Mar 27, 2011

මායාකාර ඇස් 5

 මායාකාර ඇස් 4

ඉෂාන් පවරන සියලු  රාජකාරි මම අකුරටම ඉටු කලෙමි. ඔහු ඊට බොහෝ ඇළුම් කල බව මට වැටැහුණි. ඇතැම් විට ඔහු මා  යමක් කියනා විට නිසොල්මනේ මාදෙසම දරාගතනොහැකි බැල්මකින් බලා සිටී..  ඇතැම් විට අහේතුකවම මද හසරැල්ලකින් සැහැල්ලු බැල්මකින් මා දෙසෙම බලා සිටි... හැම විටම වෙනස් වන පුළු ගතිගුන වලින් යුතු ඔහුගේ ක්‍රියාවන් මම ඒ තරමි ගනනකට නොගතිමි.



එක් දිනයක මා හට එදින පැවරණූ රාජකාරි අවසන් කරන විට නොසිතු ලෙස රෑ ‍බෝවී තිබුනි.. ෆයිල් කවරයෙන් නෙත් ‍ඔසවන විට මා නෙත ගැටුනේ පුදුමාකාර බැල්මකින් මා දසෙම බලා සිටිනා ඊෂාන්ය.. මමද මොහෙතක් ඔහු දෙස බලා සිටින්නට ඇත...

"වෙඩි තිබ්බනම් හොද නැද්ද මට..." එකවරම ඔහු අසද්දි මම ගැස්සි නෙතු බිමට බර කලෙමි.. ඔහු පැමිණ මාගේ මේසේ දැතම තබාගෙන මා දෙසට නැඹුරුවිය.

"සර්" මම කිසිත් සිතා ගන්න බැරිව නැගීසිටියෙම්...

"මායාකාර ඇස් දෙකක් තියෙන්නේ බලද්දි හිරිවැටිලා යනවා... පිස්සු ආච්චි.. දන්නවද වෙලාව.. හයහමාරයි.. එනවා මම ගෙදරින් බස්සන්ම්...."  පවසමින් ඔහු තම බැගයද රැගෙන පිටත් විය..  මට උන්හිටිතැන් අමතක විය අම්මා දෙලොව රත්වී මා සොයනවා ඇත ක්‍රියා විතරහිත කොට තිබු ජංගම දුරකතනය ක්‍රියාත්මක කර මම වහා ලොකු අක්කා ඇමතුවෙමි ..

"චූටි නංගි.. කොහේද අනේ ඉන්නේ.. අම්මා හොදටම බය වෙලා..."
 මා සිතු ලෙසට මුළු නිවසම ගිනිගෙන තිබුනි .

"අනේ ‍ලොක්කක්කේ වැඩ ඉවර කරද්දි වෙලාව යනවා දැනුනේ නැහැ... අනේ... සර් මාව බස්සන්නම්ලු.. මොකද කරන්නේ...." මම වචන සොයමින් කතා කලෙමි.

" අනේ මන්දා චූටී ඔයාගෙත් වැඩ .. දැන් තනියම එන්නත් බැහැ.. තාත්තා එනකල් ඔයාට ඔ‍තන ඉන්නත් බැහැ... ගෙදරටම එන්න එපා මමයි තාත්තයි හන්දියේ ඉන්නම්.. එන්න...සර් එක්ක වෙන මොනා කරන්නද දැන්"
ලොක්කක්කා කේනිතියෙන් කියා දුරකතනය විසන්දි කලාය.

අත් බෑගයත් රැගෙන පඩිපෙල බසිද්දි වාහන අංගනයේ සිට මාදෙසම බලා සිටින ඉෂෘන් දුටු මා ගැස්සුනෙමි..  දින කිහිපයක සිටම ඔහු මෙලෙස  මාදෙසම බලා සිටි අවස්ථා කිහිපයකත් මෙලෙසම මා දැවුනෙමි...  නිහඩවම ඔහුගේ කාරය අසලට ගොස් සිට ගනිද්දි ඉදිරි වම් පස දොරටුව විවර කොට ඔහු ගොස් රියදුරු අසුනට බරවිය..

