Dec 30, 2010

සිගාකමි ජීවිතය

තෙරක් නොපෙනෙන මහ සමුදුර මැද
අතරමං වූ සෙයකි ජීවන නෞකාව
සොයාගත නොහැකිව මගක්
පාව යන්නට කෙම් බිමක් වෙත
ඉතින් සිගා කමි ජීවිතය
හිතක් පපුවක් නැතිව
පෙරලෙන දළ රළ පෙලින්
සොයා දෙන ලෙස කියා මාවතක්
සොයාගෙන යන්නට
සැනසුමක් ඇති තැනක්
රිදුණු හිත තදින් තුරුලු කොට
සනසන්නට හදන මගෙම සිතිවිලි සමග
අරමුණක් නැතිව ඔහේ පාවෙන
නෞකාවකි අසරණ ජීවිතය
‍වැටෙන පොඩි හිරු කිරණකට
දෙන්න පුළුවන් උවත් ජීවිතය
විඩාබර තනි සිතට දැන් අවැසි නැවතුමක්
සදාකල් නැංගුරම්ලන්නට

Dec 27, 2010

සයුරු ඉම



මං නැති උනාට
සුවද සමන් වැල
සුදු සේලය අදිනවා ඇතී
වැට අද්දර හරි ජයට සුවද දී
වැටකේ මල් පිපෙනවා ඇතී
සැලෙන සයුරු රළ
 වගේම නුඹේ සිත
සිතිවිලි රළ නැගෙගනවා ඇතී
අප පියමන් කල වෙරළ ඉමට වී
ඔබත් මෙලෙස තැවෙනවා ඇතී



මම වෙරළේ සුදු වැල්ලේ එරෙමින්  දැවිද ගියේ නුහුරටයි..එක් අතක පාවහන් යුගලත්  අනෙක් අතේබෑගයත් විය..වෙනදා මම මේ ගමන ආවේ හිතෙහි වු අපමණ සැහැල්ලුවකිනි, නමුත් අද ඒ සැහැලුලුව හිත අහලක නැත. මොහොතකට නැවතී වෙරළ තීරය සිසාරා නෙත් හෙලීමි.. සුපුරුදු ලෙස ගල්පරය මතට වී ඇත ක්ෂිතිජය දෙසට නෙත් යොමාගෙන හිටියේ ඔහුයි. හිත් අහස පුරාවට හරි අපූරුවට පායා උන් ඔහුයි... වෙනදා නම් ඔහු මෙලෙස සිටින විට මම කරන්නේ දග කාරකමට පිටු පසින් ගොස් දෝතින්ම ඒ ඇස් වසා මහ හඩින් සිනාසීමයි,

මා පළමු වරට ඒසේ දග කම් කල දිනය මට කිසිදාක අමතක නොවේ.. එදින කියවීම් ශාලාවෙන් පිටවී සයුරු වෙරලට එද්දී නොසිතූ ලෙස පමා වී තිබුණි. එදත් අද මෙන්න ඔහු මෙලෙසම ගල්පරය මතට වී සයුරේ කෙලවර සොයමින් උන්නේය, ඔහුට නොදැන්නට ඔහු පසුපසින් ගිය මා දොතින්ම මුහුණ වසන විට ගැඹුරු කල්පනාවක උන් ඔහු එකවර ගැස්සී. මාත් සමගම ගල්පරයෙන් ලිස්සා... මුහුදු ජලයේ වැටුණි..තරමක් ගැඹුරු. ජලයේ ගිලී ගිය මා දොතින් ගෙන වෙරළේ සියුම් වැලි පොළවේ සතපවා පෙවුණු වතුර ඉවත් කල අයුරු මේ දැනුත් මා නෙත් ඉදිරියේ මැවේ..

"පිස්සී.. තව පොඩ්ඩෙන් දෙන්නම ගිලෙනවා.." මට යන්තම් සිහිය ආ පසු ඔහු මා තුරුලු කොට ගෙන කීවේ තරහින් නොවේ..  සියුම් බියක් අතර වුවද සිදුවු දෙයට මගේ ‍දෙතොල් අතරද හීනි හිනාවක් මෝදු විය..


