එය අවසන් කරන්නට තරමට මා මසිතට කෘර වු හේතුව නිසාම අදටත් මට පෙම් කතාවක් ලියන්නට වචන ගලපන්නට නොහැක.

හිම හංසි මේ දිනවල  ලියනා කතාව බලන හැම වරම වාගේම බනියා ලියන දිර්ඝකල කෙටි කතාව කියවන විටත් තවලම වෙනුවෙන් පෙම් කතාවක් ලියන්නට මගේ සිතිවිලි මට බල කරයි.. කතා කිහිපයක්ම සිතෙහි ඇති මුත්. ඉන් එකකට හෝ පන පොවන්නට මා හට ශක්තියක් නැත.. ඒම චරිත මාගේ සිහින ලෝක වල  මා දුක් විඳ නිමකල චරිත වුවද ලිවීම අතර මගදි සිත රිදවුනු විටෙක පහන් සහ අංජලීට අත්කල ඉරණමම ඒ චරිතවලටත් මා අත්කරන බව මම දනිමි. 

ආතමාණුකම්පාව විසින් මගේ  සිතිවිලි ගල් ගැසි ඇති මොහොතක සිත නිවා ගන්නට  මම මෙසේ සටහන් කරමි...

අහිමි බව දැන දැනත් ඔබටම පෙම් කරන මේ කඳුලේ කවිකාරිය.. හෙටත් බලා සිටිනු ඇත.. පුංචිම පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙන්... 


Dec 14, 2011

ගඟ ගැඹුරුයි පරෙස්සමින්!!

පහුගිය දවසක මම ගොසිප් අඩවියේ සැරි සරනකොට  වෙනස් ආකාරයේ ලිපියක් හම්බ උනා.. ෆේස්බුක් තුලින් ඇතිවූ පෙමනිසා ගුරුවරිය අමාරුවේ  කියලා ටික කාලෙක ඉඳන් පේස් බුක් ආදර කතා ගැන ලිපියක් ලියන්න කරුණු හොය හොය හිටි මට ඒක හරි අපුරු ප්‍රවෘත්තියක් උනා.. මොකද මම කතා කරන්න ගිය මතෘකාවට හොඳින්ම ගැලපෙන උදාහරණය මේක වීම.
හැබැයි ඉතින් කමෙන්ට් ටික කියවගෙන ගියාම නම් ඇත්තටම මට හිතුනා අර ගුරුවරිය  තමන්ටම ලොකු හානියක් කර ගත්තා කියලා.
අර කියන්නා වගේ එක කමෙන්ටුවක තිබුනා එයා කරපු ලොකුම වරද සල්ලි දීලා පොලිසි ගිය එක කියලා..
එයා පොලිසි ගියාගෙන් එයා ගැන ලිපියක් ගොසිප් සයිට් එකේ පල වුනා  අපේ හැමෝම එයාට කියන්න පුළුවන් නරකම දේවල් කියලා බැන්නා දොස් කිව්වා පරිභව කලා.. ඒත් කිසිම කෙනෙක් එයාගේ පැත්තෙන් හිතුවේ නැහැ නේද?


ඇත්ත... කතාව සහතික ඇත්ත. එයා ඒ  කරපු දේ වැරදියි. ගුරුවරියක් විදියට විවාහයට කලින් පෙම්වතාත් එක්ක උනත් හොටලේකට ගිහින් ඒ වගේ හැසිරුණාම ඒක සමාජයට නරක ආදර්ශයක්.
ඒ විතරක් නෙවෙයි මගේ මතයට අනූවනම් කිසිම කෙල්ලෙක් කිසි සේත්ම කරන්න හොද නැති දෙයක් මේක.. තමන්ගේ පෙම්වතා උනත් තමන් එක්ක යන්නේ හැඟිම් ඇවිස්සුණු පිරිමියෙක් කියන දේ අමතක කරලා ගිහින් ජීවිතේට කැලැල් ඇති කරගෙන පස්සේ කාලෙක විඳවනවට වඩා ඒවැනි අවස්ථා ආදරෙන්ම චාටු බහක් කියලා මඟහරින්න තරම් ගෑණු නුවනක් නැත්නම් ඒ වගේ කෙල්ලක්ට කියන්න පුළුවන්  ගොන් ගහක් කියලා..
අනිත් කතාව තමයි.. මම ඔය කලින් කතා කරපු දේ අනිත් පැත්ත සිද්වෙන අවස්ථාත් එමට ඇති.  මොකද  දැන්  අපේ රටේ සමාජය විශමයි ගොඩක් බටහිර පැත්තට නැඹුරු වෙලා.. සමහර සහෝදරියෝ පුල පුලා බලාගෙන ඉන්නේ තමන්ගේ පෙම්වතා අර වගේ යෝජනාවක් කරන්නේ කොයි වෙලාවේද කියලා උඩ පැනගෙන යන්න ..

ගැහැණු කමට නින්දා කරන ඒ වගේ අය එක්ක ඉස්සරහට යන මේ සමාජේ හොඳ චරිතවත් කෙනක්ටවත් හොඳ ජීවිතයක් ගතකරන්න අමාරු තත්වයක් ඇති වෙලා තියෙන්නේ..
ගැහැණියක් සතුව තිබිය යුතු හැඩම ආභරණය වෙන්න ඔනි අහිංසක කම ඒක ලැජ්ජාව බය කියන දේත් එක්ක ඔප නැංවිලා තියෙන්නත් ඔනි.. එත් කියන්නත් කණගාටුයි සමහර සහෝදරියන් ලඟ මේ කියන කිසි දෙයක් නෑ..

ඇත්ත සාමාන්‍යය මානුශිය ගැඟිම් කියන දේවල් තියෙන්න ඔනි.. ආදරය.,රාගය , සතුට කේන්තිය වගේ දේවල්.. ඒත් ඒ දේවල් අවශ්‍යය වෙලාවට ප්‍රෙයෝජනයට අරන් අනවශ්‍යය වෙලාවට අහක දාන්න පුළුවන්ම් ඒත තමයි නියම ගැහැණු කම..

මම කියන කතාවේම තවත් පැත්තක් තියෙනවා.. ගැහැණියක් අහිංසක වෙන්න ඔනි කියලා මම කිව්වනේ  ඉතින් ඒ අහිංසක කමම සමහර වෙලවට පිරිමි ප්‍රෙයෝජනයට ගන්න පුළුළුන්.. ඉතින් වැදගත්ම දේ අහිංසක කම ලඟ පුංචි නපුරු කමක් තියා ගන්න.. ඒ කියන්නේ කෙලින්ම යමක් ප්‍රතික්ෂේප කිරිමේ හැකියාව වගේම..  අසාධාරණයේදි කතා කිරිමේ හැකියාව වගේම අනවශ්‍යය තර්ජනයකදි නොබියව මුහුණ දිමේ හැකියාව..

දැන් ඉහත සදහන් කතාවේ කතා නායිකාව දිහාට යමු... හැමෝම කිව්වේ ඒ ගුරුවරිය හොඳ චරිතයක් නැති කෙනක් කියලා.. පිරිමියෙක් ඉස්සෙල්ලාම මුණ ගැහුනා කියලා සමහරු කිව්වා..

 මම මෙහෙම කිව්වොත්.. එයා බොළඳයි මෝඩයි ඔනිවට වඩා අහිංසකයි..
කෙනෙක පේස් බුක් එකේ හමු වෙනවා.. ගොඩක් චැට් කරනවා විශ්වාසයක් ගොඩ නගා ගන්නවා ඊට පස්සේ ආදරේ ප්‍රකාශ කරනවා.. අර කතා කරපු දේවල් එක්ක එයා විශ්වාස කරනවා මේ කෙනා ඇත්තටම මට ආදරෙයි කියලා.. ඉතින් අළුත් පෙම්වතුන් හමුවෙන්න දිනයක් දා ගන්නවා.. එයාලා හමු වෙනවා.. කොහෙට හරි ගිහින් නිදහසේ කතා කරමු කියනවා.. ගුරුවරියට ප්‍රශ්ණයක්.. ප්‍රසිද්ද තැන් වල ගැවසෙන්න ආමරුයි සිසු දරුවනගේ ඇස් ගැටෙන්න පුළුවන්.. ඉතින් මෙයාලා ලොජ් එකකට යනවා.. ඒ අවස්ථාවෙන් අර නරුම මනුස්සයා ප්‍රෙයෝජන ගන්නවා.. ගුරුවරියට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ.. මොකද එයා ආදරෙන් අන්ධ වෙලා..  අන්තිමට ඒ මනුස්සයා විශ්වාස කරනවා.. ඓහමත් නැතනම්.. එයා අසරණයි හැඩි දැඩිපිරිමියෙක් එක්ක පොර බදන්න එයා දුර්වල වැඩියි. සමහර විට එයාට දරුණු විදියට තර්ජනය කරන්නත් ඇති මරණයව වගේ දේවල් කියලා.

