Jun 24, 2012

Let us learn English හෙවත් ගනු කඩුව !!

එදිනෙදා ජීවිතයේදි ඉංග්රීසි භාෂාව ඔබට කොතරම් වැදගත්ද?. ඔබ නොයක් ආකාරයේ හේතු කියාවි. ඒ අතර මෙන්න මේ වගේ හේතු තියෙන්න පුළුවනි.
ඉංග්රීසි කියන්නේ විශ්ව භාෂාවක් වීම
රැකියාවේ භාවිතයට,
වෙනත් රටවල සංචාරයේදී,
වෙනත් ප්රාන්තවල සංචාරයේදී,
අත්තර්ජාලය හරහා ගණුදෙනු කිරීමේදී.
ළමයින්ට පාඩම් කියලා දෙන්න.

මේ අතරින් අද මම කියන්නේ අවසන් හේතුව නිසා ඔබ ඉංග්රීසි දැනුම මුවහත් කර ගත යුතුමයි. ඉතින් ඔබත් තමන්ගේ දෙවැනි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න වෙහෙස වෙන කෙනෙකු නම් මම මේ සුදානම් වෙන්නේ ඔබට ඒ සම්බන්ධ උදව්වක් කරන්න.
ඔබ හිතන්නේ ඉංග්රීසි ඉගෙන ගන්න පුළුවන් හොඳම විදිය කුමක් කියලාද?

ප්රසිද්ධ ගුරුවරයෙකු වෙත යාමද එසේත් නැතිනම් ප්රසිද්ධ ආයතනයකට ගොස් ඉගෙන ගැනීමද. මම හිතන්නේ ඒ ආකාර දෙකට අමතරව ඔබත් යමක් කලයුතු වෙනවා, ඒ තමයි භාෂාව භාවිතය, ඔබ කෙතරම් දක්ෂ ගුරුවරයෙකු යටතේ ඉගෙනුම ලැබුවත් එයින් කිසිම පලක් වෙන්නේ නැති වෙයි ඔබ භාෂාව භාවිතා නොකරනවානම්..

ඒත් කොහොමද භාෂාව භාවිතා කරන්නේ.. ??? ඉගැනිමේ අරමුණින් ඔබ ඔබේ මිතුරන් අතරේ ඉංග්රීසි භාෂාව භාවිතා කලොත් ඇතැමෙක් ඔබව සරදමට ලක් කරන්න තියෙන ඉඩකඩ වැඩියි. ඇත්ත සමාජය එහෙමයි. අනෙකාගේ අවශ්යතාවය දෙස ඔවුන් බලන්නේ ඒ කෙනාට සිනාසීමට තවත් හොඳ විහිලුවක් විදියට වෙන අවස්ථා එමටයි..

ඉතින් ඇයි ඔබ කවුරුත් වෙනුවෙන් බලා සිටින්නේ.. ඔබට ඉංග්රීසි භාෂාව කතා කරන්න පුළුවන් හොඳම කෙනා ඔබම පමණයි.. ඔබට වැරදුනු විටෙක ඔබ ඔබට සිනා නොවනවා ඇති.

හොඳයි , අතුරු කතා ඇති!! අපි යමු අද මම කියන්න හදන දේට..
ඒ තමයි ඔබටම ඔබේ ඉංග්රීසි දැනුම වර්ධනය කර ගන්න පුළුවන් ක්රම හතලිහක් ගැන මම කියලා දෙන්න උත්සහ ගන්නේ. මේ ක්රම හතලිහ ගැන අපිට කියලා දුන්නේ දැනට මම සේවය කරන පාසල හෙවත් නුවරඑළිය ලයිසියම් ජාත්යන්තර පාසලේ හිටපු විදුහල්පතිතුමියක් වන පී. ප්රකාෂ්පතී මැතිණිය. මෙයින් බොහොමයක් අදටත් මම උනත් භාවිතා කරන දේවල්.
සිංහල මාධ්යයෙන් ඉගෙන ගෙන උසස් පෙළට ඉංග්රීසි විශයට S සාමාර්ථයක් විතරක් ගත්තු මම, IDM ආයතනයේ Edexcel BTEC ඩිප්ලෝමාව හදාරන්න පළමු දිනයේ පනිත්තියට ගිහින් ඉංග්රීසියෙන් උගන්වන නිසා ආයිත් පන්ති යන්න බෑ කියාගෙන අඬාගෙන ගෙදර ආපු මම, ඒ බැජ් එකේ හොඳම සාමාර්ථය අරගෙන බැජ් ටොප් වෙන තරමට දියුණු උනෙත් අද ජාත්යන්තර පාසලක ගුරුවරියක් විදියට වැඩ කරන්න වාසනාව ලැබුනෙත්, මා විසින්ම මේ කියන උපක්රම බොහෝමයක් භාවිතා කරපු නිසා..