කාරය තුල වු සුවද නැහැපුඩු කඩාගෙන යද්දි ලයාන්විත ගීතයක් පසුබිමින් වාදනය විය. ඒ රිද්මයට ස්ට්රියන් වීලට තට්ටු කරමින් රිය පදවන ඔහු සිටියේ අමුතුම ලෝකයක වල්මත් වීය... නුහුරු හැගීම් අතර උන් මට අවැසිව තිබුනේ..ඉක්මනින් කාරයෙන් බැසගන්නටයි...

"සර් මාව හන්දියෙන් බස්සන්න...."
  නිවෙසට හැරෙන හන්දිය පෙනි පෙනි මම කිවෙමි.. ඔහු එක්වරම හැරී මාවෙත බැලුවේය...

"බය වෙන්න එපා ගෙදරට එන්නේ නැහැ තේ බොන්න.. ඊට වඩා වැදගත් විදියට එන්න ඉන්නේ..."  අමුතුම බැල්මක් මවෙත හෙලා ඔහු කිය...

" නැහැ සර් මේ මේ තාත්තයි අක්කියි හන්දියේ ඉන්නම් කීවා... ඒකයි..." මම වචන ගැලපුවෙමි.. එහෙත් හන්දියට යනවිට ඔවුන් එහි නොඋන්නෝය.. ඉෂාන් ජයග්‍රාහි ලෙස මදෙස බැලීය. ලැජ්ජාවෙන් රතු වු මා දෙනෙත් පමණක් ඔසවා ඔහු දෙස බැලීමි... එක්වර තම පපුවට අතක් තබාගත් ඔහු දෙනෙත් පියා ගත්තේය....

"ඔහොම බලන්න එපා මොඩ කෙල්ල.. මාව පිව්චෙනවා..." මොහෙතකින් ඔහු  හැගුම්බරව කීවේය.. මටත් පෙර මා ක්‍රියාත්මක වී  වේගයෙන් දොර විවර කර වාහනයෙන් බැස්සෙමි.. කිසිත් සිතාගන්නට නොහැකිව ඉෂාන් බලා සිටිත්දී  මම යන්නම් සර් කියාගෙන පාළු මාවත දිගේ ඉදිරියට දිව ගියෙමි..

කිසිවෙකුගේ ඇගේ හැප්පීමෙන් මම ගැස්සී නැවතුනෙමි...
"චූටි නංගි මොකද මේ උඩ බලාගෙන දුවන්නේ..."  ලොක්කක්කා කෑ ගැසුවාය..

"ඇයි පුතේ කරදරයක්ද මොකද මේ දාඩිය දාගෙන...." තාත්තා ද කලබලයෙන් මෙන් ඇසුවේය...

"න්න්නෑහැ තා..තා ..ත්තේ රෑ වුනු නිසා කළුවරේ බය උනා ඔ..ඔය දෙන්නා නැති නිසා...." මම ගොත ගසුවෙමි...

***************************************************************************************************************

දින කිහිපයක් යන තුරු ඉෂාන් මා හා රාජකාරියට අමතර දෙයක් කතා නොකලේය.. ඇතැම්විට මා හට යම් යම් දේ විස්තර කිරිමට දමයන්තට බාර කලේය.. එයින් මම සැනසුනෙමි.. ඔහු මාගේ ආයතන ප්‍රධානියාය.. අනවශ්‍ය ඇගැලුම් කමක් අවශ්‍යම නැත..

"පබා  දහයට  ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් මාත් එක්ක යන්න ලැහැස්තිවෙන්න.. " දිනක් මා කාර්යාලයට විත් විනාඩි කිහිපයක් යද්දි ඔහු කිවේය... මම දවසේ වැඩ සටහන සහිත ලිපි ගොනුව ගෙන බැලීමි..

"ඒකේ නැහැ.. මීටින් එක හදිස්සියේ වැටුනේ.. " ඒක් වරම සැර පරුෂ හඩකින් ඔහු කියද්දි මම ගැස්සි ඔහු දෙස බැලිමි... එක්වරම මද සිනා නැගෙද්දි ඔහු වහා තම මුහුණ සගවා ගත්තේය..