"මෝඩ කෙල්ල... කියල බය කරන්න බැරිද.. මම ගැස්සුනා.." ඔහු මගේ නළළ සිඹ කීවේය,

"හිතුවේ නැහැ ගැස්සෙයි කියල ඔය තරම්....." බොහොවේලාවකට පසු පියවි සිහියට ආ මා හුරතල් වෙමින් කීමි..

"මම ගොඩක් දුරක හිටියේ මැණික... ඒකයි.. දැන් ඒ ගැන හිතන්න එපා... කො අර අව්ව තියෙන තැනට යමු ඔයගේ ඇදුම හොදටම තෙමිලා" ඔහු මා වත්තන් කොට යලිත් ගල් පරය වෙතම ගියේය...

"අනේ මට බයයි.. වැටෙයි..." මම ගල් පරයට නැගීම ප්‍රතික්ෂේප කලෙමි

"මම ඉන්නවනේ... බය වෙන්න එපා බබා.. ආයේ කවදාවත් මම ඔයාව වතුරට වට්ටන්නේ නැහැ..."ඔහු කීවේ සිනාසෙමින් මගේ හිස පිරිමැදය,

සිතිවිලිත් සමග නොදැනීම මම ගල් පරය අසලය... ඒත් වනදාමෙන් ඒ දෑස් වසා ඔහු සමග හුරතල් වන්නට බැරියඅපේ ආද‍රයට කළු පැල්ලමක් එක්කර ඔහු මාගේ හිත බිද දමා දුරක ගොස් ඇත.. මම මෙහොතක් නිහඩවට උන්නෙමි සිතිජ අයියාගේත් මගේත් ආදරයට දැනට සිව් වසරකි, ආදරයේ සිව්වෙනි වසර සමරන්නට ඔහු සයුරු වෙරලට ආවේ නැත ක්ෂිතිජ ඉමෙන් හිරු බැස යන තුරුත් වෙරළට වී උන් මා හඩමින් නිවසට යන විට මුණ ගැසුණු මිතුරියන් කීවේ  දහවල ඔහු යුවතියක් සමග නගරයේ සිටිනු දුටු බවයි.

ඉතින් මා කිසිත් අසන්නට නොගියෙමි.. සය මසක්ම මම ඔහු මගහැර උන්නෙමි මවෙත එවු පෙම් හසුන් සියල්ලම විවෘත නොකරම  බැගයක එකතු කලෙමි... පන්ති ගමනත් නතර කලෙන් මම නිවසේම කොටුවිය, සිතිජ අයියා මතක් වෙන හැම මොහොතකම කාමරයේ දොර වසාගෙන ඇති තරම් හැඩුවෙමි.. හිත හදන්නට එන අක්කාට පෙනෙන්නට බොරුවට සිනාසුනෙමි නතිකම විසින්ම මා බිය ගුල්ලියක් බවට පත් කරන්ට ඇත, හුදෙකලාව තනිවී හූල්ලන මගේ හැසීරිම අක්කාටත් අයියාටත් වදයක් විය.

අම්මා නොදුටු මට අම්මා කෙනෙක් වු අක්කාත් තාත්තාගේ වියොවෙන් පසු අක්කාව හදිසියේම විවාහ කරගෙන  අප දෙදෙනාටම තාත්තා කෙනෙකු වු අයියාත් රිදවන්නට මට තවත් සිත් නොවීය.. අවසන මම තීරණයක් ගතිමි. සහන් අයියාගේ මිතුරකු වු අසිත අයියා හෙට ඔහු ගේ දෙමාපියන් සමග මා  බැලිමට නිවසට එන ගමනට මම කැමති වීමි.

"බල කරන්නේ නැහැ චූටි නංගි.. ඔයා කතාබහ කරල බලන්න ඔයාට හොදයි කියල හිතෙනවනම් අපි වචනයක් දෙමු.. ගෙදරට ආපු පලියට මගුලක් ගන්නේ නැහැනේ..."
අක්කා සැනසිලි වදන් කීවාය...

"හ්ම්...." මම සුසුමක් පමණක් හෙලීමි

"තවමත් ඔයාගේ හිතේ ඉන්නේ සිතිජ නේද.... "
නිහඩ බව බිදින්නදෝ අක්කා ඇසුවාය..

