Jan 31, 2011

නිමක් නැති කතාව හතරවන කොටස

සංජේ ගේ මන්ද මානසික හැසිරීම නිසාම ඔහු අතහැර යලිත් මඩකලපුවට පැමිණි මා දුරකතනයෙන්  ඔහුට කතාතර සුවදුක් විමසුවේ ඔහු කුමණ ආකාරයෙන් මට හිරිහැර කලත් මම බොහොසෙයින් ඔහුට ආදරය කල ගිසාය. ඒහෙත් ඔහුගේ ප්‍රත්චාරය ඉතාමත්ම පහත් එකක් විය'

"ෂගානා උඹට විතරක් කොහොමද යාපනෙන් පිට යන්න අවසර ලැබුණේ මෙහෙ කිසිම කෙනෙක්ට නොලැබුණු චාන්ස් එකක් උඹට ලැබෙන්නනම් උඹ අනිවාර්යයෙන්ම හමුදා කදවුරේ ගණීකා කම් කරන්න ඇති ඒකයි උන් උඹ කියපු ගමන්ම මඩකලපුවට යන්න දුන්නේ"
යි කියමින් නවත් අසැබි වදන් යොදා ඔහු මට බැන වැදුනේය. එවදන් ඇසීමට නොකැමති වු මා ඉන්පසු ඔහු හා කතා කිරීම නතර කලෙමි.

මට දික්කාසාද වීමට ඇවැසි බව කියා ඔහුව මෙල්ල කරන්න සිතූවත්  කිසි දිනෙක දික්කසාද නඩුවක් නොදැමීමි.  එහෙත් නිතර නිතර දුරකතනය ඔස්සේ ඔහු මා සමග කතා කලේය... විටෙක කුඩා දරුවෙකු මෙන් හඩමින්ද විටෙක අන් මිනිසුන් පාවා දෙම්න් මට නිනිදා කරමින්ද ඔහු මා මානිසකව තලා පෙලා දැමීය.... එහෙත් ඒ වනවිටත් මට අවැසිව තිබුනේ නැවත ඔහු හා සුන්දර ජීවිතයක් ආරම්භ කරන්නටයි එහෙත් ඔහුගේ ක්‍රියා කලාපය එන්න එන්නම අසාමාන්‍ය විය. කැනඩාවේ සිටින අප්පාටත් මගේ අනෙකුත් නැදැයින්ටත් දුරකතන ඇමතුම් දී වියරුවෙන් ක්‍රියා කිරිමට පටන්ගත් නිසාවෙන් මම මගේ දුරකතන අංක සියල්ල වෙනස් කලෙමි. ඔහුට මා ඇමතිය හැකි මාර්ග සියල්ල වසා දැමුවෙමි. එහෙත් ඔහුට හොරෙන් ඔහු ගැන සොයා බැලුවෙමි. හෙරොයින් හා  මත්පැන් බාවිත කරමින් ඔහුගේම ශරිරයට කැපුම් තැවාල සිදුකරගනිමින් මාව නැවතත් ඔහුවෙත ගෙන්වාදෙන මෙන් මගේත් ඔහුගේත් මිතුරන් ඉදිරියේ බැගෑපත් වන හැටිත් මටදැන ගන්නට ලැබුණි.


මම මගේ ප්‍රංශයේ සිටින මිතුරකු ලවා ඔහුට ඒසේ නොකරණ ලෙස ඉල්ලීමක් කලෙමි.. එහෙත් අවසානයේ ඔහු මාහා මගේ මිතුරා අලලා මුසාවාදයක් ගොතා තිබුණි.


මගේ සෑම උපන්දිනයකම ඔහු පුරුද්දක් ලෙස ලේ දන් දුන්නේය...... ඒසේම මා ඔහු සමග අනාපව සිටින කල ලෙයින් ලියූ ලියුම් කිහිපයක්ම මට එවා තිබුණි....

එහෙත්


පසුගිය වසරේ මගේ උපන්දිනය උදාවත් සමග ගෙල වැලලාගෙන ඔහු දිවියෙන් සමුගෙන තිබුණි....   දේහය අසල වු ලිපියෙහි ලියා තිබුනේ
 
"මගේ ෂගානා මගෙන් අයින් වෙලා වෙන කෙනෙක්ව බදින්න ලැහැස්තියි... මට ඒත දරාගන්න බරි නිසා මම ජීවිතේ නැති කරගන්නවා"

කියායි... ඒ  ඈසු ම‍ට සිහිසුන් නැතිවිය.... ඔහුගේ වරදට දඩුවමක් ලෙස කතා නොකර සිටියාට මම ඔහුගෙන් ඈත් වන්නට කිසිදු උත්සහයත් නොගතීමි... ඔහු වෙනුවෙන් මම කැප කල දේද බොහොය... එහෙත් ඔහු අවසන් වරට ලියා තිබූ දෙයි නිසාවෙන් මට අවසන් වතාවටහෝ ඒ මුහුණ බලන්නට නොහැකිවිය...මන්ද
 "මඩකලපුවේ තරුණිය නිසා යාපනයේ වෙද සිසුවා දිවිනහගෙන" යැයි කියමින් මහත් ආන්දෝලනයක් ඇතිවීම නිසා... මට යාපනයට යෑමට නොහැකි වීමයි.

Jan 30, 2011

ආත්මීය සටහන!!

මිතුරු වාරුවෙන්
නැගීසිටියෙමි නමුත්
යලිත් මම අසරණයි
තනිවෙලා වගෙයි මම.........

මටම මම සැගවෙන්න
හිතට එන සිතිවිල්ල
හිරකරන්නමි කදුල
වාව ගන්න බැරිම තැන ........

ගුලිවෙලා හඩන්නට ‍
ඇස පිරී කදුලු ඇත
එහෙත් නෙහඩමි ඉතින්
සනසන්න කෙනෙක් නැතිකොට......

Jan 29, 2011

නිමක් නැති කතාව 3 කෙටස

රුසියාවේ සිට යලිත් මව්බිමට පැමිණි සංජේගේ හැසිරීම්වල අසාමාන්‍ය වෙනසක් තිබුණි. වෙස මිනිසුන් අලලා ඔහු මගෙන් නෙයෙකුත් විකාර ප්‍රශ්ණ අසන්නට විය.. .. අප යන මගතොටෙහි පොකුටු හිසකේ ඇති පුද්ගලයෙකු හමු වුවහොත්,

"ෂගානා ඔයා ඒ එක්කෙන් එක්ක යාළු වෙලා නම් මේ වෙද්දි ඔයාට ලැබෙන බබාට පොකුටු කොන්ඩයක් තියෙයි" යැයි ඔහු කිවේ ද්වේශයක් හිත පුරවාගෙනයි...  එවන් විට මම හිරි වැටී ගියෙමි... සැමියෙකු බිරිදකගෙන් කිසිදින නොඅසන තරමේ කතා ඔහු මගෙන් අසා තිබේ එහෙත් මම ඉවසුවෙමු ඔහු කෙරෙහි ඇති ආදරය නිසාම ඉවසුවෙමි.