දහය වන විට අවැසි ලිපි ගොනුත් ඔහුගේ ලැප්ටොප් පරිඝනකයත් ගෙන මම ඔහු පසුපස වැටුනෙමි.. සුපුරුදු ලෙසටම ඉදිරිපස අසුනේ සුපුරුදු අපහසුතාවයෙන්ම ගමන් ගතිමු...

විශාල ගොඩනැගිල්ලක රථ ගාලේ වාහනය නැවතිනි.. මම විස්මයෙන් යුතුව වටපිට බැලීමි.. මින් පෙර කිසි දිනෙක හමුවක් සදහා මෙවන් ගොඩනැගිල්ලකට ආබවක් මට මතක නැත..

"අපාර්ට්මන්ට් තියෙන්නේ යමු..උඩට .." ඔහු විදුලි සොපානය දෙසට යමින් කීය.. මම ඔහු පසුපස වැටුනෙම්.. පාළු කොරිඩොවක් දිගේ ගමන් ගනිද්දි සිත නන්නාදුනන චකිතයකින් පිරි ගියේය.. එහෙත් ඔහුගෙන් කිසිත් අහන්නට මට අයිතියක් නොවීය.. ඒනිසා නිහඩවම ඔහු පසුපස ඇදුනෙමි..

තම අතවු යතුරතින්  කොරිඩොව කෙලවරේ වු දොරක් විවර කල ඔහු මට ඇතුලු වන්නට ඉව හැර යලිත් දොර වසා දැම්මේය.. උගුර වියලි දෙනෙත් විසල් වද්දි වචන ගපනු නොහැකිව මම ඉෂාන් දෙසම බලා උන්නෙමි..

"මිනිහා එනකල් ඉන්න වෙනාවා.. වාඩි වෙන්න.. මේක මගේ ගෙදර... පබාගේ කියලා හිතන්න..."  ඇතුළු කාමරයකට ඔහු නොපෙනි යද්දි  අසල වු සුවපහසු සැටියට මම කඩා වැටුනෙමි.. මේ පවත්වන්නට යන්නේ කුමන ආකාරයේ හමුවක්දැයි සිතමින් සිතිවිලි සමග  තරග කරද්දි.. ඉතා කෙටි කලිසමකින් හා නිරුවත් උඩු කය සහිතව ඔහු පැමීනියේ බීම වීදුරුවක්ද අතැතිවයි. 

හදවත ස්පන්ධනය වන වේගයෙන්ම ඉසින් කනින් දහදිය වැක්කෙරෙද්දි මම ‍ඔහු අතවු බීම විදුරුව වෙව්ලන සුරතින් ගතිමි.. එහෙත් එය ‍බොන්නට ප්‍රිය තාවයක් මට නොවීය...

"පබා... අහන්න.......මිටින් එකක් නැහැ... මට ඔයා එක්ක කතා කරන්නයි ඔනි ටිකක්....."
බීම විදුරුව දොතට සිරකරගෙන උන් මා දෙඅත ඔහුගේ ශක්තිමත් දැත් අතර සිරකරගනිමින් කියද්දි ඉබේටම මා අතවු වීදුරුව බිම වැටී බිදී ගියේය..
ඇතිවු කම්පනයට මට කෑ ගසා හැඩිනි.. පාළු නිවසක අඩ නිරුවත් පිරිමියෙකු ඉදිරිපිට අසරණව උන්මා කොටියෙකු ඉදිරියේ දිවියදින අහංසක හා පාටියෙක් මෙන් හැඩුවෙමි...

"මට.. ය..න්‍‍‍‍....න දෙන්න සර්.. බුදු බව අත්වෙයි... ම..ට යන්න දෙන්න... " ඔහු දෙසට වදිමින් ඉල්ලා සිටිද්දි වියරැව නැගී සිටි ඔහු...

