Jun 30, 2011

වලාවෙන් වැසුණු සඳ, තෙවන කොටස

සති ගානක පන්ති තහනමකට පස්සේ ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න හිතේ පොඩි ලැජ්ජාවක් නොතිබුනා නෙවෙයි ඒත් ඉනින් ඌරන්ට මොන සෞඛයද කියලා හිතලා හෙමිහිට පන්තිය දිහාට පල්ලම් බැස්සා හොස්ටල් එක ළඟින් යද්දි නිකමට වගේ මම කලින් උන්නු කාමරේ දිහා බලද්දි හිතේ පොඩි දුකකුත් ඇති වුනා අපි උන්නු හෝල් එක තිබුනේ දෙවැනි තට්ටුවේ මායි තව කොල්ලෝ හය දෙනෙකුයි තමයි ඒකේ හිටියේ...  දැන් එතැන හිටි අයගෙන් පස් දෙනෙක්ටම හොස්ටල් එක තහනම් වගේම තුන් දෙනෙක්ට ඉස්කෝලෙත් තහනම් කිසි වරදකට පැටලුනේ නැත්තේ දුම්මා විතරයි ඒකා පොත් ගුල්ලා නිසා අපි එක්ක වැඩි ආස්සරයක් නෑ අපි පිස්සුවක් කෙලිද්දි මිනිහා තනියම පොතක් බලා ගත්තේ තනියම බුදු වෙන්න වගේ.. එකම ක්ලාස් එකේ හිටියත් අපි සෙට් එක මිනිහා එක්ක කතා කලෙත් බොහොම අඩුවෙන්.
“හල්ලෝ.. පහනා.. උඹ ආවද මචෝ"  කොහේදෝ ඉඳන් පාත් උනේ අපේ  එළුවා
“අඩේ එළුස් කොහොමද විස්තර මචෝ.."  මම එළුවගේ කරට අත දාන ගමන් ඇහුවා..
“එහෙමම තමයි බන් කණ සාක්කුවේ..." එළුවා ඊයේ රෑ දාපු සොට් එකේ වෙරි පිටින්මද කොහෙදෝ කියලා ඇහැක් ගැහුවා..
“තෝ වගේ වාසනාවන්තයෙක්.. මට ඉරිසියයි බොල“ මම කිවේ එළුවගේ කොන්දට  පාරක් ගහන ගමන්.
“මට වඩා උඹ වාසනා වන්තයි පහනා ඔපිෂියලි සත් දෙකක් ගෙදර ආතල් එකක් ගත්තා..“
“යකෝ මොන ආතල්ද හිරේ දැම්මා වගේ යකෝ බැනුම් අහ අහ එපා උනාමට“
“බැනුම් මොනාද බන්.. හැමදාම අහන එකනේ.. හිටපන් මම උඩට ගිහින් එන්නම්.. උඹ පලයන් පන්තියට අන්න බෙල් එකත් ගැහුවා “ කිව්වත් වගේම එවවා කියද්දිම බෙල් එක දෙවැනි පාරටත් වැදුනා.. තුන් වෙන් පාර වදින්න කලින් ක්ලාස් එකේ නොහිටියොත් සෙනවියා මාව අද ෂුවර්එකටම තම්බගෙන කනවා.. සෙනවියා කියන්නේ අපේ පන්ති බාර ගුරුවරයා වගේම ඉස්කෝලේ විනය බාර ගුරුවරයා කාලෙකින් ඇවිත් අදත් සෙනවියාගෙන් බැනුම් අහන්න බැරි නිසා මම අඩියට දෙකට පිඩිපෙල බැස්සා..

සෙනවියා ඉන්නවා අපේ ක්ලාස් එකට උඩින් බිත්තිය මුල්ලේ.. සිරාවටම ඔකා ඔය හැංගිලා පන්තිය දිහා බලන් ඉන්නේ වරදක් අල්ල ගන්න මිනිහට කොල්ලන්ගේ වරදක් අල්ලන් බනින්න බැරි උනොත් එදාට කෑවේ නැහැ වගේ වෙන්න ඔනි.. අනේ අසරනයෝ ටික අද මම කොහොම හරි බේර ගන්නවා කියලා හිතලා මමත් සෙනවියා නොදැක්ක ගානට පනිත්යේ දොරෙන් ඇතුල් වුනා..