"නහැ අක්කේ... නැහැ... එයා අපේ ආදරේ සොහෙන් ගත කරල ඉවරයි.... මට මගේ හිත හදා ගන්නයි ඔනි.. ඒත් මේ මතක  මා ළග තියෙනකල් මට එයාව අමතක කරන්න අමාරුයි... එක පාරක් මුණගැහිලා.. මේ  සේරම එයාටම ආපහු දෙන්න ඔනි"
ඔහුගෙන් ලද සියලුම සොදුරු තිලිණ අඩුක්කර තිබූ බෑගය පෙන්වමින් මා කිවෙමි..

" ම්.... මුණ ගැහෙන්න ඔනි නම් මම අයියට කියන්නම් හවස එන්න කියන්න කියලා.. සිතිජත් තුන් හතර පාරක්ම  අයියගෙන් අහල තිබුනා හිරූට එන්න බැරිනම් මම ගෙදරටවත් එන්නද කියලා... " අක්කා සන්සුන්ව කීවාය..

"හ්..ම්ම්ම්ම්ම්ම්... විස්තරේ කියලම එන්න කියන්න ඒත් ගෙදරට නෙවෙයි වෙරළට.... " දිගු නිහඩතාවයක අවසන මම කීවෙමි...

ඒ අනුව මම මෙලෙස සයුරු වෙරළට පැමිණියේ අපගේ අවසන් හමුවටයි...

"හීරූ.... ගො..ඩක් වෙලාද මැණීක ඇවිත්...." සිතිවිලි වල අතරමන්ව හිදිද්දී ඔහු ගල්පරයේ කෙලවර උන්  මා අසලටම පැමිණ  සිටියේය.

" ම්හ්..ම් .. නැ..හැ.."  මම උගුරෙන් කිමි.. ඔහු මා අමතන්නේ එදා වාගේමය... මම ගල් ගැසී උන්නෙමි.

"මම කල්පනාවක හිටියේ... සොරී.. මම ඔයා එනව දැක්කේ නැහැ " ඔහු සන්සුන්ව කීය

"ක..ම..ක් නහැ... ආ මේක ගන්න.. ම..මම යනවා...." මා අත වූ බෑගය ඔහුට දී.. මම යන්නය හැරුනෙමි නොසිතූ ලෙස ඔහු එම බෑගය ඈත සමුදුර දෙසට වීසි කොට දැඩිව මා තුරුලු කොට ගත්තේය, මම කිසිත් සිතා ගන්නට නොහැකිව ගල් ගඋසී උන්නෙමි..

"කාත්කවුරුත් නැති මාව තනි කරල යන්න එපා මගේ මැණික....යන්න එපා... ඔයා නැතිව ඉන්න බැහැ මට.... අනේ... ඇයි මෙහෙම අනාථ කරන්නේ මාව... හැමදාමත් මම ඔයා එයි කියල මෙතන උන්නා මැණික.... ඒත් ඔයා අද ඇවිත් යන්නම යන්න හදනවා... ඇ..යි ඇයි.. එකපාරක් ඇහුම් කන්දෙන්න බැරි මට,......" ඔහු කියවාගෙන ගියේ  මගේ දෑසට එබීය... ඒ දෑස් හමුවේ මට නොහඩා ඉන්නට බැරි විය. මම කෑ ගැසුවෙමි

"බලාගෙන උන්න මම ඒදා හවස් වරුවම... ආවේ නැහැ ඔයා... ආ..වේ.. නැහැ.. සිතිජයියේ.... ‍‍"
 ආවේගය සහ වේගවත් ඉකිබිදුම අතරින්ම ඔහුගෙන් මිදුණු මා ගල්පරය කෙලවරට වේගයෙන් දිවගොස්.. සයුරු ජල කදට පැන්නෙමි... කිසිවක් සිතන්නට මටද වේලාවත් නෙවීය..වේගයෙන් සයුරු ජල කද මත පතිත වනවාත් ඒ සමග ආ රළපහරට මගේ සිරුර යටවී යනවාත් මතකය..

