Jan 10, 2011

හෙට දවස

ලාදම්  පසුබමේ සුදු මල් ඉහිරුණු ඔසරිය  කවදත් මා සිත්ගත් ඇදුමයි. අම්මා පැමිණ ඔසරි පොට සකසා රැළි පට එක්කොට ඔසරි කටුව ගැසුවාය.. ඇයගේ දෙනෙතෙහි තූනි තෙතමනයක් විය.  පළමු රුකියාවට  යන පළමු දිනයේ අපි දෙදෙනා ඔසරිය අදින්නට  ගොස් රණ්ඩු වුණු හැටි මතක් වී මට තුනී සිනහවක් නැගුණී. ඒ මෙයට  අවුරුදු පහලොවකට පෙරයි.. උදේ පාන්දර  පහේ සිට මහන්සී වි යන්තම් හත වෙද්දී පාරේ ඇදන් යන්න පුළුවන් මට්ටමට  ඔසරිය පටලවා ගන්නට අපට හැකිවිය... එයත් ඔපීසියට යනවිට  ලෙහී තිබුණි... ඒ දින ඔපීසියේදී  ලිහිණූ  ඔසරිය ඇන්දුවේ  එහි සිටි අක්කා කෙනෙකි.. මම ඇය ඇන්දවු අයුරු අම්මාට කියු පසු පසු දින සිට අම්මා හරි හැඩට මට ඔසරිය ඇන්දුවාය.... ටික දිනක් යනවිට පලපුරුද්දත් සමග හැඩටම ඔසරිය අදින්න මටත් හැකිවිය... ඒ දවස් වලත් මම ඔසරියෙන් හැඩවෙන විට අම්මාගේ ඇස් තෙමුණා මට මතකය....


උදෑසන ආහාරය ලිහි ලහියේ ගිල දැමූ මා ගෙයින් පිටත් වන්නට මත්තෙන්  අම්මාටත් අත්තම්මාටත් වැන්දෙමි..  අත්තම්මා තම වියපත් දෝතින් මගේ මුහුණ ගත්තාය...


“කවුද කියන්නේ මගේ දෝණිගේ බදින වයස පහු වෙලා කියලා.. ඇස්වහක් කටවහක් ‍වදින්න එපා... මයේ කෙල්ලට රත්ණත්තරේ පිහිටයි....”


මම අම්මාදෙස බැලීමි ඇය මුහුණ සගවා ගත්තාය. මගේ දෙනෙතට කදුලු පිරිණි, මනාලියක්කොට මා මේ නිවසින් යවන්නට ඔවුන් මවා උන් සිහින මා සිද බිද දැම්මෙමි. මා විවාහපත් නොවන බව ඉර හද දිවුරා කියමින් පරල වෙද්දී  ඔවුන් නිහඩ වූවෝය. බිමට බරකරගන් දෙනෙතින් යුතුව මම ගුරුපාරට වැටුනෙමි....


මම ප්‍රජා ශාලාවට යනවිට පුංචි උන් එකා දෙන්නා දෙමාපියන් සමගින් එහි එමින් උන්නෝය, බස් රථයද පැමිණ තිබුයෙන් මම  ඔවුන්ව බසයට නංවා නම් ළකුණු කලෙමි. පොඩි පැටවුන් උන්නේ වෙනදාට වඩා ප්‍රබෝදයෙනි, අද ලෝක ළමා දිනයයි ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සවයක් සදහා යන්නට ඔවුන් මෙලෙස සැරසී පැමිණ  සිටී... වෙනදාට පන්තියේ කොටු වී සිටින සමනළ පැටවුන්ට මෙය වෙනස්ම අත්දැකීමකි...




බසය  පිටත් වෙන්නට සූදානම් වෙද්දීම වාගේ අප්සරා අක්කා පැමිණ බසයට ගොඩ වුවාය.


“ලිහිණි මාව දාල යන්නද ගියේ කෙල්ලේ.... දන්නවනේ... මහත්තුරුයි බබාලයි සෙරටම කවල පොවල පිටත් කරලා එදිදී ....” ඇය සිනාසෙමින් කීවාය....