"ආයුබෝවන්!!!" කියාගෙන් මාව දැක්ක ගමන් මුළු පන්තියේම  කොල්ලෝ ටික නැගිට්ටේ නැතැ මට කින්ඩියට.. හපොයි දෙවියනේ මට කට හොල්ලන්න  චාන්ස් එකක් නොදුන්න හැටි මේ කුජීතයෝ ටික .... ආයි හුස්ම ගන්න ඉඩක් නොදි සෙනවියා පැන්නේ නැද්ද පන්තිය මැදට   දුණු  හී අමොරගෙන.. (දුනු හි කිවේ පොරගේ වේවැලට) 

"මොකාද ආයිබොවන් කීවේ.. කියාපියව්.. මොකාටද උඹලා ආයුබෝවන් කීවේ..." සෙනවියා පන්තිය ඉස්සරහා ඉදන් මේඝ ගර්ජනා කුංච නාද හැම එකක්ම කරනවා... එකෙකන් කතා නෑ. මාත් උන්න තැන එහෙමම ගල් ගැහිලා හිටියේ.. අනේ අසරන මම එක චා කේස් එකකින් පස්සේ ඉස්කෝලේ ආපු පලමු දවස.. අනේ මාව බේර ගන්න බුදු තාත්තේ.. (හපොයි.. එතකොට කවුද තාත්තගෙන් මාව බේර ගන්නේ)..

කොහොම කොහොම හරි පළවෙනි පීරියඩ් එකේ මැදක් යනකල්ම සෙනවියා බැන්නත් කවුරුත් ඉදිරි පත් වුනේ නැ මමයි ආයුබෝවන් කීවේ කියලා....... මටත් හිටන් ඉදලා එපා උනා ඒත් ඉතින් මොනවා කරන්නද සෙනවියා කව්වොත් ඉන්න එපැයි.. අන්තිමේ කවුරුත් කතා නැති නිසා මුළු පන්තියම ප්‍රින්ස්පල් ලඟට අරන් ගියා.. එතනත් පැයක් දෙසනාව අහලා අන්තිමේ දඩුවම ප්‍රකාශයට පත් කලා.. ඉන්ටවල් වෙනකල් මුළු පනිත්යට දණ ගහගෙන ඉන්න ඔනි.. මම සහ එළුවා බේරුනා.. එළුවා  මට පස්සේ පන්තියට ආපු නිසා පරක්කුවට විතරයි එළුවා අහුවුනේ.. 

පනිතියට‍ ගිය එළුවයි මමයි බඩවල් අල්ලන් හිනා වුනේ දුම්මා අඩපු විදියට කොල්ලන්ව දණ ගස්සද්දි දුම්මාට ඇඩුනා... මට මතක හැටියට මීට කලින් කරපු කිසිම ඩස්පි වැඩකට දුම්මා හවුල් නෑ අපි විතරයි අහු වුනේ.. 
කොල්ලෝ ටික කටු කන අතරේ මමම එළුවගේන් පාඩු වුන පාඩම් ටික එහෙන් මෙහෙන් කවර් කර ගත්තා..

එදා දවස කොල්ලෝ එකාට එකා බුම්ම ගන්නවා පස්සේ අන්තිම පිරියඩ් එකේ අපි  සේරම පන්තිය දෙක වෙන්න හිනා වුනේ ආයි කිසිම දවසක සෙනවියාටවත් ආයු‍බෝවන් කියන්නේ නෑ කියලා හිතාගෙන..

හවස බාස්කට් බෝල් ප්‍රැක්ටිස් යද්දිත් කොල්ලෝ ටික වෙනසක් නැතිව මාව පිලි ගත්ත එක මට සතුටක් වුනා.. මාව ඉස්කෝලෙන් අයින් නොකරන්න තවත් හේතුවත් උනේ මම නැතිව ටීම් එක රන් කරන්න බැරි වීම වෙන්න ඇති.. මම ආසාවෙන් කියලා කරපු එකම දේ ඉස්කෝලෙන් පස්සේ සෙල්ලම් කරන එක තමයි.. 