දිනක් රැයේදී ඔහු බියර් එකක් බීමට අවැසි බව කීමෙන් අප දෙදෙනාම අම්මාට ගොස් හොරෙන් බියර්  ඒ ඔහු තනිවම ගියහොත් අමිමා සැක කරන බැවිනි. බියර් බොතලය රැගෙන නිවසට පැමිණි මා ඉක්මනින් නින්දට වැටුනෙම්ග ඔහු කාමරයේ සිට බියර් බෝතලය හිස් කරන්නට පටන් ගත්තේය.. පසදින මා අවදි වුයේ මදක් පමාවිය... රැකියා ස්ථානයට යන්නට පරක්කු වන බැවින් මම ලිහි ලහියේ සූදානම් වන්නට සිතා තැඩපත ඉදිරියට ගියෙමි දුටු දෙයින් මම හිරිවැටීගියෙමි. මගේ මුළු ශරීරය පුරාවටම පර්මනන්ට් මාකර් එකකින් ඔහු පෙම් කවි ලියා තිබුණි. මම කේනිතියෙන් ඇවිලුනෙමි. ලියා තිබුණේ  පෙම් කවක් වුවද රැකියාවට යන්නට පරක්කු වී සිටි මා  ජීවිතයේ පළමු වතාවට ඔහු හා රණ්ඩු වුනෙමි. ඔහු තරයේ කියා සිටියේ රාත්‍රියේ මගේ ශරීරය පුරා කවි ලිවේ ඔහු නොවන බවයි... එහෙත් බියර් මතින් කිසිවෙකු මෙවන් ක්‍රියාවක් නොකරන බව මම දැන උන්නෙමි.

ඔහුගේ මන්ද මානසික ක්‍රියා උත්සන්න වන්නේ ඉගෙනීම මග නතරවුනු නිසාදෝයි සිතම්න් මම රැකියාවෙන්ද ඉවත් වී ඔහු හා යලිත් යාපනයට ගියෙමි. ඒ ඔහු හා මා තනිවම ජීවත් වුනු පළමු අවස්ථාවයි.

යාපනයේදී මා ගතකල අවදිය තරම් අපුල අවදියක් ගතකිරීමට මගේ ජිවිතයේ කිසි දිනෙක මම බලා පොරෙත්තු නොවුනෙමි.

ඇතැම්දිනවල  ඔහු මහරෑ වැල්ලට ගොස් ධීවරයන් හමුවී මුදල් ගනුදෙනු කලේය... ඒ කුමකටද බව අදවනතුරුත් මම නොදනිමි. ඒවන් දිනවල  රාත්‍රියේ ඔහු නිදාගන්නේ ඇද අසල විශාල කඩුවක් තබාගෙනය.  මම ඇසුවිට ඔහු කියන්නේ ඒ ඔහුගේ ආරක්ෂා‍වට බවයි. එහෙත් උදෑසනට‍

"කවුද මේක මෙතැන තිබිබේ" කියා ඔහුම අසයි...
"ඇයි ඔයාමනේ තියා ගත්තේ" යි මම කියූ විට කිසිවිටෙකත් ඔහු මා විශ්වස නොකරයි... රැයෙහි කරන දෙය ඔහුට උදෑසනට අමතකය....

අනෙක් කරුණ වයේ කිසිදු කායික බැදීමක් සදහා ඔහු මාහා එකග නොවීමයි.... විවාහ වී හතරවැනි අවුරුද්දේ මම දරුපැටියෙකුගේ සෙනෙහස කැදැල්ලට ගෙන එන්නට දෑරු හැම උත්සහයකටම ඔහු එකසේ විරුද්ධ විය.

" බබාලා ඔනි නැහැ... බබෙක් අපි අතරට ආවොත් ඔයා මං ගැන බලන්නේ නැතිවෙයි" අසාධාරණ ලෙස ඔහු කියා සිටියේය.

ඔහු වෙද විදුහලට ගිය පසු දහවල් කාලයම තනිව නිසේ සිටින මා පළමු වතාවට මානසික ආතතිය සදහා වෛද්‍යවරයෙකු හමුවී බෙහෙත් ගතිමි.

දිනක් මහ රැයේදී වෙරි මතින් නිවසට පැමිණි ඔහු නිවසේ ප්‍රධාන විදුලි ස්ව්චය නිවා දමා මාවත් නිවසින් පිටතට දමා දොරවසා දැම්මේය... මම ඉකිබිදිමින් හඩමින් ඇදසිටියත් මුළු රැයම පොට්කොවට වී සිටීමට මට සිදුවිය... උදෑසනම හඩමින් ප්‍රධාන හමුදා කදවුරට දිවගිය මා හැකි ඉක්මනින් මාව යලිත් මඩකලපුවට යවන ලෙස ඉල්ලා සිටියෙමි... මගේ හැඩුම් විලාදසය දුටු කරුණාවන්ත හමුදා නිලධාරින් හදිසි අවස්ථාවක් ලෙස සළකා ඉක්මනින් මා මඩකලපුවට පිටත් කිරිමට පියවර ගත්තෝය.
   

Jan 28, 2011

නිහඩ බව බිදින්න

හීන් මල් තුහින මත
රගන සමනල නැටුම
හැඩයි නුඹ දන්වා ඒක මම නොකිව්ට

කැදැල්ලේ හඩ නගන
කුරුළු පවුලක සතුට
හැමවිටම පෙම්බරයි දන්නවා එයත් නූඹ


හැම විටම නොකිව්වට
අපි සිතින් නුඹ සමග
නෙදන්ව උනත් නුඹ ඇත්තමයි හැමදාම


නිහඩ කල නොහැකි මුත්
නිහඩවු මුළු ලොවම
සදාතනිකම නැතැයි කියන්නම් ඉනිත් මම


නිහඩබව බිදහෙලා
තුටු සිනහ නගන්නට
ඉන්නවා නුඹ සමග සොහොයුරේ හැමවිටම

Jan 26, 2011

මුණු පොතේ කතන්දරේ


මිතුරු උනා නුඹ 
පේස් බුකියේ මා සමග
කියමින් සම්ප්‍රප්ලාප
චැට් කලා දවසම
හදාගෙන ගෘප් එකක්
දාගෙන විකාර නමක්
යාළුවෝ වැඩිවෙනකොට 
එකිනෙකා කියා ගත්තා 
පිසුනා වාචා එක්කම 
මුසාවාද  සමහර විට
අන්තිමේදි කියාගෙන 
එකිනෙකාට පරුෂා වාච
ඩිලීට් කලා ගෘප් එකම
නැතිවුණා ඇතිකරගන්
මිතුරුදම..................

