වෙලාවකට මම මහා විකාර දෙවල් හිතනවා..... මම තනිවෙලා කවුරුත් නැහැ මට... මට ආදරේ කරන්න කෙනෙක් නැහැ.... බෝඩිමේ මම තනියම.... එයා මගේ හිත රිදවනවා...
ඒ වගේ දෙවල්.... ඉතින් මම දුක් කවි ලියනවා... අඩනවා... බ්ලොග් පොස්ට් ලියනවා......
හ්ම්ම්ම්ම් ඒත් ඊයේ මට මං ගැන ගෙඩාක් ලැජ්ජා හිතුනා.... මගේ බොළද කම ඔනිවට වඩා වැඩියි.... ඒක මට හොදටම තේරුණා.... මට මොනාද තියෙන ප්‍රශ්ණ...... මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ දිහා බගන කොට....
මට දවසක් අපේ ඔපිස් එකේ අයියා කෙනෙක් කිව්වා...
"නංගි... මගේ යාළුවෙන් මඩකලපුවේ ඉදන් එනවා.. මාසෙකට නවතින්න තැනක් නුවරින් හොයා දෙන්න පුළුවන්ද..." කියලා.... මමත් බොඩිමේ තනියමයි හිටියේ මම කිව්වා මගේ රූම් එකේ ඉඩ තියෙනවා.. ඒක ෂෙයා කරන්න කැමතිනම් එන්න කියන්න කියලා.... ඒ අනූව ... එයා ආවා....
මම එයාට.. ෂගානා කියල කියන්නම්..... මම කියන්න යන කතාව ඇත්ත එකක් උනත් මට එයාගේ ඇත්ත නම කියන්න බැහැ මොකද එයා මගේ මූණු පොතේ යාළුවෙක් දැන්.
ෂගානාට සිංහල වඩනයක් වත් බැහැ... ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂාවන් ඉතා හොදින් කතා කරන්න පුළුවන්... එයා නුවරට ආවේ.. දෙසැම්බර් 31 වැනිදා... ඒයා කෙලින්ම මගේ ඔපිස් එකට ආවා... මුලින්ම දකිද්දි මම පුදුම උණා... ඒයා සාම්ප්‍රදායික දමිල තරුණියක් නෙවෙයි.... කොටින්ම කිව්වොත් ගොඩක් වෙස්ටන් කෙල්ලක්....කොන්ඩේ රිබොන්ඩින් කරලා.... කලර් කරලා... කොටට ඇදලා...
මම ඔයාට අදුනන ත්‍රීවීලර් එකක බොඩමට යැව්වා... හේතුව... එයාට සිංහල බැහැ... පාරවල් හොයා ගන්නත් අමාරුවෙයි කියලා මම හිතුවා...
ඒත් මම හවස යද්දී.. ඒයා කාමරෙත් පිලිවෙලට අස්කරලා... ඉංග්‍රීසි වචනයක් නොදන්න බොඩ්මේ ආන්ට්ගෙත් හිත දිනාගෙන හිටියා... එයා බොඩ්මේ ආන්ට් එක්ක කතා කලේ හස්ත මුද්‍රවෙන්...
දෙසැම්බර් 31 මම ගෙඩක් දුකින් හිටියේ... පහුවදාට උදාවෙන අළුත් අවුරුද්ද ගැන දෙගිඩියාවෙන්......
අළුත් අවුරුදු උදාවේ එයාට ගොඩාක් යාළුවෝ කතා කලා... සුභ පැතුවා.... එයාගේ අම්මා.. පැය ගනනක් එයා එක්ක කතා කලා... මට ටිකක් ද්‍රවිඩ භාෂාව තේරෙනවා.... ඒ කතා කරන දේවලින් මට හිතුනේ එයා පුංචි එකියක් වගේ හැමදේම අම්මා එක්ක කියනවා කියලා.