මම දෙනෙත් විවර කලෙමි මා උන්නේ වෙරළේ නොවේ.. රෝහලක ගිලන් සයනයක් මතය, අක්කාත් අයියාත් දෙපසින් විය... මට ඔවුන්ට මුහුණ දෙන්නට බැරි සෙයක් දැනුනි...  මම දෙනත් සගවා ගතිමි ඔවුන් දෙදෙනාත් නිහඩවම උන්නෝය... වෛද්‍යවරුන් සහ හෙදියන් කාමරයෙන් පිටවී යන තුරුත් නිහඩව උන් අක්කා ඉකිබිදිමින් මගේ හිස සිම්බාය...

"ඇයි පිස්සියේ.... ඔය තරම් දෙයක් කරගන්න ගියේ....." ඇය මගේ හිස කෙස් අතරින් ඇගිලි දුවවමින් කීවාය... මම නිහඩවම උන්නෙමි

"නංගා... අර කොල්ල  දවස් තුනක් තිස්සේ.. එළියේ කොරිඩෝවට වෙලා හූල්ලනවා... එක වචනයක් කතා  කරන්න....." අයියා ගිලන් සයනය මත්තේ හිද කිවේ වේදනාවෙනි... මම හිස සැලීමි.. ඒ පාළු වෙරළේ සයුරු රළ සමග පොර අල්ලා ඔහු මා බේරාගත් බව මට දැන් අමුතුවෙන් කිසිවෙකු කියන්නට උවමනාවක් නැත..

සිතිජ අයියාට ඉඩදී අක්කා මා අසලින් ඈත් වුවාය ... මම කිසිත් නෙකියා ඔහු දෙස බලා උන්නෙමි.. කිසිවක් කියන්නට වචන ගලපාගන්නට මට නොහැකි විය.

"ඒදා... ඒ ගර්ල් මහ පාරේ කලන්තේ දාල වැටුන නංගා.. ම....මම එයාට උදව් කලා.. ඒ..කයි මට එන්න බැරි උනේ...." ඔහු අසරණ හඩින් කීය... මට හැඩුම් වාවනු බැරි විය මම ඒ..දිගු  ඇගිලි තුඩු  තදින් අල්ලා ගතිමි....

සයුර ඉම සදු ලවැලි තලයේ
අපේ සරමරුම් ඉකිබිදී
සිතිජ අන්තේ හිරු කුමාරි
ගිලි යලි  හෙට එනු ඇතී...
 
****************************************නිමි********************************************

Dec 23, 2010

ගරහන්න එපා අහිංසක පෙමට

සමනලියකට වසග උන
බඹරෙකුට පෙම් කල සමන් මල, 

වැළපෙනව අද ඉකිබිද
කාත් කවුරුත් නැතිව තනිවම,
අතරමං වී කුරිරු කතරක
කෙම්බිමක් සොයා ඇදෙන විට, 

පැන් පොදක් කියා වැළද ගත් ඔබ
මිරිගුවක් වී ගියා ඈතට,
සමන් මල් කැකුළ තනිකර 

 සමනළිය සොයා ගිය නුඹ ,
 රැවටී කිරිලි කුමරියකට
වරදත් පැටවුවා සමන් කැකුලට,
නිල් නුවන් කදුළු බොද කර 

 අයැදිනා විට සෙනෙහස, 
පැවසුවා නුඹ පෙම් නොකළ බව  
කිසිදාක සමන් කැකුලට,
හිතට නොදැනුණ සෙනෙහස  

වදන් කොට පැවසුවලු නුඹ, 
නුඹම කීවා යළිදු දිනයක  
දැනෙනු ඇති බව සෙනෙහස,
එවන් දිනයක හිරු රැස
පායනා තුරු අදුරු කතරට, 

කදුළු පුරවන් ඇස් අග  
බලා උන්නා සමන් කැකුලිය,
විලක උන් කුමුදු මලකට  

දුක සිතී සමන් මල ගැන‍,
 සොයුරු සෙනෙහස කැටි කර
සිනාසී බැලුවාලු ඇය දෙස,
කුරිරු වදනින් සොවබර  

බඹර කුමරුන් රිදවු විට සිත, 
තනිකම හිතට හිරකර  
දුරින් සිටියා සමන් කැකුලිය,
තුන් හිතක නොවු කරුණක
අරුත් සුන් අරුතක් සොයාගෙන, 