මම හවස නැවතිලා සෙල්ලම් කරන වග තාම තාත්තා නොදන්න නිසා හවස ස්කූල් වෑන් එකේ නොයා සුපුරුදු බසයේ යන්න පුළුවන්.. 
********* පහන් හැමදාමත් හවස ප්‍රැක්ටිස් ඉදීවිද... **************



Jun 10, 2011

වලාවෙන් වැසුණු සඳ 2 කෙටස


"ඒයි.. කම්මැලියා ඉස්කෝලේ යන්නේ නැද්ද..."
සෙනූ අක්කාගේ කට හඬයි ජනේලේ කර්ටින් එක ක්‍රීස් ගාලා ඇදපු සද්දෙයි එකම වගේ කියලා මට දැනුනේ.. හිමිදිරි හීතලේ  පොරෝනය අස්සේ ගුලි වෙලා හිටි මම  අක්කා කියපු දේ අහුනේ නැහැ වගේ තව තවත් නින්දට ලෝබ කමේ ගුලි උනා..
"නැගිටිනවා මල්ලී... බබාව ගන්න ස්කූල් වෑන් එක මග එනවා ඇති"
සෙනූ අක්කා උදේ පාන්නදර කියලා බලන්නේ නැතිව මට වදේ ගහනවා මම ඇහුනේ  නෑ වගේ නිදි පාටක් පෙන්නගෙන හිටියා...
"ඕනි එකක් මම යනවා ඉස්‍කෝලේ යන්න බැරි උනොත් මහප්පගෙන් හොඳ කනේ පාරක් වදී..."
අන්තිමේ කේන්තියෙන් කියාගෙන සෙනුරි අක්කා කා‍මරෙන් ගියාට පස්සේ මම හෙමිහිට නැගිටලා නානකාමරේට වැදුනා.
මහ පාන්දර ඉඳන්ම වැටුනු වැස්සේ සීතලත් එක්කම මාත් උදේම නාගෙන ඉස්කෝලේ යන්න ලැහැස්ති උනා.. දඩිබිඩියේ කෑම කාමරේ හරහා දුවද්දි බාප්පා බලහත්කාරෙන්ම වගේ මාව වාඩි කෙරෙව්වා.. කවදා කාපු ඉඳිආප්පද කියලා මගේ ඉතිහාසේ පළමු වතාවට උදේට කෑවා..
ඊටත් පස්සේ අර කියාපු රාජකීය රථය හෙවත් ස්කූල් වෑන් එක එන්න තව විනාඩි පහක් විතර පරක්කු උනා.. ‍මම කලින් ලෑස්ති වුනු එක ගැන මටම හිතින් බැන බැන මිදුලේ මල් බංකුවේ වාඩි වෙලා හිටියා..
සොනූ අක්කා ෆුල් ට්‍රැක් කිට් එකක් ගහගෙන සපත්තු දාගෙන මිදුලේ ව්‍යායාම කරනවා.. ඒක දැකලා මට හතර හිනා.. ව්‍යායාම වලට කරන්නේ හින්දි ෆිල්ම් වල ඩාන්සින් ස්ටෙප්ස් .... එකට යස නමකුත් කිව්වා.... මමත් කල්පනා කලේ නිවාඩු දවසට සෙනූ අක්කා එක්ක මිදුලේ නටන්න.. වටේ පිටේ මිනිස්සුන්ට ඒක ගානක් නොවුනත් ගෙදර අයට හරි ලාමක ටින් ටින් ආතල් එකක් ලැබෙයිනේ..
ඔය කල්පනාවෙන් ඉන්නකොට සුදු වෑන් එකක් ඇවිත් ගේට්ටුව ඉස්සරහා නතර කලා.. පුංචි අම්මා මාව ඇරලවන්න ගේට්ටුව ගාවට ආවේ හරියට පහේ පන්තියේ ළමයෙක් ඉස්සෙල්ලාම ස්කූල් වෑන් එකේ යනවා වගේ.. විලි ලැජ්ජාවේ  පණ යද්දි මම  වෑන් එකේ  දොර ඇරලා ළඟම තිවුන තනි සීට් එකේ වාඩි උනා.. පොල් පටවන්න පුළුවන් සයිස් එකට ලඟින් ලඟින් දාලා තිවුන සීට් නිසා මම  වගේ අතපය හතර දික් වෙච්ච එකෙක්ට වාඩි වෙන්න පුළුවන් එකම සීට් එක ඒක විතරයි.
වැන් එකේ හිටියේ  ඔ()ලෙවල්වත් කරපු නැති පොඩි කොල්ලෝ ඒ කියන්නේ හයේ හතේ පන්ති වල ඉන්න පොඩි බට්ටෝ.. අනේ ඉතින් කාට කියන්නද මගේ දුක  කියලා.. මාත් මගේ පාඩුවේ සද්ද වහලා උන්නා.
බාප්ලාගේ ගෙවල් පාර පහු කරලා වෑන් එක තවත් අතුරුපාරකට හැරෙව්වා.. මම මීට කලින් එක පාරක් ආව වෙලාවක අයියලා එක්ක බීව් එකට ගියේ මේ පාරේ වගේ මතකයි පාර දෙපැත්තේ තිබුනේ තට්ටු තුන හතරේ සුපිරි ගෙවල්.. බලන්න ලස්සනයි ඒ ගෙවල් පේලිය..
ගෙවල්  සිහියෙන් ඉන්න කොට එකපාරටම  කවුදෝ මගේ ඔඩොක්කුවට බෑග් එකක් දැම්මා.. මම උඩවිසි වෙලා බලද්දි  වෑන් එක නතර කරලා මුස්ලිම් ගෑණු ළමයෙක් වෑන් එකට එයාගේ බඩු පටවනවා.. පේන විදියටනම් යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට වෙන්න ඔනි.. ස්කූල් බෑග් එක දාලා ඊට පස්සේ අහක බලාගෙනම තව  රෝස පාට රෙදි බෑග් එකක් දැම්මා.. දැණුනු රස්නේ හැටියටනම් ඒ එයාගේ කෑම එක වෙන්න ඔනි ඊළගට තව පොත් ටිකක් අතින් අරන් වෑන් එකට ගොඩඋනා.. බඩු ලෝඩ් එක අරන් ආව අනිත්  කෙනා කෙල්ලගේ අක්කා වෙන්න ඔනී....




