Oct 29, 2010

දෙන්න අවසර




දෙපා පාමුල  වැටී හඩනා අහිංසක මට දෙන්න අවසර
අදුරු විජිතය එලිය කරවන පහන් සිල වී ලග රැදෙන්නට
දුක් පුරන හිත දැවෙන ගිනිගෙන, පිරිත් පැන් ඉස නිවාලන්නට
ළගට වී සැනසුම දෙවන්නට අනේ චුට්ටක් දෙන්න අවසර

ඔබට බැදුනාවු සෙනෙහෙ දම කෙලෙසකත් බැහැ සිද දමන්නට
ඔබව හැර වෙන් නෙලා යන්නැයි කියනු වෙනුවට ඉන්න නිහඩව
බෑ කොහෙත් මට ඔබව අතහැර වෙන්ව යන්නට මේ අතර මග
අනේ මම ඉන්නම් හොරෙන් හිත් පොඩිය සරසා අහිංසක ලෙස

ආදරේනම් මේ තරම් මට කියනුයේ ඇයි වෙන්ව යන ලෙස
දන්මි මම ඔබ හට නොහැකි බව මා පෙලා සිත නිවා ගන්නට
කටුක නම් මේ ජීවිතේ ඇයි ඔබම රිදවා ගනුයෙ ඔබටම
ඉඩ දෙන්න මට පොඩි මලක් වී පිපෙන්නට ඔය දෙපා පාමුල

හිදින්නම් මම මහ මෙරක් සේ රිදුම් දෙන හිත ළග පිපීගෙන
නිවන්නම් දුක්ගිනි ඔබේ සුදු මුදු සමන් මල් නෙලා දෝතට
වෙන්ව  යනු බැහැ කොහෙත්නම් මට අසරණයි හුරතල් මගේ හිත
හැර ගියොත් ඔබ මහ පවක් එය ඉඩදෙන්න මට පෙම් පුරන්නට

4 comments:

  1. වාව්.........අක්කා මේකට තනුවක් දාල සිංදුව රෙකෝඩ් කරමුකෝ........

    ReplyDelete
  2. ගායන ශිල්පිනියක් හොයා ගන්න ඔනිනෙ මල්ලා ඉස්සෙල්ලාම නැත්තම් මාත් ආසයි........... :)

    ReplyDelete
  3. හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා. නියමයි :)

    ReplyDelete
  4. ස්තුතියි හසී...........

    ReplyDelete