ෂගානා නුවර ආවේ උඩරට මනාළියන් අන්දන්න පුරුදු වෙන්න... උදේ වරුව සැලොන් එකේ ඉගෙනගෙන හවස්වරුවම කාමරේට වෙලා නිදා ගත්තා මේ දවස් දාහතරම.... රෑට එයා බෙහෙත් පෙති අහුරක් බොනවා... මම ඇහුවම ඇයි කියලා.... ඒයා කිව්වේ ඒයාගේ ශරිරයේ හොමොන නිපදවෙන්නේ නැතිලු.... ඔනි කරන හැම හෝමෝනයක්ම පිටතින් ගන්න ඔනිලු... තව.... ඔපරේෂන් හතරක් කරා කිව්වා......
එයා ටිකක් මහතයි..... ඒ හෝමොන අසමතුලිත තාවය නිසා...
ඊටඅමතරව මම හිතන්නේ පුංච් දේට පවා ඔනිවට වඩා හිනාවෙන නිසා කියලා.
එයා එන්න කලින් මගේ රූමා වෙලා හිටියේ... යාපනේ අක්කා කෙනෙක් අක්කා කිව්වට එයා වයස 42ක අක්කා කෙනෙක්.. බැදල මාස තුනකින් නැන්දම්ම නිසා හබී ගෙන් වෙන් වෙලා.. ඒ කාලේ නැන්දම්මා ගහලා කොන්දේ අමාරඅවකුත් තියෙනවලු... ඒක වාසියක් කරන් කවදාවත් රෙදි සේදුවේ නැහැ... එකක් කිලිටි වෙද්දි අළුත් එකක් අරන් අර කිලිටි ඇදුම බැග් එකකට දානවා...(ඒ අක්කට තිබුණා.. ලොකු ට්‍රැවලින් බෑග් 6ක්... ගොඩක් තිබුණේ කිලිටි රෙදි... ආයේ එයා කිසිම දෙයක් වීසි කරන්නේ නැහැ... කුණු එකතු කරන මානසික ලෙඩෙක් එයා (මට හිතුන විදියට) ඉතින් ඒ පරණ රූමාගේ කුණු කන්දල් එයා යද්දි ගෙනිච්චේ නැහැ... ඒවා කාමරේ පැත්තක ගොඩ ගහල තිබුණා.... ඒය ගෙනියන්න එයා ආවේ නැහැ.... ඉතින් ෂගානා අක්කිට මේක කරදරයක්... එයා බොඩ්මේ ආන්ට්ට කියලා කියලා (මමයි ට්‍රාන්ස්ලේටර් අතිනුත් දැම්මා මටත් ඒ කුණු ලොඩ හිසරදයක් නිසා....) අරයව ගෙන්න ගත්තා.... ඒ පහුගිය සදුදා.... ඒ අක්කා ඇවිත් තියෙන්නේ.... හවස හතරට... මම ගියේ හයට.... ඒ යනකොට දේනනා කතාව.... ද්‍රවිඩ බසින්.... ෂගානා අක්කා මගේ මුහුණ දහා බැලුවා... ඇසි දෙක ලොකු කලා... ඉගියෙන් කිව්වෙමෛයා වාතයක් වෙලා ඉන්නේ කියලා මම පැන්නා මැද්දට
"අක්කී ඔයාගේ බඩු ටික ගන්නේ කවදද..."
"අනේ බබා... මම පර්ස් එක ගෙනත් නැහැ.... මට ත්‍රීවීලර් එකක යන්න සල්ලි නැහැ... මම හෙට උදේම එන්නම්..... ම්ම්ම්ම්ම්ම් ඒත ඔයාලට ඩිස්ටර්බි වෙයි නේද... මම හෙට ඇවිත් ගන්නම්......දවස ඇතුලත" ඒ කතාව අපි දෙන්නටම ඇල්ලුවේ නැහැ... ආයේ අපි ඇස් වලින් කතා කලා...... තීරණයක් ගත්තා.....
" නෑ අක්කා... දැන්ම අස් කරමු... පැක් කරලා එළියෙන් තිබ්බම ඔයාට ලෙහෙසියි අරන් යන්න.... "
අපි දෙන්නම අඩි බිඩියේ.. ඒයාගේ සේරම බඩු ඇහිරුවා... කුස්සියේ බිත්තිය මුල්ලට.... දැන් කොහොම හරි අරන් යන්න ඔනිනේ....
