මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 24, 2011

මායාකාර ඇස් 7

 මායාකාර ඇස් 6


රැයෙහි මට තදින් උණ ගැනින.. ලොකු අක්කා මුළු රැයම නිදි වරාගෙන මා අබියස උන්නාය...  වේදනාවෙන් කෙදිරි ගාමින් උන් මා අසලට අම්මාත් තාත්තාත් වරින් වර පැමිණියෝය... ලොකු අයියා සාලයේ සක්මන් කරන හඩ රැය පුරා ඇසිනි.. ඒ පියවර හඩ මගේ හදවත මතින් ගල්රොලක් ගමන් කරන්නාත් මෙන් වේදනා කාරී විය.. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය රැයෙහි අවසන නිවැසියන් සියල්ලෝම වෛද්‍යවරයෙකු හමුවට මා ගෙන යෑමට බොහෝ උත්සහ කලත් මම ඊට අකමැති වීමි.. වෛද්‍යවරයෙකු හමුවේ සුදුවු සියල්ල වමාරා දෙමාපියන්ගේ හදවතට ගින්දර දෙන්නට නොහැකියෙන් වෙර යෙදා මා සුවෙන් සිටින බව සියල්ලන්ටම ඇග වීමි.. ලොකු අයියා ඒ ගැන  උරණව සිටිනා බව ඔහුගේ ඉරියව් මනාවට පැහැදිලි කලේය. අක්කලා දෙදෙනාත් තාත්තාත් රැකියා සදහා පිටත්ව ගියපසු අම්මාත් මමත් ලොකු අයියාත් නිවසේ තනි වුනෙමු.. බොහෝ වේලාවක්  අම්මාත් ලොකු අයියාත් සාලයේ කතා කරමින් උන් දෑ මා හිස ගිනි අවුලවන්නට සමත් විය..



" අනේ.. මන්දා ලොකු පුතා.. මේ ගැන අම්මලා දැන ගත්ත දාට මට විසුමක් වෙන්නේ නැහැ‍‍... ඔයා දන්නවනේ.. මම වැඩිපුර ගමේ නෑවිත් ඉන්නෙත් ඔයාලාගේ අම්මගේ  ඇනුම් පද අහන්න අමාරු නිසා ඔයාලාගේ තාත්තගෙයි මගෙයි සහේදර කම තියා ගන්න බැරි වෙනවා මම ඇවිත් ඔවට පැටළුනාම.. ඒ අස්සේ මේකත් ‍දැනගත්තම මොනයින් මොනවා වෙයිද.... ඉද හිට හරි යන්නේ එන්නේ තාත්තයි ඔයයි විතරයි... එකත් එකටම අම්මා තාත්තට දොස් කියයි ඔයාට මෙහේ එන්න දීලා.. අපි ඔයාව රවටවා ගත්තා කියලා....." අම්මා නිවුනු හඩින් කීවාය... ලොකු අයියා බරට සුසුමක් හෙලා මොහෙතක් නිහඩව උන්නේය..


"මම නෙදන්නවා නෙවෙයි සුදු නැන්දේ.. ඒත් අම්මා මොනවා කීවත් තාත්තා හදවතින්ම මට ආශිර්වාද කරයි ඒක මට ඉරට හදට වඩා විශ්වාසයි.. චූටි නංගිට බැරි වෙන එකක් නැහැ අම්මගේ හිත දිනා ගන්න දැනටත් අම්මා නංගිට ආදරෙයි... මට ආපහු හැරෙන්න කියන්න එපා සුදු නැන්දේ.. එහෙම කරන්න පුළුවන් තැනක නෙවෙයි මම ඉන්නේ...."
ලොක්කයියාගේ හෑගීම්බර හඩ මා අළුතින් අවුලුවා ලන්නට සමත් විය..



"අනේ මන්දා ලොකු පුතා... මාමා එක්ක තවම මම මේ ගැන කතා කලේ නැහැ.. මාමා අනිත් දෙන්නටම වඩා ආදරේ චූටිට.. ඒයාගේ තීරනේ අන්තිම තී‍රනේ වෙන්නේ..." බොහො වේලාවකට පසු අම්මා කිවාය..


"මාමා මට විරුද්ද වෙන්නේ නැහැ සුදු නැන්දේ... " අපගේ අනාගතය සම්බන්ධයෙන් ලොකු අයියා තුල වු විශ්වාසය මා දවා අළු කලේය..

ඔහුගේ මනමාලිය වන දින විදින්ට , අසන්නට  සිදුවන ගැරහුම් සිහිවී මගේ සිහි විකල් වන සෙයක් මට දැනිනි.. ඉන් ඉදිරියට ඔවුන් කතාවු දෙයක් මට නැසුනේ මනසින් මා බොහෝ දුරක් ගොස් සිටි නිසාය..



