Feb 15, 2011

මායාකාර ඇස් දෙවන කොටස

මායාකාර ඇස් 1 කියවන්න

දෑත් වලින් හමන පිලී ගද මටම ඉවසන්නට බැරි නමුත් ඒ සමග සිතට දැනෙන කුරිරු සතුට හදවතින් වින්දෙමි. කන්නට පිරියක් නැත නොඑසේනම් මට කුසගින්නක් නැත. දින ගනනාවක තිස්සේ මා දැවුණු ගින්න නිමා දැමුවායැයි සිතමි.. මොහොතකට මා නිහඩ වීමි.. දෙනෙත් තෙමෙන ඇසිල්ලේ.. සුපුරුදු හඩකින් ගැස්සුණු මා හැරී බැලුවෙමි.. පිටතින් උන්නේ අම්මාත් තාත්තාත්ය..දෙදණ මත හිස හොවාගත් මා නොසෑලී උන්නෙමි. 

"චූටි දොනී.. මේ මොනවද වෙන්නේ...."

තාත්තාගේ හැගීම්බර හඩ ඉදිරියේ තවත් සැගවී ඉන්නට මට නොහැකි විය. එහෙත් ආයාසයෙන් නෙසැලී උන්නමි...

"ඇයි මගේ දුව ඒ වගේ වැඩක් කලේ...." 

 තාත්තාගේ කට හඩෙහි වු වෙවිලිල්ල මොහොතකට මා සිත සලිත කලේය.. පාසැලේ මුලු ගුරුවරයා වු ඔහුගේ හඩ බිදින්නට දරු සෙනෙහස කොතරමි හැගීම්බර විද... දෙමාපියන්ට මුහුණ දෙන්නට මට බැරි වුයේ මීට මාස ගනනකට ඉහතය  ඒ වරද නිවැරදි කල අද දින තාත්තාගේ මුහුණ බලන්නට බැරිව මා අසරණව සිටිමි......

"චූටි දොනි කතා කරන්න....ඔයාව ගෙදර ගෙනියන්නයි අපි ආවේ... සුමනසේකර අන්කල්වත් එක්කරගෙනමයි අපි ආවේ.... ඔයා කතා නොකලොත් හෙම උදේ වෙනකල් ඔයාට මෙහේ ඉන්න වෙයි......"

කුමක් කියන්නද... මම නිහඩවම උන්නෙමි......මෙහොතකින් යකඩ දොරටුව විවර විනි පොලිස්  නිලධාරිනිය මා ඇදගෙන මෙන්  ප්‍රධාන නිලධාරියාගේ නිල කාමරය වෙත ගියාය. අම්මාත් තාත්තාත් සුමනේ අන්කලුත් විය... මම හිටගෙන උන් තැනම ගල් ගෑසී උන්නෙමි.. ඔවුන් කියනා කිසි දෙයක් මට නෑසුණි මම දැනුනේ මම අවකාශයේ පාවීයන සෙයකි සැනෙකින් උස් අහසට නැගුණු මා නිදහසේ පාවී ගියෙමි 

පසුකන් මහ වනඋයන් 
කුරුළු ගී නද රස මැදින්‍
පාව යමි නිසසලේ මං
සොයාගන නොම දත් යමක්
හීනි මුනු මුනු නාදයෙන්
වැයෙන සත්තර රාවයෙන්
රස විදිමි මම ආදරෙන්
මග හැරුණු සුන්දර යමක්




සුන්දර කුමරියන් සැරිසරණ වනාන්තරයක.. මද අදුරු හැන්දෑවරුවක...  ඒ කුමරියන් සමග මම කෙලි කවට කම් කලෙමි.. ඔවුන් හා සිනාසුනෙමි.. අපි අත්වැල් බැදන් රැගුවෙමු.. උස් හඩින් සිනාසීමු.. අපව වලකන්නට කිසිවෙකුත් නොවීය... වන උයන පසු කරන් දිව ආ අපට හමු වුයේ.. සුන්දර මලින් පිරි මිටියාවතකි... අළුත් තණ බිම් මත නිරුවන් දෙපයින් සක්මන් කලෙමු.. සුන්දර ටියුලිප් මල් මිටක් මා අත විය.. මම දෙනෙත් පියා සැහැල් ලු හුස්මක් ගතිමි.. ජීවිතය මෙතරම් සුන්දර ඇයිදැයි කියා මොහොතකට මට සිතුණි. ඒ සැහැල්ලුවෙන්ම යලිත් මා අකාෂයට නැග පියාඹන්නට වීමි.. හොහොතකින් සිනිදු වලාකැටියක් මතට නැගුණු මා සුවසේ නිදන්නට වීමි.....