ඊට පස්සේ එයාගේ අකමැත්නෙත් නමුත් කවදා හරි කසාද බඳින පොරොන්දුව පිට පොටෝ ගන්න ඇති..
මම මේ උපකල්පන ඉදිරිපත් කලේ මම අහලා දැකලා තියෙන සත්‍යය සිදුවීම් වලින් . මගේ තවලමේ යාළුවන්ට මතක ඇති මුල් කාලේ මගේ පේස් බුක් ගිණුමට හැකර් ප්‍රහාරයක් ආවා.. අන්තිමේ මම කොහොම හරි ඒක රිකවර් කර ගත්තා නමුත් හැක් කරපු මිනිස්සු පස්සේ  රහස් පොලිසියෙන් වගේ පන්නලා මම ගොඩක් විස්තර හොයා ගත්තා..

මේ කියන සිද්දිය වගේම සිද්දි තුනක් මට හමු වුනා.. ඒ අයගෙ ඇත්ත නම් සහ අනන්‍ය තාවයක් හෙලි නොකර මම ඒ කතා තුන කියන්නම්..

මේ සිද්දි තුනටම සම්බන්ධ පුද්ගලයා එක්කෙනක්.  ඒ අමනුස්සයාත් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යය ආයතනයක වැඩ කරන එකෙක් හැබැයි වැඩ කරනවා කිව්වට මම හොයලා බලද්දි ඒ ආයතනයේ එහෙම එකෙක් නෑ.. ඉඳලා තියෙනවා දැන් නැහැ.
මට මුලින්ම හමුවුනු කෙනා වෛද්‍ය සිසුවියක්.. එයාව මුණු පොත හරහා සම්බන්ධ කර ගන්න මටගොඩක් මහන්සි වෙනන්න සිද්ද වුනා අන්තිමේ මම  අමාරුවෙන් එයාගේ දුරකතන අංකය ඉල්ලගෙන කතා කලා විස්තරේ සේරම එයා අඬ අඬා මා එක්ක කිව්වා

එයාට සිද්ද වෙලා තියෙන්නේ මේ ගුරුවරියට සිද්ද වුනු දේමයි..  මුණු පොත හරහා මුණ ගැසීම. ඉක්මනින් පෙම්වතුන් වීම වගේම එයාට ලැගුම් හලට එක්කරන් ගිහින් තියෙන්නේ ආවේ නැත්නම් ඇසිඩ් ගහනවා කියලා  බය කරලා. ඊට පස්සේ හැම විදියකින්ම ඡායාරූප ගැනීම.. ඒ ඡායා රූප පේස් බුක් වෙන එක් කරන බවට තර්ජනය කිරීම.  ඒ වැනි තර්ජන කරමින් තමන්ට ඔනි ඔනි වෙලාවට ලැගුම් හල් වලට අරන් යෑම. හැකි පමණ මුදල් ගැනීම.
මුදල් නොදුන් වෙලාවට අර ඡායා රූප විශ්ව විද්‍යාලය පුරා පතුරණ බවට තර්ජනය කිරීම.
ඔය වගේ දේවල් ගොඩක් කිය කිය එයා පැය ගානක් ඇඬුවා.. නීතිය ඉස්සරහට යන්න එයා බය වුනා.. ඒ එයාගේ ගෛෟරවය රැක ගන්න දෙමාපියන්ගෙ ගෛෟරවය රකින්න
දෙවැන්නා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගුරුවරියක්.  විවාහ ගිවිස ගෙන සිටි කෙනක්. පදිංචිය කුරුණැගල ප්‍රෙද්ශයේ. ඉතාම අඩු වයසක කෙනෙක්.  ඇය සමඟ මම මුණු පොත හරහා චැට් කලා..
මම : එයාව මුණ ගැහුනේ කොහොමද? FB ?
ඇය: FB
මම: චැට් කරපු පළවෙනි දවසේම ආදරේ කිව්වද? ඔයා මෝඩයා වගේ නම්බර් එක දුන්නද? දිගටම කෝල් කරලා මැසේජ් කරලා දෙන්නා ගොඩක් තං වුනා නේද?
ඇය:  ඔව් දෙයියනේ ඔව්
මම: මට ඔයාව ඔනි බබා කියලා ඇඬවද?
ඇය: hmmm
මම: ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මම මැරෙනවා කිව්වද? 
එයාගේ ජීවිතේට මොනවා හරි කර ගන්නවා කිව්වා නේද?
ඇය: මේවට උත්තර දෙන්න මම දන්නේ නෑ ඔයා මට කෝල් කරොත් මම ඒ හැම දේම කියන්නම්.. ඉස්සෙල්ලා කියන්න කවුද ඔයා.. මේවා කොහොමද දන්නේ? මට දැන් කාවවත් ෂුවර් නැහැ.
මම: ඔයා දන්නේනෑ..
ඇය: මට හරිම බයයි.. ඔයා එක්ක කතා කරා කියලා දැන ගත්තොත් මාව මරයි
මම: ඔයා ඇයි ඔය තරම් එයාට බය වෙන්නේ
ඇය: එයා ලඟ මගේ ෆෝටෝ ගොඩක් තියෙනවා එයාට පුළුවන් ඔනිම වෙලාවක ඒවා එලියට දාන්න.
මම: ඒ කියන්නේ ඔයා එයාව මීට් වෙලා තියෙනවා
ඇය: හපෝ... කීපාරක්ද.. සීයක් විතර තියෙනවා..අපි මීට් වෙන හැම දාම එයා පොටෝ ගහනවා
මම: ඇයි එහෙනම් ඔයා වෙන කෙනක්ව මැරී කරනන  යන්නේ?
ඇය:
?
එයාට හම්බ වෙනකොට මම මැරී කරලා හිටියේ
මම: ඇයි ඔයා ඔය තරම් මෝඩ?
ඇය: මේ මාස දෙකට කොයිතරම් ප්‍රශ්ණ වලට මුහුණ දුන්න දන්නේ මම විතරයි.  මම හරිම මෝඩයෙක්..
මම: මැරී කරලා ඉදැද්දි ඇයි ඔයා එයා එක්ක යාළු උනේ ඔයා ඔයගේ හස්බන්ඩ්ට කරලා තියෙන්නේ ලොකු වංචාවක්
ඇය:  මම දන්නවා  මම නොවැන්ද ටික විතරයි එයා එක්ක යාළු වෙන්න බෑ කියලා
මම: එහෙනම් ඇයි නංගි තවත් ඒක පස්සේ යන්නේ එයා දන්නවානේ ඔයා මැරීඩ් කියලා..

ඇය: මට දැන් ගැලවීමක් නෑ අක්කේ..
මම: මේක කියන්න
ඇය : මොනවද?
මම: ඔයා එයා එක්ක කොහේම හරි ගිහින් වැරදි දෙයක් කරලා තියෙනවද?
ඇය: mat ekata uttara denna be
behe
මම : මම කාටවත් කියන්නේ නැහැ.
ඇය: e ey
මම: කියන්න නංගී
ඇය: මම ඔයාට කෝල් කරන්නම්...