Jan 25, 2011

"සෙනෙහසක සටහන"



සිනිදු නෙළුම් පත් පෙති අතරේ
නිදන පුංචි සමනලියක සේ
තුරුළුව ඔබගේ උණුසුම් ළය මත
නිදන්න ආසයි මට රිසිසේ

පින්න මලට වැටි පිනි බිදුසේ
මගේ ඇසිපිය මත රැදි කදුලේ
අමරස ඔබ දොතොලින් විදිනා විට
වාවන්නෙම් මම පෙම කෙලෙසේ

ගුලිවී පොඩි හා පැටියෙකු සේ
‍උණුසුම සොයනා විට තුරුලේ
දිගු  අතැගිලි මගේ හිස පිරිමැදි විට
හඩමි නුඹට තුරුලුව රහසේ

Jan 24, 2011

"නිමක් නැති කථාව - 2 කොටස"

සංජේ ගෙන් මට ලැබුණු සෙනෙහසෙහි අඩුවක් නොදැනුනද......  ළද බොළද යුවතියනවූ මා.. අපගේ මධුසමයදා... ළදැරියක මෙන් හැඩුවෙමි.... හේතුව වුයේ..... මහන්සියි යැයි පවසමින් ඔහු කලින්ම නිනිදට යෑමයි.

මගේ අම්මා මධුසමය පිළිබද කිසිත් නොඇසීමත් ඔහුගේ අම්මා මා සමග අමනාපයෙන් උන් නිසා කිසිත් නොවිමසිමත් සිතට සහනයක් වුවද මම මානසිකව කැළඹි උන්නෙම්.....

හිත රීදී තිබුනත්  ඒ දින කිහිපය සැනසිල්ලේ ගෙවී ගියේය.... සුපුරුදු ලෙස ඔහු ඉක්මනින් නින්දට යයි දහවල් කාලයට වඩා අමුතු රතුපැහැ බවත් රාත්‍රියට ඔහුගේ දෙනෙතෙහි විය එසේම අමුත් මත් බවකින් සිටියේය.... එහෙත් මම කිසිත් නොඇසීමි........ වයස විසි එකක යුවකියක වු මට... මගේ විවාහය නිසා ඇතිවු එකම වෙනස වුයේ.... මගේ කාමරට ඔහු පැමිනීම පමණකි....  සුපුරුදු ලෙස අම්මා සමග හුරතල් වෙමින් සිටි මගේ ලොකය ගිනිගන්නට සතියක් තරම්වත් කල් ගත නොවීය. දිනක් ඔහු නිවසට පැමිණයේ හතරපයිනි..  ඒ තරමට ඔහු බීමත්ව උන්නේය... ඔහු මට කියා තිබුනේ ඔහු කිසිදිනක මත්පැන් බී නැති බවකි... එහෙත් එදින පටන් ගත් ඔහුගේ බීමත් දිනචරියාව කිසිදු දිනයක වෙනසත් නොවීය

 විවාහයෙන් පසු දෙවන සතියේ ඔහු යලිත් යාපනය විශ්ව විද්‍යාලය බලා පිටත් විය... මා සුපුරුදු ලෙස නිවසේ තනි වුනෙමි. කාලය ගෙවි ගියේ නෙසිතන වේගයකිනි.... ඔහු උන්නේ...යාපනයේය මම උන්නේ මඩකලපුවේය...  ඔහු අප නිවසට පැමිණියේ නිවාඩුවකට පමණි. එහෙත් ඔහු මා සේවාස්ථානයට මට රහසේ දුරකතන ඇමතුම් දී මා පිළිබද සොයා බලන බව දැනගත් වෙලේ මා කැළඹුනෙමි. 

මැදියම් රාත්‍රි‍යේ  ආරක්ෂක අංශයට දුරකතනයෙන් අමතන  ඔහු ආරක්ෂක නිලදාරීන්ගෙන් නොමනා දේ අසා ඇති බව මට කීවේ මගේ කළමණාකාරිණියයි.... ඉතින් මට තවත් එහි රැකියාව කරන්නට තරම් මානසිතක්වයක් නොතිබුනෙන් මම රැකියාවෙන් ඉල්ලා අස්වී... වෙනත් රැකියාවකට ගියෙමි....  යාපනයේ සිටින හිතවතුන්ගෙන් ඔහු ගැන අසන්ට ලැබුනේ... යහපත් තොරතුරු නොවේ....  දවසම බීමතින් සිටින ඔහු විභාග සියල්ලම එක පිට එක අසමත්වන බව මිතුරන් විසින් මට දන්වනු ලැබීය..... එහෙත් ඹහු කෙරෙහි වු සෙනෙහස මදකදු අඩු නොවුයෙන්  මම ඒ කිසිවක් විශ්වාස නොකලෙම්..... කුඩාකල සිට ඔහුගේ අධ්‍යාපන දස්කම් ගැන මම අසා තිබුනෙමි හැම විටම ඔහු පළමුවැනියාය.... චෙස් ක්‍රීඩාවෙහිද දක්ෂයෙකි.... එසේම ඔහු දක්ෂ ලේඛකයෙකි.... ජාත්‍යන්තර පුවත්පත්වල පවා ඔහුගේ ඇතැම් ලිපි පළවී තිබේ.... 

දිනක් හදිසියේ මා ඇමතු ඔහු කියා  සිටියේ....

" ෂගානා... සංවිධානෙන් මාව මරන්න හදනවා මම ලියපු ලිපියක් නිසා.... මගේ ජීවිතේ බේර ගන්න නම් මම ලක්ෂ තුනක් දෙන්න ඔනි පුළුවන් තරම් ඉක්මනට මට ඒ සල්ලි එවන්න....."
 