අදටත් ඉංග්රීසි කියන භාෂාව මම ඉගෙන ගන්නවා.. අළුත් ව්යාකරණ නීති, අළුත් වචන.... ඒ හැම දෙයකදීම මේ කියන ක්රම එකක් හරි භාවිතා වෙනවා...

ඔන්න එහෙනම් ක්රම 40

1. Write a news diary
එදිනෙදා අහන වැදගත් ප්රවෘත්ති ඉංග්රීසියෙන් ලියන්න උත්සාහ කරන්න.

2. Sign up for a regular English team
ඉංග්රීසි ඉගැන්වීම් කරන පන්තියක් හෝ වෙබ් අඩවියකට නිතර පිවිසෙන්න

3. Listen to English music

4. Read the lyrics of a song
ඉංග්රීසි ගීතවලට සවන් දෙන අතරතුර එහි ගී පද පොතක සටහන් කරන්න.. නැවත නැවත අසමින් සියළුම පද සටහන් කර ගන්න

5. Search only in English
අන්තරේජාලයේ සෙවීම් කරන විට ඉංග්රීසි පමණක් භාවිතා කරන්න

6. Read a book which already read, watches a movie which has dubbed in your own language with English subtitles.
ඔබ කියවා ඇති පොතක් ගෙන එහි පරිවර්තනය කියවන්න, එසේත් නැතිනම් චිත්රපටයක සිංහල හඬ කැවීමද නැවත නරඹන්න

7. Read the translation in English (skip first 10 pages)
ඔබ කියවන ඉංග්රීසි පොතෙහි මුල් පිටු 10 අත්හරින්න.. ඔබට කියවීමේ රුචිය වැඩිවනු ඇත, (හඳුන්වාදීම. පටුන, කතෘ ප්රකාශ වැනි දෑ ඔබගේ කියවීමේ රුචිය අඩු කරන්නේනම්)

8. Read a book with a lot of dialogs
දෙබස් බහුල පොත් කියවන්න.. ඡේද කියවීමේදී ඇතිවන කම්මැලිකම සහ තේරුම් ගැනීමේ අපහසුව මෙහිදී මඟ හැරෙනු ඇත

9. Read English language comic
ඉංග්රීසි බසින් ඇති විහිලු කතා කියවන්න.

10. Read English language entertainment guides
ක්රිඩා, සිනමා, සංගීතය වැනි අංශ පිලිබඳ දැන්වීම් මෙන්ම වෙළඳ දැන්වීම් ද ඉංග්රීසි බසින් ඇත්නම් ඒවා කියවන්න.

11. Read English language magazines
ඉංග්රීසි බසින් ප්රකාශනය වන සඟරා කියවීමට හුරුවන්න.

12. Teach your friends or children some English
ඔබගේ මිතුරෙකුට හෝ කුඩා දරුවන්ට ඉංග්රීසි භාෂාව උගන්වන්න

13. Have an English radio at home
නිවසේදී ඉංග්රීසි බසින් ප්රචාරණය වන ගුවන් විදුලි නාලිකාවන්ට සවන් දෙන්න

14. Try to create sentences with the work that you are doing
ඔබ කරමින් සිටින කාර්යය හා සම්බන්ධ කුඩා වාක්ය ඉංග්රීසියෙන් තනා ගන්න
(Now I am typing a blog post)

15. Watch English movies with English subtitles
ඉංග්රීසි චිත්රපට ඉංග්රීසි උපසිරැසි සමඟ බලන්න

16. Watch English movies with subtitles in your mother tongue
ඉංග්රීසි චිත්රපට ඔබගේ භාෂාවේ උපසිරැසි සමඟ බලන්න

17. Watch the same film over and over again
එකම ඉංග්රීසි චිත්රපටය නැවත නැවත බලන්න

18. Be realistic about your level
ඔබගේ දැනුම පිළිබඳ විමසිලිමත් වන්න. ඉංග්රීසි විෂය සම්බන්ධ විශේෂිත අයතනයකින් පාඨමාලාවක් හදාරා සහතික පත්රයක් ලබාගන්න

