May 11, 2011

ආදර කතාව 5 හෙවත් විවාහ ජීවිතය 1 කොටස

රැයෙහි පාටි දැමු බුවා තුමානන්
ඇගමැලි කඩමින් ඇහැරෙද්දී
අමාවකේ හද මෙන් මුව සකසන්
බුවී හිදියි ඇද ඉස්මත්තේ


බුවා:
රත්තරනේ ඔබ කලින් නැගිට්ටද
තවමත් අළුයම නොවෙද පනේ
ඊයේ චුට්ටක් වැඩි වුවා මට
අමනාපෙන් පසු නොවනු මැනේ


බුවී:
ඉර දෙන්නං තරු දෙන්නං කීවා
මේ ගෙට මම තනිවම ආවේ
මනමාලිය වුනු මා තනි කරලා
කොයි නිවසෙද පෙර රෑ හිටියේ


බුවා:
බොසා එක්ක පොඩි අඩියක් ගැහුවා
නොදැනිනි කාලය යනවා පනේ
උදේ වෙලා යැයි මට දැනෙනා විට
සොයා ඔබව මම ආමි මෙසේ


බුවී:
හනිමුන් යන්නට හොටෙල් බුක් කරා
සුරංගනා ලොව මැව්වානේ
මුළු රෑ තනියම මම නිදි වැරුවා
බොසත් එක්ක නුඹ මොකද කලේ


බුවා:
තේරුම් ගන්නට බැරි ඇයි සොදුරිය
බොසා නිසයි මම මෙහි ඉන්නේ
මේ ගෙය කාර් එක අපිට තියෙන්නේ
බොසා ෂේප් එකේ හිටියොත්නේ


බුවී:
‍බොසා එක්ක නොව කසාද බැන්දේ
මා එක්කයි නුම නොදනීද
මුළු රෑ මා මෙහි තනියම යන වග
නුඹ හට සිතනේ වත් නැතිද


බුවා:
ප්‍රමොෂන් එකේ වැඩ ගැන කීවා
පැය ගනනක් මගේ බොස් උතුමා
බොත්ල් හතරම හිස්වන තුරුවත්
තිබුනේ නැ ඒ ගැන දැනුමක්


බුවී:
සමුදුරු වෙරලේ සුන්දර තැනකට
හනිමුන් යන්නේ කවදද දැන්
අදවත් එහි යමු අපි අප වෙනුවෙන්
වෙන්කල යුතුමයි එක දවසක්


බුවා:
හෙට උදයේ සිට ඔපිස් යා යුතුයි
ඩාලින් එය තේරුම් ගන්න
ටික දිනකින් යමු වීක් එන්ඩ් එකක
එතකල් වස්තුව ඉවසන්න


බුවී:
මොනවද ඩාලින් ඔයා කියන්නේ
හොටම ඔපිස් යා යුතුමයිදෝ
සතියක් වත් ඇයි නිවාඩු නැත්තේ
ඊයේ බැන්ද බව නොම දත්දෝ


බුවා:
බදින්න හදිස්සි උනේ ඔයාටයි‍
නිවාඩු ගන්නට බැරිය මට
තේරම් ගන්නට බැරිනම් ඔබ හට
මා හට කරන්න දෙයක් නැත






පැත්තක් අල්ලන් බුවී අඩනවා
නෑසුනු ගානට බුවා ඉන්නවා
උදේට කෑමත් නැ ඉව්වෙත් නෑ
දෙන්නම දවල්ට එළීයට යනවා

විවාහ ජීවිතයේ ඉතිරිය තෙක් මතු සම්බන්ධයි 

5 comments:

  1. දෙන්නෙක් බෝතල් 4ක් අපොයි මොක්කුද මුන්...
    අළුතින් නොකීවත් විවාහ ජීවිතේ ඉතිරිය හිතාගන්නත් පුළුවන්.
    කමක්නෑ ඉතිරිය එනකල් බලමු...

    ReplyDelete
  2. වලියකින්ම අවසාන කරයි වගේ.....

    ReplyDelete
  3. යකඩෝ....මේ බුවා පට්ට බේබද්දෙක්නේ...බොනව කියල ඔහොමත් බොනවැයි...:P :P !!!!

    මගුල කර ගත්තට වඩා බෙල්ලේ ගලක් බැදගෙන මූදට පැන්න නම් හොදා කියල දැන් වත් බුවාට තේරෙයි වගේ.....!!!

    ReplyDelete
  4. Anonymous3:36:00 PM

    අපොයි දැනටම රණ්ඩු නේ... කමක් නැ ඕක අර බත් හැලිය ඉදෙන කම් කියලවත් හිතමුකෝ..තාම උයලවත් නැනේ..

    ReplyDelete