මායාකාර ඇස් 3



Feb 11, 2011

යුගයේ පුගුස්සා ජනක කාව්‍ය විචාරය......

 උදේ වැඩට ආපු වෙලේ ඉදන් එකෙක් මගේ බ්ලොග බැලුවැයි බැලුවැයි කිය කිය වද දෙනවා.. මට කොහේ වෙලාවක් ඔව කරන්න බස් පදින්න තියේ පේසු බුකියේ කවි කියවන්න තියේ වදේ බැරි කමට ඔන් ඒ බ්ලොගට ගියා ඔන්න කවුද එකෙක්ගේ සදක් ඒ බ්ගොග් එකේ නම.... ඒක කියවපු වෙලේ ඉදන් මට හිසේ ඇම්ම... එෆා... වෙන බෝරිං කදුලු බැරල් එකක් ඒක....


මලවදේ ඉවසන්නම බැරි තැන ලිව්වා මම විචාරයක් අලුත්ම අදෝනාවට...




ගිම්හානයට වියළි ගිය ‍රළු පොළව මත
දෙපයින් සිට ගැනීමට වත් නොහැකිව
වාරු නැති ගත මතට අත් වැලක් සොයමින් ඇවිද ගිය සඳ
නේක කම්කටොළු මැද
ඉරි තැලී ගිය මැටි පිඩැලි ගෑලි විසි වන පොළව මත
රුධිර‍යෙන් නැහැවී ගිය ආත්මය අමතක කොට
සොයා ආවෙමි දිය පොදක්
බොන්නට නොව විදින්නට ඒ සිසිලස........

මෙයින් කියවෙන්නේ පතන් බබා නැමැති කවියා.. උහුලා ගත නෙහැකි කට්ටක් කමින් කෙල්ලක් නැති කම නිසා වේලී වේලී ආපු කටුක කර්කෂ තුච්ව අතීතයේ දුක්මුසු මතකයන්ය කෙල්ලක් නැති කමින් කෙල්ලක්ගේ පෙමක් නැති කමින් වියලී කරවී දුරවරණ වී ගිය මරුමුස් මුහුණ සහ ලේ පොදක් නැතිව කිසිම ගො එකක් නැතිව පල් වි තිබුණු හදවතට සිහිල් පැන් පොදක් වගේ සුකිරි කෙල්ලක් හොයාගෙන කටු කාගෙන ගිය ඒ අති දුෂකර ගමන ගැනය. නමුත් අවසානයේ මු කියනා දෙය ඉතාමත් පුගුස්සාජනකය... කට්ට කරවෙන අව්වේ කුටු කන එකා වතුර හොයන්නනේ බොන්න නෙවෙයිලු සිසිලස විදින්නටලු නෙදකින් විතරක් මෙහව් කවි.......


නේක කටු පදුරු වලින් වැසී ගිය
පතොක් ගසක පිපි සුන්දරම මලක් විලසට
ආත්මය නුඹ නමට ලඝු කොට
පුදන්නට විය වේදනාවෙන් පිරි හදවත...

