Jan 2, 2011

පෙම් හීන


කෝපි මල් සිනාවක් පුරෝගෙන මුව පුරා
නුඹ ඇවිත් ලැගුම් ගත් මගේ මියුරු හිත පුරා
අල්පෙනිති තුඩු වැදී රිදුම්දෙන ලේ නහර
කෑ ගසා කියනු ඇත පෙම් කරපු තරම මම

ගියත් නුඹ ඒ හවස මුළු හිතම ගිනි තියා
යලිදු එක වතාවක් බලා ගන්නෙමි කියා
සයුරු වෙරලේ තවත් බලා හිදිනෙමි මෙමා
නිල් නුවන් රතු කරන් නෝක්කඩු බස් කියා



2 comments:

  1. මෙලෙස ආදරේ කෙරුවහැකි අක්කලා සිටින රට
    හමු වුනේ මට තවම චාටර්ම කෙල්ලෙක්ය
    පතන්නේ සැම දාම ලැබෙන්නට කියා මම
    අක්කා සේ ආදරේ කෙරුව හැකි කෙල්ලෙක්ය

    හෙට ගැන හිතන්න උත්සාහ කරන්න අක්කේ වුන දේ වුනා. (මම හැමදාම කියන්නේ මේකමයි නේද)

    ReplyDelete
  2. හෙට වෙනුවෙන් තමයි බලාගෙන ඉන්නේ එයා හිත හදාගෙන එනකල් මම ඉන්නවා... එකම බයයි තියෙන්නේ එයා හිත හදාගෙන අපේ ගෙදරට එන පාර මග හැරල‍වෛන පාරක යයි කියලයි හිතට බය.....

    ReplyDelete