Jan 24, 2011

"නිමක් නැති කථාව - 2 කොටස"

සංජේ ගෙන් මට ලැබුණු සෙනෙහසෙහි අඩුවක් නොදැනුනද......  ළද බොළද යුවතියනවූ මා.. අපගේ මධුසමයදා... ළදැරියක මෙන් හැඩුවෙමි.... හේතුව වුයේ..... මහන්සියි යැයි පවසමින් ඔහු කලින්ම නිනිදට යෑමයි.

මගේ අම්මා මධුසමය පිළිබද කිසිත් නොඇසීමත් ඔහුගේ අම්මා මා සමග අමනාපයෙන් උන් නිසා කිසිත් නොවිමසිමත් සිතට සහනයක් වුවද මම මානසිකව කැළඹි උන්නෙම්.....

හිත රීදී තිබුනත්  ඒ දින කිහිපය සැනසිල්ලේ ගෙවී ගියේය.... සුපුරුදු ලෙස ඔහු ඉක්මනින් නින්දට යයි දහවල් කාලයට වඩා අමුතු රතුපැහැ බවත් රාත්‍රියට ඔහුගේ දෙනෙතෙහි විය එසේම අමුත් මත් බවකින් සිටියේය.... එහෙත් මම කිසිත් නොඇසීමි........ වයස විසි එකක යුවකියක වු මට... මගේ විවාහය නිසා ඇතිවු එකම වෙනස වුයේ.... මගේ කාමරට ඔහු පැමිනීම පමණකි....  සුපුරුදු ලෙස අම්මා සමග හුරතල් වෙමින් සිටි මගේ ලොකය ගිනිගන්නට සතියක් තරම්වත් කල් ගත නොවීය. දිනක් ඔහු නිවසට පැමිණයේ හතරපයිනි..  ඒ තරමට ඔහු බීමත්ව උන්නේය... ඔහු මට කියා තිබුනේ ඔහු කිසිදිනක මත්පැන් බී නැති බවකි... එහෙත් එදින පටන් ගත් ඔහුගේ බීමත් දිනචරියාව කිසිදු දිනයක වෙනසත් නොවීය

 විවාහයෙන් පසු දෙවන සතියේ ඔහු යලිත් යාපනය විශ්ව විද්‍යාලය බලා පිටත් විය... මා සුපුරුදු ලෙස නිවසේ තනි වුනෙමි. කාලය ගෙවි ගියේ නෙසිතන වේගයකිනි.... ඔහු උන්නේ...යාපනයේය මම උන්නේ මඩකලපුවේය...  ඔහු අප නිවසට පැමිණියේ නිවාඩුවකට පමණි. එහෙත් ඔහු මා සේවාස්ථානයට මට රහසේ දුරකතන ඇමතුම් දී මා පිළිබද සොයා බලන බව දැනගත් වෙලේ මා කැළඹුනෙමි. 

මැදියම් රාත්‍රි‍යේ  ආරක්ෂක අංශයට දුරකතනයෙන් අමතන  ඔහු ආරක්ෂක නිලදාරීන්ගෙන් නොමනා දේ අසා ඇති බව මට කීවේ මගේ කළමණාකාරිණියයි.... ඉතින් මට තවත් එහි රැකියාව කරන්නට තරම් මානසිතක්වයක් නොතිබුනෙන් මම රැකියාවෙන් ඉල්ලා අස්වී... වෙනත් රැකියාවකට ගියෙමි....  යාපනයේ සිටින හිතවතුන්ගෙන් ඔහු ගැන අසන්ට ලැබුනේ... යහපත් තොරතුරු නොවේ....  දවසම බීමතින් සිටින ඔහු විභාග සියල්ලම එක පිට එක අසමත්වන බව මිතුරන් විසින් මට දන්වනු ලැබීය..... එහෙත් ඹහු කෙරෙහි වු සෙනෙහස මදකදු අඩු නොවුයෙන්  මම ඒ කිසිවක් විශ්වාස නොකලෙම්..... කුඩාකල සිට ඔහුගේ අධ්‍යාපන දස්කම් ගැන මම අසා තිබුනෙමි හැම විටම ඔහු පළමුවැනියාය.... චෙස් ක්‍රීඩාවෙහිද දක්ෂයෙකි.... එසේම ඔහු දක්ෂ ලේඛකයෙකි.... ජාත්‍යන්තර පුවත්පත්වල පවා ඔහුගේ ඇතැම් ලිපි පළවී තිබේ.... 