" බැල්ලියේ... උඹව කන්න ගෙනාවේ නැහැ මම මෙතනට..  ටිකක් කතා කරන්නයි ඔනි මට..." මගේ දිගු කෙස්වැටිය ගෙල පිටුපසින් දැත් යවා රිදුම්දෙන ලෙස සිර කරගනිම්න් මගේ දෙනෙතට එබී ඔහු ගිගිරුවේය... ඒ දරදඩු ග්‍රහනය නිසා අප්‍රණිකවු මා වත එහෙමම සුවපහසු සොපාව මතට කඩා වැටිනි. මම හැකිවෙර යොදා කැ ගසා හැඩීමි.. මාගේ බෙරිහන්දීම නතර තරන්නටදෝ ඔහු දරුනු අතුල් පහරකින් මට දමා ගුසුවේය... ඉතින් මා සිහියත් අසිහියත් අතර අප්‍රිණිකව වැතිර උන්නෙමි...

සෙනෙන් රැකි යෞවනයේ සොදුරු වත්කම් සියල්ල බලහත් කාරයෙන්ම ඔහු උදුරා ගනිද්දි කොටි දෙනක මෙන් ඔහුව සූරා කෑවෙමි ඇතැම් විට ඔහුව සපා කෑවෙමි.. එහෙත් කෙමෙන් මාකෙරේ ඔහු දරුණු වුවා මිසෙක ගැලවුමක් නෙවීය.. අසරණ මා බේරාගන්නටද කිසිවෙකුත් නොවීය...

"මට ඔනි උඹව............ කැමැත්තෙන් එන්න බැහැනේ උඹට.. දැන් ඉතින් මැරෙනකල් වැටිලා ඉදහන් මගේ ළග..... පරට්ටී... බලපන් අදින් පස්සේ උඹේ ආඩම්බර කමට වෙනදේ....."

වියරුවෙන් ගුගුරා සිනාසුනු ඉෂාන්ව හැකි වෙර යොදා කොනිත්න්නට පමණක් මට හැකිවිය........


මායාකාර ඇස් 6

Mar 20, 2011

මායාකාර ඇස් 4

 මායාකාර ඇස් 3

"කම්මැලි කෙල්ල නැගිටින්නයි කීවේ.... අමතක උනාද අද ඉස්සෙල්ලාම වැඩට යන දවස" ලොකු අක්කා සුපුරුදු  ලෙස කිති කවා මා අවදි කලාය... තද නින්දේ උන් මා  අඩවන්ව දෙනෙත් විවර කල බලා  යලිත් නින්දට වැටුනෙමි.

"මම කැමතියි වෙලාවට වැඩ කරන අයට...  ඊළග සදුදු උදේ අටහමාර වෙද්දි ඔපිස් එකේ ඉන්න...." ඉශාන් ගපල්ලත්තිගේ හඩ සිහිනයෙන් මෙන් සිහි වුනෙන් මම උඩ වීසී වි ඇහැරුනෙමි....

"අනේ.... හයහමාරත් උනාද.... අටහමාරට යන්න බැරිවෙයිද ලේක්කක්කේ.... " මගේ කම්මැලි නින්දට මම දොස් පවරමින් නැගි සිටියෙමි..

"මූණ සෝදගෙන ලැහැස්ති වෙන්නකෝ... අද පළවෙනි දවසේම පරක්කු  උනොත් ඒක ඔයාට හරිනැහැ. මම කවන්නම් ලැහැස්තිවෙනකල්..." අම්මා පැමිණ මා නිදා උන් ඇද සකසමින් කීවාය.

මම වහා දිවගොස් මුව දොවා පැමිණ සුදානම් උනෙමි.. අම්මා බත් පිඩෙන් පිඩ කැව්වාය...
"නාකි හුරතල්..." පොඩි අක්කා ඔව්චම් කලාය...  මම ඇයට ඇද කලෙමි.

ඩ්‍රීම්ස් ආර්ට් ඇඩ්වර්ටයිසින් හි රැකියාවට යන පළමු දිනයේ නිවසේ සොදුරු කලබැගැනිය අවසන මම ලොකු අක්කාත් සමග පාරට බැස්සෙමි.. අක්කාගේ සේවාස්ථානයක් මගේ සේවා ස්ථානයත් වුයේ දෙඅතක වුවත් ලොකු අක්කා පළමු දවසේ මා ඇරලවා ප්‍රමාද වී රුකියාවට යන්නට තරම් කාරුණික වුවාය.

