මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jun 30, 2011

වලාවෙන් වැසුණු සඳ, තෙවන කොටස

සති ගානක පන්ති තහනමකට පස්සේ ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න හිතේ පොඩි ලැජ්ජාවක් නොතිබුනා නෙවෙයි ඒත් ඉනින් ඌරන්ට මොන සෞඛයද කියලා හිතලා හෙමිහිට පන්තිය දිහාට පල්ලම් බැස්සා හොස්ටල් එක ළඟින් යද්දි නිකමට වගේ මම කලින් උන්නු කාමරේ දිහා බලද්දි හිතේ පොඩි දුකකුත් ඇති වුනා අපි උන්නු හෝල් එක තිබුනේ දෙවැනි තට්ටුවේ මායි තව කොල්ලෝ හය දෙනෙකුයි තමයි ඒකේ හිටියේ...  දැන් එතැන හිටි අයගෙන් පස් දෙනෙක්ටම හොස්ටල් එක තහනම් වගේම තුන් දෙනෙක්ට ඉස්කෝලෙත් තහනම් කිසි වරදකට පැටලුනේ නැත්තේ දුම්මා විතරයි ඒකා පොත් ගුල්ලා නිසා අපි එක්ක වැඩි ආස්සරයක් නෑ අපි පිස්සුවක් කෙලිද්දි මිනිහා තනියම පොතක් බලා ගත්තේ තනියම බුදු වෙන්න වගේ.. එකම ක්ලාස් එකේ හිටියත් අපි සෙට් එක මිනිහා එක්ක කතා කලෙත් බොහොම අඩුවෙන්.
“හල්ලෝ.. පහනා.. උඹ ආවද මචෝ"  කොහේදෝ ඉඳන් පාත් උනේ අපේ  එළුවා
“අඩේ එළුස් කොහොමද විස්තර මචෝ.."  මම එළුවගේ කරට අත දාන ගමන් ඇහුවා..
“එහෙමම තමයි බන් කණ සාක්කුවේ..." එළුවා ඊයේ රෑ දාපු සොට් එකේ වෙරි පිටින්මද කොහෙදෝ කියලා ඇහැක් ගැහුවා..
“තෝ වගේ වාසනාවන්තයෙක්.. මට ඉරිසියයි බොල“ මම කිවේ එළුවගේ කොන්දට  පාරක් ගහන ගමන්.
“මට වඩා උඹ වාසනා වන්තයි පහනා ඔපිෂියලි සත් දෙකක් ගෙදර ආතල් එකක් ගත්තා..“
“යකෝ මොන ආතල්ද හිරේ දැම්මා වගේ යකෝ බැනුම් අහ අහ එපා උනාමට“
“බැනුම් මොනාද බන්.. හැමදාම අහන එකනේ.. හිටපන් මම උඩට ගිහින් එන්නම්.. උඹ පලයන් පන්තියට අන්න බෙල් එකත් ගැහුවා “ කිව්වත් වගේම එවවා කියද්දිම බෙල් එක දෙවැනි පාරටත් වැදුනා.. තුන් වෙන් පාර වදින්න කලින් ක්ලාස් එකේ නොහිටියොත් සෙනවියා මාව අද ෂුවර්එකටම තම්බගෙන කනවා.. සෙනවියා කියන්නේ අපේ පන්ති බාර ගුරුවරයා වගේම ඉස්කෝලේ විනය බාර ගුරුවරයා කාලෙකින් ඇවිත් අදත් සෙනවියාගෙන් බැනුම් අහන්න බැරි නිසා මම අඩියට දෙකට පිඩිපෙල බැස්සා..

සෙනවියා ඉන්නවා අපේ ක්ලාස් එකට උඩින් බිත්තිය මුල්ලේ.. සිරාවටම ඔකා ඔය හැංගිලා පන්තිය දිහා බලන් ඉන්නේ වරදක් අල්ල ගන්න මිනිහට කොල්ලන්ගේ වරදක් අල්ලන් බනින්න බැරි උනොත් එදාට කෑවේ නැහැ වගේ වෙන්න ඔනි.. අනේ අසරනයෝ ටික අද මම කොහොම හරි බේර ගන්නවා කියලා හිතලා මමත් සෙනවියා නොදැක්ක ගානට පනිත්යේ දොරෙන් ඇතුල් වුනා..

"ආයුබෝවන්!!!" කියාගෙන් මාව දැක්ක ගමන් මුළු පන්තියේම  කොල්ලෝ ටික නැගිට්ටේ නැතැ මට කින්ඩියට.. හපොයි දෙවියනේ මට කට හොල්ලන්න  චාන්ස් එකක් නොදුන්න හැටි මේ කුජීතයෝ ටික .... ආයි හුස්ම ගන්න ඉඩක් නොදි සෙනවියා පැන්නේ නැද්ද පන්තිය මැදට   දුණු  හී අමොරගෙන.. (දුනු හි කිවේ පොරගේ වේවැලට) 

"මොකාද ආයිබොවන් කීවේ.. කියාපියව්.. මොකාටද උඹලා ආයුබෝවන් කීවේ..." සෙනවියා පන්තිය ඉස්සරහා ඉදන් මේඝ ගර්ජනා කුංච නාද හැම එකක්ම කරනවා... එකෙකන් කතා නෑ. මාත් උන්න තැන එහෙමම ගල් ගැහිලා හිටියේ.. අනේ අසරන මම එක චා කේස් එකකින් පස්සේ ඉස්කෝලේ ආපු පලමු දවස.. අනේ මාව බේර ගන්න බුදු තාත්තේ.. (හපොයි.. එතකොට කවුද තාත්තගෙන් මාව බේර ගන්නේ)..