දිනක් හදිසියේ මා ඇමතු ඔහු කියා  සිටියේ....

" ෂගානා... සංවිධානෙන් මාව මරන්න හදනවා මම ලියපු ලිපියක් නිසා.... මගේ ජීවිතේ බේර ගන්න නම් මම ලක්ෂ තුනක් දෙන්න ඔනි පුළුවන් තරම් ඉක්මනට මට ඒ සල්ලි එවන්න....."
 

ඔහු කලබලයෙන් කියද්දි.. මම ගැස්සුනෙම්... මට මාගේ සැමියා නැති කරගනත නොහැක. වහාම මම ඔහුගේ ගිනුමට වැඩිපුර මුදල් දැමුවෙමි..  දින කිහිපයකට පසු ඔහු යලිත් කිවේ... නිතර වැඩිපුර මුදලක් ලග තමා ගත යුතු බවය.... එබැවින් මම වෙනදාට ඔහුගේ ඉගෙන්ම වෙනුවෙන්  යවන මුදල වැඩිකලෙමි. එහෙත් ඉගෙනුමද මග නතර කොට ඔහු මඩකපලුවට පැමිණයේ යාපනයේ තවත් සිටින්නට නොහැකි බව කියමින. මම එයත් ඉවසුවෙමි.... දවල් දවසට මම රැකියාවට ගිය විට ඔහු කාමරයට වී මුළු දවසම මත්පැන් බොන බව අම්මා මා සමග කිවාය... ප්‍රතම වරට මම ඔහු හා ගැටුමක් ඇතිකර ගතිමි..... මම ඔහුට මුදල් නොදී සිටීමට තීරණය කලේ මෙම‍ ගැටුමෙන් පසුවයි... එහෙත් ඉන් ඔහුගේ බීමත් කම දුරු කරන්නට මට නොහැකි විය, මගේ රන් ආභරණ සොරකම් කිරීමටත් බැංකුවෙන් ඒ ටී එම් කාඩ්පතෙන් මුදල් ගැනිමටත් ඔහු රහසේ පුරුදු විය..... ඇතැම් මාස වල මගේ මුළු පඩියම මටත් හොරා ඔහු ඒ ටී එම් හරහා ඔහු රැගෙන තිබුනෙන් ගෙදර වියදම් සදහා කැනඩාවේ සිටි අප්පාගෙන් සල්ලි ඉල්ලා ගැනීමට සිදුවිය... බීමතින් නිවසේ ඇති කරගන්නා ප්‍රශ්ණ සියල්ලමට හේතුව ඔහුට වෛද්‍ය උපාදිය අවසන් කිරිමට නොහාකිවීමදෝ හැගුණු හෙයින් ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ඔහුව රුසියාට යැවිමට අප්පා විශාල මුදලක් වියදම් කර පහසුකම් සැලසුවේය... පවුලේ එකම දරුවා වු මගේ සැනසුම වෙනුවෙන් අප්පා එය කලත් සිද්ද වුයේ පිනින රිලවෙකුට ඉනිමං බැදීමකි..... වසරක් පුරා.... නේවාසිකාගාරයට වී බිමතින් විකාර කල ඔහුව වෛද්‍ය විදුහල විසින් නැවත ලංකාවට එවනු ලැබීය.

4 comments:

  1. අහ්.... දෙවෙනි කොටසත් ඇවිත් නේද.... කතාව අමුතු ගතියක් අරගෙන එනවා. බලමුකො ඉස්ස‍්රහට....

    ReplyDelete
  2. අනිවාර්්‍යයෙන් මේ කතාව ද්‍රඩිව බස්න් වෙන කෙනෙක් වෙනස් කරලා ලියනවා..... මම ලියන්නේ ඈත්ත ඒකේ තියෙන්නනේ ගොඩක් බොරු..... මේක ඈත්තම ඈත්ත කතාවක්...... ෂගානා යන්න කලින් මේක මම ලියලා සින්හලෙන් එයාට තේරැම් කරන්න ඔනී.....
    ස්ර්‍තුතියි මේ පැත්තට ආවට....

    ReplyDelete
  3. ලස්සනයි කතාව...
    කැමතිනම් විතරක් office එක කොහෙද කියන්න. අපි develop කරන්නෙත් Finac. කලින් බ්ලොග් එකක දැක්කෙ. ඔයාව ගොඩක් ලග යාලුවෙක් කරගන්න ආසයි...

    ReplyDelete