19. Be realistic about your reading level
ඔබගේ කියවීමේ හැකියාව පිළිබඳ විමසන්න. එය වැඩි දියුණු කරගන්න.

20. Graded readers
සරළ කියවීමේ පොත්. (පෙන්ගුවින් පොත්)

21. Read the whole thing with no help
සියල්ල තේරුම ගැනීමට උත්සාහ නොකර කියවා නිම කරන්න.

22. Read and learn everything
දෙවනුව සියල්ල කියවා තේරුම් ගන්න. (ශබ්දකෝෂයක ආධාරයෙන්)

23. Watch English children’s programs (Film / TV series)
කුඩා ළමුන් සඳහා සැකසූ රූපවාහිනී වැඩ සටහන් හා චිත්රපට නරඹන්න

24. Read English Children’s books
කුඩා ළමුන් සඳහා ලියූ පොත් කියවන්න

25. Keep vocabulary list (list of language to learn)
අළුත් වචන ලැයිස්තුවක් සකස් කර ගන්න

26. Go through your vocabulary list several times every day
වචන ලැයිස්තුව නැවත නැවත කියවන්න

27. Convert your vocabulary only in English
වචන ලැයිස්තුව ඉංග්රීසි භාෂාවෙන් පමණක් සකසාගන්න

28. Cross out and delete
ඔබ හොඳින් උගත් වචන ලැයිස්තුවෙන් ඉවත් කරන්න

29. Through everything and start it again in an interesting way
වචන ලැයිස්තුව ඉවත දමා, නවමු මාතෘකාවකින් නව ලැයිස්තුවක් සකස් කරන්න

30. Label the things is your surrounding (Home / Room/ Office)
නිවසේ, කාර්යාලයේ, කාමරයේ ඇති භාණ්ඩ ඉංග්රීසි භාෂාවෙන් නම් කරන්න

31. Label a drawing
චිත්රයක් හෝ පින්තූරක් ගෙන එහි ඇති දෑ ඉංග්රීසි භාෂාවෙන් නම් කරන්න

32. Keep a diary in English ( your own feelings)
ඔබේ සිතුවිලි ඉංග්රීසි භාෂාවෙන් ඩයරියක ලියන්න

33. Online Chat in English

34. Listen to the news in English

35. Read English language newspapers by referring to a dictionary
ශබ්දකෝෂයක ආධාරයෙන් ඉංග්රීසි පුවත්පත් කියවන්න

36. Write fictions in English
ඉංග්රීසි භාෂාවෙන් කෙටි කතා ලියන්න

37. Use a dictionary while watching a movie
ශබිද කෝෂයක ආධාරයෙන් ඉංග්රීසි චිත්රපට නරඹා තේරුම් ගන්න

38. learn some spelling rules
ව්යාකරණ නීති ඉගෙන ගන්න

39. learn as many words as you can, in the same category
එකම වර්ගයේ වචන හැකි තරම් ඉගෙන ගන්න (කුරුල්ලන්ගේ නම්, සතුන්ගේ නම්)

40. Set a goal (set a particular time to study)
ඉංග්රීසි භාෂාව වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් දවසේ නියමිත වේලාවක් වෙන් කරවා ගන්න

May 18, 2012

කලියුගය


නිදිමත බේරෙන දෙනෙත පරිගණක තිරෙයන් මුදාගත් පංකජ කෙටි නින්දක් බලන්නට නිදියහන වෙත ඇදී ගියේය. රුකියාවන් සොයන්නට  වෙහෙසෛමින් කාලය කා දමන දහවල් කාලයත් ලෝවටා  සැරිසරමින්  ගෙවන රාත්‍රි කාලයත් අතර විඩාපත්ව සිටි පංකජ විගස නිදි ගොවට පිවිසියේය.

ජීවිතය පුරාවට තමා විවේචනය කරමින් සිටින තාත්තාගේ තරහා පිරුණු  දෙනෙතින් ඔබ්බට යමක් සිතන්නට පංකජට අවැසිව තිබුනි.  දහවලේ සාභාගී වු සම්මුඛ පරීක්ෂනයේ  දි එයට මුහුණ දුන් ආකාරය පංජට සිහිනයක්  මෙන් විය.  එහීදි ඔහු සුදුසු කම් ලැබුවහොත්, රැකියාව කල යුත්තේ දුෂකර වන්නි ප්‍රදේශියේයි. එනයින් රැකියාව නොලැබේවායි යන සිතුවිල්ල පංකජගේ සිතෙහි හොල්මන් කරන්නට විය.

