මං නැති උනාට
සුවද සමන් වැල
සුදු සේලය අදිනවා ඇතී
වැට අද්දර හරි ජයට සුවද දී
වැටකේ මල් පිපෙනවා ඇතී
සැලෙන සයුරු රළ
වගේම නුඹේ සිත
සිතිවිලි රළ නැගෙගනවා ඇතී
අප පියමන් කල වෙරළ ඉමට වී
ඔබත් මෙලෙස තැවෙනවා ඇතී
සුවද සමන් වැල
සුදු සේලය අදිනවා ඇතී
වැට අද්දර හරි ජයට සුවද දී
වැටකේ මල් පිපෙනවා ඇතී
සැලෙන සයුරු රළ
වගේම නුඹේ සිත
සිතිවිලි රළ නැගෙගනවා ඇතී
අප පියමන් කල වෙරළ ඉමට වී
ඔබත් මෙලෙස තැවෙනවා ඇතී
මම වෙරළේ සුදු වැල්ලේ එරෙමින් දැවිද ගියේ නුහුරටයි..එක් අතක පාවහන් යුගලත් අනෙක් අතේබෑගයත් විය..වෙනදා මම මේ ගමන ආවේ හිතෙහි වු අපමණ සැහැල්ලුවකිනි, නමුත් අද ඒ සැහැලුලුව හිත අහලක නැත. මොහොතකට නැවතී වෙරළ තීරය සිසාරා නෙත් හෙලීමි.. සුපුරුදු ලෙස ගල්පරය මතට වී ඇත ක්ෂිතිජය දෙසට නෙත් යොමාගෙන හිටියේ ඔහුයි. හිත් අහස පුරාවට හරි අපූරුවට පායා උන් ඔහුයි... වෙනදා නම් ඔහු මෙලෙස සිටින විට මම කරන්නේ දග කාරකමට පිටු පසින් ගොස් දෝතින්ම ඒ ඇස් වසා මහ හඩින් සිනාසීමයි,
මා පළමු වරට ඒසේ දග කම් කල දිනය මට කිසිදාක අමතක නොවේ.. එදින කියවීම් ශාලාවෙන් පිටවී සයුරු වෙරලට එද්දී නොසිතූ ලෙස පමා වී තිබුණි. එදත් අද මෙන්න ඔහු මෙලෙසම ගල්පරය මතට වී සයුරේ කෙලවර සොයමින් උන්නේය, ඔහුට නොදැන්නට ඔහු පසුපසින් ගිය මා දොතින්ම මුහුණ වසන විට ගැඹුරු කල්පනාවක උන් ඔහු එකවර ගැස්සී. මාත් සමගම ගල්පරයෙන් ලිස්සා... මුහුදු ජලයේ වැටුණි..තරමක් ගැඹුරු. ජලයේ ගිලී ගිය මා දොතින් ගෙන වෙරළේ සියුම් වැලි පොළවේ සතපවා පෙවුණු වතුර ඉවත් කල අයුරු මේ දැනුත් මා නෙත් ඉදිරියේ මැවේ..
"පිස්සී.. තව පොඩ්ඩෙන් දෙන්නම ගිලෙනවා.." මට යන්තම් සිහිය ආ පසු ඔහු මා තුරුලු කොට ගෙන කීවේ තරහින් නොවේ.. සියුම් බියක් අතර වුවද සිදුවු දෙයට මගේ දෙතොල් අතරද හීනි හිනාවක් මෝදු විය..
"මෝඩ කෙල්ල... කියල බය කරන්න බැරිද.. මම ගැස්සුනා.." ඔහු මගේ නළළ සිඹ කීවේය,
"හිතුවේ නැහැ ගැස්සෙයි කියල ඔය තරම්....." බොහොවේලාවකට පසු පියවි සිහියට ආ මා හුරතල් වෙමින් කීමි..
"මම ගොඩක් දුරක හිටියේ මැණික... ඒකයි.. දැන් ඒ ගැන හිතන්න එපා... කො අර අව්ව තියෙන තැනට යමු ඔයගේ ඇදුම හොදටම තෙමිලා" ඔහු මා වත්තන් කොට යලිත් ගල් පරය වෙතම ගියේය...
"අනේ මට බයයි.. වැටෙයි..." මම ගල් පරයට නැගීම ප්‍රතික්ෂේප කලෙමි
"මම ඉන්නවනේ... බය වෙන්න එපා බබා.. ආයේ කවදාවත් මම ඔයාව වතුරට වට්ටන්නේ නැහැ..."ඔහු කීවේ සිනාසෙමින් මගේ හිස පිරිමැදය,
සිතිවිලිත් සමග නොදැනීම මම ගල් පරය අසලය... ඒත් වනදාමෙන් ඒ දෑස් වසා ඔහු සමග හුරතල් වන්නට බැරියඅපේ ආදරයට කළු පැල්ලමක් එක්කර ඔහු මාගේ හිත බිද දමා දුරක ගොස් ඇත.. මම මෙහොතක් නිහඩවට උන්නෙමි සිතිජ අයියාගේත් මගේත් ආදරයට දැනට සිව් වසරකි, ආදරයේ සිව්වෙනි වසර සමරන්නට ඔහු සයුරු වෙරලට ආවේ නැත ක්ෂිතිජ ඉමෙන් හිරු බැස යන තුරුත් වෙරළට වී උන් මා හඩමින් නිවසට යන විට මුණ ගැසුණු මිතුරියන් කීවේ දහවල ඔහු යුවතියක් සමග නගරයේ සිටිනු දුටු බවයි.
ඉතින් මා කිසිත් අසන්නට නොගියෙමි.. සය මසක්ම මම ඔහු මගහැර උන්නෙමි මවෙත එවු පෙම් හසුන් සියල්ලම විවෘත නොකරම බැගයක එකතු කලෙමි... පන්ති ගමනත් නතර කලෙන් මම නිවසේම කොටුවිය, සිතිජ අයියා මතක් වෙන හැම මොහොතකම කාමරයේ දොර වසාගෙන ඇති තරම් හැඩුවෙමි.. හිත හදන්නට එන අක්කාට පෙනෙන්නට බොරුවට සිනාසුනෙමි නතිකම විසින්ම මා බිය ගුල්ලියක් බවට පත් කරන්ට ඇත, හුදෙකලාව තනිවී හූල්ලන මගේ හැසීරිම අක්කාටත් අයියාටත් වදයක් විය.
අම්මා නොදුටු මට අම්මා කෙනෙක් වු අක්කාත් තාත්තාගේ වියොවෙන් පසු අක්කාව හදිසියේම විවාහ කරගෙන අප දෙදෙනාටම තාත්තා කෙනෙකු වු අයියාත් රිදවන්නට මට තවත් සිත් නොවීය.. අවසන මම තීරණයක් ගතිමි. සහන් අයියාගේ මිතුරකු වු අසිත අයියා හෙට ඔහු ගේ දෙමාපියන් සමග මා බැලිමට නිවසට එන ගමනට මම කැමති වීමි.
"බල කරන්නේ නැහැ චූටි නංගි.. ඔයා කතාබහ කරල බලන්න ඔයාට හොදයි කියල හිතෙනවනම් අපි වචනයක් දෙමු.. ගෙදරට ආපු පලියට මගුලක් ගන්නේ නැහැනේ..." අක්කා සැනසිලි වදන් කීවාය...
"හ්ම්...." මම සුසුමක් පමණක් හෙලීමි
"තවමත් ඔයාගේ හිතේ ඉන්නේ සිතිජ නේද.... " නිහඩ බව බිදින්නදෝ අක්කා ඇසුවාය..
