ඔයාල හිතනවා ඇති ඒ කවුද කියලා... වැල්වටාරම් නැතිව කියන්නම්......
1 ළමයා
2 රත්ගමයා
3 ආදරය තවම ජීවතුන් අතර
එයාල ගැන මම වෙන වෙනම හිතුවා..පුළුවන් හැම තැනම හෙව්වා..ඒත් ආරංච්යක් නැ......ළගදිම දුරස් වෙලා ගියේ ළමයා....ඒකයි මම මේක ලියන්න හිතුවේ....එයා මෙක අනිවාර්්‍යයෙන් කියවන බව මම දන්නවා....
ළමයා, රත්ගමයා, ආදරය තවම ජීවතුන් අතර ,මට මුලින්ම මුණ ගැහුණේ මගේ කාවින්ධ්‍යා ජාන් පේස් බුක් පොරොෆයිල් එකෙන්..ඒකේ මට හිටියේ යාළුවෝ 20 ක් වගේ පොඩි ගනනක් මම ඒක වැඩිය පාවිච්චි කලේ නැහැ ඒ පේස් බුක් පොරොෆයිල් එකෙන් මම කලේ Hiru Fm "back to Back Love Songs පේජ් එකේ කවි ලියන එක විතරමයි.... මම මුලින්ම ඇඩ් කරපු ඇත්ත නමක් නැති ඇත්ත මූණක් නැති අන්වර්ත නාම වලින් පෙනී ඉන්න යාළුවන් අතර එයාලා හිටියා... ඒ දවස් වල මාත් එක්ක කිට්ටු යාළු කමක් නොතිබුනත් කමෙන්ටුවකින් ලයික් එකකින් හොද යාළුකමක් පැවැත්වුවා.... මම සිදංගනා හැදුවේ ළමයා.... සොදුරු... පොඩි මහත්තයා.... ආදර්ශයට අරන්...ඒ 10/10/10 සිදංගනාට මුලින් ඇඩ් කරපු යාළුවෝ අතර ළමයා හිටියා.... රත්ගමයා හිටියා..ආදරය තවම ජීවතුන් අතර හිටියා.එදාම තමයි ඉරු මල්ලි සිංහල බ්ලොග් ලියන්නෝ- sinhala blog writers ග්රූප් එකත් හැදුවේ...එදා අපි ග්රූප් චැට් එකක් දැම්මා...අන්න එදයි ළමයා මගේ හොදම ලාලුවෙක් උණේ...... රත්ගමයා මල්ලි මගේ හොදම යාළුවෙක් උණේ......ආදරය තවම ජීවතුන් අතර එක්ක මම චැට් කලේ කාවින්ධ්‍යා ජාන් පොරොෆයිල් එකෙන්.... පස්සේ ඒක මම ඩිඇක්ටිව් කරද්දි එයාවත් මම සිදංගනාට ඇඩ් කරගත්තා....
ඉරු මල්ලි නිසයි මම බිලොග් ලියන්නියක් උණේ....එයයි හැමදාමත් මගේ නිර්මාණ අගේ කරල මාව දිරිමත් කලේ......සිදංගනා අක්කාගේ සුරංගනා කවි කියලා එයා මගේ බිලොග් ලින්ක් එක ෂෙයා කරල තියෙද්දි මගේ ඇස් වග කදුලුත් පිරෙනවා...... රත්ගමය මට මගේම මල්ලියෙක් මම හරි ආදරෙන් උන්නේ... ඒත් හිටි අඩියේ නොකියාම එයා හැමදේකින්ම දුරස්වෙලා ගියා ....ගිය බව මම හරියටම දැන ගත්තේ බොලොග් එකෙන්..... මම ඒකේ කමෙන්ට් කලේ තරහින්.......බස් ඒකේදි මම ඇහුවම කිව්වේ...."ලබා උපන් හැටි අක්කා..." කියලා......
අනිත් කෙනා ආදරය තවම ජීවතුන් අතර....තිලිණ මල්ලි.... එයා නැහැ කියල මම දන්නෙත් මේ ළගදි...කවද කොහොම ගියාද කියල මම දන්නේ නැහැ පහුගිය ටිකේ මමත් ගොඩාක් මානසිකව වැටිලා හිටි නිසා මටත් තිලිණ ගැන හොයල බලන්න බැරි උණා.... අනිත් දෙන්නා ගැනම මට බයක් නැ....ඒත් තිලිණ....හැමවෙලාවෙම කියව කියව හිටියේ එකම දෙයයි......."මගේ සොහොනට ඇය ආවොත් අවසර විගසින...කියන්න මා පෙම් කල බව..." කෙල්ලෙක්ගේ පර වැඩක් නිසා මල්ලා ගොඩාක් වැටිලා හිටියේ දෙපාරක්ම ජොබ් එකත් නැති කරගත්තා...... මම පුළුවන් විදියට එයාගේ හිත හැදුවා....මේ අක්කාට පුළුවන් තරමින්....ඒත් ....මට බලන්න බැරි උණ ටිකට කොල්ලා අතුරු දහන්...... මල්ලියේ උඔ මෝඩ තීරණයක් අරන් නැත්තම් මේ අක්කාව අමතක කරත් කමක් නැ....ඒත් මහ රැ හීනෙනුත් මම ගැස්සෙනවා....ඉන්න තැනක ඉදන් යහතින් ඉන්න බව විතරක් දන්නලා එවන්න....ඒ ඇති මට.....
ළමයා මල්ලී....ඔයා...ඇයි ගියේ මොකටද ගියේ කියලා නොකිව්වාට මට කියලයි ගියේ... එක සැනසීමක් ඔයා හොදින් ඉන්න බව මම දන්නවා..... ඔයා මේවගෙන් ඈත් උනේ ඔයාගේ ඉගෙනීම නිසානම්.... ඒකට කමක් නැ.....එහෙම නැතුව වෙන හේතුවක් නිසා නම්...අනේ ඇවිත් නිමක් නැති ඔයාගේ කතාව ලියන්න.....ඔයාගේ බිලොග් එක නෑ...ඒක මම හරියට කියවලා ඉවරත් නැහැ....නොලිව්වත් අඩුම ගානේ අපිට කියවන්න පළුවන් විදියට තියන්න...නැත්තටම නැති කරන එක පාඵකයන්ට කරණ අසාධාරණයක්.....
ඔයාගේ හුරතල් හිනා මූණ නැතුව මූණු පොතෙන් වැඩකුත් නැහැ.......
තුන්දෙනාටම පොදුවේ මට කියන්න තියෙන්නේ...ඔයාල තවම පොඩියි.....ජීවිතේ කඩා වැටෙන්න ඔනි වයස් වල නෙවෙයි ඉන්නේ......පොඩි ලොඩි දේවල් වලට මෙහෙම වැටෙන්න එපා...අක්කා මෙහෙම හිටියට ආයේ නැගිට ගන්න අමාරුම විදියට දෙපාරක්ව වැටුණ කෙනෙක් ඔයාලට හිතාගන්නවත් බැරි තරම් දරුණු අත්දැකීම් මට තියෙනවා..ඒවා ගැන දන්න එනම එක්කෙනයි මේ සයිබරේ ඉන්නේ.....ඒයා බිලොග් ලියන්නෙක් නෙවෙයි කියවන්නෙක් ඒ නිසා ඔයාල එයාව දන්නේ නැහැ.....කොහොම උණත්....වැටෙන්න එපා...වැටිවැටී හරි නැගිටින්න...අඩ අඩා හරි හිනාවෙන්න....මේදේවල් දාල යන එක දුක නිවන මග නෙවෙයි..කොල්ලෝ නේද..........
පුරුෂ ධෛර්්‍යයෙන් ජීවිතේට මුහුණදෙන්න....ප්‍රශ්ණ වලින් පැනල යන එක නෙවෙයි විසදුව.....ප්‍රශනෙට මුහුණ දීල ඒක විසදගෙන ඒකෙන් ගැලවෙන එක.....
තුන්දෙනාම ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න .. බුදුසරණයි.. ඔයාල ආයේ එනකල් සුරංගනාවි බලාගෙනම ඉන්නවා................