ඇය මාත් එක්ක දුරකතනෙන් කතා කලා.. ඇයගේ වචන මෙහෙමයි..
දවසක් මම උදේ වැඩට යන්න ලෑස්ති වෙලා ටවුන් එකට ආවා.. එයා ලඟට ඇවිත් කතා කරනකල් මම දන්නේ නෑ අක්කේ.. කලින් කිය කිය හිටියේ එනවා  කියලා.. ඒත් මම විශ්වාස කලේ නැහැ ඔය තරම් දුර ඉඳලා ඔය වෙලාවට එයි කියලා.. එයා එක්ක මීගමු යමුම කියලා කිව්වා. මම බෑ කියද්දි කිව්වා යාළුවෝ එක්ක ඇවිත් ඇසිඩ් ගහලා මගේ මුණ කැත කරනවා කියලා.. අපේ ගෙදර නම්බර් එක නංගිගේ නම්බර් එක පවා එයාට මම දීලා තිබුනා.. එයා ඒ නම්බර් ඩයල් කර කර එතන විකාරයක් කලා.. අන්තිමේ බයටම මම ගියා.  අපි ගියේ මීගමුවේ ලොජ් එකකට එතන එයාට ගොඩක් පුරුදු තැනක් වගේ .. බස් එකෙන් බහිද්දිම ත්‍රිව්ල් එකක් ඇවිත් ලඟ නතර කලා..
එදා  මම නොවැන්ද ටික විතරයි ඒත් එයා ආසාවනගෙන් විනාස වුනු මිනිහෙක්.. සේරම දේවල් උනාට පස්සේ පැය දෙකක් විතර හොඳට නිදා ගත්තා.  ඒ මුළු කාලේම මම එයාගේ මුණ දිහා බලාගෙන හිටියේ ඒ මුණ .. එයා කරන ඒවට එයාට හොඳට නින්දවත් යන්නේ නැහැ විඳවනවා.ඒක මම ඒ මුනෙන් දැක්කා..



ඇය තවත් බොහෝ දේවල් කීවා.. ඇය දුන්නු මුදල් ප්‍රමාණ ඒවා දෙන්න ඇය ඇයගේ රන් ආභරණ උකස් කල බව හැම දේම..

අවසානේ ඇය ඒ නරුම මනුස්සයාගෙන් බේරිලා විවාහ උත්සවය ගත්තා ඊට පස්සේ ඇය කිසිම දිනක මට හමු වුනේ නැහැ ඇයගේ දුරකතන අංක සියල්ල භාවිතයෙන් තොරයි.

මට හමුවුනු තෙවැන්නිය විශ්ව විද්‍යාල සිසුවියක්. වාසනාවට ඇයව මට හමුවන විට ඇය ඔහුගේ ප්‍රේමයට පැටලුනා විතරයි.. මුණු පොත හරහා හඳුනා ගත් ඇය ඔහු මුණ ගැසිලා තිබුනේ ඔහුගේ මාධ්‍ය ආයතනයෙන් සංවිධානය කල වැඩමුළුවකදි.. ඒ හෙත් ඔවුන්ට තනිවෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඇත්තෙන්ම සතුටුයි ඇය ඔහුගෙන් බේරුනා.. ඇය පැමිණ දිනක් මා මුණ ගැසිලා කලින් යුවතියන් සමඟ කල වැට් සහ අනෙකුත් පින්තූර බලලා නිදහස් කිරිල්ලියක් වගේ හිත නිදහස් කරගෙන ගියා..
ඒ සියලු දේවල් හොයා ගත්තත්  මගේ මුණු පොත නැවත් මට ලබා ගන්න හැකිවීම නිසා.. මම ඒ සිද්දි දාමයෙන් ඉවත් වුනා..

එහෙත් ඊට පසුව අපි නොදැන යුවතියක් කීදෙනකුනම් ඒ වංචාකාරී පුද්ගලයාට රැවටෙන්ට ඇතිද?
මුණු පොතට ඇබ්බැහි වුනු ආදරණිය සොයුරියන් වෙනුවෙන් මම මේ කතාව කිව්වේ ඔවුන්ට මේ සමාජේ විශම තාවය මොහොතකට මතක් කරන්න.


මුණු පොත නරක නැහැ.. ඒත් ඒ හරහා හමුවන අය අතර විකෘති අදහස් තියන මිනිස්සු අනන්තවත් ඉන්න පුළුවන්..

හරි වේගෙන් ආදරේ ප්‍රකාශ කරන අය , ප්‍රේමයකින් දරුණු වේදනාවක් විඳින  බව පෙන්නගෙන විරහ දුක් කවි කියන අය,  ඒ වගේම සිල් රෙද්ද පොරවගෙන ඉන්න සමහරුත් විශ්වාස කරන්න අමාරුයි.. හැබැයි ඔය අතර ඉතාමත් හොඳ මිනිසුන්  ඉන්නවා 90%ක්ම. එහෙත් අර 10% අර හැම කෙනක්ටම වඩා ප්‍රබලයි..
කෙනෙක් තමන් එක්ක හැම තිස්සේම වැට් කරනවනම්.. ආදරේ කියනවනම්.. ඒ පුද්ගලයා මේ වගේද කියලා හොයන්න...

සමහර වෙලාවට එයා ඔයාගේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍යය ලෙස ගොඩ වදියි, ඔයාව තනි කරන්න බලයි.. යාළුවන්ගෙන් ඈත් කරයි.. බොරු නීති දායි. ඔයාට ගොඩක්ම ආදරේ කරන ඔයාගේ එකම ආරක්ෂකයා ගේ චරිතය බලෙන්ම භාර ගනියි. ඒත් ඇතැම් විට ඔයා දන්නේ නැහැ ඔයා රැවටිලා කියලා.. මොකද ඔයාගේ හිත ආදරේට ලෝබයි..

ඒත් ඔය ආදරවන්තයා ඔයා එක්ක මහ රෑට දුරකතන සංවාද දෙද්දි කියන ආදර කතා වල යටි අරුත විකෘති කාමාශාවක් කියලා ඔයා දැන ගන්නකොට ඔයා ගොඩක් පරක්කු වැඩියි.

කියනවනම් උපකල්පන කෝටියක් කියන්න පුළුවන් මට.. එහෙත් දයාබර සොයුරියන්ට කියන්න තියෙන්නේ

මුණු පොත හරහා ආදරේ කරනවනම් නොදන්න නදැකපු කෙනෙක්ට කවදාවත් හිත දෙන්න එපා.. තමන් දන්න දකලා තියෙන අඩුම ගානේ තමන්ගේ යාළුවෙක්ගේවත් යාළුවෙක් වුනු කෙනක්ව තෝර ගන්න

ගැහැණු කම කියන්නේ වීදුරු බඳුනක් වගේ පරිස්සම් කරන්න ඔනි දෙයක්...

හිතන්න... එක පාරට වඩා දහස් පාරට වැඩිය.....

මේක ලියන්න මාව අසරණ කරපු නංගියේ... අහන්න.... අක්කා මේවා කිව්වේ ඔයාට ආදරේට!!

Dec 11, 2011

බිඳෙන බඳුන්

කේන්තිය කියන්නෙත් වෙලාවකට  මහ  පුදුමාකාර දෙයක් අපි කවදාවත් කැමැත්තෙන් උවමනාවෙන් කේන්ති  ඇති කර ගන්නේ නැහැ..ඒ වගේම හදිස්සි කේනිතිය නිසා සිද්ද වෙන අඩුපාඩු අපිට ආපහු  හදා ගන්නත් බෑ.. 


ම්ම්ම් මම ටිකක් අතීතට යන්නම්.. මම ඉස්කෝලේ ගිය කාලේට ඒ ලෙවල් පන්තියට.. මම උසස් පෙළ කරන්න අළුත් ඉස්කෝලෙට ගියාට පස්සේ  සුපුරුදු විදියට අපි හැමෝටම රැග් එකත් හම්බ උනා.. වාසනාවකට මට එකම දවසක් ඇම්ඩා සින්දුවක් පාඩම් කරන් එන්න කියලා.. අන්තිමේ ඒ සින්දුව පාඩම් ගත්තෙත් නෑ ඒකට හේතුව තමයි රැග් කාරයින්ගේ ප්‍රධානියාට මගේ නම හිට අල්ලපු එක.... ඔයාගේ නම ලස්සනයි ඒ නිසා අපි රැග් කරන්නේ නෑ.. හැබැයි... වැඩිය උඩ පනින් බෑ.. ඔය ඉන්න විදියට ඉන්න ඔනි.. 