ගෙදර අයට ටටා පාරක් හේම දාලා කෙල්ල වෑන් එකට ගොඩ වෙද්දි තමා නෝන්ඩි  සීන් එක.. මෙයාගේ බෑග් සේරම මගේ ගාව.. මත් ටිකිරි මොලේ භාවිතා කලා කෙල්ලව ටිකක් බයිට් කරන්න... තනියම උනත් මට ඔය වගේ එව්වා සිම්පල්මම මගේ පාඩුව බෑග් දෙක හයියෙන් අල්ලගෙන ජනේලෙන් එලිය බලන් ගියා.. කෙල්ල ගිහින් මට එහා පැන්නේ සීට් එකේ වාඩි උනා.. ඊට එහායින් උන්නු කෙල්ල පිටි පස්ස සීට් එකේ හිටපු කෙල්ලෝ දෙන්නා එක්ක සෙට් වෙලා හූ කිය කිය හිනා වෙනවා..
"‍මොකෝ අංජු අක්කා  උනේ......" . මට පිටිපස්සෙන් සීට් එකේ හිටිය  කොල්ලා මායි කෙල්ලයි අතරින් ඔළුව දාලා ඇහුවා.. යන්තම් ඒ පැත්තට ඔළුව හරවලා බලද්දි කෙල්ල පරදාවෙන් මුළු මූණම වහගෙන ඉන්නවා
මට පව් කියලත් හිතුනා වෙනදට මේ සීට් එකේ කවුරුත් නැති නිසා වෙන්න ඇති කෙල්ල  බලන්නේ නැතිව බෑග් එක වීසි කලේ..
වෑන් එකේ හිටිය කෙල්ලෝ කොල්ලෝ සේරම කෙල්ලට නොන්ඩිය දානවා.. මම කිසිත්  නොවුනු ගනනට බෑග් එක තියාගෙන හිටියා..
"එක්ස්කියුස් මී.. මගේ බෑග් එක දෙනවද..." හීනි හඬකින් කෙල්ල අහද්දි මම ඇහුනේ නැ වගේ හිටියා.. මම හිනාව නතර කරන් හිටියේ බොහොම අමාරුවෙන්
අන්තිමේ කෙල්ලගේ ඉස්කෝලේ ලඟට ඇවිත් බහිද්දි ආයි කෙල්ල සොරි කියලා බැග් එක ඉල්ලුවාම මට නොදී බැරි උනා..
"හෙටත් දෙන්න මම අරන් එන්නම්..." බෑග් එක දෙන ගමන් මම නක්කලේට කියද්දි වෑන් එකේ හිටිය කොල්ලෝ සෙට් එකට හයියෙන් හිනා වුනා ..