" අනේ.... ඔය දෙන්න හරියට මහන්සි උණා... මේ යෝගට් එක බෙදාගෙන කන්න මම පස්සේ මොනා හරි අරන් දෙන්නම්.... " ඒකත් අර බඩු ගෙනියන්න තිබුණ බාල ගිරි දෝසේම තමා.......
" අපිට පිට්සා ඔනි...." අපි දෙන්නා එක හඩින් කිව්වා.......
ඒකට කැමති වෙලා එයා ගියා..... අපි දෙන්නා රූ 11ත් පහු වෙනකල් හිනා වුනා... ඒ යාපනේ අක්කා කියපු දේවල් වලට.... අවුරුදු 12කට කලින් එයාව පන්න ගත්ත හස්බන්ඩ් ගැන ඒයාට ක්‍රශ් වෙලා ඉන්න කොල්ලෝ ගැන... පැය දෙකක් ෂගාන අක්කා එක්ක කියලා.... අන්තිමේදි එයා කිව්වේ.... "මෝහනා ප්‍රශ්ණ මවාගෙන..... මට තියෙන ප්‍රශ්ණ දන්නවනම් එයා දිවිනහගෙන මේ වෙනකොට..... මොහනාට හස්බන්ඩ් නැහැ..... කොන්ද රිදෙනවා.... ඒක විතරයි තියෙන්න්... හැමදේටම..... ඒත් ..... ඊට වඩා ප්‍රශ්ණ තියෙන අය මේ ලොකේ ඉන්නවා....."
ෂගානා අක්කා කියද්දි මම කල්පනා කලා..... ෂගානා අක්කගේ තාත්තා (අප්පා) කැනඩාවේ.... රොහලක ඇවිදින්න බැරිව..... අම්මා.... ගංවතුරෙන් අනාථ වෙලා මේ වෙද්දී.. මඩකලපුවේ... ගෙදරට හානියක් නැහැ....ඒත් කන්න කෑම නැහැ.... .. බෙහෙත් ගන්න යන්න බැහැ... (ෂගානාගේ අම්මා වකුගඩු රෝගියෙක්) . ෂගානා විතරයි පවුලේ ඉන්නේ.... එයා පෙබරවාරි මාසේ ලන්ඩන් යනවා.....වැඩිදුර ඉගෙන ගන්න.... මනාලියන් හැඩ ගන්වන්න ඉගෙනගන්නේ එහේ ගිහින් රැකියාවක් විදියට කරන්න.... ෂගානා කියන විදියට එයාලට දැන් කිසිම ආදායමක් නැහැ... එයා වයස 18ක් වෙනකල් ඉගෙනගෙන තියෙන්නේ කැනඩාවේ.. කතෝලික පාසලක... ඒයාට කල්කටාවේ තෙරේසා මව් තුමියගේ ආශ්‍රමයට යන්න ඔනි උනත් පවුලේ එකම දරුවා නිසා අවසර ලැබිල නැහැ..... හිත වෙනස් කරන්නයි ලංකාවට ඇවිත් තියෙන්නේ... දැන් අප්පා අසනිප නිසයි... ආපහු ලන්ඩනයට යන්නේ.... මුළු පවුලම බලාගන්න ඔනි මෙයයි.... කැනඩාවේ ගෙදර එයාට අයිති වෙන්නේ තව අවුරුදු අටකින් ඒ වෙනක්ල කැනඩාවේ බැංකුවකට ණය ගෙවන්නත් තියෙනවලු....

ඒතරම් ප්‍රශ්ණ හිතේ තියාගෙන කෑ ගහ ගහ හිනාවෙන කෙනා පේස් බුක් ඒකේ තිබුණ කවියක් නිසා ගොඩක් සැලුනා... ඒ කවිය එයා ගැනලු.... අම්මා එක්ක අඩ අඩා කිව්වා මට ඇහුණා... මට කියලා ඒකේ ප්‍රින්ට්අව්ට් එකක් ගත්තා දෙමළ අකුරු නොදන්න මට ඒ කවිය කියවන්න බැරි වුණා....