"නහැ අක්කේ... නැහැ... එයා අපේ ආදරේ සොහෙන් ගත කරල ඉවරයි.... මට මගේ හිත හදා ගන්නයි ඔනි.. ඒත් මේ මතක මා ළග තියෙනකල් මට එයාව අමතක කරන්න අමාරුයි... එක පාරක් මුණගැහිලා.. මේ සේරම එයාටම ආපහු දෙන්න ඔනි"
ඔහුගෙන් ලද සියලුම සොදුරු තිලිණ අඩුක්කර තිබූ බෑගය පෙන්වමින් මා කිවෙමි..
" ම්.... මුණ ගැහෙන්න ඔනි නම් මම අයියට කියන්නම් හවස එන්න කියන්න කියලා.. සිතිජත් තුන් හතර පාරක්ම අයියගෙන් අහල තිබුනා හිරූට එන්න බැරිනම් මම ගෙදරටවත් එන්නද කියලා... " අක්කා සන්සුන්ව කීවාය..
"හ්..ම්ම්ම්ම්ම්ම්... විස්තරේ කියලම එන්න කියන්න ඒත් ගෙදරට නෙවෙයි වෙරළට.... " දිගු නිහඩතාවයක අවසන මම කීවෙමි...
ඒ අනුව මම මෙලෙස සයුරු වෙරළට පැමිණියේ අපගේ අවසන් හමුවටයි...
"හීරූ.... ගො..ඩක් වෙලාද මැණීක ඇවිත්...." සිතිවිලි වල අතරමන්ව හිදිද්දී ඔහු ගල්පරයේ කෙලවර උන් මා අසලටම පැමිණ සිටියේය.
" ම්හ්..ම් .. නැ..හැ.." මම උගුරෙන් කිමි.. ඔහු මා අමතන්නේ එදා වාගේමය... මම ගල් ගැසී උන්නෙමි.
"මම කල්පනාවක හිටියේ... සොරී.. මම ඔයා එනව දැක්කේ නැහැ " ඔහු සන්සුන්ව කීය
"ක..ම..ක් නහැ... ආ මේක ගන්න.. ම..මම යනවා...." මා අත වූ බෑගය ඔහුට දී.. මම යන්නය හැරුනෙමි නොසිතූ ලෙස ඔහු එම බෑගය ඈත සමුදුර දෙසට වීසි කොට දැඩිව මා තුරුලු කොට ගත්තේය, මම කිසිත් සිතා ගන්නට නොහැකිව ගල් ගඋසී උන්නෙමි..
"කාත්කවුරුත් නැති මාව තනි කරල යන්න එපා මගේ මැණික....යන්න එපා... ඔයා නැතිව ඉන්න බැහැ මට.... අනේ... ඇයි මෙහෙම අනාථ කරන්නේ මාව... හැමදාමත් මම ඔයා එයි කියල මෙතන උන්නා මැණික.... ඒත් ඔයා අද ඇවිත් යන්නම යන්න හදනවා... ඇ..යි ඇයි.. එකපාරක් ඇහුම් කන්දෙන්න බැරි මට,......" ඔහු කියවාගෙන ගියේ මගේ දෑසට එබීය... ඒ දෑස් හමුවේ මට නොහඩා ඉන්නට බැරි විය. මම කෑ ගැසුවෙමි
"බලාගෙන උන්න මම ඒදා හවස් වරුවම... ආවේ නැහැ ඔයා... ආ..වේ.. නැහැ.. සිතිජයියේ.... "
ආවේගය සහ වේගවත් ඉකිබිදුම අතරින්ම ඔහුගෙන් මිදුණු මා ගල්පරය කෙලවරට වේගයෙන් දිවගොස්.. සයුරු ජල කදට පැන්නෙමි... කිසිවක් සිතන්නට මටද වේලාවත් නෙවීය..වේගයෙන් සයුරු ජල කද මත පතිත වනවාත් ඒ සමග ආ රළපහරට මගේ සිරුර යටවී යනවාත් මතකය..
