මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

May 18, 2011

ආදර කතාව 7 හෙවත් අවසන් කොටස


වැරෙන් නෙත් හරින බුවා තුමානන්
වටපිට බලමින් කැරකෙයි විගසින්
ඔහු මේ සිටිනා තැන ගැන අසමින්
කෑමොර දෙයි උන්මාදෙකු විලසින්

විගසින් දුව එන මිතුරු බුවානන්
තොරතුරු පවසයි කියා කතාවක්
බූවී පෙර රැයෙහි කිව් දේ අසලා
බුවාගේ හදවත මිදෙයි බුවීගෙන්

බුවා
පෙම් කරනා කල සුරගන විලසේ
බැන්දම ඇය යක්සනියක් වුයේ
නිවසේ වැඩපල ඇය නෑ දන්නේ
බීලා නටන්නට පමණද දන්නේ

යාළු බුවා
උඹේ අමාරුව සනීප වෙන්නට
උඹම නේද විගහට බැද ගත්තේ
වෙන වෙන උන් හා කා බී නටලා
උඹ අගුපිල් වල දා ඇය යන්නේ

බුවා
ඒ කල ඇය හුරතල් ලද බොළදී
බැන්දට පසුවයි වෙනසක් වුවේ
තවදුරනම් බැහැ මේ ලෙස යන්නට
විගසින් තීන්දුවක් ගනිමී

බුවන් මෙලෙස සාකඡ්චා කරතී
බුවී ගෙදර පාටියකට හැරෙති
බුවා මිතුර සමගින් එහි යනවිට
බුවීගේ මිතුරන් රොත්තම දකිතී

බුවාගේ ඉහමොල තව තව රත්වී
බුවී කෙරේ තරහම තව උපදී
තමන්ගේ ඇගලුම් මල්ලට දාගෙන
තම නිවසින් උව ඔහු පිටව යතී

බුවීට පසුදින වෙරි හිදෙනා විට
බුවා පිටවු බව මිතුරන් කියතී
දුරකතනෙන් සැමියා අමතන ඇය
මැවුනු සිනාවෙන් කතාව කරතී

බුවී
ඩාලිං පැටියෝ කොයිද ඔබ ගියේ
ඊයේ පාටිය අතර තුරේ
උදේ ඉදන් මම සෙව්වා සැම තැන
ඇදුම් කැඩුම් හේමත් නෑනේ

බුවා:
නොනා මහත්තයා දැන්ද නැගිට්ටේ
උන්නද මලාද නෑ දන්නේ
නොබැද උන්නනම් මීට හොදයි බොල
ආයේ නෑ පස් පාගන්නේ

බූවී:
මොකටද මේ හැටි කල බල වෙන්නේ
මිතුරන් හා ඒක් වුනු පමණින්
ඔයාඑන තුරුත්පාටිය තිවුනා
ජොයින් නොවුනේ එහි ඔයාමනේ

බුවා:
දිනක් ඉවසුවා දෙකක් ඉවසුවා
තව ඉවසන්නට මට බැරිය
ගෙදර වැඩත් මමමනේ කරන්නේ
නුඹට එහි කිසිත් වග නැතිය

බුවී:
ගේ දොර වැඩ පල මම දන්නේ නැහැ
එය මාගේ වරදක් නොමවේ
ගෙදර සිටින කල ඩෑඩී එය කලා
මට  ඒවා පැවරුවේ නැහැනේ

බුවා:
දීගෙක ආවේ ඩෑඩී හැරදමා
මට බිරිදක් වන්නට නේදෝ
නොම දන්නේ නම් ඉගෙනගන්නවත්
නුඹ හට ආසාවක් නැතිදෝ

බුවී
ඉගෙන ගන්න මට ඔනි කමක් නෑ
මෙහෙකරුවෙක් නිවසට ගන්නේ
ඩෑඩිගේ නිවසේ අතට පයට මට
හැම දේටම මෙහෙයට ඉන්නේ

බුවා:
එහෙනම් මා හට නුඹෙන් පලක් නෑ
මෙහෙකරු සහේට මම ගන්නේ
ඩෑඩී සමග නුඹ හුරතල් වෙනු මැන
මම නුඹේ මෙහෙකුවෙකුද නොවේ

බුවී:
පෙම් කරනා කල මෙහෙම කීවේ නැහැ
මම යමි ආපසු ඩැඩී කරා
නුඹට අවැසි මාගෙන් වැඩ ගන්නයි
මම නොම වෙමි දාසිය නුඹටා

බුවා:
දාසී බිරියක් වෙන්නට බැරි නුඹ
කෙලෙසද මවකගේ තැන ගන්නේ
නුඹ හා සමගින් තව ඉන්නට බැහැ
දික්කසාදයට සැරසෙන්නේ

බුවී:
දික්කසාදයත් මට සැන සිල්ලක්
තව නුඹ හා ඉන්නට බැරි‍ය
මගේ නිදහසට සීමා පනවන
නුඹ හා යුග දිවි ථල නැතිය

බුවා:
නුඹ කියනා තුරු නොව මම සිටියේ
අප අහසයි පොළවයි වැනිවේ
හදිස්සියේ යුගදිවියට ආවෙන්
මේ දුක් ගිනි මම උහුලන්නෙ

ඒලෙස වදනින් දබරව දෙදෙනා
දෙපසට වෙන් වීලා යන්නේ
මාස ගනන් නඩු කියලා අවසන
දික්කසාදේ ලියවා ගන්නේ

උමතුයි සෙනෙහස අන්ධයි සැමවිට
මිතුරනි එය තේරුම් ගන්නේ
දෙදෙනෙක් එක්වන පමනින් කිසිවිට
ආදරයක් ඇති නොම වන්නේ

දාසී බිරියක්  වන්නට බැරිකල
සැමියන් නිවසින් පිටවන්නේ
බිරියන් අතමයි සැමවිට සැම තැන
පවුලේ සමගිය පවතින්නේ




ආදර කතාව මින් අවසන්

5 comments:

  1. "දෙදෙනෙක් එක්වන පමනින් කිසිවිට
    ආදරයක් ඇති නොම වන්නේ"
    මේකනං පට්ටම ඇත්ත... ආදරෙයි ලිංගික ආශාවනුයි වැරදි විදිහට වටහා ගත්තාම ඒක ඉවරවෙන්නෙ මේ විදිහට තමා....

    ReplyDelete
  2. කවියෙනු පැවසූ ආදර කතාව
    කියවා නොඅඩුව රස වින්දා..
    ලියන්නෙ කවදද මීළඟ කතාව..
    ලස්සන පදවැල් පෙල රන්දා...

    දිවි ගමනේ හමුවන මෙවන් චරිත ගැන තවත් මෙවැනි කතා ලියවෙන තෙක් බලා සිටිමු නෙත් ආයාගෙන...

    ReplyDelete
  3. මරු අක්කා..ඔයා ලස්සනට පද ටික ගැලපුවා..

    ReplyDelete
  4. හරිම ලස්සන ආදර කවි කතාවක් අක්කේ.. තව කතාවක් ලියන්න..

    ReplyDelete
  5. ලස්සනයි අක්කේ...නියමෙට පද ගලපලා.....ඉක්මනට අනිකත් ඕන..............

    ReplyDelete