බදාදා... ඒයා මාත් එත්ත කටුගස්තොට එරීනා සිනමාෂාලාවේ තිවුණ "මන්නදනම්බු" ච්ත්‍රපටය බලන්න ගියා....ඒ කතාවේ හැටියට... පෙම්වතා පෙම්වතියව නිකරුනේ සැක කරනවා... ඒ බේබදු පෙම්වතාගේ වැඩ වලට මුළු සිනමා ශාලාවම හිනාවෙද්දී... ෂගානා හරිම සංවේදීව උපේක්ෂා සහගතව ඒ දිහා බලා හිටියා...... මම බලා පොරොත්තු වුනේ එයා මහ හයියෙන් හිනාවෙයි කියලා... ඒත් ටිකක්වත් හිනාවුනේ නැහැ....

ඊයේ අපි දේන්නා ගියා පේරාදෙනිය මල් වත්තට ඔකිඩ් මල් බලන්න..... ඒ ගමනෙදි මගදි ෂගානා ....
"මම ආසයි ඔයා මගේම නංගියෙක් උනානම්.... ඒත් මම හරි අවාසනාවන්තයි ... මට සහොදර සහොදරියෝ නැහැ.... මම ඔයාගෙන් හංගපු රහසක් කිව්වොත් මාත් එක්ක තරහ වෙනවද" ඇහුවා......
"නැහැ අක්කී.... කියන්න... මම එහෙම තරහ වෙන කෙනෙක් නෙවෙයි......" මම කිව්වා....
"බට් ඩෝන්ට් ටෙල් දැට් අය් ඇම් පාවම්.....(ඒත් මම පව් කියලා කියන්න එපා.....)"
ඒහෙම පටන් අරන් ඒයා මට දිග.... කතාවක් කීවා..... හිනා වෙවී.... ඒත් හිත ඇතුලෙන් අඩමින්.... ඒක අහපු මමත් ගොඩක් සසල උනා....
මට දැන් ඒ කතාව කියන්න වෙලා මදි..... හෙට ඉදන් මම සිහින තවලමේ... ෂගානාගේ කතාව කොටස් වශයෙන් ලියනවා............ඒක මේ සමාජේ ඔයාට මට ගොඩක් වැදගත් වගේම යමක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් නිසා........
ප:ලී..... මොහනා තවමත් පිට්සා ගෙනාවේ නැත... හෙට ගෙනෙනවා ඇති......

ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න අක්කේ.
ReplyDeleteමමත් අක්කට කලින් කමෙන්ට් එකකදී කිව්වේ අපිට වඩා ප්‍රශ්න තියන අය ඕන තරම් ඉන්නවා කියලා :)
අපිට තියෙන ප්‍රශ්න මොනවද හලෝ සමහර අයට තියෙන ප්‍රශ්න දැක්කාම.. බලාගෙන යද්දී අපිට ප්‍රශ්න නෑ. අපි ඒවා හිතින් මවාගෙන දුක් විඳිනවා.
ReplyDeleteඅපි හැමෝම හිතනවා ලෝකේ ලොකුම ප්‍රශ්න ටික තියෙන්නෙ අපිට කියලා ඊට වඩා ප්‍රෂ්න තියන අය ඉන්නවා කියලා හිතන්නෙ නෑ. කොහොමටත් ඔයාගෙ යාලුවට කියන්න she is a great person කිව්වා කියලා
ReplyDeleteවැදගත් වෙන්නේ ප්‍රශ්න වලට මුහුණ දීම නෙමෙයි.... මුහුණ දෙන ක්‍රමය මොන වගේද කියන එකයි....
ReplyDelete(හැබැයි සමහර වෙලාවල් වලදී මටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන විදිහ අමතක වෙනවා..)
හුඟාක්ම දුක හිතෙන කතාවක්ද? කමක් නැහැ කියන්නකො බලන්න,
ReplyDeleteහොඳා.... යි ඔන්න එහෙනම් අපි හෙට වෙනකම් බලන් ඉන්නවා...
ReplyDelete