රැයෙහි ජීවිතය සුන්දර වග ඔහුට දැනුනි.  රසැති කතාවලින් , පෙම් රංගන වලින් මෙන්ම විරහා වේදනා වලින්ද සැදුම් ලත් මිතුදම්  සිත සනසාලීය. ඒ මිහිරියාව නිදි ලොවේදිත් පංකජගේ සිතුවිලි හැඩකරලනු ලැබීය.

ඔහු සිටියේ මිතුරන් සමඟින් බියර් කෑන් එකක් තොල ගාමිනි. ඉදිරි පස ක්‍රිඩා පිටිය වට කොටගත් ප්‍රෙක්ෂකා ගාරය තරුණ තරුණියන්ගෙන් පිරි ඉතිරි තිබුනි.  පංකජගේ දෙනෙත් නිතැනින්  ඉහල අහස වෙත ඇදි ගියේය.  කුරුළු පවුලට අයත් නෙවනා විරුපී සතුන්  විසින් සුදු පරවියෙකු වට කොට ගෙන  පරහ පිට පහර මෙන් සිටියෝය. ක්‍රිඩා පිටියෙන් අවධානය ඉවතටගත් සියල්ලෝම  අර විරූපි සතුන් උසිගන්වන්නට විය. අසරණ පරෙවියා කැබලි වි  අර කි  සතුන්ගේ අහරක් විය. පරෙවියාගෙන් කුස පුරවාගත් සතුන් ක්‍රිඩාංගනය වටා  පියඹා ගොස් අතුරුදහන් වන විට අකාශයේ කිසිඳු පරෙවි කුරුල්ලකු ඉතිරි වී නොතිබිනි.

සුහුවිලි ඇවිස්සි ගෙන මහ පෙළව කම්මපා වන  හඩක් නංවමින් විශාල එළ දෙනුන් තිදෙනෙක් ක්‍රිඩා පිටිය මැදට දිව අවෝය.  අවකාශය දුහුවිල්ලනේ වසා දමමින් වියරුවෙන් පිටිය පුරා දුවපනිමින් ඔවුන් පෙළහර දක්වද්දි කිඳුරියන් තුරුලේ සිටි සඳකිඳුරන් ඔවුන් අතැර එළ දෙනුන් පසු පසම දුවන්නට විය. එහි එකම ගොන් පොරයකි.  මොහොතකින් වලිගය පිටුසය සඟවා ගත් බැල්ලියන් මෙන් එළ දෙනුන් පසු බසිද්දි.  කුමරබඹසර බිඳී කිලිටි වුනු කිඳුරන් එකිනෙකා සමගින් මරාගන්නට විය.

පසුබා යන එළ දෙනුන්ට ඔවුගේ වරද පෙන්වා දෙන්නට උත්සහ කල නාඹර වෙළඹක්  එළදෙනුන්ගේ නින්දා වින්දාය. ඇයගේ තුරඟ රාජයා ඒ  දෙස බලා හිඳ මඳ සිනාවක් පා නිහඬ වුවේය. වෙළඹ නොපෙනී ගියාය.

පිටියෙ එක් කෙලවරක කපටි ඇස් ඇති අහික්ණ්ඨකයෙකු ගැඩවිලි පණුවෙකුට  නයි විස පොවමින් සිටියේය.  නයි විස පොවා ගැඩවිලි පණුවා අයිතිකරගන්නට  කපටියා සිහින  මවන්නට ඇත. එහෙත් නයි විසෙන් ඔද බැඳි ගැඩවිලි පණුවා මානික්‍යයක් පෙනයෙන් ගත් නාග රාජයෙකුට   දෙසට ඇදෙමින් සිටියේය. අහිකුණ්ඨකයා ක්‍රොධයෙන් වෙලී ගැඩවිලි පණුවාට දශ්ඨ කරන්නට  ගැරඩියෙකු උසිගැන්නුවේය. පාඩුවේ ගමන් කරමින් සිටි ගැඩවිලි පණුවා උසි ගැන්වී දශ්ඨ කරද්දි වැරදීමකින් අහික්ණ්ඨකයාගේ පුරුෂ නිමිත්තටම විස වැදුනේය. දැන් අහික්ණ්ඨකයා කෑගමසින් සිටී.

