Nov 21, 2010

පිච්ච මල IV

පිච්ච මල III  කියවන්න............. මේ සිව්වැනි කොටස.................

උදාවෙන හැම දවසකම නෙත්මි පාසැල් යන, පන්ති යන, මග අහුරගෙන කියපු කරපු දේවල් නියා......කොහොමහරි මට ඒ  පිච්ච මල මගේම කරගන්න පුළුවන් උණා..මගේම වෙලා හරියට ආදරේ උණා මට...... ඒත් මගේ හිතේවත් නොතිබුණු නපුරු කමක් මගේ පිච්ච මල ඉස්සරහදි මට ආරූඩ උණා... මම බොරුවට සැරකලා පස්සේ තනියම දුක් උණා... එයාව බය කරන් හිටියෙ මම, පුංචි මුව පැටියෙක් වගේ මං කියන හැමදේම කදුලුබෝල ඇස්දෙකෙන් ඉවසුවා මගේ අහිංසකී.....

නෙත්මි සාමාන්‍යපෙළ විභාගෙට ලෑස්තිවෙමින් හිටියේ...එයත් අක්කා වගේම හරි ආසා වුණා හොදට ඉගෙන ගන්න. ගොඩාක් මහන්සිවෙලා පාඩම් කලා ඒත් මට ආදරෙන් අන්ධ වෙලා තිබුණ මගේ හිතට එයාගේ ඉගෙනීමවත් විභාගේවත් වැදගත් වුනේ නැහැ. මට හැමතිස්සෙම ඔනි වුනේ වැව ළග ලස්දෙබල උඩට වෙලා ඒ කතාකරන ඇස් දිහා බලාගෙන ඉන්න.....එයාව බයිසිකලේ නංගගෙන පාරවල් පුරා කරක්ගහන්න

ඒ දවස අමතක නැ මට... පහුවුණ සතියක්ම පන්ති පන්ති කිය කිය නෙත්මි මාව අමතක උන ගානට හිටියට මම උන්නේ හිත නරක් කරගෙන .......මං ආසම සුදු මල් ගවුම ඇදගෙන.....දිග කොන්ඩේ තනි කරලට ගොතාගෙන....මගේ දිච්ච මල එන පාරේ මම රැකගෙන හිටියා....මාව දුටු හැටියේ ඒ මූණට මල් මල් හිනාවක් වැටුනා.....හිත හොදටම රිදිල තිබුන නිසාද කොහෙද මම අමනාපෙන් අහක බලා ගත්තා......මගේ ළගටම ඇවිත් නැවතුන මගේ පිච්ච මල දිහා මං බයිසිකලේ පැති කන්නාඩියෙන් හොරෙන් බලාගෙන හිටියා.
"අයියේ...තර..හ..ද............"  ඒ ඇස් වල කදුලු පිරිලා.....ඒත් මං හිටි විදියටම හිටියා........අනේ...ඒ සුදු දිගු අතැගිලි වලින් මගේ බාහුව තද වුණා...මම හැරුණ වේගෙට  ගැස්සුන කෙල්ල පසුපසට වීසි උණා......
"නගිනවා ඉතින්........." මම රුදුරු මුහුණවෙනස් නොකර හෙල්මට් එක දිගුකලා.....එයා.ඒක නොගෙන මහා අසරණ බැල්මකින් මා දිහාම බලාහිටියා...
"මාව යකා...අවුස්සගන්න එපි සුද්දී........." මං කෑගැහුවා.අහිංසකීගේ ඇස්දෙකෙන් වැස්සක් වගේ කදුළු වැටෙන්න ගියේ තත්පරයියි.....මට දුක හිතුනා ගොඩාක්......හෙල්මට් එක පැත්තකට දාල මම ඒ සුදු මුහුණ දෝතින්ම ගත්තා.............
"මට ඉන්න බෑ.......සුදු මැණික......ඔයාව ඔනි මට.....මගේ ළග ටික වෙලාවක් ඉන්න......." මං මහා අසරණ හඩකින් මිමිනුවා.......

"අද මට එක්සැම් එකක් අය්යේ........" ඒ ඇස් අසරණයි...ඒත් මට යන්න දෙන්න බෑ බෑ මයි.......

