May 7, 2011

ආදර කතාව 2 හෙවත් වෙඩිමට පෙර

බුවී:
ඩැඩී ඔබට කියන්න මට දෙයක් ඇත
හෙට උදේට කරකාරෙට බදිමි මම
දැවැද්දට දෙන දේවල් අර ගන්න
ෂොපින් යමුද අද හවසට අපි දෙදෙන


ඩැඩී:
දුවේ උඹේ මොලේ හිලක් ඇතුවාද
තවදුරටත් මටනම් ඉවසිය නොහැක
හෙට බදින්න බොට ඇති තදියම කිමද
මේ අරුමැක්කේ දැවැදි කොහෙන් බොල



බුවී
එයා හොදයි මට සෙනෙහෙයි මට දැනුනා
කලවයසන් මගේ ලෙසටම ගැලපෙනවා
වෙන එකියක් බදින්න පෙර බදිනෙමි මා
ඩැඩී ඉතින් මට අවසර දෙනු මැනවා


ඩැඩී:
බුවා හොදයි නම් මට අවුලක් නැතුවා
මම්මෙක් නැති උඹ මට වදයක්ම තමා
බුවා ‍කැමතිනම් බැදපන් කමක් නැතා
බැදලා හොදින් නුඹ ඉදපන් ඒ ඇතුවා


බුවී:
බුවා හොදයි පණ වාගෙයි ඩැඩී මට
ඩැඩී ලෙසම මා වෙනුවෙන් හිදිනු ඇත
දෑවැද්දට දෙන්නක් පසුවට දෙන්න
කොහොම උනත් හෙට උදේට බදිමි මම


ඩැඩී: 
මවි නැති දියනියක් කියලා සැප දුන්නා
ඉල්ලන හැමදේම අතටම ගෙන දුන්නා
උණ හපුළුවෙත් හා  ප්‍රේමය ඇරඹුවා
හුරතලේට එය ඉවසා මම උන්නා


ඩැඩී:  (රහසින්)
ඒ ගොන් වහන්සේ මේකිට කර ගැහුවා‍
යන අහකට ගියාවේ මට නම් බැරුවා
මා අත තිබුණු සෙසත නම් නැති කෙරුවා
දැන් කිසි දෙයක් කරනට මා හට බැරිවා‍


බුවී:
ආදර ඩැඩී ඔබ නති කර නොයමි මම
දියනිය උනොත් යන්නට වෙනවා දිනෙක
ඔහු නිවසේ මට සුර ලොව පෙනෙනු ඇත
දුක් නොම වන්න මා සතුටින් හිදිනු ඇත


ඩැඩී:
දියණිය මිනි පළිගුවයි ඔබ මේ නිවසේ
නුඹ නැති කලට මා අදුරේ සිටිනු ඇතේ
ඒ මුන් දිනක යන්නම සිදුවන විලසේ
හෙට දින යන්න ඉවසමි මව් නමින් පුතේ


බුවී:
මම එමි හැම දිනම ඔබ වෙත ඩැඩී ඉතින්
බුවා හොදයි මට අවසර දේවි සිතින්
මම එන විටදි ගෙන එමි අත් බරට බරින්
බිය නොම වන්න බුවා සල්ලි කදක් ඉතින්


******************************


බුවී (කෝල් එකක‍)
රත්තරනේ ඔබ කොයිදෝ කියන් මට
මම ‍මේ හිදින්නේ බැල්කනි එකේ තනිව
හෙට වන්නේ කෙදිනද මග බලමි මම
හෙට සිට මෙතන ඉන්නට බැරි වෙනවා ඇත


බුවා:
වොරි වෙන්නේ කුමට වස්තුව මගේ පණ
හෙට සිට මාලගයි නුඹ නති නොවනු ඇත
සිබිනෙමි මම හැම පයකම සෙනෙහසින
වෙනු මැන ඉතින් මගේ පෙම්බර බිරිද ඔබ


බුවී:
රැ සිහිනෙත් නුඹ සිටියා ළගට වෙලා
සුන්දර හෙට ඉදන් මම ‍ඉමි තුරුල් වෙලා
මනමාලිය වෙන්න තව පැය දහයක් ඇතුවා
නිදියන් වස්තුවේ හෙට නිදි මරන නිසා..


බුවා:
තනිකඩ ජීවිතේ මෙතුවක් මම ගෙවපු
හෙට සිට නුඹ නමින් කැප කරනෙමි වස්තූ
පහනයි නුඹ මගේ ලොකය තුල දැල්වු
සද දෙවි තුරුලේ නිදියන් මගේ රන් ලන්දු..








ඒ වෙඩිමට පෙර රැයයි... වෙඩිම තෙක් මතු සම්බන්ධයි............

5 comments:

  1. මුල් එකත් බලලා ආවෙමි./.නියමයි අක්කෝ....

    ReplyDelete
  2. නියමයි කියන්නෙ සුපිරියෙත් සුපිරි.එල එල.වෙඩිමත් දාන්නකො.

    ReplyDelete
  3. තැන්කෝ මල්ලිලා දෙන්නා වෙඩිම හෙට... :) :)

    ReplyDelete
  4. Anonymous5:55:00 AM

    මරු මේක ...එකයි..දෙකයි දෙකම කියෙව්වා..ශෝක්..

    ReplyDelete
  5. නියමයි ..........නව වෙනස හොදයි.....කවි පෙළත් නියමයි...අක්කි කසාදෙ අදද ...?

    ReplyDelete