ඒ පුකාශය මගේ හිතට ගෙනාවේ මාර සැනසීමක්.. ඒ කිව්වා වගේම මම කිසිම ආඩම්බර කමක්නැතිව සුපුරුදු අහිංසක විදියට හිටියා.. හැබැයි.. මගේ කේනිතිය මටම පාලනය නැති කමින් දවසක් හරිම නපුරු දෙයක් සිද්ද වුනා.. ඉස්කෝලේ ආර්ට් ක්ලාස් එකේ සිත්තරෙක්ගෙන් මට ප්‍රේම ඇරයුමක් ලැබුනා.. ආදරේ ඉල්ලලා එයා ලියුම් එවනවා.. බෑ බෑ කියලා මම පිළිතුරු යවනවා.. ඔය එක ලියුමක් ඇතුලේ ඒ පිරිමි ළමයා මට බුක් මාක් එකක් දාලා එවලා තිබුනා.. ඉතින් මම ඒක අතට අරන් බලන්නත් කලින් අර මට රැග් නෙකරපු පිරිමි ළමයා ඒක උදුරගෙන දිව්වා... එකපාරටම ඔළුව ගිනි ගත්තා වගේ මට ආව කේන්තියට මම ගිහින් අර පිරිමි ළමයට හොඳටම බැන්නා.. එයත් ඉවසුවේ නෑ එයත් මට ගහන්න පැන්නා.. ඒකට මට තවත් කේන්ති ආවා... මම මට ගහන්න පැන්නා කියලා ගිහින් සෙක්ෂනල් හෙඩ්ට කම්ප්ලේන් කලා..   අන්තිමේ අර ළමයා දඬුවම් වින්දා.. 


එදායින් පස්සේ එයා මගේ මුණවත් බැලුවේ නැහැ ඉස්කෝලෙන් අයින් වෙනකල්ම.. ඒත් ඊට ටික කලකට පස්සේ මුණු පොතින් හමු වුනා.. මගේ ඔපිස් නම්බර් එක හොයාගෙන කොල් කලා.. මට පුදුමයි.. ආදරේ ඉල්ලගෙන පිටි පස්සෙන් ඇවිත් ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ  පාරේ දැක්කට පස්සේ අහක බලා ගත්තු කෙනෙක් වෙනුවෙන් නම්බර් එක හෙයාගෙන කෝල් කරන්න තරම් නිහතමානි යාළුවෙක් නැති කර ගත්තු එක ගැන ඇත්තටම මම දුක් වුනා..   ඒ සිද්දියෙන් පස්සේ මම තීරණය කලා කේන්ති ගිය වෙලාවට ටිකක් කතා නොකර ඉන්න... ඊට පස්සේ ඉඳන්  මට සාමාන්‍යෙයන් කේන්ති ගියත් මම කරන්නේ දත්ටික කාගෙන සද්ද නැතිව ඉන්න එක...  එකම එක  වචනයක්  වත් කතා කරන්නේනෑ පැයක්ද දෙකක්ද  දන්නේ නැ.. ඒත් ඒ කාලය මට ඔනි... ඒත් ඒ අතර තුර කේන්තියට හේතුවුනු ප්‍රශ්ණය බරපතල උනොත් මම ගොඩක් තද තීරණ ගන්න කෙනක්.. කිසිම කෙනක් නිසා ඒ තීරණ වෙනස් නොකරන්න තරම් ම‍ගේ කේන්තිය දරුණුයි.. දවසක් ඉස්කෝලේ ටීචර් කෙනෙක් මගෙනු ඇහුවා.. ඔයාට කේන්ති යන්නේ නැද්ද කියලා.. මගේ උත්තරේ වුනේ.. ඉඳහිට.. ඒත් ගොඩක් දරුණු විදියට...


ඒත් ඊයේ මම අත්දැකපු දෙයක් නිසා.. මටම පුදුමයි..මම හැසිරුණු විදය.. ඊයේ මම විසිටින් ලෙක්චස් යන තැන අවෝඩ් සෙරමනි එක.. මට ප්‍රසන්ටේෂන් එකක් කරන්නත් තිබුනා.. පෙරේදා මම ප්‍රසන්ටේෂන් එක පෙන්නන්න යනකොටත් සර්ටිෆිකේස්ටික ගොනු කරලා  ඉවර නෑ.. එයාලාට ඔනි විදිය අහලා  මම කිව්වා ඒ විදියට ලිස්ට් එක ටයිප් කරලා  දෙන්න කියලා..එයාලාට වැඩ කෝටියයි පැය බාගයක් හිටියා ලිස්ට් එක නෑ.. ඊට පස්සේ ලිස්ට් එක පස්සේ හදන්න කියලා.. තිබුණ නම් ලිස්ට් එකේ හැටියට හයිලයිට් කරලා සහතික ටික ගොනු කරා.. වෙන වෙනම බෑග් වලට දැම්මා .. රෑ කීයට හරි ලිස්ට් එකක ටයිප් කරලා එනවුන්ස් කරන අයට දෙන්න කියලා  මම ගෙදර ගියා.. ඒත්.. ඊයේ යනකොට මම හයිලයිට් කරපු ලිස්ට් එක එනවුන්සර්ස්ලා අතේ... දෙවියනේ මට කේන්ති අවේ නෑ... 


හරි කියන නම් ටික කියන්න මම ඒ සහතික ටික අරන් දෙන්නම්.. ඉවසීමෙන් එහෙම කියපු මම හති දාගෙන ස්ටේජ් එකේ දෙපැත්තට දුව දුව වැඩේ ගානට කලා.. මිස්.. ඊලඟට ඔයාගේ ප්‍රසන්ටේසන් එක..  හත් ඉලව්වයි.. ලැපනෑ... යූ ඇස්  බී නෑ..  ප්‍රොජක්ටර් නෑ... තරහ ගන්නවා වෙනුවට මට සුලුදිය පොකුණ මතක් උනා... ... බෑ බෑ.. මම රෙඩී නැ... ඩාන්ස් එකක් දාන්න කියලා මම පොකුණට දිව්වා.. දෙවියෝ මට දීපු හැකියාවන් නිසා කිසිම අඩුවක් නැතිව මගේ ප්‍රසන්ටේෂන් එක කලා.. අරාධිත අමුත්තෝ ස්ටේජ් එක පිටි පස්සේ හිටි මාව හොයාගෙන ඇවිත් සුභ පතන්න තරම් හොඳට මගේ වැඩේ මම කලා.. .. ඒත් දෙවියනේ.. මම ආපහු සහතික ගොඩ ලඟට යද්දි සේරම අවුල් වෙලා.. එහෙනේ එනවුන්ස් කරන ළමයට කවුද බැනලා.. එයාට කේන්තියක් ඇවිත් වැරදි ලිස්ට් එකක් කියනවා අපි යවන සහතික යන්නේ වෙන ලමයෙක්ට සේරම අවුල් වෙලා


 ... ඒ අතරේ හැමෝම තරහින්.. එකිනෙකාට බැන ගන්නවා.. උත්සවය ඉවර වෙලා එක් එක්කෙනා තැන් වල අඬනවා සර් බනියි කියලා බයේ... එයාලව සනසලා.. එම් ඩී හොයද්දි එයා රතු කට්ට පන්නගෙන පැත්තක එයාවත් කූල් ඩවුන් කරලා.. බඩු අස් කරලා බලද්දි එම් ඩී නෑ  එයා ගිහින් යන්න.. ළමයි ටික ආයිත් අප්සට්.. මගින් බස් එකට නඟින්න හිටිය මම ආයිත් ඉන්ස්ටිටියුට් එකටම ආවා.. එම් ඩී ඇතුලේ දොරත් වහගෙන මම ඇතුළු විසිටින් ලෙක්චර්ලා තුන් දෙනක් පැය දෙකක් පැහැදිලි කරලාට පස්සේ එයාගේ කේන්තිය නිවුනා.. එතකොට වෙලාව 5යි ස්ටාෆ් එකේ ළමයින්ට උදේ ඉඳන් වතුරත් නෑ.. ඒ ළමයි මුකුත් නොකර හිටියනම් වැඩසටහන අසාර්ථකයි කියලා  බැන්නත් මම මුකුත් කියන්නේනෑ.. ඒත් නොකා නොබී.. වැඩ කරලා කේන්තිය නිසා.. හැමදේම අවුල් උනා.