"මම දාන්නම් වෙලාවට .....අනේ සුදු පැංච් විනාඩි පහලොවක් ඉන්න.......අය්යා පව්නේ............." මං බැගැපත්වෙද්දි  එයා ඇස් වලින් "හා" කිව්වා.....
මහ පාර මැදදි ඒ මුහුණට එබුණු මම ඒ සුදු කම්මුල් වල මගේ ගොරෝසු කම්මුල්අතුල්ලලා ඒ කදුලු වලින් මගේ මුළු මුහුණම තෙමා ගත්තා........
"යමු.........." දඩිබිඩියේ බයිසිකලේ පණ ගන්වගෙන මම මගේ පිච්ච මලත් අරන් වැව රවුමේ ගස්දෙබලට ඉගිලුණා......

මගේ පිච්ච මල ලස්සනයි පුංච් සුරංගනාවියක් වගේ.....ඊටත් වඩා අහිංසකයි....මං කියන දේ අහනවා කීකරු හා පැටියෙක් වගේ....ඒකයි මම පපුව පුපුරන්න තරම් ආදරේ උණේ...........හැමසාමත් වගේ වැව රවුමේ ගස්දෙබල උඩට වෙලා ඒ ඇස් දිහා බපාගෙන ඒ පිවිතුරු මිනිස් සුවද විදගෙන ඉන්නකොට නොදැනීම වෙලාව ගත වුණා...... කෙල්ල බය වෙලා ...ඒ ඇස් බොදවෙලා....
"පොරොන්දු උණානේ මම බය වෙන්න එපා....විකාඩියකට කලින් පන්තියට දානවා....දන්නවනේ අය්යාගේ හැටි....ඉගිල්ලෙන්නම් මැණික.....නඩා ඉන්න....ඉවසන්න බැ මං නිසා අඩන එක....."


වේග සිමාව ඉක්මවල මම ගියා........"අනේ හෙමිහිට යමු අය්යේ...පරක්කු උණාට කමක් නැහැ..." පිච්ච මල කැ ගහනවා බයේ..... මම හයියෙන් හිනා උනා...."

"මීට වඩා හයියෙන් යන්න පුළුවන් මට..." වේගය කපාගෙන එන හුලං පාරට ඉව කරලා මම කැගැහුවේ පිටු පසට යාන්තමට හරිලා...........ආපහු හැරෙද්දි.....................ඉදිරියෙන් ආවේ රෝද දාසයේ ට්‍රක් එකක්............................................................................................ ..........................................*******************************************......................................................................................................................................................


පිච්ච මල V  කියවන්න............. මේ සිව්වැනි කොටස.............


6 comments:

  1. අයියෝ මොනාද මේ වෙන්නෙ....පව්නෙ..මං කියන්නද ඉතුරැ ටික..ගෙදර අය දැන ගන්නවා මේ ආදරය..අහිංසකීට විභාගෙ ලියන්න වෙන්නෙ නෑ...එහෙම නේද...මොනව උනත් ලස්සනයි..මොකක්ද මේ film එකේ නම?

    ReplyDelete
  2. ඔයා හරි තරු..........ඒත් කතාව ගලාගෙන යන්නේ වෙන විදියට ඒකේ ඉගියක් තමයි සින්දුවේ තියෙන්නේ........ෆිල්ම් එක කල් හෝ නා හෝ....

    ReplyDelete
  3. මං බලන් ඉන්නවා..ඉතුරරු ටික ඉක්මනට ලියන්න..මේ වගේ කථා වලට මං හරිම ආසයි...

    ReplyDelete
  4. හෆොයි! මේ මොකද වෙන්න යන්නේ?? ලියන්න ඉකිමනට.. බලං ඉන්නවා මමත්..

    ReplyDelete
  5. හත්වලාමේ... හරොපිය ඉක්මනට... ට්‍රක් එකක් ඒනෝ.........

    ReplyDelete
  6. දැන් ඉතින් මේ කියවන්න පටන් ගත්තු එක කියවලමයි නතර කරන්නේ.... ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...

    ReplyDelete