බඹරිදු පෙළයි සමන් මල
ගරහන්න එපා මගේ නිමල පෙම හට
පෙම් කළේ මම නුඹට 

 සදාකාලෙට ලගින් ඉන්නට, 
ඔත්පලයි දැන් කවි හිත
කිසිදාක බැහැ යළිත් පෙම් පුරන්නට,

Dec 21, 2010

මලට ලීයූ ලියුමක්

මල් වත්ත,
මල්පාර,
මල් යාය.
22/12/2010
 මල් වඩම් හීනෙන් පෙනේවා..


මගේ මල පැන්නූ කේස් එක වෙත මලින් ලියන වගනම්

         දයාබර මල් කේස් එක, නුඹ මලක්ද, කිරිල්ලියක්ද එසේද නැතිනම් ඩුප්ලිකේට් සුරංගනාවියක් දැයි නොදනිමි, නමුත් මා දන්නා එකම එක කාරණය නුඹ හරිහමන් ජෙන්ඩර් එකක් නැති එකෙකු බවයි. බොට මා මේ පෙම් හසුන ලිවීම‍ට අදහස්  කලේ මගේ හදවත තුල බෝ කෙරෙහි වු ප්‍රෙමය උතුරා ගලා පිරී ඉතිරී ගොස් වාන් දමා මල කෙලියක් සිදුවී ප්‍රෙමය ඉස්ටෝර් කිරීමට ඉස්තානයක් නොමැති වු බැවිනි. 

       මෙලෙස අකුරු වල පටලා අහුරා අඩුක් කර කම්ප්‍රෙස්කොට , තොට එවීමට සිතුවේ මෙම ප්‍රෙමය නිසා මා පැලී මිය ගියහොත් මගේ ඉරනම් කාරයාට සොරිම වන බැවිනි. තොට මගේ මල් වත්තේ වැට පනින්නට සපොට් එක දුන් මූකලන් බස්සා කවුරු උන්ත් මම නම් දැන් ඉන්නේ ඒ සත්වයා පිළිබදවු උපරිම මලෙනි, නිකමට හෝ ඒකා මේ ළග පාතකට පැමිණියහොත් මම ඒකාව මල් යහනක සතපවා මලින් සරසා මල් වඩමින් පුද දෙන එක නම් සුවර්ය.... ඒ වග මා කිව් බව ඌටත් කියාපිය..

      තට මා වැව් මල් වත්තේ මලක් අනවසරයෙන් නෙලා ගැනීම පිළිබද මෙතරම් දොස් කීමට හෙතුව ඒ මල මට ගොඩක් වටිනා මලක් වීමය... විශේෂයෙන්ම එය මා හට මල පැනීම නිසා පල කල මලක් වීමය...මා මල් වවන්නේ තොපිට බලා රස විදින්නට මිස මටත් හොරෙන් නෙලා වෙන වෙන උන්ගේ අයිතියන් හගවන්නට නොවේ...

     තෝ මල් වත්තට පැන මලක් නෙලා ගැනීම මට ඒ තරම් කාරනාවක් නොවේ, මගේ මල ට කාරනාව බෝ මගේ වත්තට පැන ඇත්තේ මගේ මලට හොතුවු මලගේ කරපිටින් වීමත්... දෙදෙනා එකතුම මගේ මල හොරකම් කිරිමත් නිසාය. 

   මීට වඩා කීමට දෙයක් නැත මල් වැවීම මගේ ජ්විතයයි, ඒ පිපිපෙන පිපෙන හැම මලකම ඇත්තේ මා දුක් ව්දිම්න් ගැලපූ රොන්ය... නුඹලාට මල් රස විදීමට අවසර ඇත.... නෙලිමටද ඒසේමය.... රස විදිම සදහා සිහින තවලම ඇතත් මල් නෙලිමට අවැසිනම් මැසේජ් එකකින් හරි මට පොඩියක් මතක් කිරීමට කාරුනික වෙයව්... මොකද මම මල් රස විදින විට වෙන එකෙකුගේ වත්තක මගේ මලක් උගේ වගේ තබාගෙන සිටින විට මේ හදුන් පොතට ඒක දරා ගැනීමට අපහසුය......