"සුදු හාමිනේ..." කන්පෙති අසලින් දැණුනු සීතලෙන් ගැස්සී මම හිස හැරවීමි.. ලෙක්කයියා මා අසල විය.. ඒ ආදරණිය හඩ හමුවේ හදිසියේම නැගුණු  විශාල ඉකිබිදුමක් සමග මා ඔහුගේ තුරුලට ගුලි උනෙමි.


" රත්තරනේ.. ඇයි මේ..... අපි යමු ඩොක්ටර් කෙනෙක් ලගට.....ඔයාට හොදටම අසනීපයි.. ඇග හොදටම රස්නෙයි.. ඇයි හිතුවක්කාර වෙන්නේ... මම අද යන්නම් කියලා හිටියේ.. ඒත් ඔයා මෙහෙම ඉන්න කොට මට යන්න බැහැ.. ඉක්මනට සනීප වෙන්න... අසනිප පිට දාලා ගියොත් මට වරඩක් කරගන්න සිහියක් නැහැනේ....." සෙනෙහසින් හිස පිරිමදිමින් කියද්දි.. මා නිහඩවම උන්නෙමි...


"සුදු හාමිනේ.. ඇයි කතා නැත්තේ......" මාගේ නිහඩතාවය ඔහුට දරාගන්නට බැරි වන්නට ඇත.


"මාව දාලා යන්න මහත්තයෝ......" එක්වරම ඔහුගෙන් මිදෙමින් මම කීමි...


"මොනවා....." මුවග මද හසරැල්ලක් සහිතව ඔහු මා දෙසම බලා උන්නේය...


"ඔව් ලොකු අයියේ.. අපි දෙන්නා කවදාවත් එකතු වෙන දෙන්නෙක් නෙවෙයි.. ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි..."
බැරෑරුම් ලෙම මා කීවේ ඒ කම්මුල් වල මාශපේෂීන් නලියන දෙස බලාගෙනය කිසිදාක නෙදුටු ලෙස ලොක්කයියාගේ මුහුන වේදනාවෙන් බරවී තිබුණි.


" ඔයා හොද සනීපෙන් නෙවෙයි බබා...." පරාජිත ලෙස ඔහු කියද්දි මම වියරු සිනහවක් නැගීමි..


"නැහැ මම හොද සනීපෙන්.. හොද සිහියෙන්.... මේක කියන්නේ...."


"ඇයි එක පාර එහෙම කියන්නේ...." විමසිලිමත්ව මාදෙස බලමින් ඔහු ඇසුවේය.. 


"මන්දා... " පිලිතුරක් සොයාගත නොහැකි තැන මම කියද්දි.. ඔහු මහ හඩින් සිනාසුනේය....


"සුදු හාමිනේ........ උඹට මම නැතිව හුසුම ගන්න බෑ.. මටත් එහෙමයි.. දන්න දවසේ ඉදන් උඹයි මමයි එක්කෙනෙක්.. දිලිසෙන ඔය ඇස් දෙකට ආදරේ කරන්න හිතුනේ කවදා කොහොමද කියලා උඹවත් මමවත් දන්නේ නැහැ.. පුංචිම කාලේ.. සෙල්ලම් ගෙදරත් අපි දෙන්නා අම්මයි තාත්තයි.. උඹ කවදාවත් මම තාත්තා උනොත් අක්කලා දෙන්නගෙන් එකෙක්ට අම්මා වෙන්න දෙන්නේ නැහැ... ඒක ඊයෙටත් අදටත් හෙටටත් එහෙමයි.. විකාර එපා.. නිදාගන්න.... "

මා නලලත හාදුවක් සිත්තම් කල ඔහු කාමරයෙන් පිටවී ගියේය....ඔහු වැනි උතුම් මිනිසුන් අතරේ.. ඉෂාන් වැනි පහත් මිනිසුන්ගේ හුස්ම වැටෙන්නේ කෙලෙසදැයි සිතමින්.. මම කෙටි නින්දකට වැටුනෙමි....

මා යලිත් අවදි වන විට ඔහු මා අසලට වී දිගු ඇගිලි තුඩු වලින් මා හිස පිරි මදිමින් උන්නේය... 

"දැන් උණ අඩුයි සුදු හාමිනේ... අපි බත් ටිකක් කමු...."
ඔහුට බෙදාගත් බත් පත මා අවදිවන තුරුත් මා අසලම තියාගෙන උන් ඔහු කුඩා ලදැරියකට කෑම කවන තාත්තා කෙනෙකු මෙන් බත් පිඩෙන් පිඩ කැව්වේය... 