ඔහු කලබලයෙන් කියද්දි.. මම ගැස්සුනෙම්... මට මාගේ සැමියා නැති කරගනත නොහැක. වහාම මම ඔහුගේ ගිනුමට වැඩිපුර මුදල් දැමුවෙමි..  දින කිහිපයකට පසු ඔහු යලිත් කිවේ... නිතර වැඩිපුර මුදලක් ලග තමා ගත යුතු බවය.... එබැවින් මම වෙනදාට ඔහුගේ ඉගෙන්ම වෙනුවෙන්  යවන මුදල වැඩිකලෙමි. එහෙත් ඉගෙනුමද මග නතර කොට ඔහු මඩකපලුවට පැමිණයේ යාපනයේ තවත් සිටින්නට නොහැකි බව කියමින. මම එයත් ඉවසුවෙමි.... දවල් දවසට මම රැකියාවට ගිය විට ඔහු කාමරයට වී මුළු දවසම මත්පැන් බොන බව අම්මා මා සමග කිවාය... ප්‍රතම වරට මම ඔහු හා ගැටුමක් ඇතිකර ගතිමි..... මම ඔහුට මුදල් නොදී සිටීමට තීරණය කලේ මෙම‍ ගැටුමෙන් පසුවයි... එහෙත් ඉන් ඔහුගේ බීමත් කම දුරු කරන්නට මට නොහැකි විය, මගේ රන් ආභරණ සොරකම් කිරීමටත් බැංකුවෙන් ඒ ටී එම් කාඩ්පතෙන් මුදල් ගැනිමටත් ඔහු රහසේ පුරුදු විය..... ඇතැම් මාස වල මගේ මුළු පඩියම මටත් හොරා ඔහු ඒ ටී එම් හරහා ඔහු රැගෙන තිබුනෙන් ගෙදර වියදම් සදහා කැනඩාවේ සිටි අප්පාගෙන් සල්ලි ඉල්ලා ගැනීමට සිදුවිය... බීමතින් නිවසේ ඇති කරගන්නා ප්‍රශ්ණ සියල්ලමට හේතුව ඔහුට වෛද්‍ය උපාදිය අවසන් කිරිමට නොහාකිවීමදෝ හැගුණු හෙයින් ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ඔහුව රුසියාට යැවිමට අප්පා විශාල මුදලක් වියදම් කර පහසුකම් සැලසුවේය... පවුලේ එකම දරුවා වු මගේ සැනසුම වෙනුවෙන් අප්පා එය කලත් සිද්ද වුයේ පිනින රිලවෙකුට ඉනිමං බැදීමකි..... වසරක් පුරා.... නේවාසිකාගාරයට වී බිමතින් විකාර කල ඔහුව වෛද්‍ය විදුහල විසින් නැවත ලංකාවට එවනු ලැබීය.

Jan 23, 2011

නිමක් නැති කථාව - 1 කොටස..

ලන්ඩන් බලා පිටත්වන ගවන් යානයේ අසුනට බරවූ මා දෙනෙත් පියා ගතිමි. 
මා යන්නේ හෙට දවස සොයා නොවේ.. දෙමපියන් ජීවත් කරන්නට අරමුණක් සොයාගෙනයි.
ඉගෙනිම කැපකොට ආසාවෙන් පටන්ගත් විවාහ ජිවිතය විසින් නන්නත්තාර කර දැමුණු ම‍ාගේ ජීවිය අරමුණක් කරා මෙහෙය විමට දැන් මම පමා වුවත්
ජීවිතයේ සැදෑසමයේ සිටින දෙමව්පියන් වෙනුවෙන් මම  ජීවිතය යල්ත් වරක් මුල සිටන් පටන් ගන්නට සිතුවෙමි.

මගේ ජිවිතයේ හිරිමල් යෞවනය ගෙවුනේ කැනඩාවේ විදේශිය මිතුරු මිතුරියන් අතරේය... ශ්‍රීලංකාවේ උපන් මා අගය කල අනුගමනය කල සදාචාරාත්මක පිළවෙත් නිසාවෙන් ඔවුන් ඉදිරියේ මම විහිලුකාරියක් විමී
මගේ සිතුම් පැතුම් ඔවුන්ගේ සිතුම් පැතුම් හා බලන කල අහස පොළව මෙන් එකිනෙකට වෙනස් විය.

කැනඩාවේ ප්‍රාතමික අධයාපනය අවසන්කර උසස් අධයාපනය සදහා ඉන්දියාවට ගොස් සිටින කල කල්කටාවේ තෙරේසා මව්තුම්යගේ  අශ්‍රමයට බැදී... අසරණයන්ට පිහිට වේන්නට සිතා උන්නත් අම්මාගේත් අප්පාගේත් බලවත් ඉල්ලීම නිසා..... 
ඉගෙනීම මග නතර කොට යලිත් ශ්‍රීලංකාවට පැමිනියෙමි. ජිවිතයේ වසන්තයේ නිමාව එය බව දැන උන්නානම් ......

නොසිතූ දිනයක නොසිතූ මොහොතක මගේ පෑනේ මිතුරු  සංජේ අප නිවසට පැමිණයේත් 
"අම්මා මම ෂගානාව බදින්න කැමතියි" කියා කිවේත් මටවත් සිතාගන්න නෙහැකි ලෙසයි. 

සංජේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකි. යාපනයේ උපන් ඔහු ‍වැදගත් පවුලක පුරුකකි.... හදිසියේ ඔහු ගෙන ආ විවාහ යෝජනාව  තෙරේසා මව් ආශ්‍රමයට වහවැටී උන් මා නිවසෙහි රදවාගන්නට අම්මාට රුකුලක් විය.  ඉතින් මට විරුද්ධ වන්නට කාරනාවක් නොවීය...... අපි ‍විවාහපේක්ෂිත පෙම්වතුන් වීමු.
එකල මම රාජ්‍ය නොවන සංවිධානයක සේවය කලෙම්..... අප නිතර දුරකතනයෙන් කතා කලෙමු..... දිනයේ වැඩි වේලාවක් අප කතා කලෙමු.... ඔහු පොඩි දරුවෙකු සේ කියවීය... ඇතැම් රාත්‍රීන්වල.... ඔහු කතා කරදිදී... මට  මහන්සියට නින්ද ගෙස් තිබුණි. ඔහු පොඩි දරුවෙක් ලෙස එවන් විට ඉකිබිද හැඩුවේය. මට ඔහු සෙවනේ දැනුනේ සදාතනික සෙනෙහසකි 

මුළු දිවියම සතුටින් පිරිණු එකක් වේ යැයි සිතුවෙමි. 

තරු පහේ හොටලයේ කතොලික සහ හින්දු සිරිත්වලට අනුව දෙදිනක් මහ ජයට ගත් විවාහ උන්සවයෙන් පසු මනාලියක් වී මම  ඔහුගේ නිවසට ගියෙමි.......

 

Jan 15, 2011

"හිතට දැනෙන කතාවක්"

වෙලාවකට මම මහා විකාර දෙවල් හිතනවා..... මම තනිවෙලා කවුරුත් නැහැ මට... මට ආදරේ කරන්න කෙනෙක් නැහැ.... බෝඩිමේ මම තනියම.... එයා මගේ හිත රිදවනවා...
ඒ වගේ දෙවල්.... ඉතින් මම දුක් කවි ලියනවා... අඩනවා... බ්ලොග් පොස්ට් ලියනවා......

