මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 14, 2010

යශෝදරා නෙවෙයි මගේ නම

පෙරුම් පුරන්නට ඇති කප්පරක්
නූඹ නිසාම
මේ සසර පුරාවට
විදින්න ඇති දහ දුක්
ලබන්නට ඔය සෙනෙහස
රකින්නට මගේ පණ ලෙස
පිපෙන් ඇති මම මලක් ලෙස
ඔය හිත පුරාවට
කිදුරු කුලයේ
ඉපදුනේ නැති උනාට
ලෙහෙන කුලයෙදිත්
මම පෙම් නොකෙරුවාට
උපන් හැම අත් භවයකම
පතන්න ඇති මම ඔය හිතම
ඒ නිසා වෙන්න ඇත් මේ තරම් ගින්දර
ගිය පසුත් නුඹ
යශෝදරා සොයාගෙන
උහුලන්නේ මම මේ හැටි ගින්දර
නැති උනු වෙලාවට යසෝගේ සුව බස
අමතන්නේ කිමද මට
දෙන්නට පොඩි වෙලාවක්
හදාගන්න මට මගේ හිත
මහන්සියි මට
අමාරුයි නගින්න මේ ගිරි දුර්ඝය
වෙනස් උන නිසා මගේ නම

4 comments:

  1. I invite you to follow my blog

    ReplyDelete
  2. පිස්සු හැදෙනවා නගේ
    අම්මෝ මට ත් කියාගන්න ඔනේ උනු දෙයක් ඔයා මේ ලියලා තියෙන්නේ
    දුක්බරම වචන ටිකකින් කියන සුන්දර දෙයක් :)
    ලස්සනයී නංගා........
    හුගාක් දුකයී

    ReplyDelete
  3. ලස්සනයි....ඒත් හරි දුකයි..ගොඩක්.....

    ReplyDelete
  4. හම්මෝ... කිවුරු නෑ කිව්වත් මට නම් එයා යශෝධරාම තමා.

    ReplyDelete