සිංහ දේනුවක් බල්ලෙකුගේ බොරු අසා සඳකිදුරියකට බැන වදිමින් සිටිද්දි. මේ සියලු දෑ දෙස විස්මයෙන් බලා සිටි පංකජගේ සිරුර තෙමා හරිමින් අහසින් අසිනි වරුසාවක් ඇද හැලිනි.

"ලොකු මල්ලි කීයේ ඉඳන්ද කතා කරන්නේ.... දැන් උදේ දහයත් පහු වෙලා.. තමුසෙට කෝල් හය හතකට වඩා ආවා... "

"මොනවා..... කාගෙන්ද..."

"ඊයේ ඉන්ටර්වීව් ගිය තැනින්.. බැරිම තැන මම පණිඩිඩේ අහගත්තා... තමුසෙට සඳුදා වන්නි යන්නම ලෑස්ති වෙලා එන්නලු....."

"මොකක්!"

"ඔව් .. ඇයි තමුසෙට යන්න බෑ..ද"

"නෑ... යනවා... කලියුගේ පටන් ගන්න කලින් මේ මායාවෙන් මිදෙන්න ඔනි බන් ලොක්කක්කේ....."

May 10, 2012

Press conference with නොකිලිටියාවේ කුමරිය


සුබ මධ්‍යහනක් හිතවත් මාධ්‍ය සහෘද්දයනි අද ඔබ අප හමුවේ අමු අමුවේ තමන්ගේ කතාව කියන්නට පැමිණ තිබෙන්නේ නොකිලිටියාවේ ඔටුන්න හිමි කුමරිය  කීගිරිල් ගැදිරෙලෝනා කුමරියයි.

නොකිලිටියාව අප කවුරුත්  දන්නා  සමුද්දිමත් දේශයක්, නවීන තාක්ෂණය සමඟ  ඉදිරියට යන නොකිලිටියාව  දේශයේ මීලඟ ඔටුන්න හිමි කුමරිය වන්නේ අද ඔබ හමුවේ කතා කරන කීගිරිල් ගැදිරෙලෝනා මෙනවියයි.  ඇ ගෙන් ඇසිය යුතු ප්‍රශ්න සියල්ල මේවන විටත් ඇයගේ පුද්ගලික ලේකම් වරයා වන යැමිටෝ ඇකුටෝන්නා මහතා වෙත ඔබ මේ වනවිටත් බාරදී තිබෙනවා. ඇය සූදානම් ඔබ හමුවේ අදහස් දක්වන්න.

නිවේදක : මුල්ම පැනය; මෙනවිය ඔබගේ පවුල් පසුබිම විස්තර කරන්න

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය : ඔහ්!!  නෑත්ක්ස් මට මේ චාන්ස් එක දුන්නට ඇක්චුවලි අපේ ඩෑඩ් තමයි මේ වෙද්දි නොන්ඩර්ට් කින්ග්, මම එයාගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්. නොන්ඩර්ට් කන්ට්‍රි එක  ගොඩක් ඒන්ෂන් දවස් වල ඉඳන් රූල් කරලා තියෙන්නේ අපේ ජෙනරේෂන් එකේ අය තමා.

(ප්‍රෙක්ෂකාගාරයෙන් බාධාවක්.. අතුරු ප්‍රශ්ණයක්)

සමාවෙන්න කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි රූල් කලේ බාගේ අඩි රූලෙන්ද මීටරේ කොදුවෙන්ද.. ?

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය:  ඔහ්!! නෝ නෝ නෝ.... රූල් කලා කිව්වේ අපේ අය තමා එහේ කින්ග්ස්ලා.. පලාණය පලාණය කලේ අපේ අය කියලායි මම කිව්වේ.

නිවේදක: ඔව්  කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි මීලග ප්‍රශ්නයත් අතුරු ප්‍රශ්ණයක්.. ඔබ කැමති ඔබව කුමන නමින් හඳුන්වනවාටද ?