"චුට්ටි හැමදාමනම් මේ සෙල්ලම තියාගන්න ඔට්ටු නැහැ හොදද... "
ඩ්‍රීම්ස් ආර්ට් ඇඩ්වර්ටයිසින් ගේට්ටුව අසලට මා ඇරලවා ලොකුඅක්කා නෝක්කාවු කිවේ තරහින් නොවේ...

අක්කාව පිටත් කොට මම ආයකනය ඇතුලට ගියෙමි.  පැමිණ සිටියේ පිළිගැනිමේ නිලධාරිනිය පමණකි.

"ගුඩ් මොනිං ඔයා.. පබෝදද...."  මවාගත් සිනහවකින් යුතුව ඇය වාඩි වී උන් තැනින් නැගිට්ටාය.

"ඔව්............" මම අව්‍යාජවත් සිනහවකින් යුතුවකීවෙමි...

"ම්ස්ටර් ගලප්පත්ති  ඊයේ හවස නිව්සීලන්ඩි  ගියා ආයේ එන්නේ සතියකින් මේ ඔයාගේ වර්ක් සමරි එක .. මේකේ තියෙනවා කරන්න ඔනි දේවල් සේරම... එන්න ඔයාගේ සීට් එක පෙන්නන්න..."
ගිරවියක සේ කියමින් ඇය ඇතුලු කාර්යාලය දෙසට ගියාය. මම ඇය පසුපස වැටුනෙමි.

සුවපහසු කාර්යාල කාමරයකට මා කැදවා ගේස් ඇය මගේ අසුන පෙන්වුවාය.  ඇය දුන් ෆයිල් කවරයත් ගෙන අසුනට බරවු මා මොහොතකට සිතිවිලි නිදහස් කරගන්නට උත්සහ කලෙමි.

පිටුවෙන් පිටුව කියවාගෙන යත්දී මා හට පැවරී ඇති රාජකාරි මැනවින් අවබොදවන්නට විය.. යමක් පිලිබද සිතෙහි කිසියම් පැනයක් හටගත්විට ඊළග ඡේදයේ එයට විස්තරාත්මක පිළිතුරක් විය. ඉතාපැහැදිලිව ලියා තිබුනු ලිපිගොනුව කියා අවසන ඒම සතියට මා කල යුතු කාර්යයන් සහිත වෙනමම ලිපි ගොනුවක් විය. එහි මුල්ම කාර්යය වුයේ මට අවැසි පරිදි මාගේ කාර්යාල කාමරය  සකසා ගිනීමයි.

වැඩකටයුතු වල නියෑලි සිටින විට දවසින් අඩක්ම ගත වනවා නොදැනින. මම දිවා ආහාරය ගැනීමට සේවක විවේක කාමරයට ගියෙමි. මා එහි යන විට පිළිගැනීමි කවුන්ටරයේ වු යුවතියත් තවත් තරුණයෙකුත් සිවා අහාරය ගනිමින් උන්නෝය..

"අහා.. මිස්ටර් දමයන්ත මේ  පබෝදා.... මිස්ටර් ගලප්පත්තිගේ ඇසිස්ටන්ට් අදයි ඉස්සෙල්ලාම  ආවේ....."
 පිළිගැනීමේ නිලධාරිනිය එහි උන් තරුණයාට මා හදුන්වා දුන්නාය. මම ඔහු හා සුහදව සිනා සෙමින් අසුන් ගතිමි. 


"හායි.... ..  අපෝ... යාන්තම් ඇති  මිස්ටර් ඉෂාන් මගේ ඉල්ලීම ඉමු කලා... තනියම වැඩ ටික කරගන්න බැහැ එයාට ඒක තේරුම් ගන්න.. දැන්නම් මිනිහා ටිකක් රිලැක්ස් වෙයි... තනියම සේරම කරන් ගියාම මිනිහට තරහා යනවත් වැඩියි.. ඔන්න කෞෂී අද ඉදන් අපි දෙන්නට බැනුම් අඩුවෙයි...."
ඔහු මහ හඩින් සිනාසෙමින් කීවේය..

