මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

May 8, 2011

මෑණි වරුණි ඔබ නිම්න්..


සහරා කතරට වට වැසි පොද ලෙස 
කර්ෂක වනයක පිපි බම්මල ඔබ
දෙනෙතට කදුලක් නොම දී සනහන
මෑණීවරුණි නමදිමු ඔබ පායුග

දෙව් විමනින් සුරසැප හොරකම් කර
ඔබ උකුලේ සුව යහන් සදාගෙන
ඇද වැටෙනා කල අත් අල්ලන් යන
ඔබයි දයාබර පන්සල් බිම මට‍

මුවගින් නොදොඩන සෙනෙහස් අරමය
පෙම්බර දෙනෙතින් හිත පුරවාලන
තුරුලට ගෙන නොම සැනසූවත් ඔබ
දනිමු ඔබට මුළු ලොවම පුතුන් බව


අද දිනය අම්මාවරුන්ගේ දිනයයි මව් වරුන් වෙනුවෙන් එක් දිනක් පමනක් වෙන් කිරීම සුදුසු දෙයක් නොවුනත් අම්මා වරුන් වෙනුවෙන් වෙනදා නොවන තරමින් යමක් සිතන්නට සහ කරන්නට අද දිනය යොදා ගන්නේ නම් එක් අතකින් මෙහි යහපතක් ඇත.. එහෙත් මෙවර අම්මා වරුන්ගේ දිනයේදී මා ඔබට කියන්නට යන කතාව මින් පසු මෙලොව කිසිදු දිනක සිදු නොවිය යුත්තකි.


මෙම කාතාන්ගය මට මතක ඇති තැනින් මම පටන් ගමි ඒවකට මා වයස දහතුනක පමණ යොවුන් ළදැරියකි.. ඉරිදා දින දහම් පාසල හමාරව මල්ලීත් මමත් බසයක් බලාපොරාත්තුවෙන් බස් නැවතුමේ සිටියෙමු.. ඒ අසල මවක් සහ වයස හතක පමණ දියණියක් සමග අප සිටි බස් නැවතුමට පැමිණියෝය.. ඔවුන්ද අප නැගි බසයේම නැගී නුවරඑළීය බලා ආවෝය... අතර මග මා බසයෙන් බසින්නට සූදානම් වන විට ඒ මව මා හා කතා කලාය.. මගේ අප්පචීචීගේ නමින් අසා ඒ කවුදෑයි අසද්දී ඒ මගේ අප්පචීචී යැයි මම සුපුරුදු කෝල බවින් පිළීතුරු දුනිමි.... පසුදින මා පාසැල් ඇරී ආ පසු අම්මා ඊයේ කිසිවෙකු බසයේදී හමු වුනිදැයි විමසුවාය.. මට පසු ගිය දින ගැන මතකයක් නොවිනි මම කිසිත් නොකීමි‍... එහෙත් මට පසුව දැන ගන්නට ලැබුනේ බසයේදී මාහා කතා කල ඒ මව මගේ දෙමාපියන් හොදින් අදුනන තැනැත්තියක් බවත් මා දුටු ඒ මොහොතට මාගේ චරිත ලක්ෂන දැක අහිංසක දියණියක් යැයි  ඇය මා පැසසු බවත් අම්මා කිවේ සතුටිනි එවර ඇගේ දෙනෙතෙහි තිබුණු නිහතමානි ආඩම්බරය දැක මා  සතුටු උනෙමි...


කුඩා කල සිටන් මිතුරු ඇසුර සීමා කර සිටි මාගේ, හොද මිතුරිය අම්මාය.. එයට ප්‍රධාන හේතුව අම්මාත් මාත් අතර වයස පරතරය අඩුවීම විය හැක.. මා ඉපදෙන විට අම්මාට වයස 18කි.. කුඩා වයසක සිටි නිසාත් පුංචි අම්මාත් එකල විවාහ වුනු නිසාත් අම්මාට හොදම මිතුරිය මා මෙන්ම මගේද හොදම මිතුරිය වුයේ අම්මාය... ඒකල මම ගමේ පාසැලට ගියෙන් අම්මා සෙවනැල්ල ලෙස මා පසු පස උන්නාය.. හැකි හැම විටම පාසැල ඇරෙන විට ඇය පාසැල අසලට ආවාය.. ටියුෂන් පන්තියට යන දිනට ඇය මා එනතුරු පන්තිය අසලම උන්නාය...

