May 30, 2011

මුණු පොතේ රස කතාව 1 හෙවත් කැළුම් අයියාගේ කවිය 2

 මුල් කොටස බලලා නැත්නම් මෙන්න

කිනිත් හෙට්ටිආරච්චි
කැළුම් අයියේ වැඩේ නැගලා ගිහින් නේ :) :)

කැළුම් විජේවර්ධන
හෙහ් කිනිත් බලාන් යනකොට කාටත් ඔය ප්‍රශ්ණය තිබිලා තියෙනවා වගේ :P :D

ඉදුනිල් ධම්මිකා
අයියෝ කැළුම් මොකද මේ....?

හසී මුතුකුමාරණ
නෙත් අද්දර හීන මවා ගීත කියනවාලු
මුලු ලෝකෙම පා අද්දර ගෙනත් තියනවාලු
හිත අද්දර නවතින්නට අවසර අයදීලු
නුඹේ කිරිල්ලි ඔවට නම් රැවටෙන්නේ නෑලු

කිනිත් හෙට්ටිආරච්චි
කිරිල්ලියෝ කියන කතා අදහන්නට බෑලු
password ඉල්ලුවාට ඒ දෙන්නෙත් නෑලු
මගේ එකෙන් friend list එක බලන්නවත් බෑලු
මම ම කියා දුන් privacy මට පෙන්නනවාලු

හසී මුතුකුමාරණ
privacy ගැන කියලා දුන්නේ සෙනෙහස වැඩි හින්දයි
password ඉල්ලන්නේ හිත යට සැක හින්දයි
friend list එක බලන්නේ ගැටුමක් ඇති කර ගන්නයි
කිරිල්ලි නැති වෙන්නේ නුඹට විස්වාසේ නැති හින්දයි

කිනිත් හෙට්ටිආරච්චි
කිරිල්ලිගේ හොර හිත ගැන ඇය බය වෙනවාද?
password දෙන්නේ නැත්තේ ඒ හින්දා නේද
අඩු තරමින් විනාඩියක් log වෙනු දෙනවාද
ඉතින් කරව වැඩගැන සැකයක් ඇති නොම වේද

හසී මුතුකුමාරණ
ජීවිතයේ දුර ගමනක් යන්න තියෙනවානේ
ඇ‍ තේරුම් ගන්නට ඔබ සමත් වෙන්න ඔනේ
නොදෙන කිනිත් හෙට්ටිආරච්චි  ගන්න රන්ඩු ඔනේ නෑනේ
ඝනදෙවි නුවනින් log වෙන්නට පුළුවන්නේ

උනිඳු රණසිංහ
කිරිල්ලිගේ හොර වැඩ ගැන අල්ලන්නට‍ඓහෙම
password  ඉල්ලාලා ගත්තත් අනේ කොහොම
කිරිල්ලිගේ account ගැන ඔහේ දන්නේ කොහොම
නුඹත් එක්ක මල් කඩනවා වෙන නමකින් ඈම

කිනිත් හෙට්ටිආරච්චි
@  හසී මුතුකුමාරණ
ඔච්චර හොඳනම් දුන්නට පැත්තක් යනවාද
දෙන්නේ නැත්තේ හොර වැඩ අහුවෙන හින්දා නේද
මගෙන් ඉල්ලුවානම් මම නොදී ඉන්නවාද
(හැබැයි  දෙන්නේ ඔක්කොම වැඩ කිල්යර් කරලා නේද) :) :) :)

හසී මුතුකුමාරණ
හොර වැඩ ගැන කුමට ඉතින් අකුරු කරනවාද
privacy ගැන හොදට දන්නේ ඔබම තමයි නේද
තවත් වෙලා මෙහි රැදිලා කුමට කරමි වාද
නුඹේ කිරිල්ලි රුක ගනු නොම වී තවත් ප්‍රමාද.... :D

කිනිත් හෙට්ටිආරච්චි
ඌරු මාළු උගේ ඇඟ උඩ තියා කපනවාලු
කියා දුන්නු මොඩ තමක මහත දැනෙනවාලු
මම එන පොට හොද නැත දැන hasi ෂේප් වේලු
තනියම මොන වාදද මම මෙතැනින් යනවාලු

කාවින්ධ්‍යා රත්නායක
මෙන්න බොලේ යස අපූරු කවිත් ගෙතෙනවාලු
කවි මඩුවක් ලෙසටම මෙය නැගලා යනවාලු
මේවා බලන් ඉන්නට බැහැ කටත් කසනවාලු
ඒත් ඉතින් වැඩ කරන්න දැන් මම යනවාලු

කැළුම් විජේවර්ධන
හොර එළිවෙන බයට හිතෙන්
පලා යන්න එපා තවත්
ඇත්ත කතා ගොඩක් මැදින්
කවි ලියවී නැද්ද කියන්

කිනිත් නුඹේ වචන බලන්
හසී තවම ඉන්නේ බයෙන්
එළිවෙන හොර රහස් වහන්
උන් යනවා  අපට බයෙන්

එන්විෂන් කම්පියුටර් නෙට්කැෆේ
කියන්න දෙයක් නෑ .. හැමොම  එළඑකටම දීලා තියෙන්නේ ඔය

සමුද්‍රා ජයලත්
තව ලියන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නෑලු
මුණු පොතේ රජ වැඩ ටික එළියට පැනලාලු
poke, like, friend requrst දැන් පරණයි යාළු
අපි කවුරුත් දැන් ඔවට රුවටෙන්නේ නෑලු...
 


කවි සැට් එක මෙතනින් ඉවරයි කැළුම් අයියා ආයිම ඒ කවියම දැම්මා ඒකට අපේ රත්ගම මල්ලිලා හේම කමෙන්ට් කලා.. ඒ ටික නම් මට සේව් කරගන්න බැරි උනා....

9 comments:

  1. නියමයි නියමයි.. රස සාගරයක් :)))

    ReplyDelete
  2. එල කවි ටික....

    ReplyDelete
  3. Anonymous5:23:00 AM

    හිහි සෝයි කවිටික නගේ... :)

    ReplyDelete
  4. වෙලාවට සේව් කරන් නැත්තේ...:D

    ReplyDelete
  5. මරු කවි ටික මාරම ලස්ස්නයි. තනිකරම කවි මඩුවක් !!!!

    ReplyDelete
  6. ඒ කවි සංවාදෙනම් හරිම අපූරුයි..
    මේක කවිමඩුවෙද ගියේ අක්කේ??

    ReplyDelete
  7. ඔය රත්ගම මල්ලි කියන එකා හොද නිර්මානාත්මක කවියක් තමා දාන්න ඇත්ත..ඌ හිත හොද කොල්ලා..ලස්සනයිත් එක්ක..
    ඌ ලියන කවි දැන් ගායකයොත් කියනවා.මම හිතන්නේ රත්ගම මල්ලී කියන කෙනා අති දක්ෂයෙක්....
    හික් හික්,,, (කුප්පකම)

    ReplyDelete
  8. දෙටු කිවිඳුන් පරාද       ය
    මෙහි කී කවි අලංකාර  ය
    ඇස් මගෙ නිලංකාර     ය
    සිනහවට එයි ඔක්කාර  ය

    ReplyDelete
  9. ආයෙමත් අතීතයට ගියා මරු :D

    ReplyDelete