ඊයේ අර තරම දෙයක් වෙලා කේන්ති නොගත්තු මම දැන් ඉන්නේ පුදුම තරම් කේන්තියකින්.... ඒකේ ප්‍රතිථලය. ලඟදීම ඔයාලට දැනේවි... ඇත්ත.. අවාසි මට..  දුක මට...  ඒත් මම තීරණයක් අරන් ඉවරයි.. මොකද  දෙයක් උනාට පස්සේ මෙනදේ කරත් ඒක හදන්න බෑ වීදුරු බඩුවක් කැඩුනා වගේ ඇලෙව්වත් කැලල හැමදාම තියෙනවා ඒ කැලැල් එක්ක කවදාවත් නිරවුල් මනසකින් ඉස්සරහට යන්න බෑ... මගේ සතුට වෙනුවෙන් මම කරපු එකම දේට ඉඳින් මම අද සිට සමු දෙනවා... 

Dec 2, 2011

පාරෝ... ඔහ්!! පාරෝ..!!!

අද කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.. ලැබුනා කීවට බලෙන් වගේ ලබා ගත්තා එහෙම නැති උනොත් ස්පය්ඩර් මෑන් ඇවිල්ලා මේකේ පදිංචි වෙනවා.  හෙහ් එහෙම කොමද එයාට මේකේ පදිංචි වෙන් දෙන්නේ එයා දන්නවා යෑ මට තියෙන වැඩ. එව්වා ටික කර ගන්නත් මට වෙලාව නෑ උදේට ඉස්කෝලේ දුවනවා.. ඒකල්ලා අර දඟ මලු ටිකත් එක්ක යුද්දේ නටලා හවස එයාලාගේ උත්තර පත්තර ටික බලනවා.. (හෆු.. ඒක තමයි තනි ඇහැට ඇඬෙන සීන් කෝන් එක ඒක ගැන මම පස්සේ ඉතාම රසවත් ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා)

 ඉතින් හැන්දෑවේ 5 වෙනකල් ඒක කරලා එද්දි හයහමාරයි.. හනේ ඊට පස්සේ මල් තමා.... ඒකට මගේ ආසිරි මල්ලි නම් කියන්නේ අක්කිගේ මල්ටි ටාස්කිං කියලා. ඒ කොහොමද දන්නවද ෆෝන් එකෙන් කා එක්ක හරි කතා කර කර හරි හෙට් සෙට් එක දාගෙන බස් රේඩියෝ අහන ගමන් හරි.. බුකියේ කාත් එක්ක හරි වැට් කර කර  පාඩනුත් කරනවා.. ඒ අස්සේ තව මොකක් හරි වැඩක් සෙට් උනොත ඒකත් කරනවා.. සාමාන්යෙන් මොකක් හරි කෑමක් අනුභව කිරිම වගේ.. ඉතින් ඔන්න ඔය තරම් බිසී මම බොලොගේ පැත්තේ ටිකක් ආවේ නැහැ කියලා ස්පයිඩර් මෑන්ට පුළුවන්යෑ මේකේ පදිංචි  වෙන්න දෙන්න.


ඉතින් අද මම කියනන  යන්නේ මට හමුවුන තවත් චරිතයක් ගැන. එයා අපේ ඉස්කොලේ ටීචර් කෙනෙක්. ඇත්ත නම නොකියා මම එයාට පාරෝ කියන්නම් කෝ.. මොකෝ මේක දැක්කොත් හරි නෑනේ.. ;) මේක මම බුකියේ සෙයා කරන්නේත් නෑ කරුමෙකට හරි අපේ ඉස්කෝලේ ළමයෙක් ආවොත් හේම දුටු ගමන් දන්නවා කවුද කියලා... :)

ඉතින් පහුගිය දවසක මම හවස ක්ලාස් එකක් කරන ගමන් පොඩ්ඩක් ඔපිස් එක පැත්තට ගියා . එතකොට මම මේ කියන ටීචර් ප්‍රින්සිපල් සර් එක්ක බර කතාව.. සර් කියනවා ඒ ටීචර් උදේ ඉස්කෝලේ හිටියේම නැහැලු.. ටීචර් කියනවා එයා ආවාමලු.. මාත් ඉතින් පාඩුවේ පැත්තකට ගියා මොකෝ මට ඔවෑයේ වගක් තියෙනවා යෑ.. ඊට පස්සේ ආයි ටික වෙලාවකින් ළමයි අභ්‍යාස කරන වෙලාවේ මම 5 වසර පන්තියට ගියේ ඒකේ ඇසිස්ටන් ටීවර් එක්ක කයියක් දාගෙන ඉන්න... අනේ දෙවියනේ යනකොට අර මම කියපු ටීචරුත් එතන.. මම කෝමත් සෙට් එකක් එක්ක කෝපි කඩ දාන්න නොයන නිසා හෙමින් ආපහු හැරුනා.. එතකොටම අර ටීචර් මගේ පස්සෙන් දුවන් ආවේ නැතෑ.. ආනේ ටීචර් මම ඔයාව තමයි හෙව්වේ කියාගෙන.. මාත් ඇහුවා ඇයි කියලා.. බලද්දි මගේ පෙන් ඩ්‍රයිව් එක ඉල්ලන්න.. ඒක දීලා කොමැයි මගේ 10GB සින්දු කලෙක්ෂන් එක තියෙන්නේ ඒකෙනේ. මම ඉතින් ඇහුවා මොකක්ද ටීවර් කරන්න තියෙන්නේ කියලා ඉතින් කියපි... උදේ ආවේ නෑ ගෙදරදි පේපස් ටයිප් කරලා පේපස් ටික ඊමේල් එකේඇටෑච් කරලා තියෙනවා. ඔෆිස් එකේ නෙට් ස්ලෝ නිසා බාගන්න බෑ ගෙදර ගිහින් ඒ ටික දාගෙන එන්න ඔනි  කියලා... 

මට ඉතින් මගේ පෙන් ඩ්‍රයිව් එක ගෙදර ගෙනියන්න දෙන්න බෑනේ ඉතින් මම කීවා යමු  IT ලැබ් එකට මම ඩවුන්ලෝඩ් කරලා ඔපිස් එකේ මැසිමට ගෙනත් දාන්නම් කියලා.. ඔන්න ඉතින් යතුරත් ඉල්ලගෙන ගියා දෙන්නම  IT ලැබ් එකට සර්වර් දාලා රවුටර් ස්විච් එහෙම ඔන් කරලා නෙට් හදාගෙන මැසිමත් ඔන් කරලා ජී මේලට ඔපන් කරලා යුසර් නේම් එකත් ටයිප් කරලා පාස් වර්ඩ් එක ගහන්න කියලා දුන්නා.. ඒකත් ගැහුවා කියමුකෝ.. ඊමේල් 3ක් තියෙනවා ජී මේල් ටීම් එකෙන්, හෆු.. ඒක හැදුවටම පස්සේ ලොග් වෙලා නෑ.. ඒකේ ඇති පේපර් එකක් නෑ.. මම ඇහුවා කෝ ටීචර් පේපස් ටික කියලා..

"No teacher still I did't type even a single word"

අනේ ඉතින් @#$^&&*((&&^^$%$ @#$% මට ඒ ටීචර්ගේ දෙමාපියන් සිහි වුනා මම ක්ලාස් එකත් පැත්තක දාලා විනාඩි 15කට වඩා නාස්ති කරන්න කලින් ඔය හරුපෙ කියන්න තිබුනනේ කියලා.. ඊට පස්සේ ඉතින් මම ඒ ටිචර්ට ටයිප් කරන්න හෙට උදේට මම ඔපිස් එකේ මැසිටම දාලා දෙන්නම් කියලා හෙමින් සැරේ මාරු උනා. 

මම ඔක මාත් එක්ක වෑන් එකේ යන එන ටීචර්ට කියද්දි ඒ ටිචර්ට හොඳටම හිනා.. පාරෝ ටීචර්ගේ රස කතා ගොඩක් ඒවෙලාවේ මා එක්ක කිව්වා දැන් එව්වා මට මතක් වෙන්නේ නෑ හප්පා..:( 
හැබැයි ඉතින් මම දැන් කරන විස්තරෙ කියෙව්වම පාරෝ ඔයාලා ඉස්සරහා මැවිලා පෙනයි. 