" ඒකියන්නේ මට බැනුම් වැඩි වෙයිද....." මම සිහින් හඩිනි ඇසීමි.

"ඒ ඔයා වැඩ කරන විදියට.. එයාට ඔනි ‍පර්ෆෙක්ට් කෙනෙක් වැරදි අඩු වෙන්න ඔනි.. වැඩේ පැහැදිලි වෙන්න ඔනි"  දමයන්ත කියද්දි මට සිහි උනේ ඔහු ලියාගොස් තිබු ලිපි ගොනුවයි.

මද සිනා පා නිහඩවු මා කල්පනා ලොවක තනි උනෙමි...

මගේ ප්‍රතම රැකියාවේ ප්‍රථම දිනය ඒසේ නව පරිසරයට හුරු වෙමින්ම ගෙවී ගියේය..  දෙවන දිනයේ සිට ඒ දිනට මා කල යුතු දේවල් ඊමේල් පනිවිඩයක් හගින උදැසනින්ම මට දැනගන්නට ලැබුණි. මම ඒ අනුව වැඩ කලෙමි. හවසට මා කල කී දෑ ගැන ඉෂාන් ගලප්පත්තිට වාර්ථාවක් දියයුතු විය... ඒ සේ දෙසතියක් ගෙවී යනවා නොදැනින...

උදාවු ඒ සදුදා දිනයේ උදාසන මට ඊමේල් පනිවිඩය ලැබී නොතිබිනි. පරිඝණක තිරයෙන් මිදී දෙනෙත් ඔසවද්දීම.. මා ඉදිරිපසන් ගමන් ගත්තේ ඉෂාන් ගලප්පත්තිය.. වහා නැගිට
"ගුඩ් මොනිං සර්.." යි කීවෙමි... 


අමුතු බැල්මකින් මාදෙස බලා හිද "මොනිං" කියා වේගයෙන් ගොස් ඔහුගේ අසුනට බරවිය..

මොහොතකින්








" පබා.. " යි කියා මා අමතද්දි  ස්ව්‍යංක්‍රීයව  මා ඔහුගේ මේසය අසල හිට ගතිමි... 


"ඇයි හිටගත්තේ.... මම මෙතන ඉදන් කතා කරද්දි ඔයාට ඇහෙනවනේ... ඔයාගේ සීට් එකේ ඉදන් අහන් ඉන්න... නැගිටින්න වාඩි වෙන්නවත් කාලේ නහස්ති කරනවට මම කැමති නැහැ.." අතින් මාගේ මේසය පෙන්වමින් ඔහු මේසට මත වු ලිපි ගොනුවටම නෙත් යොමාගෙන කීවේය....

උපදෙස් දෙන පරිඝනකයක් මෙන් ඔහු කියවාගෙන යයි......යාන්ත්‍රිකව  මම ඒවා කරමි.  පබා මේ ස්ක්‍රිප්ට් එක වෙක් කරන්න... අර රිපොට් එක හදන්න... ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් විනාඩි පහෙන් ලැහැස්ති වෙලා කාර් එක ළගට එන්න.... දිනය පුරාම ඔහු  දෙන උපදෙස් පිළිපදිමින් ඔහු කියනා දෙයක් කරමින්. වයින් කරන ලද බොනික්කියක මෙන් හැසිරෙමි...

"පබා.... කන්න... දෙකයි වෙලාව..."
විටෙක ඔහු කියයි... මම නෙත් ඔසවා බලමි. අමුතුම බැල්මකින් ඔහු මා දෙසම බලා හිදියි... මම වහා නෙත් සගවා ගනිමි.
මා හදුනාගත් අයුරින්නම් ඉෂාන් ගලප්පත්ති යනු සැරපරුෂ වෙනස්ම අකාරයක මිනිසෙකි. එවන් අයෙකුගෙන් මුදු මොලොක් වඩන ඇසිම පුදුමකි....


මායාකාර ඇස් 5