Jan 24, 2011

"සෙනෙහසක සටහන"



සිනිදු නෙළුම් පත් පෙති අතරේ
නිදන පුංචි සමනලියක සේ
තුරුළුව ඔබගේ උණුසුම් ළය මත
නිදන්න ආසයි මට රිසිසේ

පින්න මලට වැටි පිනි බිදුසේ
මගේ ඇසිපිය මත රැදි කදුලේ
අමරස ඔබ දොතොලින් විදිනා විට
වාවන්නෙම් මම පෙම කෙලෙසේ

ගුලිවී පොඩි හා පැටියෙකු සේ
‍උණුසුම සොයනා විට තුරුලේ
දිගු  අතැගිලි මගේ හිස පිරිමැදි විට
හඩමි නුඹට තුරුලුව රහසේ

2 comments:

  1. පට්ට්ම පට්ට මරම ලස්සනයි මේක ...

    ආදරේ උතුරනවා!!!!!!

    ReplyDelete