දැන් ඉතින් පතන් කියන මහා කවියා කාන්තාරේ වතුර හොයන්නේ බොන්න නෙවේලුනේ සිසිල විදින්නලුනේ.. අන්න එහෙම කියන්නැහේ... කටු කමින් කටුක ගමනක් යන මේ මහා පුරුෂයාට හමු වුනාලු කරදර බාදක ගොඩක් මැද බන්න ලස්සන කෙලි පැටික්කියක්... පතොක් ගසක පිපි මල කියා මේ අපූරු කවි උත්තමයා හදුන්නලා තියෙන්නේ ඒ හුරුබුහුටි කෙල්ලවලු.. ඉතින් මේ කටු කකා කලු වෙවී ඉන්න මේ කැහැට්ටා.. අර කෙල්ලට ලන් උනාලු නිකං නෙවේ ආත්මයම ලඝුකොට... ලේසි සහසු නැහැ ‍හරිය.. ඔය වචන දෙක මහාලොකු අර්ථයක් කියෙන වචන දෙනක්.. මුළු ආත්මයම ඒ බැදීමට යටත් කියලයි කියන්නේ ලේසිද පහසුද.....

විදින්නට හැකි විය සුවද මට
මලක් විය නුඹ ලොවට පෙති විදහා පිපුන
ආශා කළෙමි විදින්නට ඒ මල සුවද
ලං කළෙමි දෙතොල විදින්නට මොහොතකට සිසිලස

අර දුස්කර මගේදි සැට් උන පතොක් මලට මූ හෙනට ලව් කරලනේ හත්දෙයියනේ ලව්කරලනම් විතරක් මදෑ.. මලේ සුවද විදින්ද මොකක්ද එකකුත් කරන්ඩ ගිහින් චික් විතරක් මේ ගැන මම විචාරය නොකර ඉන්න තීරණය කලා

විදිමින් සිටින විට සිසිලස
අමතකව ගිය අරුමයි එ'ගස ‍පතොක් බව
ඇනුන විට කටු සුමුදු දෙතොල මත
යළිත් සිහිකරවයි ගසේ ඇති රළු බව

යස වැඩේ මූට වෙලා තියෙන්නේ  හොද වැඩේ සාදු සාදු.... මලේ සුවද විදින්න ගිහින් මූ පතොක් කටු ඇනගෙන ඒක තමයි කියන්නේ මල්ලී (අඩේ මූ මගේ අයියා නේද..)  පනින්න පෙර සිතා බලපන් කියලා... කෙල්ලො දැක්ක පලියට ආදරේ කරන්න යනවද බොල හිතට කියාපන් ඉවසන්න කියලා.. අනික බෝ වතුර හෙව්වේ බොන්නත් නෙවෙයිනේ... අනේද කියන්නේ මගේ( කට) ඇගිලි ටික මෙවට හොද ඒව්වා එනවා ටයිප් කරන්න $$@^%^*(&(^*&%^*&)&)*_*&^*%&$$$$^&%*^(^&^%*(*&^*&^$$%$$$%@@$$@@@@@@  ඔන්න මම කීවා කියලා හිතාගන්න් ගෙරි කවියෝ (පසනෝ)

ගැස්සී පියවි සිහියට එළැඹි කළ
නැවත දුටුවයි සුන්දරත්වය එමල මත රැදුන
කෙදිනක හෝ සැගෙවෙනාතුරු කටු ගස මත රැදුනු
පෙම් කරමි මම දුර සිටම එමලට නිබඳ.......

ඔන්න ඉතින් අපේ දක්ෂ කවියා.. කවි උත්තම පසන් කුමාරයා අස්සයාගේ පිටේ නැගලා යනවලු... සුන්දර තෘණ නිම්මනයක් දිගේ  ලස්සන හිම කුමාරියක් රොස මල් කූඩයක් අරන් පාර අයියේ ඉන්නවලු... අලුත් පැසොන් එකට අතපය වනලා ලිෆ්ට් එකක් ඉල්ලද්දි අහක බලන් යන්න බැරි කමට මේ පසන් කුමාරයා නංගා ගත්තලු  ඒ හුරුබුහුටි කුමාරිව අස්සයාගේ පිටට දෙන්න එක්ක අස්සාගේ පිටේ ඩබල් දාල යන අතරේ මේ සුන්දර හිම කුමාරි පසන් කුමාරයාට "ආදරෙයි" කිව්වලු හත් ඉලව්වයි.. පසන් කුමාරයාටත් ඒක මැදෑ.. වේලි වේලි නොවැ උන්නේ.... මයේ හිතේ ඒ කුමාරි වෙන කිසිම කුමාරයෙක් දැකලා නැහැ මූට කැමති වෙන්න... ඉතින් ඔහොම යනකොට... හලේ.. මටනං ලැජ්ජයි මේ වෙන දෙවල් ලියන්න... ඒත් මක් කරන්නද ලියන්නම ඔනිනේ... අර සුන්දර අහිංසක හුරුබුහුටි සුකොමල ළද බොළද කුමාරිකාව පයින් පාරක් ගැහුවලු පසනට.... මේක වීසි වෙලා වැටිච්චි පාරට ඇද යටලු....  හත් දෙයියනේ... මෙහෙමත් විකාර... අහිංසකී අක්කා තැළුම් තෙල් බොතලයක් අරන් ඇවිත් මේකගේ පිට කොන්දේ උලනවා.... අනේ යසයි තියෙන පවුල කාගෙන ඉන්න බැරිව හීනෙනුත්  පෙම් කෙලින්න යනකොට