මීට මල් වවන 
මම

     

Dec 20, 2010

සුන්දර එකතුවක්

ම්ම්ම්ම්ම්ම් තනිකම මහ නපුරු දෙයක්
ඒ වගේද එකමුතුකම...
ඔන්න හංසි කෙල්ලත් එකමුතු කමින් වැඩක් පටන් ගත්තා..

නිල වශයෙන් ඇරඹුනේ ඊයේ ඒකියන්නේ 19/12/2010 වැනි දින, මෙන්න මේකයි වැඩේ....
ගලාගෙන යන ජීවිතයක් ගැන කියා දෙන අපේ නදී අක්කයි,
එයයිට හිතෙන හිතෙන ඒව ලියන අපේ ළමය මල්ලියි,
එයාගෙම සිතිවිලි නිම්නය ලියන අපේ පොඩි මහත්තයා කොලුවයි,
මූණු පොතේ සුරංගනාවිට ආඩම්බර පාන ඔයයි මමයි කොල්ලයි,
තව ඉදිරියට එකතුවෙන යාළු මාළුවෝ කිහිප දෙනෙකුයි එකතු වෙලා පටන් ගත්තනේ මෙන්න මෙහෙම වැඩක්.........

Dec 18, 2010

මට කරන්න පුළුවන්දේ....

සුදෝසුදු වළාකුලකට ගොඩ වෙන්න
පුලුන් මෙන් වූ වළාකුලු දෑතින් කඩාගෙන
මොනාද ඔයා බලා පොරොත්තු උනේ.....
පියාඹන්න ආස හිතුනද........
වලා කුලක් වෙලා පාවෙන්න ආසනම්
කියන්නම් එකම එක වැඩක්
නගින්න උස ගොඩ නැගිල්ලකට
උඩම තට්ටුවේ ඉදන් පනින්න බිමට...
පුදුම සැහැල්ලුවක්
දිඩි.... දිඩි... ගාල ගැහෙනව නේද පපුව
ඔයාට ඔයාව අමතකයි වගේ නේද
ජීවතේ දුක... විරහවේ දුක
හැමදේම
ඔයා පියාඹනව වගේ දැනෙනවද
නිදහසක්....
කාගෙන්වත් බාදාවක් නැති නිමේෂයක්
විදින්න හදවතින්ම
මම ඉන්නම් ශක්තිමන් දැලක් අල්ලගෙන
බිල්ඩිම පාමුල... බේර ගන්න ඔයාව වැටෙන්න නොදී...
නංගියා වෙලා කරන්න පුළුවන් එච්චරයි තමයි ....


සහෘර්දයෙක්ගේ පෝස්ට් එකකට මම ලියු කමෙන්ටුවක්


Dec 17, 2010

දුක



අමතක කරන්න මගේ දුක
ලිව්වා ස්ටේටස්, ගො‍ඩක් දුක
චැට් එකට ආව ඔබ,අහන්න මගේ දුක
ටයිප් කලා සිංහලෙන්ම මගේ දුක
ටික ටික කියන කොට ජීවිතේ දුක
ඉල්ලුවා ඔබ මගේ දු:ක
නොදීඉන්න හිතුන නිසා දුක
මම ඔයාට දුන්නා මගේ දු:ක
එදා ඉදන් ඔබට අහන්න උනා මගේ දුක


තනියෙම ඉදැද්දි මට හිතෙනකොට දුක
අහල අහල මගේ දුක
කිව්ව මටත් ඔයාගේ දුක
ආදරේ උනා මකන්න දුක
සතියක් යද්දී බිසි ඔයාගේ දු:ක
වදිනව සද්දෙට මගේ දු:ක
කියනව යෙහෙලියක් එයාගේ දුක
ඉල්ලන් හැම කෙල්ලගෙම දු:ක
කිය කිය යනවලු ඔයාගේ දුක
අහන්න ගිහින් වෙන කෙනෙක් ගේ දුක
මටත් ඔබ  අන්තිමට දුන්නේ දුක