ඇස් පියාගෙන මවාගන්න ට්‍රයි කරනනකෝ මම මේ කියන විදියේ කෙනෙක්ව..(හෝ හෝව්!! මෙක කියවලා ඇස් පියා ගන්න) 

උඩරට කුල කාන්තාවන්ගේ ඇඳුම.. ඔසරිය ඇඳලා.. ඒකත් අත් දිග හැට්ට වලට, සාරියට යටින් දිග ඩාන්සින් ජීන් එකක් ඇඳලා.. ඔසරි නෙරිය ලඟින් ඉන පේනවට ඇතුලෙන් තවත් ඇඳුමක් ඇඳලා. මුස්ලිම් යුවතියන් දාන ස්කාෆ් එකක් දාලා.. කකුල් දෙකට සපත්තු දාලා ඉන්න කෙනක් මවාගන්න ට්‍රයි කරන්නකෝ... දැන් මෙයාගේ මුණ මුසලිම් එතනින් ගියාම ශරීරය උඩරට සිංහල, කකුල් දෙක වෙස්ටන්..  කොමද ඉස්ටැයිල් එක.. හික් හික්.. මට නම් හිනා යනවා අලෝ.....

විහිලුවට නෙවෙයි යාළුවනේ ඒ ටීචර් අඳින්නේ එහෙම.. ඒ ඇඳුම නිසාම ඉස්කෝලේ එයා චරිතයක් වෙලා ඉන්නේ.. මමත් තාමත් කල්පනා කරන්නේ ඇයි එයා එහෙම අඳන්නේ කියලා.. දන්න හැටියටනම් එයා බැඳලා ඉන්නේ සිංහල කෙනක්වලු.. හැබැයි මම හිතන්නේ ඒ ටීචර් මටත් වඩා අවුරුදු දෙක තුනක් බාලයි..

ඉතින් මේ ටීචර් ඔය ඇඳුම ඇඳලා දණහිස ලඟට දිග ලෝගුවක් වගේ ජැකට් එකක් දානවා.. යා.. යා..  ඩ්‍රැකියුලා දාන ජාතියේ එකක් තමා.. ඔකත් දාගෙන ඉසකෝලේ එන්නේ නවයට නවය හමරට විතර හැබැයි ඉතින් එයාගේ ගෙදරට ඉස්කෝලේ ඉඳන් මීටර් දෙසීයක්වත් දුර නැහැ.

 හෆු... මුනේ හිනාව... උදේම පළවෙනි පීරියඩ් එක ඉවර වෙද්දි එයා එනවා ඒ හිනාවත් එක්ක.. හැබැයි ඉතින් දිනපතා ප්‍රින්සිපල් සර්ගේ බැනුම් මුරේ ඇහුවම මුණ ආයි ස්ටෝබෙරි වෙනවා. 

ඔන්න දවසක් අපේ ටීචර් කෙනෙක් ඔපිස් එකට යනකොට අපේ ඩිරෙක්ට්‍රස් මැඩම් පාරෝ ටීචර් එක්ක කතාකර කර ඉන්නවලු...

"පාරෝ හැමදාම ඔයා එන්න පරක්කු වෙනවා නේද?"

" නෑ මැඩම් මම හැමදාම අටයි කාලට එනවා.." 

@@## හි.... හි... මැඩම් මොනවද කියන්නේ කියලා අහන්නවත් ඒ ටීචර්ට වෙලාවක් නෑ.. හිනාව හිර කරගෙන ටීචර් ඔපිස් එකෙන් එළියට දුවගෙන ඇවිල්ලා.. ඇයි හත් දෙයියිනේ අටට පටන් ගන්න ඉස්කෝලේට අටයි කාලට එන එකත් පරක්කු වීමක් කියලා මෙයාට තේරෙන්නේ නැති හැටි..

ඔන්න ඉතින් මට තව කතාවක් කියන්න මතක් උනා..  අපේ මියුසිකල් ෂෝ ප්‍රැක්ටිස් දවස් වල  කොයර් ප්‍රැක්ටිස් කලේ අපේ පාරෝ ටීචර් ඉතින් ඔකේ උගුරෙන් සින්ග් කරන කොටසක් ප්‍රැක්ටිස් කරන්න ගිහින් ටීචර් ලමයින්ට කිව්වලු කට ඇතුගට අත දාගෙන සින්දුව කියන්න පුරුදු වෙන්න කියලා.  ඔය අස්සේ ඇවිත් අපේ දෙක වසරේ ටීචර්ට කතා කරලා ප්‍රැක්ටිස් වලට උදව් කරන්න එන්න කියලා ඉතින් අපේ දෙක වසරේ ටීචර් කිව්වලු පන්තියේ ළමහයි වැඩ නිසා එන්න විදියක් නෑ කියලා... ඒ ගමන මේ ටීචර් කියනවලු

"ටීචර් ඔයාට හොඳට සින්ග් කරන්න පුළුවන්නේ ඔයා මෙන්න මේ වගේ කට ඇතුලට අත දාන්නකෝ" 

 කියලා එයා කට ඇතුලට අත දාලා පෙන්නුවාලු.. අනෙ අර ටීචර්ට නේද මලේ මල් හත හත පැනලා.. අපිත් එක්ක කියනවා..

"මට මොලේ අමාරුවක් තියනවට යෑ කට අස්සේ අත දාන්නේ@#$%^%$$##@" කියලා.

කොහොම කොහොම හරි ඔය ප්‍රැක්ටිස් ඉවර වෙලා අන්තිම දා පෙර පුහුණුව වෙලාවේ උස ළමයි කිහිපදෙනක් ඉස්සරහා පේලියට දාලා පොඩි ළමයින්ව පිටිපස්සට දාලා ළමයි පේලි ගස්සලාලු ස්ටේජ් එකේ... ඔන්න දැන් මැඩම් ඇවිත් කියනවලු..
"උස ළමයි පිටි පස්සට දාන්න කොට ළමයි ඉස්සරහට දැන්න නැත්නම් කැතයිනේ" කියලා.... අනේ ඉතින් මෙන්න මෙයා කියපි. 

"I am not considering the height madam I am considering voice"

කියලා... අනේ ඉතින් කොහොම හරි මැඩම්ගේ වචනෙට අන්තිමේ උසේ පිලිවලට ළමයි ටික පෙල ගස්වලා තිබුනා...

ඔන්න ඔය වගේ ඇම්ඩා වැඩ කරන මේ ටීචර් ගැන අදත් අපි ටිකක් කතා කරලා ලේ ටික පිරිසිදු කර ගත්තා.. ඔය අතරේ.. ටිචර් කෙනෙක් කියපි 

"පව් ඉතින් පාරෝ.. ඔය වගේ හැසිරෙන්නේ මොකක් හරි ප්‍රශ්ණයක් ඇති එයා මැරී කරලත්නේ ඉන්නේ.."

ඒක අහන් ඉඳලා තව ටිචර් කෙනක් කියපි " yes..... yes..... she is having a  problem.......... :D :D  her husband is not coming home in the night"

සිනා සාගරේක ස්ටාෆ් රෑම් එක පිරෙද්දි තවත් ටීචර් කෙනෙක් ඔකට පොහොර දාපි.. ඔව් අනේ එදා කියනවා "two nights he wont come" පව්.. ඇස් වල කඳලුත් තිබුනා" කියලා..... ;)




ඔය අස්සේ මමත් හොඳම විහිලුවක් කරලා... ළමයගේ පේපර් එක පැත්තක තියලා මාර්කිං ස්කීම් එකේ හරිදාගෙන දාගෙන ගිහින් බලද්දි ළකුණු 100න් 100යි :) :) 

හිනා වෙලා බඩ රිදෙන කතාව පැත්තක තියමු කෝ කෝම කෝම හලි මම හෙමින් මාරු උනා.. වැඩිහිටියන්ගේ කතා මැද පොඩි හිටි මම මක් කරන්නද  කියලා හික් හික්...