කොහොම කොහොම හරි පළවෙනි පීරියඩ් එකේ මැදක් යනකල්ම සෙනවියා බැන්නත් කවුරුත් ඉදිරි පත් වුනේ නැ මමයි ආයුබෝවන් කීවේ කියලා....... මටත් හිටන් ඉදලා එපා උනා ඒත් ඉතින් මොනවා කරන්නද සෙනවියා කව්වොත් ඉන්න එපැයි.. අන්තිමේ කවුරුත් කතා නැති නිසා මුළු පන්තියම ප්‍රින්ස්පල් ලඟට අරන් ගියා.. එතනත් පැයක් දෙසනාව අහලා අන්තිමේ දඩුවම ප්‍රකාශයට පත් කලා.. ඉන්ටවල් වෙනකල් මුළු පනිත්යට දණ ගහගෙන ඉන්න ඔනි.. මම සහ එළුවා බේරුනා.. එළුවා  මට පස්සේ පන්තියට ආපු නිසා පරක්කුවට විතරයි එළුවා අහුවුනේ.. 

පනිතියට‍ ගිය එළුවයි මමයි බඩවල් අල්ලන් හිනා වුනේ දුම්මා අඩපු විදියට කොල්ලන්ව දණ ගස්සද්දි දුම්මාට ඇඩුනා... මට මතක හැටියට මීට කලින් කරපු කිසිම ඩස්පි වැඩකට දුම්මා හවුල් නෑ අපි විතරයි අහු වුනේ.. 
කොල්ලෝ ටික කටු කන අතරේ මමම එළුවගේන් පාඩු වුන පාඩම් ටික එහෙන් මෙහෙන් කවර් කර ගත්තා..

එදා දවස කොල්ලෝ එකාට එකා බුම්ම ගන්නවා පස්සේ අන්තිම පිරියඩ් එකේ අපි  සේරම පන්තිය දෙක වෙන්න හිනා වුනේ ආයි කිසිම දවසක සෙනවියාටවත් ආයු‍බෝවන් කියන්නේ නෑ කියලා හිතාගෙන..

හවස බාස්කට් බෝල් ප්‍රැක්ටිස් යද්දිත් කොල්ලෝ ටික වෙනසක් නැතිව මාව පිලි ගත්ත එක මට සතුටක් වුනා.. මාව ඉස්කෝලෙන් අයින් නොකරන්න තවත් හේතුවත් උනේ මම නැතිව ටීම් එක රන් කරන්න බැරි වීම වෙන්න ඇති.. මම ආසාවෙන් කියලා කරපු එකම දේ ඉස්කෝලෙන් පස්සේ සෙල්ලම් කරන එක තමයි.. 

මම හවස නැවතිලා සෙල්ලම් කරන වග තාම තාත්තා නොදන්න නිසා හවස ස්කූල් වෑන් එකේ නොයා සුපුරුදු බසයේ යන්න පුළුවන්.. 
********* පහන් හැමදාමත් හවස ප්‍රැක්ටිස් ඉදීවිද... **************



7 comments:

  1. පමාවට සමාව.. මෙතැනි සිට දිනපතා ලියන්න පුළුවන් හැඩයි..

    ReplyDelete
  2. පමාවට සමාව දෙන්න නම් වටින්නේ නෑ. මේ කතාව ලියන්න සෑහෙන කාලයක් ගත්තා.

    පහන්ට හැමදාම නම් ප්‍රැක්ටිස් යන්න බැරි වෙයි. මේක නම් පුදුම ඉස්කෝලෙයක් නේ. සර්ලටත් නම් දාගෙන. එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ. අපේ ඉස්කෝලේත් එහෙමනේ.

    අක්කා මේක පිරිමි ඉස්කෝලයක් ද ?

    ReplyDelete
  3. එල එල මම හිතුවේ අක්කට මේක ලියන්න අමතක වෙලා කියලා ඉතුරු ටික ඉක්මනට දාමුකෝ....

    යකෝ මූ හවස ඉස්කෝලෙ නැවතුනාම අර කෙල්ලගේ බෑග් ටික අරන් යන්නේ කවුද? හි හි

    ReplyDelete
  4. මං හිතුවා අර හංසයා බලන්න ගියාට පස්සෙ කතාව ලියන එකත් අමතක වෙලාද කියලා.. තරහා ගන්න එපා හොදේ.. :)

    අනිත් ටිකත් ඉක්මනින් ලියන්න අක්කේ... කියවන්නේ ආසාවෙන්.. මට තව ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න වෙන්නේ නෑ.. ඉතින් ඊට කලින් ආසයි මේකේ අවසානය කියවන්න...

    ReplyDelete
  5. @ මධූරංග ඔව් මල්ලි කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලයක්

    @කිඩෝ බලමු බලමු දිගටම බෑග් ගෙනියයිද කියලා

    @දිනේෂ් ඒ මොකෝ මල්ලි සයිබරෙන් සමුගන්නද යන්නේ.. ආනේ එහෙම එපා සිහින කියවන්න අපිත් එනවනේ

    ReplyDelete
  6. දිනපතා ලියනව කිව්වට .. කෝ නැනෙ...

    ReplyDelete
  7. අනේ... කරදර ගොඩක් වුනා.........

    ReplyDelete