සියල්ල හමුවේ මා උන්නේ දෙලොවක් අතර අතරමන්වය... යලිදු රැකියාවට යාමට තරම් යහපත් මානිසකත්වයත් මා සතුනොවීය.. ඒ කොයි හැටි වුවත් යලිත් ඉෂාන්ගේ මුහුණ බැලීම මට පිළිකුලක් විය.. එහෙත් ජීවිතය වරදාගෙන ලෙකු අයියාගේ මනමාලිය වන්නට තරම් ආත්මාර්ථ කාමි වන්නට මට නොහැකි විය... මගේ ඉදිරි ජීවිතයේ වගකීම් භාරගත යුත්තේ ඉෂාන් බව මගේ යටිසිත මටම කෑ ගසා කීවේය... 

අද සිටන් ලොකු අයියාගෙන් ඈත් වී ජීවත් වන්නට හෝ මියෙන්නට ඉෂාන් හා සටන් කීරීමේ දැඩී තිරණයක් ගතිමි.... එහෙත් ආදරණිය ලොකු අයියා දෙස කෙලින් බලන්නට හැකියාවක් මට නොවිනි... අද පටන් මා ඔහුට ද්‍රොහි වන්නේය යන සිතිවිල්ල විසින් මා සිත ගිනි ඇලුවා තිබුණි.
මායාකාර ඇස් අවසන් කොටස

15 comments:

  1. අඩෙහ් සුදු අක්කේ මම මේ කතාවට ආසයි..ඔහෝම හෙමින් හෙමින් කොටස් දාන් එපා අප්පා........ :'(

    ReplyDelete
  2. සතියට එක පොස්ට් එකයි නගේ... කාරිය බහුලයිනේ.. හී.. හී... බලමු බදාදා විතර... අහා.. අරුන්දතී ලියන්නත් ඔනිනේ.....

    ReplyDelete
  3. මේ මම දන්න තිර තචකයෙක් ඉන්නවා.අදුන්නලා දෙන්නද?එතකොට කියවන්න ඕන නෑ.බලන්නනෙ තියෙන්නෙ.

    ReplyDelete
  4. හරිම අගෙයි.සුන්දර බව ආදරයේ රැඳිල තියෙන්නේ,තුරුණු හිත් වෙලා ගන තියන ආවේගශීලීත්වය රැඳිල තියනකම් විතරයි කියලයි මට හිතෙන්නේ.ඒ ආවේගය ඔයාගෙ කතාවෙ නොනැසී පවතීවා....!

    ReplyDelete
  5. හරිම ලස්සනයි... " අරුන්දති " කතාව මට මතක නැනෙ...

    ReplyDelete
  6. ලොල්ය.. කරකවල අත ඇරිය වගේ අනේ අනේ.. o_O කලින් ටික කියවපු නැති නිසා වෙන්ඩෑ. :D

    ReplyDelete
  7. එළ කිරි කතාව ...

    ReplyDelete
  8. @ සීතල මල්ලි.. හාකෝ.. පුලුවන්නම්.. මටත් ටයිප් කරන්න ඔනි නැහැ කියාගෙන යන්න ඇහැකි... හි... හී.....

    ReplyDelete
  9. @ nimthera laga hinda බොහොම ස්තූතියි යාළු...

    ReplyDelete
  10. දිනේෂ් මල්ලී මම අරුන්දතී ලියන්නේ අක්ෂරය බ්ලොග් එකට..

    ReplyDelete
  11. @ සුළගිල්ලෝ... මුල ඉදන් කියෙව්වොත් ඊට හපන් මලේ... කියවලා බලන්නකෝ

    ReplyDelete
  12. @ game තැන්කෝ.. තැන්කෝ....

    ReplyDelete
  13. ලස්සනට කතාව ගලාගෙන යනවා.... කියවන්න නම් දුකයි.....
    ඊලග කොටස එනකල් බලාගෙන ඉන්නවා.....

    ReplyDelete
  14. සුදු අක්කේ...ආව හැටිය කලේ කතාව කියවපු එක..අනේ ......ඔය අරුන්දතී දැන්මද......තැන්ක්ස් ...................ඉකමනට ලියන්නකෝඉතිරියත් .....

    ReplyDelete
  15. අනේ හරිම ලස්සනයි........ මෙහෙම කොටස් කොටස් කියවන්න බැනේ..... ඒ තරමට ලස්සනයි. අනේ ඉක්මනට අනෙක් කොටසත් දාන්න හොදේ........... සුබ පැතුම්

    ReplyDelete