May 3, 2011

මායාකාර ඇස් පසුවදන හෙවත් තවලමට තාවකාලික විරාමයක්

මායාකාර ඇස් කතාමාලාව අට වැනි කොටසින් අවසන් විය, බොහො දෙනා කිවු පරිදි එය ‍සුදුසු නෙවන අවස්ථාවක කල ඉක්මන් අවසානයක් නමුත් කතා බීජය මනසේ උපන් මොහොතේ අවසන ලෙස සනිටුහන් කරන්නට උන්නේ මෙයමය.

පිච්ච මල කතා මාලාවට මෙන්ම මායාකාර ඇස් කතා මාලාවට ලබාදුන් ඔබගේ වටිනා කමෙන්ටු වලට සතූතිවත්ත වනනට මෙය අවස්ථාවක් කරගනිමි.. මායාකාර ඇස් හී.. අවසන් දිගහැරුමේ කමෙන්ටු වලට වෙන වෙනම ප්‍රත්චාර නොදැක්වීම පිළබද සමාව භජනය කරන්නටත් මෙයම අවස්ථාවක් කරගනිමි..


මායාකාර ඇස් වලින් පසුව මෙවන් පසුවදනක් ලිවීමේ අරමුණ අනෙකකි.. අට මසක් පුරා සිහින තවලම සමග සිටින ඔබ සැමට කිවයුතු වැදගත් කරුණක් ඇත. සිහින තවලම අටමසක් පුරු ආ ගමන් මගේ දුෂ්කරම මග පෙදෙසකට පැමිණ තිබේ..



ඒබැවින් මෙම දරුණු මානසික පිඩාව නිසා  සතියකට දෙකකට තවලමට විරාමයක් දෙන්නට සිතුවෙමි. කිසිවෙකු සමග කියාගත නොහැකි මා හටද තේරුම් ගන්නට නොහැකි වේදනාකාරි මානසිත අවුලකින් පිඩා විදිමින් සිහින තවලමට මා ගැට ගසන ගැල් මාගේ පෞද්ගලිකත්වයට බරපතල ලෙස හානි කරන්නක් විය හැකි බැවින් මෙම අසීරු තීරණයට එළබියෙමි..

එසේනම් අවසරයි මාස අටක දිගු ගමනේ වෙහෙස නිවාගන්නට. සිතිවිලි නිම්නයේ ගැල් නවතා විවේක ගන්නට...


ප:ලී :  මෙන්න වැන්දා  අහන්නනම් එපා හේතුව මොකක්ද කියලා.. කියා ගන්න පුළුවන් උනේ එකම එක්කෙනක් එක්ක ඒ කෙනා කීවෙත් කෙල්ලේ උඹටනම් පිස්සු කියලා ඒකනම් ඇත්ත... ඒක ඉතින් තවලමට එන හැමොම දන්නවනේ..  ඊට වඩා කවුරුත් මේ අවුලට හේතුව දැන ගන්නවට මම කැමති නැහැ ඒ නිසා අහලා කිව්වේ නැහැ කියලා තරහා වෙන්න එපා විශේෂයෙන් ආසිරි මල්ලි සහ ශානි නංගි... ඔය දෙන්නටත් නොකිව්වා කියන්නේ ඒක ටොප් සීක්‍රට් තමා...

6 comments:

  1. මටත් ඔය ටිකම හිතිලා තියෙන්නේ...

    ReplyDelete
  2. තාවකාලික විරාමයක් නම් කමක් නෑ.. ආයෙත් ලස්සන කතාවක් අරගෙනම එන්න..

    ReplyDelete
  3. අයියෝ‘‘‘‘ ඉක්මනට එන්න....

    ReplyDelete
  4. ටොප් සික්‍රට් නම් අහන්නේ නෑ. සමහරු ලියන්නේ හිතේ තියනා දුකක් වේදනාවක් නිවා ගන්න. සමහර විට ඒ ලියන දෙයින් වෙන්නේ ඒ නිවන්න ඕන ගින්න නැවත බුරා පැන නගින එකනම් අයින් ඇති පලේ කිම. ඇයි නවත්වන්නේ ආයේ කවදාද ලියන්නේ කියා නොඅසමි. ඔබේ සටහන් ලියන හෝ නොලියන තීරණය ඔබ අතේමැයි. ලියන්නේ නම් කියවන්න එමි.

    ReplyDelete
  5. එ පාර බොට වැලදිලා තියන රොගය මට හිතා ගන්න පුලුවන් අක්කෙ. ටොප් සීක්‍රට් දෙවල් ඇසිමට මා හටද අවැසි නැත. උඹට හොද නම් මටත් හොදය. හෙට සිට සැම දෙකටම මෙ සිරි කොලුවා ඔබන්නෙ allow button එක පමණි.

    ReplyDelete
  6. හෆොයි එහෙනම් අහන්නේ නෑ අපි දෙන්නට නොකිව්වා කියන්නේ ආයෙ ඉතින් ටොප් ම ටොප් සීක්‍රට් තමා සුදු අයියා.............. ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete