මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jan 30, 2011

ආත්මීය සටහන!!

මිතුරු වාරුවෙන්
නැගීසිටියෙමි නමුත්
යලිත් මම අසරණයි
තනිවෙලා වගෙයි මම.........

මටම මම සැගවෙන්න
හිතට එන සිතිවිල්ල
හිරකරන්නමි කදුල
වාව ගන්න බැරිම තැන ........

ගුලිවෙලා හඩන්නට ‍
ඇස පිරී කදුලු ඇත
එහෙත් නෙහඩමි ඉතින්
සනසන්න කෙනෙක් නැතිකොට......

2 comments:

  1. මාත් බෝම අමාරුවෙන් පේලි දෙකක් ගැටගහ ගත්ත පිළිතුරු විදියට අනේ ඉතිරි පේලි දෙකක් හිතුනෙම නෑ.. :(

    ReplyDelete
  2. කදුලු කදුලු කදුලු....හැමදාම කදුලු...ඈ බන් අක්කේ....හිනා වෙන්නේ නැද්ද කවදාකම වත්.....

    ReplyDelete