Jun 4, 2011

වලාවෙන් වැසුණු සඳ 1 කොටස

තේ ගස් යාය මැදින් ගලාගෙන එන දියපාර දිහා බලන්න මට වෙලාවක් නෑ මම බලා උන්නේ මගේ සුදු කෙල්ලගේ  දිග ඇස් දෙක දිහා, හීනි ඇහිබැමට යටින් පියවුණු ඇස්වල ඝණට වැඩුණු  දිග ඇස් පිහාටු දිහා කොයිතරම් ‍වෙලාවක් බාලකා හිටියද කියලා මට මතක නැහැ. මගේ පපුවට හා පැටියෙක් වගේ තුරුල් වෙලා  හිටියට මේ වෙනකල් ඒ ලස්සන ඇස් ඇරියේ නැහැනේ මේ කෙල්ල.. 

ඒත් මගේ හිත පුදුමාකාර ආදරේකින් පිරුණා.. මම හෙමිහිට නෙළුම් පෙත්තක් වගේ ලස්සන ඒ ඇස් පියනට දෙතොල් ලං කලා..

"පහන්..... මී හරකෙක් වගේ නිදියන්නේ නැතිව නැගිටිනවා.."

බුදු අම්මෝ... තාත්තා කොයිනද පාත්  උනේ.. තාත්තගේ සද්දෙට උඩ වීසි වෙලා ඇහැරුණු මම වට පිට බලද්දි මම හිටියේ ලස්සන තේ යායේ නෙවෙයි.. ගනි මද්දහනේ මහ පාර අයිනේ නතර කරලා තිබුන තාත්තාගේ කාර් එකේ..

අත්දෙකින්ම ඇස් දෙක පිහදාන ගමන්  කම්මැලි විදියට ඇඹරි ඇඹරි සීටි එකේ හරිබරි ගැහෙද්දි තාත්තා කාර් එකෙන් බැහැලා යන්න ගියා. 

"ඉන්නවා ඔහෙම මම බැංකුවට ගිහින් එනකල්" මගේ පැත්තේ වීදුරුවට තට්ටු කරලා කියද්දි මට දැනුනේ මමත් තාත්තගේ ඉස්කෝලේ ළමයෙක් කියලා.

අපේ තාත්තා අපේ පැත්තේ ප්‍රසිද්ද ඉස්කෝලෙක විදුහල් පති තුමා, ඉස්කෝලෙට විතරක් නෙවේ ගෙදරටත් එයා ප්‍රින්සිපල්ම  තමයි ඉස්කෝලේ ප්‍රශ්ණ වලටත් එක්ක අම්මට සැර කරනවා වගේම මෙඩිකල් කොලේජ් ඉන්න අයියට සැර කරන්නෙත් තාමත් ඒ ලෙවල් කරන මට සැර කරණවා වගේමයි..