“නැහැ අක්කේ මම හිතුවේ ඔයාලගේ ගෙවල් පැත්තෙන් යමුයි කියන්න...” මම අමනාපයකින් තොරව ඇය හා සිනාසෙමින් කීවාය.... මමත් විවාපත්ව උන්නානම් මටත් උදේට ඔය රාජකාරි සියල්ලම කරන්න සිදුවේ...


“දුගේ ඉස්කෝලේ කොන්සට් එකක් ඒකට ඇදුම මහල ඉවර කරද්දී පාන්දර දෙකයි.... හරි මහන්සියි කෙල්ලේ...... මම වාඩි වෙලා ටිකක් ඇල වෙන්නම්...  කමක් නැහැ නේද....” ඇය අසුනේ හරිබරි හැසෙමින් කීවාය.....


“ පැංචෝ ටික සින්දු කියයි කමක් නැහැනේ.....” මම සිනාසෙමින් කීමි.....


“ කණ පුපුරන්න බෙර ගැහුවත් මට නින්ද යයි කෙල්ලේ... ඒ තරම් මහන්සියි.....”
මා අවංකවම ඇය වෙනුවෙන් දුක් වුනෙමි... දරුවන් දෙදෙනා සහ සැමියා වෙනුනෙන් ඇය කැපවෙන තරම මම හොදින් දනිමි... මොන්ටිසොරීයේ වැඩ සියල්ලම වාගේ මමම කරන්නේ ඇයට රැකියාවෙන් හෝ යම් සහනයක් දෙන්නට සිතාය.. ඒ බව දන්නා ඇය තමන්ගේම නැගනියනට සේ මට ආදරය කලාය.


“චීච චී..ච... අපි අල... බස් එකේ තිනුදුව කීමුකෝ......” පුංචි එකියක් ඔපරි පොවේ වෙලෙමින් හුරතල් වුවාය......


“ හා.. කියමු...... කෝ කියන්න හැමෝම... බබාල ආසයිනේද...  ඒ සින්දුවට... අර අවසක් ටීච කියල දුන්නේ...... උදෑසනම පොඩි අපි ...... හා ඔක්කොමල්ලා කියමුද ඒ සින්දුව.....


උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැගවී එළියට එනවා.
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා....... ”


මාද පොඩි උන් සමග තාලයට ගැයීමි......


 මගේ හුදෙකලා ජීවිතය එළිය කරන්නේ මේ පුංචි උන්ය.. වසරක් හො දෙකක් මා සමග හිද වෙන්වී ගියත් එක් එක්කෙනාගේ හිනාකටවල් මට කිසිදා අමතක නොවේ.... පුංචි උන් සමග මේ ජිවිතය පටන්ගෙන  දැනට වසර හතකි... ඒ කාලය තුල  අපේ කැරුළු කැදැල්ලට ආ ගිය අය බොහොමය....  ඇතැමුන් දැන් හදුනා ගන නොහැකි තරම් වෙනස් වී ඇත ඒත් අදත් ඉන්නේ එදා උන් ළිහිණි ටීචර් මය....


අපි උත්සව භුමියට පැමිනෙන විට සිරිලක නන් දෙසින් පැමිණි පොඩි දරුවන්ගෙන් එ බිම  පිරී ඉතිරී තිබුණි. ඇතැමෙක් තම දෙම‍ාපියන් සමගද ඇතැමෙක් තම  පාසලේ හෝ ළදරු පාසලේ ගුරුවරුන් සමගද පැමිණ තිබුණී.
පොඩි උන් ටික ලියා පදිංච් කර ඔවුන්ව සංවිධායකයින් බාර දුන් අප්සරා අක්කාත් මමත් ඔවුන් කෙලිදෙලෙන් පසුවන අසලටම වී උන්නෙමු...


“ තිබහයි කෙල්ලේ......” අප්සරා අක්කා ඔසරි පොටින් පවන් සලමින් කීවාය.


මම වට පිට බැලීමි.. “අර අතක කූල්ස්පොට් එකක් තියෙනවා.....”


