Jan 29, 2011

නිමක් නැති කතාව 3 කෙටස

රුසියාවේ සිට යලිත් මව්බිමට පැමිණි සංජේගේ හැසිරීම්වල අසාමාන්‍ය වෙනසක් තිබුණි. වෙස මිනිසුන් අලලා ඔහු මගෙන් නෙයෙකුත් විකාර ප්‍රශ්ණ අසන්නට විය.. .. අප යන මගතොටෙහි පොකුටු හිසකේ ඇති පුද්ගලයෙකු හමු වුවහොත්,

"ෂගානා ඔයා ඒ එක්කෙන් එක්ක යාළු වෙලා නම් මේ වෙද්දි ඔයාට ලැබෙන බබාට පොකුටු කොන්ඩයක් තියෙයි" යැයි ඔහු කිවේ ද්වේශයක් හිත පුරවාගෙනයි...  එවන් විට මම හිරි වැටී ගියෙමි... සැමියෙකු බිරිදකගෙන් කිසිදින නොඅසන තරමේ කතා ඔහු මගෙන් අසා තිබේ එහෙත් මම ඉවසුවෙමු ඔහු කෙරෙහි ඇති ආදරය නිසාම ඉවසුවෙමි.

දිනක් රැයේදී ඔහු බියර් එකක් බීමට අවැසි බව කීමෙන් අප දෙදෙනාම අම්මාට ගොස් හොරෙන් බියර්  ඒ ඔහු තනිවම ගියහොත් අමිමා සැක කරන බැවිනි. බියර් බොතලය රැගෙන නිවසට පැමිණි මා ඉක්මනින් නින්දට වැටුනෙම්ග ඔහු කාමරයේ සිට බියර් බෝතලය හිස් කරන්නට පටන් ගත්තේය.. පසදින මා අවදි වුයේ මදක් පමාවිය... රැකියා ස්ථානයට යන්නට පරක්කු වන බැවින් මම ලිහි ලහියේ සූදානම් වන්නට සිතා තැඩපත ඉදිරියට ගියෙමි දුටු දෙයින් මම හිරිවැටීගියෙමි. මගේ මුළු ශරීරය පුරාවටම පර්මනන්ට් මාකර් එකකින් ඔහු පෙම් කවි ලියා තිබුණි. මම කේනිතියෙන් ඇවිලුනෙමි. ලියා තිබුණේ  පෙම් කවක් වුවද රැකියාවට යන්නට පරක්කු වී සිටි මා  ජීවිතයේ පළමු වතාවට ඔහු හා රණ්ඩු වුනෙමි. ඔහු තරයේ කියා සිටියේ රාත්‍රියේ මගේ ශරීරය පුරා කවි ලිවේ ඔහු නොවන බවයි... එහෙත් බියර් මතින් කිසිවෙකු මෙවන් ක්‍රියාවක් නොකරන බව මම දැන උන්නෙමි.

ඔහුගේ මන්ද මානසික ක්‍රියා උත්සන්න වන්නේ ඉගෙනීම මග නතරවුනු නිසාදෝයි සිතම්න් මම රැකියාවෙන්ද ඉවත් වී ඔහු හා යලිත් යාපනයට ගියෙමි. ඒ ඔහු හා මා තනිවම ජීවත් වුනු පළමු අවස්ථාවයි.

යාපනයේදී මා ගතකල අවදිය තරම් අපුල අවදියක් ගතකිරීමට මගේ ජිවිතයේ කිසි දිනෙක මම බලා පොරෙත්තු නොවුනෙමි.

ඇතැම්දිනවල  ඔහු මහරෑ වැල්ලට ගොස් ධීවරයන් හමුවී මුදල් ගනුදෙනු කලේය... ඒ කුමකටද බව අදවනතුරුත් මම නොදනිමි. ඒවන් දිනවල  රාත්‍රියේ ඔහු නිදාගන්නේ ඇද අසල විශාල කඩුවක් තබාගෙනය.  මම ඇසුවිට ඔහු කියන්නේ ඒ ඔහුගේ ආරක්ෂා‍වට බවයි. එහෙත් උදෑසනට‍

"කවුද මේක මෙතැන තිබිබේ" කියා ඔහුම අසයි...
"ඇයි ඔයාමනේ තියා ගත්තේ" යි මම කියූ විට කිසිවිටෙකත් ඔහු මා විශ්වස නොකරයි... රැයෙහි කරන දෙය ඔහුට උදෑසනට අමතකය....

අනෙක් කරුණ වයේ කිසිදු කායික බැදීමක් සදහා ඔහු මාහා එකග නොවීමයි.... විවාහ වී හතරවැනි අවුරුද්දේ මම දරුපැටියෙකුගේ සෙනෙහස කැදැල්ලට ගෙන එන්නට දෑරු හැම උත්සහයකටම ඔහු එකසේ විරුද්ධ විය.

" බබාලා ඔනි නැහැ... බබෙක් අපි අතරට ආවොත් ඔයා මං ගැන බලන්නේ නැතිවෙයි" අසාධාරණ ලෙස ඔහු කියා සිටියේය.

ඔහු වෙද විදුහලට ගිය පසු දහවල් කාලයම තනිව නිසේ සිටින මා පළමු වතාවට මානසික ආතතිය සදහා වෛද්‍යවරයෙකු හමුවී බෙහෙත් ගතිමි.

දිනක් මහ රැයේදී වෙරි මතින් නිවසට පැමිණි ඔහු නිවසේ ප්‍රධාන විදුලි ස්ව්චය නිවා දමා මාවත් නිවසින් පිටතට දමා දොරවසා දැම්මේය... මම ඉකිබිදිමින් හඩමින් ඇදසිටියත් මුළු රැයම පොට්කොවට වී සිටීමට මට සිදුවිය... උදෑසනම හඩමින් ප්‍රධාන හමුදා කදවුරට දිවගිය මා හැකි ඉක්මනින් මාව යලිත් මඩකලපුවට යවන ලෙස ඉල්ලා සිටියෙමි... මගේ හැඩුම් විලාදසය දුටු කරුණාවන්ත හමුදා නිලධාරින් හදිසි අවස්ථාවක් ලෙස සළකා ඉක්මනින් මා මඩකලපුවට පිටත් කිරිමට පියවර ගත්තෝය.
   

No comments:

Post a Comment