මගේ මව් මා වෙනුවෙන් කල ඒ කැප කිරීම මම පෙර කි මවත් ඇගේ දියනිය වෙනුවෙන් එලෙසම ඉටු කලාය... එහෙත් මා දකිනා පරිදි ඇයි අතින් ඉතාමත්ම කුඩා අත්වරදක් සිදුවිනි... ඇය ඒ නැගිණියට අනවශලෙස විලාසිතා කරන්නට ඉඩ හැරියයා ඇය ඉල්ලන සියල්ල විගසින් අයට ලබා දුන්නාය... මට වඩා වසර හයකින් පමණ බාල වු ඒ නැගනිය මා උසස් පෙළ හදාරන සමයේ  බණ්ඩාරවෙල කුඩාකුසුම් බාලිකාවේ ඉගෙනුම ලැබුවාය.. ඇය පාසැල් ගියේ මාගේ මිතුරයකගේ පාසැල් වෑන් රථයේය... මා පාසැල්  ගිය වෑන් රථයේ පිරිමි ළමයෙකු සමග මා මිතුරිය පෙම් සබද කමක් ඇරඹුවාය.. ඒය කිසිසේත් සදාචාර නොවන සබද කමකි.. ඇයි උසස් පෙළ හදාරද්දි ඒ පිරිමි ළමයා ඉගෙන ගත්තේ සාමානයපෙළ පන්තියේය... දෙදෙනා අතර වයස පරතරය නිසා මම ඒ දෙනොට අවවාද කලෙමි.. පුංචි කමට පැත්තක සිටි යට කී නැගනිය මාහා උරණ වුවාය.. කිසි‍විට කිසිවෙකුත් හා වාදයට නොයෑමේ මගේ චරිත ලක්ෂනය නිසා මා නිහඩව උන්නත් ඇය මා පාසැලෙන් අයින් වන තුරුත්  ඉන් පසුත් මා හා වෛරයෙන් පසුවුවාය....

පාසල් ගමන අවසන් කල සැනින් නුවරට පැමිනීමත් දෙවන වර විභාගය නවතා රැකියාවට සම්බන්ධ වීමත් නිසා මම ගමෙන් බොහෝ ඈත් වුනෙමි.. ඉන් පසු ඒ මව හෝ දියනිය ම හමු නොවුනෝය...

ඒහෙත් මව්වරුන්ගේ දිනට පෙර දින මට අසන්නට ලැබුනේ කිසිවිටෙකත් නොසීතු ආරංචියකි..  ඊයේ රැයෙහි මගේ මව දුරකතනය ඔස්සේ කීවේ මා පෙර කී මව සිය දිවි නසාගෙන ඇති බවයි... හේතුව  ඇසූ කල මගේ සින වාවුනු නොහැකිව මට හැඩිනි....

ඒ මව සිය දිවි නසාගෙන ඇත්තේ මෙවර උසස් පෙල විභායට සූදානම් වෙම්න් උන් යට කී නැගනිය තමන්ට කිසිසේත් නොගාලපෙන තරුනයෙකු හා හාද වී ඔහු නිසා මව් පදවිය ලබන්නට සිටින තත්වයට පත්වීම තරම් දුර ගමනක් ගොස් ඒ කිරිකැටි කලලයත් හොර රහසේ විනාශ කොටගත් බවක් පාසැල හරහා මවට ආරංචී එය දරා ගැනීමට නොහැකි වීමෙනි....

මවකට දියනියක් යනු මේල පළදනාවක් වැනිය.. දියණිය ඇගේ ජීවිතයේ ආභරනයයි... සෙනෙහෙන් රකින මෑනි වරුන්ට යුතුකම් ඉටු කිරීම දියනියන්ගේ පරම යුතු කමකි.  දියනියක් ඉපදුනු විටක මවක් සිහින දකින්නේ කෙදිනක හො ඇයව සුන්දර මනාලියක් වන තුරුය.. ඇය මනාලියක් වු පසු මවගේ සිහිනය තම දියණියත් කෙදිනක හෝ යහපත් මවක් වීමය.. .. එවන් ලෙසින් දියනිය තම ජීවිතයේ සුන්දර කඩඉම් පසු කරද්දී මෑනි කෙනෙක් ලබන සතුට මා මගේ අත්තම්මාගෙන් දැක ඇත්තෙමි.. ඇයගේ සුරතලිය ලෙස වසර 25කට ආසන්න කලක් රැදෙන මා ඇය මගේ මෑණියන් හා පුංචී අම්මා දෙස බලා සුතුටු වත යුරු කොතෙක් දැක ඇත්තෙම්...