හ්ම්ම්ම්ම් ඒත් ඊයේ මට මං ගැන ගෙඩාක් ලැජ්ජා හිතුනා.... මගේ බොළද කම ඔනිවට වඩා වැඩියි.... ඒක මට හොදටම තේරුණා.... මට මොනාද තියෙන ප්‍රශ්ණ...... මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ දිහා බගන කොට....

මට දවසක් අපේ ඔපිස් එකේ අයියා කෙනෙක් කිව්වා...
"නංගි...  මගේ යාළුවෙන් මඩකලපුවේ  ඉදන් එනවා.. මාසෙකට නවතින්න තැනක් නුවරින් හොයා දෙන්න පුළුවන්ද..." කියලා.... මමත් බොඩිමේ තනියමයි හිටියේ මම කිව්වා මගේ රූම් එකේ ඉඩ තියෙනවා.. ඒක ෂෙයා කරන්න කැමතිනම් එන්න කියන්න කියලා.... ඒ අනූව ... එයා  ආවා....
මම එයාට.. ෂගානා කියල කියන්නම්..... මම කියන්න යන කතාව ඇත්ත එකක් උනත් මට එයාගේ ඇත්ත නම කියන්න බැහැ මොකද එයා මගේ මූණු පොතේ යාළුවෙක් දැන්.
 ෂගානාට සිංහල වඩනයක් වත් බැහැ... ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂාවන් ඉතා හොදින් කතා කරන්න පුළුවන්... එයා නුවරට ආවේ.. දෙසැම්බර් 31 වැනිදා...  ඒයා කෙලින්ම මගේ ඔපිස් එකට ආවා... මුලින්ම දකිද්දි මම පුදුම උණා... ඒයා සාම්ප්‍රදායික දමිල තරුණියක් නෙවෙයි.... කොටින්ම කිව්වොත් ගොඩක් වෙස්ටන් කෙල්ලක්....කොන්ඩේ රිබොන්ඩින් කරලා‍‍‍.... කලර් කරලා... කොටට ඇදලා...
මම ඔයාට අදුනන ත්‍රීවීලර් එකක බොඩමට යැව්වා... හේතුව... එයාට සිංහල බැහැ... පාරවල් හොයා ගන්නත් අමාරුවෙයි කියලා මම හිතුවා...

ඒත් මම හවස යද්දී.. ඒයා කාමරෙත් පිලිවෙලට අස්කරලා... ඉංග්‍රීසි වචනයක් නොදන්න බොඩ්මේ ආන්ට්ගෙත් හිත දිනාගෙන හිටියා... එයා බොඩ්මේ ආන්ට් එක්ක කතා කලේ හස්ත මුද්‍රවෙන්...
දෙසැම්බර් 31 මම ගෙඩක් දුකින් හිටියේ... පහුවදාට උදාවෙන අළුත් අවුරුද්ද ගැන දෙගිඩියාවෙන්......
අළුත් අවුරුදු උදාවේ එයාට ගොඩාක් යාළුවෝ කතා කලා... සුභ පැතුවා.... එයාගේ අම්මා.. පැය ගනනක් එයා එක්ක කතා කලා... මට ටිකක් ද්‍රවිඩ භාෂාව තේරෙනවා.... ඒ කතා කරන දේවලින් මට හිතුනේ එයා පුංචි එකියක් වගේ හැමදේම අම්මා එක්ක කියනවා කියලා.

ෂගානා නුවර ආවේ  උඩරට මනාළියන් අන්දන්න පුරුදු වෙන්න... උදේ වරුව සැලොන් එකේ ඉගෙනගෙන හවස්වරුවම කාමරේට වෙලා නිදා ගත්තා මේ දවස් දාහතරම.... රෑට එයා බෙහෙත් පෙති අහුරක් බොනවා... මම ඇහුවම ඇයි කියලා.... ඒයා කිව්වේ ඒයාගේ ශරිරයේ හොමොන නිපදවෙන්නේ නැතිලු.... ඔනි කරන හැම හෝමෝනයක්ම පිටතින් ගන්න ඔනිලු... තව‍.... ඔපරේෂන් හතරක් කරා කිව්වා...... 

එයා ටිකක් මහතයි..... ඒ හෝමොන අසමතුලිත තාවය නිසා...  
ඊටඅමතරව මම හිතන්නේ  පුංච් දේට පවා ඔනිවට වඩා හිනාවෙන නිසා කියලා. 