Dec 15, 2010

වෙන්න බැරිනම් පින්න වෙනවද මගේ වැස්ස

මල් පෙති අග්ගිස්සෙන්
බිමට වැටෙන්නට දග කරන
තුහින බින්දුව කියන් මට
නුඹ,ආදරේ නොවේද
මේ දුප්පත් හිත්පොඩියට
හයියක් නැ මට තවත් බලා ඉන්නට..
වැටියන් තෙමාගෙන වේලුනු හිත් පොඩිය,
පායා එන්න පෙර  උදෑසන හිරු දහර
නොවැටුනොත් වියලී යයි ඉතින්,
මට සිසිලසක් නොදීම
කාටත් අයිති නැති‍ ලෙස නුඹ
බලාගෙන උන්නා ඇති නේද
කෑමොර දෙයි මගේ යටි හිත
වියලී ඉරි තැළුණු කර්කෂ හිත
තෙමන්නට අවැසිය බිදුවක් තුහින
ඉන්නට නොහැකිවම් වෙලා සිසිලස,
පලයන් යන්න නොඑන්නම නොදී
තවත් මට ගින්දර......

Dec 14, 2010

යශෝදරා නෙවෙයි මගේ නම

පෙරුම් පුරන්නට ඇති කප්පරක්
නූඹ නිසාම
මේ සසර පුරාවට
විදින්න ඇති දහ දුක්
ලබන්නට ඔය සෙනෙහස
රකින්නට මගේ පණ ලෙස
පිපෙන් ඇති මම මලක් ලෙස
ඔය හිත පුරාවට
කිදුරු කුලයේ
ඉපදුනේ නැති උනාට
ලෙහෙන කුලයෙදිත්
මම පෙම් නොකෙරුවාට
උපන් හැම අත් භවයකම
පතන්න ඇති මම ඔය හිතම
ඒ නිසා වෙන්න ඇත් මේ තරම් ගින්දර
ගිය පසුත් නුඹ
යශෝදරා සොයාගෙන
උහුලන්නේ මම මේ හැටි ගින්දර
නැති උනු වෙලාවට යසෝගේ සුව බස
අමතන්නේ කිමද මට
දෙන්නට පොඩි වෙලාවක්
හදාගන්න මට මගේ හිත
මහන්සියි මට
අමාරුයි නගින්න මේ ගිරි දුර්ඝය
වෙනස් උන නිසා මගේ නම

Dec 13, 2010

ආදරේ දුක

සුළග පසුපස හඹා යමි මම,
නිහඩ වන්නේ කෙලෙසද
සොයා යා යුතුය ආදරය....

අහිමි වී ගිය සන්තකයම,‍
යලිත් ඉල්ලා හඩන හදවත
වාවන්නේ කෙලෙස නම් මම...

වැතිර හෝ ඔබ දෙපා පාමුල,
හඩන්නම් ඉකි ගසා මම
ලැබ්නම් මට හීන සෙනෙහස
හිත පුරෝගෙන සිනාසෙන්නට......

Dec 8, 2010

‍හීන III

දෙතොලග සිරවී තිගෙනා සුරතල් පෙම් බස් කියන්න
දෙන්නේ නැද්ද කවදාවත් මට නිමේෂයක්
හැමදාමත් දුරින් ඉදන් නෙතින් ආදරෙයි කියන්න
එපා අනේ මට ආසයි අහන්න වදනක්
මිහිරි ඔබේ මධුර ස්වරය හීනෙන් ඇහෙනවා රෑට
දුකවි අහිමි හින්දා මට ඒ සවනක් රැස්
මද සුළග වගේ පිවිතුරු දගදෙන ඔබ දුටු විට හිත
ගිලෙයි දුකක මට නැද්දෝ ඔබේ අයිතියක්

Dec 4, 2010

හීන....III

ඔයාට දුකක් දීල සතුටු වෙන්න බැහැ මට...
ඒත් ඔයාට සතුටක් දීල දුක් වෙන්න පුළුවන් මට
ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන්
ඔයා ගේ හීන කුමාරිට විතරනම්..
එයාව ආයෙත් ඔයාගේ ලෝකෙට ගේන්න
මං උත්සහ කරන්නම්.....
එයා ආවොත් ඔයා සතුටින්
ඒ නිසා.....
මමත් සතුටින්...................