Jan 23, 2011

නිමක් නැති කථාව - 1 කොටස..

ලන්ඩන් බලා පිටත්වන ගවන් යානයේ අසුනට බරවූ මා දෙනෙත් පියා ගතිමි. 
මා යන්නේ හෙට දවස සොයා නොවේ.. දෙමපියන් ජීවත් කරන්නට අරමුණක් සොයාගෙනයි.
ඉගෙනිම කැපකොට ආසාවෙන් පටන්ගත් විවාහ ජිවිතය විසින් නන්නත්තාර කර දැමුණු ම‍ාගේ ජීවිය අරමුණක් කරා මෙහෙය විමට දැන් මම පමා වුවත්
ජීවිතයේ සැදෑසමයේ සිටින දෙමව්පියන් වෙනුවෙන් මම  ජීවිතය යල්ත් වරක් මුල සිටන් පටන් ගන්නට සිතුවෙමි.

මගේ ජිවිතයේ හිරිමල් යෞවනය ගෙවුනේ කැනඩාවේ විදේශිය මිතුරු මිතුරියන් අතරේය... ශ්‍රීලංකාවේ උපන් මා අගය කල අනුගමනය කල සදාචාරාත්මක පිළවෙත් නිසාවෙන් ඔවුන් ඉදිරියේ මම විහිලුකාරියක් විමී
මගේ සිතුම් පැතුම් ඔවුන්ගේ සිතුම් පැතුම් හා බලන කල අහස පොළව මෙන් එකිනෙකට වෙනස් විය.

කැනඩාවේ ප්‍රාතමික අධයාපනය අවසන්කර උසස් අධයාපනය සදහා ඉන්දියාවට ගොස් සිටින කල කල්කටාවේ තෙරේසා මව්තුම්යගේ  අශ්‍රමයට බැදී... අසරණයන්ට පිහිට වේන්නට සිතා උන්නත් අම්මාගේත් අප්පාගේත් බලවත් ඉල්ලීම නිසා..... 
ඉගෙනීම මග නතර කොට යලිත් ශ්‍රීලංකාවට පැමිනියෙමි. ජිවිතයේ වසන්තයේ නිමාව එය බව දැන උන්නානම් ......

නොසිතූ දිනයක නොසිතූ මොහොතක මගේ පෑනේ මිතුරු  සංජේ අප නිවසට පැමිණයේත් 
"අම්මා මම ෂගානාව බදින්න කැමතියි" කියා කිවේත් මටවත් සිතාගන්න නෙහැකි ලෙසයි. 

සංජේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකි. යාපනයේ උපන් ඔහු ‍වැදගත් පවුලක පුරුකකි.... හදිසියේ ඔහු ගෙන ආ විවාහ යෝජනාව  තෙරේසා මව් ආශ්‍රමයට වහවැටී උන් මා නිවසෙහි රදවාගන්නට අම්මාට රුකුලක් විය.  ඉතින් මට විරුද්ධ වන්නට කාරනාවක් නොවීය...... අපි ‍විවාහපේක්ෂිත පෙම්වතුන් වීමු.
එකල මම රාජ්‍ය නොවන සංවිධානයක සේවය කලෙම්..... අප නිතර දුරකතනයෙන් කතා කලෙමු..... දිනයේ වැඩි වේලාවක් අප කතා කලෙමු.... ඔහු පොඩි දරුවෙකු සේ කියවීය... ඇතැම් රාත්‍රීන්වල.... ඔහු කතා කරදිදී... මට  මහන්සියට නින්ද ගෙස් තිබුණි. ඔහු පොඩි දරුවෙක් ලෙස එවන් විට ඉකිබිද හැඩුවේය. මට ඔහු සෙවනේ දැනුනේ සදාතනික සෙනෙහසකි 

මුළු දිවියම සතුටින් පිරිණු එකක් වේ යැයි සිතුවෙමි. 

තරු පහේ හොටලයේ කතොලික සහ හින්දු සිරිත්වලට අනුව දෙදිනක් මහ ජයට ගත් විවාහ උන්සවයෙන් පසු මනාලියක් වී මම  ඔහුගේ නිවසට ගියෙමි.......

 

2 comments:

  1. ඉතිරියත් ලියන්න. කියවන්න එන්නම්..

    ReplyDelete
  2. කුතුහලයෙන් පිරි කතාවක පලමු කොටසද මේ.... දැන්ම අදහසක් දෙන්න අමාරුයි.... ඔක්කොම කියවලාම බලමුකො.....

    ReplyDelete