“යමු කෙල්ලේ... එතනට ඒ හැටි දුරක් නැහැනේ ටිකක් වාඩි වෙලා මේ පැත්තට ඇහැ තියාගෙන ඉමු....” අප්සරා අක්කා ඉස්සර වුවාය... මම ඇය පසු පස වැටුනෙමි


බීම වීදුරු දෙකක්  මිලදීගෙන අසල  වු කුඩ සෙවනක වැඩි ගත් අපි ‍නුදුරින් සිටි පොඩි දරුවන් දෙසටම නෙත් යොමා උන්නෙමු....  මම මෙහෙතකට මලේ ළදරු අවදියට සිව ගියෙමි.....
වේගයෙන් දුව ආ කුවා පුතු පැටියෙක් නොසිතූ ලෙස පය පැකීලී ඇද වැටුනේ මගේ නෙත් මානයේමය... මගේ දෙපා මටත් වඩා ඉක්මන් විය පිම්මේ දිවගිය මා දරුවා ඔසවා ගිතිමි...  දරුනු තුවාලයක් නෙවුවත් හා පැටියා බියටම කෑ ගසා හැඩුවේය..
“ අනේ..... නෝ නෝ... ඉට්ස් ඔකේ ඩාලිං........” ත්‍රී ක්වාටර් කලිසමක් සහ  කෙටි ටීෂර්ට් එකක් හැද උන්   දරුවාගේ මව යැයි සිතිය හැකි තරුණියත් පැමිණ  පුතු පැටියා මගෙන් ගත්තාය.


“තෑන්ක් යූ වෙරි මච්...... මෙයා හරි දගයා.....”  තරුණිය මා හා සිනා සෙමින් ස්තුති කලාය....


“මෙයා වැටෙද්දි.. මම ගැස්සුණා...” 

මම පොඩි දරුවාගේ හිස අතගා කීයා යන්නට හැරෙද්දී නෙත් විසල් කොට ගෙන මා ඉදිරියේ උන් රුව දැක මම හිරිවැටී ගියෙමි... ගිනිගහන මද්දහනේ මගේ දෙපා පණ නැතීවි යනවා පමණක් මට මතකය.... නෙත් විවර කරද්දී අප්සරා අක්කා.. තණ බිස්සේ වාඩි වී මහිස උකුලේ තබාගෙන උන්නාය.... මට මහත් ලැජ්ජාවක් දැණුනි... ඔහුත් අර දරුවාත් මවත් මා වට කොට ගෙන උන්නෝය.....  මම වහා නැගිටින්නට උත්සහ කලෙමි... නැත ගතට වාරුවක් නැත...මම යලිත් දෙනෙත් තද කොට පියා ගතිමි පියවුණු  නෙත් අතරින් කදුලක් ගලා යනවා මටම දැණුනි... මේ කදුලත් මීට සත්වසරකට පෙර මනෙතින් ගලා ගිය කදුලු හා සමානය.... ඔහුට මේවා පයට පැලෙන දුහුවිල්ලක් තරම්වත් නෙවටී.... කොහෙදෝ තිබුණු ධෛර්‍යයක් හිතට දැනී මම නැගී සිටියෙමි. මම නැවතුනේ බස් රථයේය... අප්සරා අක්කා මා පසුපසින් දිව ආවාය.


“ළිහිණි ඇයි කෙල්ලේ මේ...... මොකද උනේ......” මා සන්සුන් වනතුරු සිට අප්සරා අක්කා ඇසුවාය.......


“හිත හදාගෙන එන්නම් කියල දවසක් මට කිව්වා එයා එනකල් බලාගෙන ඉන්න කියලා...මේ අදයි දැක්කේ අක්කේ..... පුංචි දරුවයි....  නෝනයි එක්ක........”  මම සුසුමක් හෙලා කීමි


“ අපි ආයෙත් හමු නොවුනානමි
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඩවන්නට
අපි ආයෙත් හමු නොවුනානම්


ඔබ නොහදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
දිගු කලකින් හමු වී සෝ  ලතැවුල්
අදත් විදින්නේ මා පමණයි”

4 comments:

  1. පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔබත් ඔබේ බ්ලොග් අඩවිය "සින්ඩි ලංකා" හි ලියාපදිංචි කරගන්න.
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

    ReplyDelete
  2. ලස්සනයි !! දිගටම සිහින දකින්න .... මේ වාගේ

    ReplyDelete
  3. ඇත්තම කතාවක්ද, නැත්තං හිතලා ලියපු එකක්ද කියන්න නම් දන්නේ නැහැ. ඒත් හරි අපූරුයි.

    ReplyDelete
  4. ස්තූතිය.... ස්වප්නා..... prasanna86k

    ReplyDelete