එයා එන්න කලින් මගේ රූමා වෙලා හිටියේ... යාපනේ අක්කා කෙනෙක් අක්කා කිව්වට එයා වයස 42ක  අක්කා කෙනෙක්.. බැදල මාස තුනකින් නැන්දම්ම නිසා හබී ගෙන් වෙන් වෙලා.. ඒ කාලේ නැන්දම්මා ගහලා කොන්දේ අමාරඅවකුත් තියෙනවලු... ඒක වාසියක් කරන් කවදාවත් රෙදි සේදුවේ නැහැ... එකක් කිලිටි වෙද්දි අළුත් එකක් අරන් අර කිලිටි ඇදුම බැග් එකකට දානවා...(ඒ අක්කට තිබුණා.. ලොකු ‍ට්‍රැවලින් බෑග් 6ක්... ගොඩක් තිබුණේ කිලිටි රෙදි... ආයේ එයා කිසිම දෙයක් වීසි කරන්නේ නැහැ... කුණු එකතු කරන මානසික ලෙඩෙක් එයා (මට හිතුන විදියට) ඉතින් ඒ පරණ රූමාගේ කුණු කන්දල් එයා යද්දි ගෙනිච්චේ නැහැ... ඒවා කාමරේ පැත්තක ගොඩ ගහල තිබුණා.... ඒය ගෙනියන්න එයා ආවේ නැහැ.... ඉතින් ෂගානා අක්කිට මේක කරදරයක්... එයා ‍බොඩ්මේ ආන්ට්ට කියලා කියලා (මමයි ට්‍රාන්ස්ලේටර් අතිනුත් දැම්මා මටත් ඒ කුණු ලොඩ හිසරදයක් නිසා....) අරයව ගෙන්න ගත්තා.... ඒ පහුගිය සදුදා.... ඒ අක්කා ඇවිත් තියෙන්නේ.... හවස හතරට... මම ගියේ හයට.... ඒ යනකොට දේනනා කතාව.... ද්‍රවිඩ බසින්.... ෂගානා අක්කා මගේ මුහුණ දහා බැලුවා... ඇසි දෙක ලොකු කලා... ඉගියෙන් කිව්වෙමෛයා වාතයක් වෙලා ඉන්නේ කියලා මම පැන්නා මැද්දට
"අක්කී ඔයාගේ බඩු ටික ගන්නේ කවදද..."
"අනේ බබා... මම පර්ස් එක ගෙනත් නැහැ.... මට ත්‍රීවීලර් එකක යන්න සල්ලි නැහැ... මම හෙට උදේම එන්නම්..... ම්ම්ම්ම්ම්ම් ඒත ඔයාලට ඩිස්ටර්බි වෙයි නේද... මම හෙට ඇවිත් ගන්නම්......දවස ඇතුලත" ඒ කතාව අපි දෙන්නටම ඇල්ලුවේ නැහැ... ආයේ අපි ඇස් වලින් කතා කලා......  තීරණයක් ගත්තා.....
" නෑ අක්කා... දැන්ම අස් කරමු... පැක් කරලා එළියෙන් තිබ්බම ඔයාට ලෙහෙසියි අරන් යන්න.... " 
අපි දෙන්නම අඩි බිඩියේ.. ඒයාගේ සේරම බඩු ඇහිරුවා... කුස්සියේ බිත්තිය මුල්ලට.... දැන් කොහොම හරි අරන් යන්න ඔනිනේ.... 
" අනේ.... ඔය දෙන්න හරියට මහන්සි උණා... මේ යෝගට් එක බෙදාගෙන කන්න මම පස්සේ මොනා හරි අරන් දෙන්නම්.... " ඒකත් අර බඩු ගෙනියන්න තිබුණ බාල ගිරි දෝසේම තමා....... 
" අපිට පිට්සා ඔනි...." අපි දෙන්නා එක හඩින් කිව්වා.......
ඒකට කැමති වෙලා එයා ගියා..... අපි දෙන්නා රූ 11ත් පහු වෙනකල් හිනා වුනා... ඒ යාපනේ අක්කා කියපු දේවල් වලට.... අවුරුදු 12කට කලින් එයාව පන්න ගත්ත හස්බන්ඩ් ගැන ඒයාට ක්‍රශ් වෙලා ඉන්න කොල්ලෝ ගැන... පැය දෙකක් ෂගාන අක්කා එක්ක කියලා.... අන්තිමේදි එයා කිව්වේ.... "මෝහනා ප්‍රශ්ණ මවාගෙන..... මට තියෙන ප්‍රශ්ණ දන්නවනම් එයා දිවිනහගෙන මේ වෙනකොට..... මොහනාට හස්බන්ඩ් නැහැ..... කොන්ද රිදෙනවා.... ඒක විතරයි තියෙන්න්... හැමදේටම..... ඒත් ..... ඊට වඩා ප්‍රශ්ණ තියෙන අය මේ ලොකේ ඉන්නවා....." 
ෂගානා අක්කා කියද්දි මම කල්පනා කලා..... ෂගානා අක්කගේ තාත්තා (අප්පා) කැනඩාවේ‍.... රොහලක ඇවිදින්න බැරිව..... අම්මා.... ගංවතුරෙන් අනාථ වෙලා මේ වෙද්දී.. මඩකලපුවේ... ගෙදරට හානියක් නැහැ....ඒත් කන්න කෑම නැහැ.... .. බෙහෙත් ගන්න යන්න බැහැ... (ෂගානාගේ අම්මා වකුගඩු රෝගියෙක්) . ෂගානා විතරයි පවුලේ ඉන්නේ.... එයා පෙබරවාරි මාසේ ලන්ඩන් යනවා.....වැඩිදුර ඉගෙන ගන්න.... මනාලියන් හැඩ ගන්වන්න ඉගෙනගන්නේ එහේ ගිහින් රැකියාවක් විදියට කරන්න....   ෂගානා කියන විදියට එයාලට දැන් කිසිම ආදායමක් නැහැ... එයා වයස 18ක් වෙනකල් ඉගෙනගෙන තියෙන්නේ කැනඩාවේ.. කතෝලික පාසලක... ඒයාට කල්කටාවේ තෙරේසා මව් තුමියගේ ආශ්‍රමයට යන්න ඔනි උනත් පවුලේ එකම දරුවා නිසා අවසර ලැබිල නැහැ..... හිත වෙනස් කරන්නයි ලංකාවට ඇවිත් තියෙන්නේ... දැන් අප්පා අසනිප නිසයි... ආපහු ලන්ඩනයට යන්නේ.... මුළු පවුලම බලාගන්න ඔනි මෙයයි.... කැනඩාවේ ගෙදර එයාට අයිති වෙන්නේ තව අවුරුදු අටකින් ඒ වෙනක්ල කැනඩාවේ බැංකුවකට ණය ගෙවන්නත් තියෙනවලු.... 
ඒතරම් ප්‍රශ්ණ හිතේ තියාගෙන කෑ ගහ ගහ හිනාවෙන කෙනා පේස් බුක් ඒකේ තිබුණ කවියක් නිසා ගොඩක් සැලුනා... ඒ කවිය එයා ගැනලු.... අම්මා එක්ක අඩ අඩා කිව්වා මට ඇහුණා... මට කියලා  ඒකේ ප්‍රින්ට්අව්ට් එකක් ගත්තා දෙමළ අකුරු නොදන්න මට ඒ කවිය කියවන්න බැරි වුණා.... 

බදාදා... ඒයා මාත් එත්ත කටුගස්තොට එරීනා සිනමාෂාලාවේ තිවුණ "මන්නදනම්බු" ච්ත්‍රපටය බලන්න ගියා....ඒ කතාවේ හැටියට... පෙම්වතා පෙම්වතියව නිකරුනේ සැක කරනවා... ඒ බේබදු පෙම්වතාගේ වැඩ වලට මුළු සිනමා ශාලාවම  හිනාවෙද්දී... ෂගානා හරිම සංවේදීව උපේක්ෂා සහගතව ඒ දිහා බලා හිටියා...... මම බලා පොරොත්තු වුනේ එයා මහ හයියෙන් හිනාවෙයි කියලා... ඒත් ටිකක්වත් හිනාවුනේ නැහැ....
ඊයේ අපි දේන්නා ගියා පේරාදෙනිය මල් වත්තට ඔකිඩ් මල් බලන්න..... ඒ ගමනෙදි මගදි ෂගානා ....
"මම ආසයි ඔයා මගේම නංගියෙක් උනානම්.... ඒත් මම හරි අවාසනාවන්තයි ... මට සහොදර සහොදරියෝ නැහැ....  මම ඔයාගෙන් හංගපු රහසක් කිව්වොත් මාත් එක්ක තරහ වෙනවද" ඇහුවා......
"නැහැ අක්කී.... කියන්න... මම එහෙම තරහ වෙන කෙනෙක්  නෙවෙයි......"  මම කිව්වා....
"බට් ඩෝන්ට් ටෙල් දැට් අය් ඇම් පාවම්.....(ඒත් මම පව් කියලා කියන්න එපා.....)"
ඒහෙම පටන් අරන් ඒයා මට දිග.... කතාවක් කීවා.....  හිනා වෙවී.... ඒත් හිත ඇතුලෙන් අඩමින්.... ඒක අහපු මමත් ගොඩක් සසල උනා....
මට දැන් ඒ කතාව කියන්න වෙලා මදි..... හෙට ඉදන් මම සිහින තවලමේ... ෂගානාගේ කතාව කොටස් වශයෙන් ලියනවා............ඒක මේ සමාජේ ඔයාට මට ගොඩක් වැදගත් වගේම යමක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් නිසා........