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය: ඔ මහි ගෝඩ්... ! (කොමල සිනා පා ) ආ... මම ආසයි මාට කිගී කියනවාට ඒක මගේ පෙට් නේම් එක  ඒක තමායි

නිවේදක: එහෙනම් මෙනවිය මේ අවස්තථාවේ සිට මම ඔබ තුමියට කිගී කියා ආමන්ත්‍රණය කරන්න අවසරද

කිගී: ෂුවර්...!! සූවර් වයි නොට් ඔයාට කැමති දෙයක් කියන්න නිවේ....... (කුමරියගේ මුහුන වපර විලාසයක් ගනි ඒ ඇය එක ඇසක් පුංචි කිරිමට තැත් කල නිසාවෙනි)

නිවේ: හොඳයි කිගී ඔයා දැන් මට කියන්න ඔයා ආදරය දකින්නේ කොහාමද කියලා.

කිගී: ආදරය.. ඔහ්!! ආදරය.. ආදරය තරම් උතුම් දෙයක් මේ ලොකේ තවත් නෑ නිවේ.. කිගීගේ ජීවිතේ ලොකුම දේ තමයි ආදරය ආදරය නැත්නම් කිගීට හුස්ම ගන්නත් බෑ ඇත්තම කිව්වොත් මෙයා කිගී කියන්නේ ආදරේ කරන්න ගියාම පිස්සු හැදිලා වගේ ආදරේ කරන කෙනක්.. ඔයා දැකලා තියෙනවාද අනර්කලී, බිම්මා බිසව්. අශොකමාලා. වගේ අය. ආදරේ නිසා මොන තරම් දේවල් කලාද.. කිගිත් එහෙමයි.. කිගිගේ තාත්තා කිගීට හොයන්නේ කිගී වගේම ආදරේ විශ්වාස කරෙන කෙනක්ව මේ දවස් වල තාත්තා කිගීට කෙනක් හොයනවා.. කැමතිනම් ඇප්ලයි කරන්න පුළුවන්

නිවේ: ඒකනම් ගොඩක් හොඳ ආරංචියක් වේවි අපේ  කොල්ලෝ සෙට් එකට. අපි කියමුද කිගී අයදුම් කරන්න ඔනි විදිය

කිගී: KGM <ස්පේස්> Iliketodie   කියලා මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න ඇති තරම් 3035 ට

නිවේ: ඔව් ඒක ගොඩක් හොඳ ආරංචියක්, ඔයාලා කැමතිනම් කිගීගේ ස්වාමිපුර්ෂයා වෙන්න එහෙමත් නැතිනම්  නොකිලිටියාවේ අනාගත රජු වෙන්න මෙන්න අවස්ථාව , කිගී මොනවද විශේෂ කුසලතා ඔයා බලා පොරොත්තු වෙන.

කිගී: හොඳ පළළ උරහිසක් තියෙන්න ඔනි, හොඳට උයන්න පුළුවන් වෙන්න ඔනි, වාහන සොදන්න, කඩේ යන්න, රෙදි සෝදන්න, බල්ලෝ නාවන්න, ගේ අතු ගාන්න වගේම අපේ ඩැඩීගේ රුවුල කපන්නත් වෙන්නේ එයාට තමයි.

නිවේ: සමාවෙන්න කිගී ඔයා හොයන්නේ ගෙදරට මෙහෙකරුවෙක් නෙවීනේ

කිගී: වට් නොන්සන්ස් මෙයා. දැන් කාලේ හස්බන්ඩ්ලා ඔය සේරම කරන්න ඔනි. ඔවට මට කොයින්ද වෙලා මෙයා , මගේ ෂෙඩූල් එකේ හැටියට උදේ පාන්දර දහයට නැගිටලා ඇරොබික්ස් කරන්න ඔනි පැයක්. ඊට පස්සේ බ්‍රෙක්ෆස්ට් ඊට පස්සේ මම යනවා බයිසිකල් පදින්න, ඇවිත් ලන්ච් ගන්නවා  ලන්ච් එකෙන් පස්සේ සැලෝන් යන්න ඔනි හයට ඒක ඉවර වෙන්නේ ඊට පස්සේ මම යනවා මෙඩිටේෂන් වලට රෑ නවයට ඒක ඉවර කරලා එහෙමම ක්ලබ් එකට යනවා  ඊලඟ දවසේ පාන්දර මට වෙනවා මෙයා ගෙදර එද්දි  ආම් සෝ බිසී ...... ඒකයි.

නිවේ: ඔව් ඉතින් කුමාරිකාවක් උනාම කාර්‍යබහුල වෙනවා තමයි. ඉතින් කිගී මට කියන්නකෝ ඔයා මීට කලින් කාටවත්ම ආදරේ කරලා නැද්ද.