මං තරම් තාත්තගෙන් ගුටු කාපු පුතෙක් මේ මිහිපිට නැතිව ඇති කියලා තමයි අපේ අම්මා හැම වෙලාවේම කියන්නේ. තාත්තට ඉස්කෝලෙදිවත් මම වගේ දඩබ්බර ළමයෙක් මුණ ගැහිලා නැහැ කියලා ඊයේ තාත්තා බාප්පා එක්ක ෆෝන් එකෙන් කතා කරද්දිත් කියනවා මට ඇහුනා.. කතාවනම් සහතික ඇත්ත තමා.. මුලින්ම මම ගියේ තාත්තගේ ඉස්කෝලේට කොයිතරම් අණ්ඩපාලයෙක් උනත් හොඳින් ඔලෙවල් පාස් වුනු නිසා තාත්තා මාව කොළඹ ඉස්කෝලෙට දැම්මා, ස්කූල් හොස්ටල් එකේ.. යාළුවෝ ගොඩාක් එක්ක මම නිකම් හැසිරුනේ අළුත අත්තටු ලැබුණු කුරුල්ලෙක් වගේ.. මම මගේ නිදහස උපරිම වින්දා.. ඒ අතර වැඩිපුර තිබුනේ නරක වැඩ.. හොස්ටල් එකේ තාප්පෙන් පැනලා ගිහින්  බීච් එකේ රහමෙර පාටි දාන වැඩේ ඉස්කෝලෙට අහුවුනු දා තමයි නිදහස විඳීමේ රසට වේවැල් පාරේ රසයත් එකතු  උනේ... 

අපිත් එක්ක ඒ ගමන ගිය අයගෙන් බොහොමයකට පාසැලට සමු දෙන්න සිදු වුනත්  අධ්‍යාපන ප්‍රගතියයි තාත්තගේ විදුහල්පති කමයි නිසා මට දිගටම ඉස්කෝලේ ඉන්න අවසර ලැබුණත් ආපහු පාසැල් නේවාසිකාගාරේ පස් පාගන්නනම් අවසර තිබුනේ නැහැ.  ඒ අනූව මට  සඳුදා ඉදන් ඉස්කෝලේ යන්න අද මේ විදියට කොළඹ බාප්පලා දිහා නතර වෙන්න යන්න සිද්ද වුනා..


***********************************************************************
********************************
‍***************

බාප්පලා  ගෙදර මට අළුත් තැනක් නෙවෙයි.. පුංචි කාලේ හැම ඉස්කෝලේ නිවාඩුවකටම අයියයි මමයි හිටියේ බාප්පලා දිහා.. සෙනුරි අක්කයි මනුක අයියයි දෙන්නත් මට ආදරෙයි හැබැයි ඉතින් මට රෝසිගේ නම කියලා විහිලු කරන එක තමා ඒ දෙන්නගේ ඉවසන්න බැරි ගුණාංගය.

රෝසි කියන්නේ පුංචි අම්මාගේ මල්ලිගේ දුව එයාලා ඉන්නේ  බාප්පලාගේ ගෙදරට ගෙවල් දෙකකට එහා . හැබැයි ඉතින් රෝසිගෙ වැඩේ සෙනුරි අක්කා එක්ක කියව කියව මුළු දවසම එහේ ඉන්න එක තමයි..  රෝසිත් මගේම වයස එයාට ගෙදරට කියන නම රෝසි උනාට එයාගේ නම වෙන මොකක්ද එකක් ඒ නම නම් කවදාවත් මට මතක හිටින්නේ නැහැ.. 

මම ගියාම රෝසිගේ වැඩේ මොකක් හරි එකක් කියාගෙන මාත් එක්ක කතාවට එන එක.. අනිත් මොන අණ්ඩ පාල වැඩේ කලත් ගෑණු ළමයි කියන්නේ නම් මට අල්ලන සබ්ජෙක්ට් එකක් නෙවෙයි.. සෙනුරි අක්කා අරෙන්න මම කතා බහ කරන්න කැමති අපේ නැන්දගේ දුව ගිම්හානි අක්කා එක්ක විතරමයි..