ප:ලී..... මොහනා තවමත් පිට්සා ගෙනාවේ නැත... හෙට ගෙනෙනවා ඇති......

Jan 10, 2011

හෙට දවස

ලාදම්  පසුබමේ සුදු මල් ඉහිරුණු ඔසරිය  කවදත් මා සිත්ගත් ඇදුමයි. අම්මා පැමිණ ඔසරි පොට සකසා රැළි පට එක්කොට ඔසරි කටුව ගැසුවාය.. ඇයගේ දෙනෙතෙහි තූනි තෙතමනයක් විය.  පළමු රුකියාවට  යන පළමු දිනයේ අපි දෙදෙනා ඔසරිය අදින්නට  ගොස් රණ්ඩු වුණු හැටි මතක් වී මට තුනී සිනහවක් නැගුණී. ඒ මෙයට  අවුරුදු පහලොවකට පෙරයි.. උදේ පාන්දර  පහේ සිට මහන්සී වි යන්තම් හත වෙද්දී පාරේ ඇදන් යන්න පුළුවන් මට්ටමට  ඔසරිය පටලවා ගන්නට අපට හැකිවිය... එයත් ඔපීසියට යනවිට  ලෙහී තිබුණි... ඒ දින ඔපීසියේදී  ලිහිණූ  ඔසරිය ඇන්දුවේ  එහි සිටි අක්කා කෙනෙකි.. මම ඇය ඇන්දවු අයුරු අම්මාට කියු පසු පසු දින සිට අම්මා හරි හැඩට මට ඔසරිය ඇන්දුවාය.... ටික දිනක් යනවිට පලපුරුද්දත් සමග හැඩටම ඔසරිය අදින්න මටත් හැකිවිය... ඒ දවස් වලත් මම ඔසරියෙන් හැඩවෙන විට අම්මාගේ ඇස් තෙමුණා මට මතකය....


උදෑසන ආහාරය ලිහි ලහියේ ගිල දැමූ මා ගෙයින් පිටත් වන්නට මත්තෙන්  අම්මාටත් අත්තම්මාටත් වැන්දෙමි..  අත්තම්මා තම වියපත් දෝතින් මගේ මුහුණ ගත්තාය...


“කවුද කියන්නේ මගේ දෝණිගේ බදින වයස පහු වෙලා කියලා.. ඇස්වහක් කටවහක් ‍වදින්න එපා... මයේ කෙල්ලට රත්ණත්තරේ පිහිටයි....”


මම අම්මාදෙස බැලීමි ඇය මුහුණ සගවා ගත්තාය. මගේ දෙනෙතට කදුලු පිරිණි, මනාලියක්කොට මා මේ නිවසින් යවන්නට ඔවුන් මවා උන් සිහින මා සිද බිද දැම්මෙමි. මා විවාහපත් නොවන බව ඉර හද දිවුරා කියමින් පරල වෙද්දී  ඔවුන් නිහඩ වූවෝය. බිමට බරකරගන් දෙනෙතින් යුතුව මම ගුරුපාරට වැටුනෙමි....


මම ප්‍රජා ශාලාවට යනවිට පුංචි උන් එකා දෙන්නා දෙමාපියන් සමගින් එහි එමින් උන්නෝය, බස් රථයද පැමිණ තිබුයෙන් මම  ඔවුන්ව බසයට නංවා නම් ළකුණු කලෙමි. පොඩි පැටවුන් උන්නේ වෙනදාට වඩා ප්‍රබෝදයෙනි, අද ලෝක ළමා දිනයයි ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සවයක් සදහා යන්නට ඔවුන් මෙලෙස සැරසී පැමිණ  සිටී... වෙනදාට පන්තියේ කොටු වී සිටින සමනළ පැටවුන්ට මෙය වෙනස්ම අත්දැකීමකි...




බසය  පිටත් වෙන්නට සූදානම් වෙද්දීම වාගේ අප්සරා අක්කා පැමිණ බසයට ගොඩ වුවාය.


“ලිහිණි මාව දාල යන්නද ගියේ කෙල්ලේ.... දන්නවනේ... මහත්තුරුයි බබාලයි සෙරටම කවල පොවල පිටත් කරලා එදිදී ....” ඇය සිනාසෙමින් කීවාය....


“නැහැ අක්කේ මම හිතුවේ ඔයාලගේ ගෙවල් පැත්තෙන් යමුයි කියන්න...” මම අමනාපයකින් තොරව ඇය හා සිනාසෙමින් කීවාය.... මමත් විවාපත්ව උන්නානම් මටත් උදේට ඔය රාජකාරි සියල්ලම කරන්න සිදුවේ...


“දුගේ ඉස්කෝලේ කොන්සට් එකක් ඒකට ඇදුම මහල ඉවර කරද්දී පාන්දර දෙකයි.... හරි මහන්සියි කෙල්ලේ...... මම වාඩි වෙලා ටිකක් ඇල වෙන්නම්...  කමක් නැහැ නේද....” ඇය අසුනේ හරිබරි හැසෙමින් කීවාය.....


“ පැංචෝ ටික සින්දු කියයි කමක් නැහැනේ.....” මම සිනාසෙමින් කීමි.....


“ කණ පුපුරන්න බෙර ගැහුවත් මට නින්ද යයි කෙල්ලේ... ඒ තරම් මහන්සියි.....”
මා අවංකවම ඇය වෙනුවෙන් දුක් වුනෙමි... දරුවන් දෙදෙනා සහ සැමියා වෙනුනෙන් ඇය කැපවෙන තරම මම හොදින් දනිමි... මොන්ටිසොරීයේ වැඩ සියල්ලම වාගේ මමම කරන්නේ ඇයට රැකියාවෙන් හෝ යම් සහනයක් දෙන්නට සිතාය.. ඒ බව දන්නා ඇය තමන්ගේම නැගනියනට සේ මට ආදරය කලාය.


“චීච චී..ච... අපි අල... බස් එකේ තිනුදුව කීමුකෝ......” පුංචි එකියක් ඔපරි පොවේ වෙලෙමින් හුරතල් වුවාය......


“ හා.. කියමු...... කෝ කියන්න හැමෝම... බබාල ආසයිනේද...  ඒ සින්දුවට... අර අවසක් ටීච කියල දුන්නේ...... උදෑසනම පොඩි අපි ...... හා ඔක්කොමල්ලා කියමුද ඒ සින්දුව.....


උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැගවී එළියට එනවා.
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා....... ”


මාද පොඩි උන් සමග තාලයට ගැයීමි......


 මගේ හුදෙකලා ජීවිතය එළිය කරන්නේ මේ පුංචි උන්ය.. වසරක් හො දෙකක් මා සමග හිද වෙන්වී ගියත් එක් එක්කෙනාගේ හිනාකටවල් මට කිසිදා අමතක නොවේ.... පුංචි උන් සමග මේ ජිවිතය පටන්ගෙන  දැනට වසර හතකි... ඒ කාලය තුල  අපේ කැරුළු කැදැල්ලට ආ ගිය අය බොහොමය....  ඇතැමුන් දැන් හදුනා ගන නොහැකි තරම් වෙනස් වී ඇත ඒත් අදත් ඉන්නේ එදා උන් ළිහිණි ටීචර් මය....


අපි උත්සව භුමියට පැමිනෙන විට සිරිලක නන් දෙසින් පැමිණි පොඩි දරුවන්ගෙන් එ බිම  පිරී ඉතිරී තිබුණි. ඇතැමෙක් තම දෙම‍ාපියන් සමගද ඇතැමෙක් තම  පාසලේ හෝ ළදරු පාසලේ ගුරුවරුන් සමගද පැමිණ තිබුණී.
පොඩි උන් ටික ලියා පදිංච් කර ඔවුන්ව සංවිධායකයින් බාර දුන් අප්සරා අක්කාත් මමත් ඔවුන් කෙලිදෙලෙන් පසුවන අසලටම වී උන්නෙමු...


“ තිබහයි කෙල්ලේ......” අප්සරා අක්කා ඔසරි පොටින් පවන් සලමින් කීවාය.


මම වට පිට බැලීමි.. “අර අතක කූල්ස්පොට් එකක් තියෙනවා.....”


“යමු කෙල්ලේ... එතනට ඒ හැටි දුරක් නැහැනේ ටිකක් වාඩි වෙලා මේ පැත්තට ඇහැ තියාගෙන ඉමු....” අප්සරා අක්කා ඉස්සර වුවාය... මම ඇය පසු පස වැටුනෙමි


බීම වීදුරු දෙකක්  මිලදීගෙන අසල  වු කුඩ සෙවනක වැඩි ගත් අපි ‍නුදුරින් සිටි පොඩි දරුවන් දෙසටම නෙත් යොමා උන්නෙමු....  මම මෙහෙතකට මලේ ළදරු අවදියට සිව ගියෙමි.....
වේගයෙන් දුව ආ කුවා පුතු පැටියෙක් නොසිතූ ලෙස පය පැකීලී ඇද වැටුනේ මගේ නෙත් මානයේමය... මගේ දෙපා මටත් වඩා ඉක්මන් විය පිම්මේ දිවගිය මා දරුවා ඔසවා ගිතිමි...  දරුනු තුවාලයක් නෙවුවත් හා පැටියා බියටම කෑ ගසා හැඩුවේය..
“ අනේ..... නෝ නෝ... ඉට්ස් ඔකේ ඩාලිං........” ත්‍රී ක්වාටර් කලිසමක් සහ  කෙටි ටීෂර්ට් එකක් හැද උන්   දරුවාගේ මව යැයි සිතිය හැකි තරුණියත් පැමිණ  පුතු පැටියා මගෙන් ගත්තාය.


“තෑන්ක් යූ වෙරි මච්...... මෙයා හරි දගයා.....”  තරුණිය මා හා සිනා සෙමින් ස්තුති කලාය....


“මෙයා වැටෙද්දි.. මම ගැස්සුණා...” 

මම පොඩි දරුවාගේ හිස අතගා කීයා යන්නට හැරෙද්දී නෙත් විසල් කොට ගෙන මා ඉදිරියේ උන් රුව දැක මම හිරිවැටී ගියෙමි... ගිනිගහන මද්දහනේ මගේ දෙපා පණ නැතීවි යනවා පමණක් මට මතකය.... නෙත් විවර කරද්දී අප්සරා අක්කා.. තණ බිස්සේ වාඩි වී මහිස උකුලේ තබාගෙන උන්නාය.... මට මහත් ලැජ්ජාවක් දැණුනි... ඔහුත් අර දරුවාත් මවත් මා වට කොට ගෙන උන්නෝය.....  මම වහා නැගිටින්නට උත්සහ කලෙමි... නැත ගතට වාරුවක් නැත...මම යලිත් දෙනෙත් තද කොට පියා ගතිමි පියවුණු  නෙත් අතරින් කදුලක් ගලා යනවා මටම දැණුනි... මේ කදුලත් මීට සත්වසරකට පෙර මනෙතින් ගලා ගිය කදුලු හා සමානය.... ඔහුට මේවා පයට පැලෙන දුහුවිල්ලක් තරම්වත් නෙවටී.... කොහෙදෝ තිබුණු ධෛර්‍යයක් හිතට දැනී මම නැගී සිටියෙමි. මම නැවතුනේ බස් රථයේය... අප්සරා අක්කා මා පසුපසින් දිව ආවාය.


“ළිහිණි ඇයි කෙල්ලේ මේ...... මොකද උනේ......” මා සන්සුන් වනතුරු සිට අප්සරා අක්කා ඇසුවාය.......


“හිත හදාගෙන එන්නම් කියල දවසක් මට කිව්වා එයා එනකල් බලාගෙන ඉන්න කියලා...මේ අදයි දැක්කේ අක්කේ..... පුංචි දරුවයි....  නෝනයි එක්ක........”  මම සුසුමක් හෙලා කීමි


“ අපි ආයෙත් හමු නොවුනානමි
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඩවන්නට
අපි ආයෙත් හමු නොවුනානම්


ඔබ නොහදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
දිගු කලකින් හමු වී සෝ  ලතැවුල්
අදත් විදින්නේ මා පමණයි”

Jan 2, 2011

පෙම් හීන


කෝපි මල් සිනාවක් පුරෝගෙන මුව පුරා
නුඹ ඇවිත් ලැගුම් ගත් මගේ මියුරු හිත පුරා
අල්පෙනිති තුඩු වැදී රිදුම්දෙන ලේ නහර
කෑ ගසා කියනු ඇත පෙම් කරපු තරම මම

ගියත් නුඹ ඒ හවස මුළු හිතම ගිනි තියා
යලිදු එක වතාවක් බලා ගන්නෙමි කියා
සයුරු වෙරලේ තවත් බලා හිදිනෙමි මෙමා
නිල් නුවන් රතු කරන් නෝක්කඩු බස් කියා