ගොඩක් දුකින් වගේ ලියල තියෙන්නේ..
ReplyDeleteළමයා ෆේස් බුක් එකේ ඉන්නවනේ.. හ්ම්ම් හැම දෙයක්ම හොඳින් සිද්ධවේවී..
නැ....ළමය මල්ලි ෆේස් බුක් එකේත් නැ....
ReplyDeleteමේ ළඟදි වෙනකන් හිටියනේ.. ඇයි ළමයට මොකක් වෙලාද?
ReplyDeleteඅනේ මන්දා...
මම බ්ලොග් ලියන්න ඇවිත් තවම සති දෙක්ක වත් නෑ.ඒත් මං මේකට ගොඩක් ආදරෙයි.මේ ලිපිය දැක්කම ඒක වැඩිවුනා.මොකද මේ වගේ බැඳීමකින් ඉන්න අය දැක්කම ලොකු සතුටක් දැනෙනවා.මේක ලොකු ලෝකයක්.ඒත් ලංකාවෙ අපි අපි වෙනුමෙන්ම හදා ගත්ත සහයෝගයෙන් ඉන්න අපේම ලෝකයක්.හිතට දැනුන දේ තමයි ඔන්න මම ලියලා ගියේ.නිකම්ම නෙවෙයි.අළුත් අත්දැකීමකුත් අරගෙන....
ReplyDeleteඔයාගේ හිතේ තියෙන දුක තේරුම් ගන්න අමාරු නෑ...
ReplyDeleteඑත් අපේ ජීවිත වල හැම දවසක්ම එක වගේ නැනේ සහෝදරි...
ගෙවෙන දවස් එකකට එකක් කොච්චර නම් වෙනස්ද?
මොනවා උනත් ඔයා ගොඩක් හොද හිතවතියක් වගේ...
හැමෝටම...ලගින් උන්නු අය, මේ විදිහට ලග නැති උනාම, මතක් වෙන්නේ නෑ...
ඉතින් බලාගෙන ඉන්න.ජීවිතේ තවත් ලස්සන දවස් වල වගේම දුක හිතෙන දුක්බර දවස් වලත් පුළුවන් විදිහට යාලුවෝ ඇවිත් යාවි... ඒ තරම්ම මේ සිංහල බ්ලොග් අවකාශේ හිත නිවන සිහිල් සුළගක් වෙලා කියල යන එන අය නොදන්නවා නෙමෙයිනේ...
I have added myself to follow your blog. You are more than welcome to visit my blog and become a follower also.
ReplyDeleteඇයි අනේ මෙයාලා මෙහෙම යන්නේ...
ReplyDeleteකිසිම දෙයක් ස්ථිර නැති මේ ලෝකේ අර කවුදෝ කිව්වා වගේ යාම් ඊම් විතරයි තියෙන්නේ ආවොත් කවදා හරි යන්න වෙනවා. වෙනසකට තියෙන්නේ යන දවස කවද්ද කියන එක විතරයි...
ReplyDeleteai mehema asarana karanne
ReplyDeleteMAMA AWA AKKE....,AYE YANNE NE...,
ReplyDeleteAYE GIYATH AKKE KIYALAI YANNE..,
"මගේ සොහොනට ඇය ආවොත් අවසර විගසින...කියන්න මා පෙම් කල බව..."
NE AKKE MAMA INNAWA,PULUWAN THARAM HITHA GALAK KARAGENA MAMA INNAWA,AKKA WAGE MATATH ADARE KARANA AYA INNAKAM...,
ආවේ තනියම
ReplyDeleteයන්නේ තනියම
එනමුදු තනි කවුරුන්ද
සුසුමට වැඩියෙන් සමීප වන්නට
මේ ලංවීමේ වෙන්වීමක් කොයින්ද
-ඉර හඳ යට-
හ්ම්........ඉරු මල්ලියා ආවා......... තිලිණ මල්ලිත් ආවා..... ඇත්තමට මට ගොඩාක් සතුටුයි......... ළමය මල්ලි ඔයත් එන්න...........
ReplyDelete