දණ්ඩනීති සංග්‍රහය ව‍ගේ නීති මාලාවක් පණවලා තාත්තා මාව බාප්පලා ගෙදර ඇරලවලා ආපහු ඉක්මනින්ම ගියේ අම්මා තනියම ගෙදර නිසා. ඒ නීති වලින් හැම එකක්ම ඉවසන්න පුළුවන් උනත් මට ස්කූල් සර්විස් එකක ඉස්කෝලේ යන්න වෙනවා කියන එකනම් ඉවසන්නම බැරි උනා.. හෝඩියේ කොල්ලෙක් වගේ දැන් ඉතින් පලයන්කෝ පොඩි එවුන් යන ස්කූල් වෑන් එකක... කේන්තියට මගේ  කන් රතු වෙලා ඇස් දෙක පුපුරලා කඳුලකුත් පැන්නා.. මම එහෙමම ඇදට පැනලා බිත්තිය දිහාට රවාගෙන හිටියා..

"අහා.. පොඩි මල්ලියා.. මොකෝ මේ.. " සෙනුරි අක්කා ඇඳෙන් වාඩි වෙලා මගේ කොණ්ඩේ අවුල් කරනවා.. මම අක්කගේ අත අරන් පැත්තනකට දැම්මා.. 

"මේ මොකද හරියට මම කරපු දෙයක් වගේ.. " අක්කා රිදෙන්නේ නැති වෙන්න මගේ පිටට පාරක් ගහන ගමන් කීවා..

"ඉන්න දෙන්නකෝ අක්කේ..." මම බිත්තිය පැත්ටම හැරිලා කීවේ ඇස්  දෙකේ කඳුලු දැක්කොත් අක්කගෙන් උනත් නොන්ඩි කන්න වෙන නිසා.

"මම වඩාගෙන හිටියා ඇයි වදේ.. ඔයා ඉන්නකෝ.. මේ මේ... ඔය ඇඳට අළුත් රෙදි දාන්න ඔනි.. ටිකක් අයින් වෙන්න.. ඊට පස්සේ ඔනි එකක් කරගන්න " 
 අක්කා මාව අඳෙන් බ්මට අඳලා දාන්න කලින් මම නැගිටලා  ජනේල් කූරුවල එල්ලුනා..

"පොඩි මල්ලි මේ බලනවා රෝසි මේ සෙට් එක මැහුවේ.. ඔයාගේ ඇඳට දාන්න කියලා දුන්නා..." සෙනුරි අක්කා කොට්ට උර දෙකකුයි ඇඳ ඇතිරිල්ලකුයි පෙන්නලා මට කීවා.. මගේ හිතේ තිබුන කේන්තිය දෙක තුන උනා..

"ඔනි නෑ අක්කේ අම්මා ම‍ට ඒවා සේරම ලෑස්ති කරලා දුන්නා අනික හොස්ටල් එකේ පාවිච්චි කරපු ඒවා තියෙනවානේ..." මම මුණ වැල ගෙඩියක් කරන් කියද්දි සෙනූ අක්කා මගේ දිහාම බලන් හිටියා..

"ඇයි ඉතින් මොකද වෙන්නේ මේක දාපුවාම.." එහෙම කියලා එයා ඇඳ ඇතිරිල්ල එලුවා මටත් ඉතින් නිකම් ඉන්න බෑනේ මම ඉක්මනට පැනලා ඒක පැත්තකට වීසි කලා...

"මොකද හලෝ වෙලා තියෙන්නේ.. පිස්සුද ඔයාට..." අක්කා පුදුමෙන් මගේ දිහා බලාගෙන හිටියා

"ඔයාට මේක පාව්ච්චි කරන්නම ඔනිනම්.. ගිහින් බල්ලගේ කූඩුවට දාන්න.. එලලා දෙන්න... බව්වා සැපට නිදියයි.. ඒත් මට නම් එපා..." මම දුෂ්ඨ වනිදියට කියලා අහක බලා ගත්තා...