මම දෙනෙත් විවර කලෙමි මා උන්නේ වෙරළේ නොවේ.. රෝහලක ගිලන් සයනයක් මතය, අක්කාත් අයියාත් දෙපසින් විය... මට ඔවුන්ට මුහුණ දෙන්නට බැරි සෙයක් දැනුනි... මම දෙනත් සගවා ගතිමි ඔවුන් දෙදෙනාත් නිහඩවම උන්නෝය... වෛද්‍යවරුන් සහ හෙදියන් කාමරයෙන් පිටවී යන තුරුත් නිහඩව උන් අක්කා ඉකිබිදිමින් මගේ හිස සිම්බාය...
"ඇයි පිස්සියේ.... ඔය තරම් දෙයක් කරගන්න ගියේ....." ඇය මගේ හිස කෙස් අතරින් ඇගිලි දුවවමින් කීවාය... මම නිහඩවම උන්නෙමි
"නංගා... අර කොල්ල දවස් තුනක් තිස්සේ.. එළියේ කොරිඩෝවට වෙලා හූල්ලනවා... එක වචනයක් කතා කරන්න....." අයියා ගිලන් සයනය මත්තේ හිද කිවේ වේදනාවෙනි... මම හිස සැලීමි.. ඒ පාළු වෙරළේ සයුරු රළ සමග පොර අල්ලා ඔහු මා බේරාගත් බව මට දැන් අමුතුවෙන් කිසිවෙකු කියන්නට උවමනාවක් නැත..
සිතිජ අයියාට ඉඩදී අක්කා මා අසලින් ඈත් වුවාය ... මම කිසිත් නෙකියා ඔහු දෙස බලා උන්නෙමි.. කිසිවක් කියන්නට වචන ගලපාගන්නට මට නොහැකි විය.
"ඒදා... ඒ ගර්ල් මහ පාරේ කලන්තේ දාල වැටුන නංගා.. ම....මම එයාට උදව් කලා.. ඒ..කයි මට එන්න බැරි උනේ...." ඔහු අසරණ හඩින් කීය... මට හැඩුම් වාවනු බැරි විය මම ඒ..දිගු ඇගිලි තුඩු තදින් අල්ලා ගතිමි....
සයුර ඉම සදු ලවැලි තලයේ
අපේ සරමරුම් ඉකිබිදී
සිතිජ අන්තේ හිරු කුමාරි
ගිලි යලි හෙට එනු ඇතී...
අපේ සරමරුම් ඉකිබිදී
සිතිජ අන්තේ හිරු කුමාරි
ගිලි යලි හෙට එනු ඇතී...
****************************************නිමි********************************************
ලස්සනට ලියලා තියනවා වෙනදා වගේම ..හරිම ලස්සනයි
ReplyDelete"ආදරය"
හ්ම්ම්ම්ම්ම් ඇත්තටම ලස්සනයි.....එක හුස්මට කියෙව්වා...
ReplyDeleteදිගටම ලියන්න....
හරිම ලස්සන නිර්මාණයක්.....:-D
ReplyDeleteඉලන්දාරි අයියා හසීය මල්ලී පසන් අයියා.. ස්තුතියි ඔයාලගේ දිරිමත් කිරීමට
ReplyDeleteගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එකක් බැලුවෙ. ඒකත් හංසි කෙනෙක්ගෙ. ලග්නෙත් කටක. හැබැයි අනෙක් විස්තරනම් වෙනස්. නම දැක්ක ගමන් මතක් උනේ වෙන කෙනෙක්ව.
ReplyDeleteමම මේ කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා. ලස්සනට ලියල තියෙනවා. මෙහෙම කිව්වට වැරදියට හිතන්නෙපා. කෙල්ලො ඉක්මන්වෙලා ගන්න තීරන නිසා සමහරක් වෙලාවට කොල්ලෙක්ට විඳින්න වෙන දුක අනන්තයි, අප්‍රමානයි.
ස්තුතියි සුදු මහත්තයා..
ReplyDelete