Nov 2, 2010

සිහින තවලම

නවතින්න මොහොතක්.
අපේ සිහින තවලමට  නැවතුමක් දෙන්න.
පසුව.....
ඔබ යන්න ඔබේ මග, මාද යන්නෙම් මගේ මග.......


නවතින්න මොහොතක්.
අපේ හදවත් වල කතාව ජීවත් කරවන්නට
පසුව.....
ඔබ යන්න ඔබේ මග, මාද යන්නෙම් මගේ මග.......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
ආලෝකවත් සුර්්‍ය රශ්මියද.....


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
විකසිතව එන මල් මොට්ටුවක්ද...


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
සතුටේ වලාකුල් යහනාවද......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
මා ලස්සන නව ලොවක් සොයා ගත්තාවත්ද.......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
සුවදවත් සුලං රැල්ලක්ද........


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
සතර අත පැතිරුණු වර්ණවත් බවද.......


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
දිදුලන මාවතක්ද


සත්තකටම මේ ඔබද
නොඑසේනම්
අවකාශයේ දොංකාර දෙන ගීතයක්ද......


මේ මා සොයාගත් ඔබද...
නොඑසේනම්
මගේ ගමන් මගෙහි කෙලවරද.......


මේ ඔබද නොඒසේ නම්
වාතය විසින් මවනු ලැබූ මායාවක්ද......


මොහොතක් නවතින්න
පසුව.....
ඔබ යන්න ඔබේ මග, මාද යන්නෙම් මගේ මග.......


2 comments:

  1. හරිම ලස්සනයි නංගො. ඔයා ඒක ලස්සනට ලියලා තියෙනවා. කියලා වැඩක් නැහැ. නියමයි...

    ReplyDelete
  2. අප්පා...මේන් අපේ සුරංගනා අක්කාගෙන් තවත් ලස්සනම ලස්සන නිර්මාණයක්..
    හොද වෙලාවට මට ලස්සනට ලියන්න බැරි උනේ
    පුලුවන් උනා නම් විලි ලැජ්ජයි නේ අප්පා
    අක්කගේ නිසැදැස් එක්ක බලනකොට

    ReplyDelete