"අහා... ඇත්තද... ඔයා ඔයා ගැන හිතන් ඉන්න විදියහරිම සොක් හප්පා..මම අදනේ දන්නේ.. ඔයා ඔයාවම දාගෙන ඉන්න තත්වය..ඒත් ඉතින් පව් අර කෙල්ල....ඒ කෙල්ල පණ නහගෙන ආදරේ කරන්නේ ඔය වගේ කෙනෙක්ටද... ??" සෙනූ  අක්කා කේනිතියෙන් කියාගෙන ගියා. අන්තිමට කියපු දේට මගේ යකා ඩබල් උනා..

"එක්ස්කියුස් මී... ආදරේ කරන්නේ...?? කවුද කවදද කීවේ එයාට මට ආදරේ කරන්න කියලා...??" සෙනූ අක්කගේ උරහිස් දෙකෙන් අල්ලලා හොලවන ගමන් මම ඇහුවේ යකෙක් වගේ.. සෙනු අක්කා පැරදිලා මූන බිමට නවාගෙන හිටියා

" මේ මොන විකාර කතාවක්ද අක්කේ..  මම හීනෙකින් වත් හිතපු දෙයක් නෙවෙයි මේක.... " ගොඩක් වෙලාවකට පස්සේ මම සන්සුන් හඩින් කියලා අක්කව අත්ඇරියා..

"සොරි මල්ලියා.. ඉට් ජස්ට් එ ඉමැජිනේෂන්.." එහෙම කියපු සෙනූ අක්කා යන්න හැරුනා..

"ප්ලීස් අක්කේ.. රෝසියි මායි සම්බන්ධ කරලා විහිලු කරන්න එපා.. එයා මම හොයන ටයිප් නෙවේ.. නිකම් බොරුවට එයාට බලාපොරොත්තු දෙන්න එපා.. ඒක පව්.. මම ආස නෑ කිසි කෙනෙක්ගේ හිතක් රිදවන්න.. ‍මට මේ ජීවිතේ හරි නිදහස්.. ඒක ගෙවන්න ඔනි ප්ලීස්.."  අක්කා යන්න කලින් ඒ ටික කියා ගන්න මට පුළුවන් උනා...

ඊට පස්සේ හවස් වෙනකල්ම මම කාමරෙන් එළියට ආවේ නැහැ.. හවස මනුක අයියා වැඩ ඇරිලා ඇවිත් මාව ඇහැරවනකල් මට හොඳ නින්දක් ගියා.. 

"අහා.. ලොක්කා.. ජල්ලියක් මාට්ටුලු නේ..." මනූ අයියා මගේ පිටට රිදෙන්න පාරක් ගහන ගමන් ඇඳේ පැත්තකින් වාඩ් උනා...

"සික්.. කියලා වැඩක් නැ අයියේ.. චාටර්...." මම නිදි මතේම කීවා...

"චාටර් ...?? .. කවුද යකෝ චාටර්.. උඹනේ.. යකෝ.. අහු නොවෙන්න ගේමක් දෙන්න බැරි හැටි අම්මපා..." අයියා දිගටම මට වදේ ගහනනවා.. මොනා කරන්නද.. ඉවසනවා ඇරෙන්න...

" විලි ලැජ්ජිවේ සන්තොසේ බෑ අයියේ..." මම ඇඳෙන් නැගිටලා ඇඟමැලි කඩන ගමන් කීවා..

"කොල්ලා හෙට ඉඳන්  ස්කූල් සර්විස්ලු යන්නේ නේද...." මනු අයියගේ පල් හිනාවට මට පෙළව ලගන් යන්න හිතුනා..

"ආයිත් අහලා සැප සැප සුර සැප.. බස් වල තෙරපෙන්න ඔනි නෑ.. බස් නැතිව චා වෙන්න ඔනි නෑ... පින් කරන්න ඔනි ඔව්වා ලබන්න..." නොන්ඩිය වහගන්න මාත් පොර ටෝක් එකක් දුන්නා..

"අනේ බන් උඹත්.. දැන් එහෙමවත් කියපන්..." මනුක අයියා මහ හයියෙන් හිනා උනා....