Oct 11, 2010

පිච්ච මල I


ගෙදර ඉන්න කමිමැලි කමට පාරට බැස්සත්, කොහේ යන්නද මොනව කරන්නද කියල නිශ්ච්ත අරමුණක් මට තිබු නෙ නැහැ.
          අය්යගෙ අලුත්ම කාර් එක විශ්වාසෙන් මට දුන්නු නිසා හරි පරෙස්සමෙන් පැදෙව්වේ, මගේ ඉතිහාසයේ හැටියට මට පුදුමයි අය්ය යතුර දුන්නු එක ගැන....
          දිගු කාලයක් විදේශයක ඉදල පළමු වතාවට ගෙදරට ගොඩ උණු ගමන් මම දුවගෙන ගියේ මගේ මෝටර් සයිකල් එක බලන්න, ඒත් එත්න තිබුනේ මළකඩ කමින් තිබුන පරණ යකඩ ගොඩක් විතරයි.
ඒ අතරින් මැවිල පෙනෙන කදුලු මතකයන් අමතක කරන්න ඔනි නිසාම මම ආයෙත් ඒ පැත්තවත් බැලුවෙ නැහැ.
            ගෙදරටම කොටුවෙලා  ඉන්න එක හිතට වදයක් නිසයි එළියට ආවෙ‍‍‍‍, ඒත් ඒක ඊට වඩා හිතට වදයක් බව ටික වෙලාවක් යද්දි මටම ‍තේරුනා.  වට රවුම් වලින් කැරකිලා මම නැවතුනේ කලාගාරයේ වාහන අංගනයේ “නේත්‍රා කුලුදුල් සිතුවම් දැක්ම” නාම පුවරුව දුටු හැටියේම ඉබේටම වගේ මගේ දෙපා ශාලාව දෙසට ඇදුනා  


 “ගොඩාක් ස්තුතියි සර් මේ ප්‍රදර්ශනය බලන්න ආවට.........”  ප්‍රවේශ පත් කවුලුවෙන් ටිකට් පතක් සමග ස්තුතියකුත් ලැබුනා...එතන හිටපු කෙල්ලන්ගෙ ඇස් අමුතු විදියට මගේ දිහාට එල්ල වෙලා තිබුණා...මට දැනුණෙ අපහසුතාවයක් මම ඉක්මනින් එතැනින් ඉවත් වෙලා ප්‍රදර්ශණ භුමිය දෙසට ඇවිදන් ගියා.
“මුන් මාව කලිනි ඉදන් අදුනනවවත්ද” මගේ හිත මටම මිමිනුවා.....මගේ හිතේ තිබුනේ මහා චකිතයක්, එතැන හිටපු ගැහැණු ළමයි හතර දෙනාම ඇස් උඩ දාගෙන බලාගෙන හිටියෙ හරියට යකෙක්ට බය වෙලා වගේ..

ඒ ගැන හිතල තවත් මගේ හිතට මහන්සි නරන්න මට හිතුනෙ නැහැ මම ඒ සොදුරු සිතුවම් එකින් එක ආසාවෙන් බලාගෙන ගියා මට දැනුනේ මම අමුතුම ලෝ කෙක තනි වුනා වගේ. වම පිටාව ගැන මට අවධානයක් තිබුනේ නැහැ.

මම කලාකාරයෙක් නෙවෙයි ඒත් ඒ චිත්‍ර දැක්කහම මටත් කලාකාරයෙක් වෙන්න හිතුනා නිතර ඇහැට දකින්න ලැබෙන දේවල් හරි අපූරුවට සතුවම් වෙලා. මට දැනුනෙ මම ආයෙත් මගෙ සෙල්ලක්කාර කාලෙට දුවනව වගේ. මං කරක් ගහපු හැම තැනක්ම  මං ඒ චිත්‍ර වල දැක්කා

ශාලාවෙ කෙලවරට ඇවිදන් යද්දි දුටු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරි වුණා.  ඒ හිටියෙ මම විශාල ප්‍රමාණයේ සිත්‍රවම් පුවරුවක මාත් මගේ කුඩු පට්ටම් උණු මොටර් බයිසිකලයත්............දකිද්දි මට උන් හිටි තැන් අමතක උණා... මේතරම් අපූරුවට මගේ ශරිරයේ හැම ලකෂණයක්ම ඒ විදියටම සිතුවම් කලේ කවුද....මට අදහගන්න බැරි උණා.. සිතුවම ඉස්සරහ මම කොයි තරම් වෙලාවක් හිටියද කියල මට මතක නැහැ..මගේ උගුර කට තෙමාගන්න කටේ කෙල පොදක් වත් නැති බව මට තේරුණේ ගොඩක් වෙලාවකට පස්සේ .................

පිස්සුවෙන් වගේ මං දුවගෙන ගියේ ප්‍රවේශපත් කුටියට, එතැන උන්නු කෙල්ලන්ට මගේවෙනස තේරෙන්න ඇති මං එද්දි එයාල බයවෙලා බලාලෙන උන්නු හේතුව මම දැන් දන්න බව එයාලට තේරෙන්න ඇති.

"නංගි කවුද මේ චිත්‍ර ඇන්දේ" හතිදාගෙන දුවගෙන ආපු වේගයෙන්ම අහද්දි ඒ කෙල්ලෝ හතර දෙනාම ඇස් උඩදාගෙන බලාගෙන හිටියා..

"අනේ.....මට කියන්න කවුද..........." මගේ හිතේ තිබුණු චකිතය වචන එක්ක පිටවෙන්න ඇති. හතර දෙනාම එකපාරට හැරුනේ ඇතුල් කාමරය දිහාවට  කාටවත් මුකුත්ම කියන්නවත් ඉඩ නොතිය මම පිම්මේ දුවගෙන ගියා ඒ දිහාවට
video
පිච්ච මල  II කියවන්න......


8 comments:

  1. කාර් එක තියෙනව නේ අක්කා..ඕක මොකක්ද....

    ReplyDelete
  2. ඊට කලින් කියමු බලන්න කාර් එක හොදින්ද කියලා.. ;)

    ReplyDelete
  3. ඒක හොදින් ළමයෝ............. ඒත් ඒක මගේ නෙවෙයිනේ රත්ගම මලිලියා...............

    ReplyDelete
  4. ඉක්මනට........ ඉතිරිය.. කියවන්න ඕනි...

    ReplyDelete
  5. අඩේ අෆ්ෆා............. සිලාවට ලීල තීනව අනේ............ :) කීප් ඉට් අප් අක්කියාzzzzz :)

    ReplyDelete
  6. ස්තුතියි මල්ලිලා හැමොටම.............

    ReplyDelete
  7. එල... එල... අප්ෆා... මම ඔය කතා කියවන්න කම්මැලියෙක් උනාට. මාත් ඕක කියෙව්වා... එල... ඈ... ඉතිරි ටිකත් කියවන්න ඕන...

    ReplyDelete