පිච්ච මල II කියවන්න............. මේ තෙවැනි කොටස.................
උත්පලා මගේ අඹ යාළුවා උණේ හෝඩ්යේදි අපි දෙන්නා වාඩි උණේ එක ළග සෙල්ලම් කලේ එකට කාලය ගෙවිල යද්දි වයසත් එක්ක හෝඩ්යේ තිබුණ යාළු කම ටික්ක අඩු උනත් එකි හැමදාමත් මගේ අඹ යාළුවාහැම පන්තියකදිම වගේ උසස් පෙළ පන්තියේදිත් මගේ සටහන් ලිව්වේ උත්පලා, ගෙදරින් ගේන බත් මුල මාත් එක්ක බෙදා ගත්තෙ එක කුස උපන් සහෝදරියක් වගේ..
තාත්තිට ඇතිවෙන්න සල්ලි තිබුණාඒ නිසාම මට ඉගෙන ගන්න තිබුණ උවමනාව අඩුවුණා.ඒත් උත්පලා නැහීගෙන පාඩම් කලා. මාවත් පාඩම් කොරව්වා... මම උසස් පෙළට ගත්තු අධිසම්මාන හතරම අයිති මට නෙවෙයි උත්පලාට.
අපිදෙන්නම සරසවි වරම් ලැබුවා... ඔය කාලේ මම හිටියෙම උත්පලාලගේ ගෙදර, පුතෙක් නැති ඒ ගෙදර මම ලොකු පුතා වුණා.........ඒ දුප්පත් දෙමව්පියෝ මට සැළකුවේ තමන්ගෙම දරුවෙක්ට වගේ ඒත් ඒ ගෙදර උන්න පුංච් පිච්ච මල කවදාවත් මගේ ඇස් ඉස්සරහට ආවෙ නැහැ. මම ගේට්ටුවෙන් ඇතුල්වෙද්දිම නෙත්මි කාමරේට රිංගනවා.. කටුව ඇතුලේ හැංගෙන ඉබි පැටියෙක් වගේ. ඒ දවස් වල රංගයා කිව්වේ මං ඇස් වලින් ඒ පොඩි කෙල්ලව කනවා කියලා.....
රංගයාගේ කතාව ඇත්ත වෙන්න ඇති... ඔනවට වඩා මම නෙත්මි දිහා බලාගෙන ඉන්නවා... මහ පාරෙදි ඉස්කෝලෙදි... එයාව දකින දකින හැම තැනදිම..................... මං ඒ අහිංසක පිච්ච මලට ආදරේ උණේ සාමාන්‍යය පෙල පන්තියේ ඉන්නකොට එතකොට මගේ කෙල්ල අට වසරේ ....ඒ නිසාම එයාට මගෙ ආදරේ ගැන නොකියා මම එයාට හිතින් විතරක් ලං වුණා.
"ද්ල් මචං... මල වටේට බඹරු කැරකෙනවා වැඩියි.....ඉක්මනට නෙලා නොගත්තොත් උඹට සොරිම තමයි......"
දවසක් රංගයා අනතුරු හැගෙව්වා... මම මගේ හිතේ තිබුණ පුරුෂ ධෛර්යය ඉස්සරහට දාගෙන උසස් පෙළ සමත් උණාට තාත්තාගෙන් තෑගි ලැබුණ මොටර් බයිකලෙන් ගියා නෙත්මි ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට අතරමග පාලම හන්දියට... වෙලාවටත් කලින් ගිහින් ඔරලෝසුවට රව රවර ඉන්නකොට මගේ පිච්ච මල ඇතින් මතු උණා.
මං නෙත්මි දිහාම බලාගෙන හිටියා අහම්බෙන් අපේ ඇස් හමු උණාම එයා පුරුදු විදියට මගෙන් හංගගෙන ඇස් බිමට බර කලා. මම සැලුනේ නැහැ. මගේ අහිංසක පිච්ච මල මවෙ පහු කරන් යන්න හද්දිම මං එයාගේ මග අහුරලා හිටගත්තා පැනල දුවන්න ඉඩනොදී ඒ බාහුව වැරෙන් අල්ලාගත්තා අනේ අහිංසක මුව පැටික්කියෙක් වගේ මගේ කෙල්ල වෙව්ලනවා. මම මගේ දකුණු අත ලිහිල් කලා, වෙව්ලන ඇගිලි ඒ දිලිනෙ කෙස් අතරින් යවලා මං ඒ ඇස් දෙකට එබුණා.
"මං ගොඩාක් ආදරෙයි........ චූටි මැණික දන්නවා ඒක........" ඇසෙන නෑසෙන හඩකින් මම මිමිනුවා. ඒ බෝල ඇස් පිපිරිලා ලොකු කදුලු බින්දුවක් වැටුනා. මගේ අත් පණ නැති වුනා වගේ නෙත්මිගේ දකුණු බාහුව තද කරන් හිටපු මගේ වම් අත ගිලිහෙද්දි මගෙන් මිදුන කෙල්ල ඇතට දුවගෙන ගියා.....
පපුවට තුරුලු කරන් ආව ෆයිල් කවර ටිකත් අහුලගෙන මං එයාලගෙ ගෙදර ගියත් එදා දවසට ආයෙත් මට ඒ ඇස් මුණ ගැහුණේ නැහැ, මං ෆයිල් ටික ගැන කියපු බොරුව නිසා අහිංසක කෙල්ලට අම්මාගෙනුයි අක්කාගෙනුයි බැනුම් අහන්න උනු එක විතරයි උණ්.....
පිච්ච මල IV කියවන්න............. මේ තෙවැනි කොටස.................
නමක් නෑති සුරංගනවගෙ සුන්දර මතක සටහන් ගොඩක් සුන්දරයි.. ආඩම්බරයි ගමේ මිනිස්සු විදිහට සුභ අනාගතයක් ...
ReplyDelete---- අනේ අපොයි------
ඔයා ලස්සනට ලියනවා.මං ඔය සිංදුව අරගත්තා.කමක් නෑ නේද?ඔය කථාව අන්තිමට දුකක් හිතෙක විදියට ඉවර කරන්නෙපා.comment කරන කොට ඉල්ලන word verification එක අයින් කරන්නකො යාළුවේ.එතකොට ලේසියි comment කරන්න.
ReplyDeleteඅනේ අපොයි.... තරු අහස...... ස්තුතියි අදහස් වලට..........
ReplyDeleteපිච්ච මල... පිච්ච මල... මට කවදාවත් මුණ නොගැහුන පිච්ච මල...
ReplyDeleteඔයාටත් පිච්ච මලක් මුණ ගැහෙයි.....
ReplyDelete