වැදගත්:::::: ඔබලගේ කවියටත් මගෙන් විචාර අවැසි නම් ගුගල් බසයේදී මා අමතන්න

යුගයේ අති දක්ෂ විචාරිකා... සුදු හංසී...... ;)

Feb 10, 2011

මතක බණවර

සසර සුපුරුදු නැවතුමට ගිය
බිඳුනු ඔරුවේ හබල මම විය
නුඹට නොව ඔය හිතට පෙම් බැදි
සිත තනිව විදි පෙම නිමාවිය

සොහොන් ගතවු ඒ පුරාවත
දැන නොදැන උන් දනන් බොමය
නුඹට කියනට බැරිව ලතැවුණු
සෙනෙහසේ මළගම නිමාවිය

මංමුලාවු බොළද සිතිවිලි
පාළු මංසල විසිර ගිය තැන
අහිම් ප්‍රෙමයේ දෙන උහාගෙන
මතක බණවර අසමි හෙට දින

Feb 6, 2011

නිමක් නැති කතාවේ නිමාවක් නොවන අවසන



නිවී ගිය පහන් සිල
ඉතිරිකල දුක වැළද
හඩන්නම් ඉතින් මම
නොආවත් යලිදු නුඹ

සන්තකය අහිමි වුණ
යලිදු ඉල්ලනා සිත
සනසවන්නම් ඉතින්
මතක් කර ඔබේ රුව

නුඹ සිනහ විදින්නට
නුඹෙන් පැතු බිළිදු රුව
සිහිනයක් ලෙස මියැද
පාරවයි තවත් සිත

යලිදු ‍මෙහි නොපැමිණෙන
හිමියනේ කියන් මට
කිමද මම කරපු පව
මේලෙස වෙන්වී යන්න

ඉතින් මම හැඩීමි... දින සති ගනන් හැඩීමි... සිහින සියල්ල සුණු විසුණු කොට ඔහු ජීවිතයෙන් සමු ගත් මොහොත සිහි කර කර හැඩීමි.... ඔහුගේ මූණු පොතට එබී බලන කල හට දෙස් කියා කවි දහස් ගනන් ගියවි තිබුණි. හැම පදයක්ම මගේ සිත  දරුණු ලෙස රිදවන්නට උයෙන් මම තාවකාලිකව මුහුණු පොතින් සමු ගතිමි.
ඔහුගෙන් ටිකකලකට වෙන් වුයේ ඔහුට දඩුවමක් දෙන්ට මිස හැර යන්නට නෙවන බව දන්නේ මා පමණී.... මාගේ මිතුරා සමග පරුෂ වචනයෙන් දොස් කියාගෙන එම දුරකතන ඇමතුම්ද පටිගත කොට අවසන්වරට ලියූ ලිපිය සමග තබා තිබුණි... ඒ සියල්ලක්ම මා වැරදි බවට ලොවට හගවන්නට ඔහු ගත් අති සාර්ථක උත්සහයන් විය....
හැඩුම්.. හැරහුම් මැද තනිවු මට අවසන උරුම වුයේ මානසික අසහනය පමණි. විදවීමේ අවසනක් නෙමැති කල මම මානසික වෛද්‍ය වරයෙකු හමු උනෙමි. එක දිගට මාස තුනක් බෙහෙත් පාවිච්ච්යෙන් පසු තරමක සුවයක් සහනයක් ලැබුවෙමි.
ඒහෙත් ඔහුගේ මරණයෙන් පස්වන දිනයේදී..  ඉරපතල ලෙස රොගාතුරව ඇදටම කොටුවූ අප්පාත්, මා ගැනම සිතමින් සිතින් වද විදන අම්මාත් වෙනුවෙන් කරන්නට බොහො දේ ඉතිරිව තිබිණ.. මාස ගනනකින් නිවසට කිසිම ආදායමක් නෙලැබිණි... ඉතිරිව තිබූ සන්තකයත් වියදම් වෙමින් තිබුණි. මගේ ඉගෙනුම මග නතරවිය.