මවගේ ලොකය දරුවන්ය.. සොයුරියනි‍‍.... සොයුරනි..... මව් වරුන් පණ සේ රකින්න.... සුර සැප දිය හැක එහෙත් ඔබ නිසා මෑණි වරුන් ගේ දෙනෙත් සතුටින් පිරෙන්වා ඇරෙන්නට ඔවුන් ලබන  අන් සැපක් ඔවුන්ට නොවටී..... 

මා මේම කතාව කීවේ සිතෙහි වු කම්පනය මදක් හො දුරු කරගන්නට මිස ඔපාදූපයක් ලෙස නොවේ...  මගේම මැනියන් ලෙස වන් වූ ඇයගේ හදිසි වියෝව දරා ගත නොහැක්කකි... හෙට දින ඇයගේ නිසල සිරුර මිහිකත තුල වැලලී යනු ඇත... මගේ අවසන් පැතුම

මෑනියනි ඔබට නිවන් සුව....

4 comments:

  1. "හැඩ රුව බලලා කැඩපත වෙහෙසන්නේ
    පුංචි සිතේ පොඩි මධු මල් පිපිලා දෝ
    ගෙදර බුදුන් මුව උදානයක් වූ
    නංගිගෙ හිත ලඟ කවුරුද මුවා උනේ..."

    ReplyDelete
  2. ඇසට කඳුළු එක් කළ කතාවක්. කොහොමද සුදු හංසි මේකට අකුරු ඇමිණුවේ. මටත් මතකයි ඔය දහම්පාසල් කතාව වැනි කතාවක් මමයි නංගියි පාරේ යනකොට කතා කළ අපේ අප්පච්චිගේ යාළුවෙක් අපි දෙන්නා ගැන කියල තිබුනා. එදා අම්මයි අප්පච්චියි හිටියේ පුදුමාකාර සතුටකින්. එදා කීවේ කවදාවත් ඒ ලැබූ සහතිකය නැති කරගන්න එපා කියලයි. ඒ නිසා මට ඔය වැනි දේ ගැන හොඳ වැටහීමත් තියනවා.
    කියන දේ ඇත්ත. අපි අපේ අම්මා (ඇත්තටම දෙමාපියන්) ගැන මීට වඩා හිතන්න ඕන. ඒ අම්මාට මමත් නිවන් සුව පතමි. මක් නිසාද යත් ඒ අම්මා කෙනෙකු නිසාවෙන්මය.

    ReplyDelete
  3. සුදු අක්කි කියපු දේ සහතික ඇත්ත....අම්ම කෙනෙක්ට දුවෙක් ආභරණයක් ...ඒ නිසාමයි එයාල ඒ ආභාරණේ හැම වෙලේම ආරක්ෂා කරන්නේ....අපේ අම්මටත් ඔයා කියපු කතාව කියලා තිබුන කවුද මන්ද....ඒක මතක් කරන හැමවෙලේම එයා ගොඩක් ආඩම්බර වුණා....මන් එයාගේ දුව කියලා...ඉතින් අපිට ආදරේ දෙන...බලාගන්න .....හැමවෙලේම ලගින් ඉන්න අම්ම තාත්ත වෙනුවෙන් දින වෙන්කරන එකටනම් මන් කැමති නෑ...
    අර නංගි කවද හරි අම්ම කෙනෙක් උන දවසට අම්ම කෙනෙක් උහුලන ඒ ගින්දර දැනේවි......එදාට එයා ගොඩක් පරක්කු වැඩියි...
    අම්මේ ඔබට නිවන් සුව....!

    ReplyDelete
  4. මොනා කියන්නද කියලා තේරෙන්නෙ නෑ නංගා... කවදාවත් මගේ ඇසට නොපෙනෙන්න මගේ කනට නොඇසෙන්න පතනවා මේවගේ දේවල්.. මමත් අම්මෙක්.. කෙල්ලෝ දෙන්නෙක්ගෙම... ගැහැණු දරුවෙක් ඉන්න අම්මෙක් මොන තරම් ගින්නකින්ද ඉන්නෙ කියලා මට හොඳට තේරෙනවා.. තමන්ගෙ පණ නසා ගැනීම මම අදහන ආගමේ හැටියට සෑහෙන ලොකු පාපයක්.. ඒත් දෙවියනේ ඔය තත්ත්වෙට පත්වුන අම්මෙක් වෙන මොනවා කරන්නද?

    ReplyDelete