Nov 24, 2011

උඳුවප් සීතල

ඇවිල්ලා ඇවිල්ලා සිතල උඳුවප් මාසේ ඇවිල්ලා.. 
කෝ.. කෝ. කොහේද.. තාම නොවැම්බරේනේ තව දවස් කීයක් තියෙනවද උඳුවප් මාසේට.. J

මාසේ  උදා වෙන්න දවස් තියෙනවා තමයි ඒත් අපිට නම් දැන්මම උඳුවප් උදා වුනා වගේ තමයි ඒ මොකද දන්නවද දැන් හරියටම සතියක වෙලේ ඉඳන් අපිට රෑ දවල් වෙනසක් නැතිව වහිනවා.. තලමට එන ඔයාලා දන්නවානේ හංසි ආසම පාරිසරික වෙනස් වීම වැස්ස කියලා.. හනේ.. ඉතින් මේ පාරනම් මට වැස්ස ඇති වගේ දැනුනා. ඇයි හත්වලාමේ වහිනවා කියලා මෙහෙම වහින්න ඔනිද..  L ඒත් ඉතින් හැම අවුරුද්දකම අනිවාර්‍යෙයන් එන මේ වැහි කාලේට දැන් අවුරුදු විසි ගානක ඉඳන් මුහුණ දිලා පුරුදු නිසා ඒ තරම් අළුත් අත්දැකීමක්නම් නෙවෙයි.. හැබැයි ඉතින් මේ පාර මට ඒ අත්දැකීම විඳන්න උනේ හරිම සානුකම්පිත විදියකට.. පහුගිය සතිවල දවස් ගානක් මහ රෑ මැදත් ඇහැරගෙන වැඩ කරපු ඒවටත් එක්ක හරියන්න දැන් සතියකට කලින් මට හොඳටම උණ ගැනුනානේ... ඒ අස්සේ සෙමත් වැඩි වෙලා... තුන්පාරක් බෙහෙත් අරගෙනත් තාමත් සනීප නෑ...  හපොයි ඉතින් නීති කෝටියයි  සීතල වතුර අල්ලන්න බෑ, සීතල කෑම කන්න බෑ. තොප්පියක් නොදා ඉන්න අවසර නෑ.. හපොයි මගේ දෙවියනේ.. වැහි පිට වැහි හතක් ආවත් මම ආසම නැත්තේ තොප්පි දාන්න තමයි.. ඒත් ඉතින් මොනවා කරන්නද මාත් උන්නේ හරිම ආරුවෙන් හුසුම ගන්න බැරිව.. කොහොම කොහොම හරි අම්මාගෙයි අත්තම්මාගෙයි දාඩිය මහන්සියෙන් මම ඊයේ ඉඳන් නෝමල් විදියට නහයෙන් හුසුම් ගන්නවා නැත්නම් හනේ කට ඇරගෙන හුසුම ගත්තේ මේ හැටි දවසක්...

මාත් මේ ටිකේ හොඳ හොඳ වැඩ කරනවා සීතලටමද කොහොද .. අන්න ඒ වගේ අද හවස මට මුණ සොදන්න අම්මා වෙනමම වතුර මුට්ටියක් උණු කරලා තියෙද්දි රෑට බත් උයන්න උණු කරපු වතුර ටික අරන් ගිහින් සීතල වතුර එක්ක එකතු කරලා මුණ සේදුවා.. අනේ ඉතින අපේ අත්තම්මාට ඇති ඒ විහිලුව.. කතාවටත් කියනවනේ බතට ගන්නේ ඇඟිලි පුරුක් දෙක තරමට වතුර කියලානේ ඉතින් ඒ වගෙ ටිකකින් මම හවස මුණ අතපය සේදුවා කියන්නේ විහිලුවක් නේන්නම්... පස්සේ ඉතින් අම්මා මට උණු කරපු වතුර ටික දීලා ආයි මුණ සෝදන්න යැව්වා ඒක වෙනම කතාවක්. J J J

උදේ පාන්දර පටන් අරගෙන දවල් වෙනකලුත් හවස් වෙනකලුත් රෑ වෙනකලුත් පහුවදාට උදේවෙනකලුත් ඉවරයක් නැති වැස්සත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ගලාගෙන යන විදියත් වෙලාවකට ෂේක්ශ්පියර්ගේ චිත්‍රයක් වගේ කලාත්මකයි කියලයි මටත් හිතෙන්නේ. ඒකෙත් මහ ගුප්ත ලස්සනක් තියෙනවා.

උදේ පාන්දරට මීදුමෙන් වැහුණු පරිසරයේ ලොකු වැහිකබා දා ගත්තු ගැහැණුන් මිනිසුන් දෑත් පපුවට උණ්ඩි කරගෙන එහෙට මෙහෙට යන දර්ශණය වගේම උණුසුම සීත කබා පොරවගෙන,  තමන්ගේ අත්වලට වඩා ලොකු අත්මෙස් පළඳගෙන , ඇස දෙක නහය තට විතරක් පේන්න මන්කි කැප් එකක් දාගෙන පාසගට යන පුංචි එවුන්ගේ දර්ශණයත්  මේ දවස්වල සුලබයි.







මුළු දවසම පරිසරයේ තියෙන මද අඳුරත් එක්ක ඇඟ කිලිපොලාගෙන යන සීතල හදවතට ගේන්නේ පුදුමාකාර මිහිරියාවක් ඒ වගේම තමයි උණුසුම් ඇඳුම්වලින් උණුසුම් වෙලා හොඳ කිරි කෝපි කෝප්පයක් එක්ක උණු රෝල් එකක් හම්බ වෙනවනම් කොහොමද මිහිරියාව..



මේ පුංචි සටහන නොනවත්වා වැටෙන වැස්ස වෙනුවෙන්.. J


Nov 20, 2011

පියානෙනී මං ඔබේ ආදර දෝණි.

නිහඬ බිත්ති දෙරෙවා මාගේ ඉකිගැසීම ගුවන කරා ඇදී යන්නට ඇත. නිවසේ කිසිවෙකුත් නොමැති  අවස්ථාවක් සොයමින් සිට අද මේ වරය ලබා ගත්තේ කුමන පාපයකටදැයි මම සිතුවෙමි.

  නිවසේ අප සියලු දෙනාගේම ලියකියවිලි තාත්තා විසින් පරෙස්සම් කොට තිබු බ්‍රිෆ් කේසය මතට වැටී තිබුණු මගේ කඳුලු පැල්ලම් නිසා ඒ මත වු දුවිලි අංශු සේ දී ගොස් තිබුනි. දෑතට පොඩී වි තිබුනු අම්මාගේත් තාත්තාගේත් විවාහ සහතිකය නැවත වරක් බලන්නට මා බොඳවු දෙනෙත් පිසදා ගතිමි. විවාහය ලියාපදිංචි කල දිනය. මා උපන් වසරේම ජනවාරි නව වැනිදාවක බව යලිත් කියවා බලා සැක හැර ගතිමි. මගේ උපන්දිනය හා සසඳන කල ඒ ඊට මාස හයකට පෙර දිනකි. 

නිහඬව දෙනෙතින් ගලා යන කඳුලු අතරේ  දහසක් සිතිවිලි අතරේ මා අතරමන් විය..

"ඔය කෙල්ල අපේ පුතාගේ නෙවෙයි"

"අපේ ළමයින් උඹලා  කතා කරන්නේ නම කියලා ඒකිට විතරයි  සුදු මැණිකේ කියන්නේ.. ඒ උනාට ඔය සුදු මැණිකේ අපේ පොඩි අයියාගේ ළමයෙක් නෙවෙයි කියලා ඔය අම්මාම කියන්නේ.. "

"මොන විකාරද ඔය ඉන්නේ ආත්තම්මාගේ කපාපු පලුව වගේ.. අපේ සහොදරියෝ එක්කෙනක්ගේවත් දුවකට අම්මාගේ හැඩ පිහිටලා නෑ පොඩි අයියගේ දුවට ඇරෙන්න.. අනික බලන්න අක්කා අපේ පොඩි බබාගෙයි සුදු මැණිකේගෙයි ඇස් එකම වගේ.. අතපය එකම වගේ.."

"අපි නොදන්නවා යෑ ඔය කෙල්ලගේ අම්මා ඉස්කෝලේ යන කාලෙ ඉඳන් කීදෙනක් පස්සෙන් ආවාද කියලා. අනික ගමේ මිනිස්සු කියන කතන්දර ඔව්වා."

"හපෝ.. මෙයා අපේ පවුලේ කෙනෙක් නෙවේ මෙයාව හදා ගන්න ගත්තේ"

මෙකී නොකී අවලාද නොයෙක් වර සවන් වැකුනද මෙතෙක් ඒහි වගක් මා හට නොවුනද  ඇස් පනාපිට ඇති දෙයින් මම විපක්ෂතව කල්පනාවේ නිමග්නව උනිමි. 

මෙනවා උනත් මම මේක හිතේ තියාගෙන ඉන්නවා කවදා හරි ඇත්ත දැන ගන්න පුළුවන් වෙයි.. මා මටම කියා ගතිමි. 

