"තරුවක් වත් නැති කළුවර අහසට
සුපුන් සදක් වී පායනු මැන අද"
එකම එක පුංචි තාරකාවක් වත් නැති
මන්දාරම් අහස වගේ තිබුණු මගේ...
හිත හරි එළියයි දැන්
කලා සොලොස පිරුණු පසලොස්වක සදක් වී
පෑයු පසු නුඹ හිත් අහස පුරාවට....
නුඹ තරම් දගකාර නුඹේ ඔය දෙනෙත ,
හිරු සදු ලෙස මගේ ලොවට පෑයු දා සිට
රැයත් දවාලෙත් වෙනසක් නැහැ මට....
සිතන්නෙමි නුඹ ගැනම මවන්නෙමි සිහින
ම.....ට....ම හිමි වූ නුඹ ගැනම .....
දුරක සිටියත් නුඹ.....
මගේ ළගමැයි සැම විටම....
සිනාසෙන දගකාර පෙම් සිහින
හදවතේ හිර කරන් හිදින්න්නට
හැ..........ම..........දා.........ම
ඔබයි මගේ පණ............
කඳුළක් වත් නැති සුන්දර ලෝකෙක
ReplyDeleteසුපුන් සඳේ සඳ රැස් විහිදේවා...
ජීවන මන්දාරම් බොඳ කර සැමදා
නුඹේ ලොවට ලා හිරු පිබිදේවා...
සුරඟන සිහිනෙක දැවටෙන සෙනෙහස
සදා රැදේවා සොහොයුරියේ...
ජිවන ගීතේ සොමියුරු පද පෙළ
හැඩට ගැයේවා ජීවිතයේ...
I invite you to follow my blog.
ReplyDelete