කිගී: වයි නොට් මෙයා මම ගොනුස්සෙකුට ආදරේ කලානේ..

නිවේ: මොකා !! ?? ගෝනුස්සෙකුට. ???

කිගී : යා යා මෙයා එයා මට මීට් උනේ ෆේස්  බුක් එකෙන්.. ප්‍රොෆයිල් එකට දාලා තිබුනේ ඒකෝන් වගේ බ්ලැක් ඇමරිකන් ලුක් ගයි කෙනක්ව.. මාර හැන්ඩ්සම් මෙයා හරිම ස්වීට්. මම එයා වෝල් එකේ ලියන හැම එක්කම කියෙව්වා. ලයික් කලා , එයා දැනගත්තා මම එයාට කැමතියි කියලා එයා  හැමදාම රෑට රෑට මා එක්ක චැට් කලා.. ඒ චැට් මා ගාව තාමත් සුරක්ෂිතව තියෙනවා. අපි කොච්චර චැට් කලාද කියනවානම් අනේ නිවේ ඔයාට කියන්න සමහර දාට එයා  ටොයිලට් යද්දිත් ලැප් එක අරන් යනවා මාත් එහෙමයි මෙයා.. හරිම ස්වීට් ඒ කාලේ.. මම ගොඩාක් හැපී  එකේ හිටියේ වාව්.... (මොහොතක්  දෙනෙත් පියා අතීතය  මෙනෙහි කරයි)

චැට් කරලා කරලා අන්තිමේ අපි ලවර්ස්ලා උනා. එයා හැම වෙලාවේම වීඩියෝ කොල් ගන්න කොට අපේ ඩැඩී ලොකේ වගේ ගිහින් ගෙනාපු ගොල්ඩ්, ඩයමන් , ජෙම් කාවින්ග්ස් වලින් හදපු ජුවලරීස් දාගෙන මම හිටියේ. අපේ අළුත් බෙන්ස් එකට හේත්තු වෙලා අපේ අළුත් ගෙදර හොඳට පේන තැනකට වෙලා මම එයාට  වීඩියෝ කොල්ස් ගත්තේ ඒ උනාට එයා හැමදාම  වීඩියෝ එකට පේන්න ඉන්නකොට පෙන්නුවේ ගෝනුස්සෙක් විතරමයි. ඒකයි මම ආදරේට ගෝනුස්සා කිව්වේ ඒත් අන්තිමේ එයා ඇත්තම ගෝනුස්සකේ උනා.. ඉහි ඉහි ඉහි..( කිගී හොටු පෙරමින් හඬයි.. ලේකම් කඳුලු පිසියි. ඔඩියන්ස් එකත් හඬයි... සෝක බරිත මොහොතකි)

නිවේ: අඬන්න එපා කිගී ප්ලීස්... කියන්න ඇයි එයා  ගෝනුස්සකේ වගේ උනේ කියලා....

කිගී: එයා දෙකයි හැත්තෑ පහේ ලොසින්ජරයක් කන්න කියලා මගෙන් සල්ලි ගත්තා. මට චංචා කලා, මට බොරු කලා, වෙන කෙල්ලක් එක්ක චැට් කරනවා මගේ අතටම අහු උනා.. එයා මහා බොරුකාරයෙක් වංචාකාරයෙක් මගෙන් යාළුවෙන්න ඇහුවා. මහ දුෂ්ඨයෙක්, ඇත්තමයි නිවේ, මට පස්සේ හිතුනේ මං වගේ කුමාරිකාවකට නොගැලපෙන කෙනක්ට මම මොකට ආදරේ කලාද කියලා මම හරියට මෝඩ උනා බොරුකාරයෙක්ට අහුවෙලා මම අපේ ෆැමිලි එකට ඉන්සල්ට් කලා... මම මටම ඇත්තටම හේට් කරනවා නිවේ.. මට මැරෙන්න ඔනි.... මේ දැන් මැරෙන්න ඔනි.....