දින සති මාස ගෙවුනේ වේගයෙනි. අම්මාගේ මෙන්ම තාත්තාගේ නොමද ආදරේ එකම හිමිකාරිය ලෙස මට කිසිදු හිත් වේදනාවක් නොවුනි. එහෙත් තනිවන බොහෝ වේලාවන්හීදි මගේ සැබෑ පියා කවුදැයි මගේ සිත විමසන්නට විය.  

"බලන්න සුදු දුව තාත්තලා පරම්පරාවේ කිසිම ගෑණු ළමයෙක් හරියාකාරව වෙඩින් එකක් අරගෙන ගියේ නැහැ ඔයා තමයි ඒ අඩුව පුරවන්න ඔනි ඒ නිසා ඔයා කවදා හරි කරන්න ඔනි අපි කියන දෙයක් තමයි.. "

අම්මා සෙනෙහසින් කියද්දි විහංග කෙරෙහි දළුලා වැඩුණු ප්‍රේමය සඟවාගෙන ඔහුව ප්‍රතික්ෂේප කලේ දෙමාපියන්ගේ සිහින හැබැවිම මගේ පෙම් සිහිනයට වඩා උතුම් බැවිනි. එහෙත් යම් දිනක යෝජිත විවාහයකට යාමේදි අත්තම්මාත් නැන්දලාත් කියන්නවු කතාව පරහකව සිටීදෝයි සිතෙහි හැම විටම තිබුනේ සාංකාවකි. ඉතින් මා දැඩි තීරනයක් ගතිමි. උසස් අධ්‍යාපනය නිම කරන්නට මෙරටදි හැකියාව හැකි නමුත් එබැව් සඟවා විදේශ ගත විටම දෙමාපිය අවසරය පතා සිටියෙමි. 

"ඔයාව තනියම රටකට යවන්න..?? කොහොමද පුතේ තාත්තයි මමයි එහෙම කරන්නේ ඔයාට යන්නම ඔනිනම් කසාද බැඳලා ඔයාගේ මහත්තයා එක්ක යන රටකට යන්න තනියමනම් ඔයාට මේ ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැහැ."

අම්මා තරයේ කියා සිටියාය. එහෙයින් මා අසරන උනෙමි.. විවාහයකට මගේ තුන්හිතක අදහසක් නැත්තෙන් නිහඪවම කාලයට ඉඩදී බලා සිටියෙමි.

සැමදා මත් එක ලෙස මා තාත්තාගේ සුරතලියම උනෙමි. ඉගෙනුම අතින් රැකියාව අතින් මා සාර්ථකත්වයේ හිනි පෙත්තට නගිත්ම ඔහුගේ දෑසේ දිදුලන කාත්කිය දෙස බලා මා සැනසුනෙමි.. ඉඳ හිට තම සොයුරන් සමඟ සාදයක් ගෙමිදුලෙහි පවත්වන ඔහු අදම් ඇනුවේ මගේ දස්කම් සහ යම් දිනක මා විවාහ කර දෙන අයුරුයි. ඇතැම් විට මට එවන් දේ දැනුනේ ඔහු බමන මතින් කියන්නා වු දේවල් පමණක් බවයි. 

එහෙත් හදිසියේ තාත්තාගේ මව අසනීප වුයෙන් මෙතෙක් කලත් තාත්තාගේ සොයුරාගේ නිවසේ උන් ඇය අප නිවසට කැඳවාගෙන විත් සාත්තු කරන්නට තරම් අම්මා කාරුණික වුවාය. එහෙත් කිසිදු මාර්ගථලයක් නොලබා සිටින මගේ කෙලෙස් සහිත සිත එය නොඉවසුවේ ඇය මා සම්පබන්ධව කියා ඇති දෑ නිතර මගේ සිතෙහි හොලමන් කල නිසා විය හැකිය. 


එහෙයින් ඇය සුවවී යන තුරුයි කියා අම්මාගේත් තාත්තාගේ අකමැත්ත පිටම මා අම්මාගේ මෑණියන් වු සුදු අත්තාම්මා වෙත ගියෙමි. එය සැබැවිත්ම අතිශය හිතුවක්කාර තීරනයක් වීම නිසා.  තාත්තා දුරකතනයෙන් හෝ මා හා කතා නොකරන්නට තරම් උරනව උන්නේය.  එහෙත් මා නොසැලී උන්නෙමි. යලිත් මා නිවසට එන්නේ අත්තම්මා සුවවී නිවසින් පිටව ගිය දිනක පමණක් බව තරයේ කියා මා සුදු අත්තම්මා සෙවනේ උන්නෙමි. 

මාස කිහිපයක් ඇවෑමෙන් අත්තම්මා සුවවී පිටව ගියායැයි කියා තාත්තා මා කැඳවා ගෙන යන්නප පැමිණියේය. ඔහුගේ මුහුනේ වෙනදා වු සතුට නොතිබිනි. එහෙත් දුරු කතර අතර මඟ ඔහු මට අවැසි සියල්ල තුටු සිතින් සපයා දුන්නේය. තිබහට පළතුරු බීමක් මෙන්ම අතුර මඟදි කෑමට බිස්කට් වර්ගද ගෙනැවිත් මා අත තමා යාබද අසුනේ ඔහු  ගමනාන්තය තෙක් පැමිණියේ නිහඬවමය. 

නිවසේ ප්‍රධාන දොරටුවෙන් අතුල් වත්ම බිත්තියේ විශාල පෙදෙසක් වසා සිටි මාගේ විශාල ප්‍රමාණයේ ඡායා රූපය දැක මගේ නෙතට කඳුලු නැගිනි. මම කිසිත් නොකියාම කාමරයට වැදුනේ මා හටම සිතින් සාප කරමිනි.

සිතිවිලි වලින් අපි එකිනකා පිළිබද නිතරම වැරදි අවබෝධයෙන් සිටියත් කිසිවිටෙකත් අප එකිනෙකා හා විවෘත්තව කතා නොකලෙමු. එහෙත් අත්තම්මා පතුරවන කට කතා මා දන්නා බව අම්මා මෙන්ම තාත්තාද දැන සිටියෝය.  ඇතැම් විට අම්මාගේත් තාත්තාගේත් එකිනෙකා කෙරෙහි වු සෙනෙහස මට හිසරදයක් විය. ඔවුන්ගේ ජීවිත වසාගෙන යම් රහසක් ඇතැයි මම නිතර සැක කලෙමි. නමුත් දිනක් තාත්තාගේ පැරණි දින පොත් ගොන්නක් කියවීමෙන් මට මා කෙරෙහිම ඇති වුයේ. විසල් පිළිකුලකි. කුඩා අවදියේ මා ගේ උදරයේ ශල්‍ය කර්මයක් කල අවස්ථාව පිළිබඳව හැඟම් බරව ඔහු දින පොතේ ලියා තිවු දෑ දැකිමෙන් සැබැවින්ම මා ඔහුගේ ලෙයින් උපන්  කෙනෙකුම බව තිර ලෙස දැන ගතිමි. අම්මාත් තාත්තාත් විවාහ වුයේ  පෙම් සබඳ කමක් මත බවත් අත්තම්මා එයට දැඩ් ලෙස විරුද්ධ වුනු බවත්. මා උපන් පසු ඇය වියරුවෙන් මෙන් අම්මාට අපහාස කල බවත්  බොහෝ විට සුදු අත්තම්මා කියා ඇත. 

ඉතින් මම සැනසීමි.  ඇතැම් දෙමායියන්ගේ වුවත් මුවින් පිටවන එක් කෘර වදනක් කෙනෙකුගෙ ජීවිතයට නොරිසි ලෙස බලපානා බව සිතිවිල්ලකම සිරකොට මම සිතිවිලි නිදහස් කලෙමි... මේ සිටින්නේ මාගේම තාත්තාය.. මම ඔහුගේ ලෙයින් උපන් වැඩිමහලු දියණියයි.. එය මෙලොව කිසිවෙකුගේ සම්ප්‍රප්ලාපයකට වෙනස් කල  නොහැක....


පිණි වැටී මල් පිපෙනා මහ පොළවේ 
අත් අල්ලා ඇවිඳින්නට සංසාරේ 
බලා ඉන්නවා තව දවසක් එන තුරා 
පියානෙනී මං ඔබේ ආදර දෝණි.





video