ජිවිතයේ ලස්සනම කාලය ගෙවී යමින් තිබේ... මම තීරණයක් ගතිමි. ලන්ඩනයේ සිටින බාප්පා ළගට ගොස් ඉගෙනීම අවසන් කර ඇම්මාත් සමග නැවත කැනඩාවට ගොස් අළුත් ජීවිතයක් ආරම්භ කරන්නට සිතුවෙමි
 ඒහෙත් ඔහුගේ මතකයන්ගෙන් මිදිම ලෙහෙසි පහසු දෙයක් නොවීය
ඔහු යලින් නොඑනා බව සිතා සනසාගන්නා සිත එක තත්පරයෙන් බිදී වැටෙන්නේත් පිස්සියක මෙන් මා කෑගසා හඩන්නේත් එකටය....
නමුත් සිතට දිරි ගෙන මම තීරණයක් ගතිමි ඒ අනුව මෙලෙස මම ලන්ඩන් බලා යමි

උදාවෙන හෙට දවස ‍කෙලෙස වනු ඇත්දැයි කවමත් නොදනිමි... ගෙවීගිය අතීතයේ ගිනි කදු තවමත් සක්‍රීයය... ඔහුගේ සොයුරන් පිස්සු බල්ලන් මෙන් තවමත් මා සොයයි... ඒ මාද ඔහු වෙතම යවන්නටය... ඒසේ වන්නේ නම් එයද එක්තරා සතුටකි...

ඒහෙත් තවමත් මා සිතන්නේ
“ඔයා හිටියනම් මට හයියක් නේද” යන්නයි....



ඇය ජීවතුන් අතරය එහෙත් තවමත් මළවුන් අතර සිටින ඔහුට පෙම් කරයි.... ෂගානා අක්කේ.... තවත් ලියන්න හයියක් නැහැ මට කී නො කී හැම දේම නුඹ වෙනුවෙන්මයි...... මගේ එකම පැතුම නුඹට ලස්සන හෙට දිනක්.......

Feb 5, 2011

අහිතක් නැහැ ආදරයෙන් විදගමි මේ කටුක රිදුම

එක් පෙති සුදු මලක් උනෙමි
ඔබ පාමුල පිපී සැලුණ
පෙති විහිදා සුවද බෙදා
අසරණ වී පරවී ගිය


ආදරයේ දැහැණට වී
සුසුමක් වෙනුවෙන් වෙහෙසුණ
විඩාබරව නෙත් රතුකොට
ලොවට හොරෙන් තනිව හැඩුව


අහිංසකම පෙම් පැතුමන්
ඔබ වෙනුවෙන් සිතින් පැතුව
පුංචි කෙල්ල මම තමයි
ඔබේ නමට සිත පුදකල


රිදුම් දරන්ට නොහැකිව
මලානිකව ඇත පුදසුන
කදුලින් නෙත් පුරවාගෙන
ඔබේ අසරණ එක්පෙති මල


පරවී යන්නට සැරසෙන
මලට ඉඩක් නැහැ පුදසුන
පෙති හැකිලී මැලවී බිම
වැතිර තබේ ඔබ පාමුල


ඉසිණු  නොහැකිනම් පැන් පොද
යන්න ඔබත් ඔබේ ලොවට
පාගා පොඩිකර දමමින්
අසරණ සුදු  එක්පෙති මල