ලේකම්: ප්ලීස් නිවේ මල්ලි.. අපේ  කිගී හරි සෙන්සිටිව් මෙයා.. එයාට කවුරුත් කවදාවත් බැනලා නෑ.. එයාට බැනුම් අහලා පුරුදු නෑ.. ඒ වගේම තමයි එයාගේ හිත කවුරුත් රිදවලා නෑ..  එයා හැමවෙලාවේම අනිත් අය වෙනුවනේ හිටියේ එහෙම කරන මෙයාට හිත රිදෙන ප්‍රශ්ණ වලින් දමලා ගහන්න එපා නිවේ... ඔයාට පින් සිද්ද වෙයි.. මගේ ලේ කකියනවා මගේ කිගී මැඩම්ට කවුරු හරි හිතරිදෙන දෙයක්  කියද්දි.. ප්ලීස් ප්ලීස් මට කියන්න මගෙන් අහන්න ඔය ප්‍රශ්ණ ... වඳින්නම් කිගී මැඩම්ට නම් හිත රිදෙන්න දෙන්න එපා.... (ලේකම් පොළවේ පස් කමින් හඬයි)

කිගී: අඬන්න එපා ලේකි අයි නෝ යු ලව් මී.... (ලෙකම් කිගිගේ පෙතුල ලෙව කයි)

ලේකම්: යූ ආර්ද බෙස්ට් කිගී.. ඔයා තරම් කෙනෙක් තවත් නෑ...

කිගී: තෑන්ක්ස්  ලේකී  (පාවෙන හාදුවක් දෙයි.. ලෙකම් සිහිසුන් වෙයි)

නිවේ: ඔව් මිත්‍රවරුනි අපේ සංවාදය දැන් ඉතාමත් සංවේදී  මොහොතකට ඇවිත් ඒ නිසා අපි අවසාන වශයෙක් කීගිගෙන් අහමු ඇයි අද මේ වගේ Press conference  එකක් තියන්න හිතුවේ.

කිගී: ඇක්චුවලි නිවේ මට අද කරන්න වෙන වැඩක්  තිබුනේ නෑ.. මම දන්නවා ඔයාලාටත් මගේ ඒවා අහනවා  තරම් සතුටක් නෑ කියලා  ඒකයි

නිවේ: අනිවාර්‍යෙයන්ම. කිගී අපි තවත් දවසක මේ වගේම හමු වෙමු.. අවසාන වශයෙන් දෙයක් කියන්න තියේද..

කිගී : ෂුවර් ..... මතකනේ  ඔයාලාට KGM <ස්පේස්> Iliketodie   කියලා මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න ඇති තරම් 3035 ට 

බායි බායි.. අයි ලව් යූ ඔල්......


අවසානයේ තිරය වැසිනි..... සියල්ලෝම සතුටින් විසිර ගියෝය.




මේකත් බලන්න.....

අපි වෙනුවෙන් අපි

ස්ටේටස් එක හොරකම් කලේ මගේ මරණය අයියාගෙනි :D

Anushka Lakmal - බනියා (https://www.facebook.com/anushka.lakmal?ref=ts) අපි හැමෝම දන්නා බ්ලොග් සහෘදයෙක්..

බනියාගේ චරිතයට හානි වන ලෙස ෆෙස්බුක්හි පිස්සු "හැදෙන සඳ (PissU HaDena SaDa)" (https://www.facebook.com/pisssu.hadena.sada) නම් පිටුවක් මාර්ගයෙන් මඩ ප්‍රචාරයක් මේ වන විට කෙරීගෙන යනවා.. අපේම සොහොයුරෙක් වන බනියා එවං දෙයක් නොකරන බව එම මඩ ප්‍රහාරය දෙස බැලු සැනින් වටහාගන්නට පුළුවන්.. එම මඩ ප්‍රහාරහ සදහා සබැදිය..
(https://www.facebook.com/anushka.lakmal/posts/322675214468005)

තව දුරටත් ඔවුන් විසින් එම පිටුවේ පල කර ඇති පොස්ටුවේ බනියට පක්ෂපාතිව දමන කමෙන්ටු ඉවත් කරමින් සිටිනවා. එම පොස්ටුවෙන් ඔවුන් බනියව රිපෝට් කරන්න කියා ඉල්ලා තිබෙනවා.

අපි ඔබ ඒකට බ්ලොග් ලියන්නනං වශයෙන් බනියා වෙනුවෙන් ඉදිරිපත් විය යුතු වෙලාවයි මේ.. ඔබත් බනියා මෙවැනි දෙයක් කෙදිනවකත් නොකරනවා යැයි සිතනවා නම් මෙමෙ තුප්පහි පේජ් ඒකරිපෝට් කරන්න.. මෙම පණිවිඩය අපේ බ්ලොග් ලියන යාළුවන් අතර බෙදාගන්න.. — at බනියා වෙනුවෙන් මල අතට ගෙන.