මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Oct 8, 2010

හීන

සුදු සමන් මල් හීන,
හිත පුරා පුරෝ ගෙන,
හොරෙන් සිතිවිලි වලට 
අපි ගිහින් බොහෝ දුර........
දමායන්නට බැරිව අපේ සුදු මල් හීන
බියෙන් මුලු විශ්වයට
දෙනෙත් ඉකිගසයි  අද......
අපට අපගේ වන්න
ඉවසන්න වෙයි ඔන්න,
බලාගෙන ඉදිමු අපි 
කෙදින හෝ එක් වන්න.......

2 comments:

  1. නියමයි අක්කා...දිගටම ලියන්න..නවත්තන්න එපා..........කියවන්න බලගෙන ඉන්නෙ....සින්ඩියට එකතු කරන්න බ්ලොග් එක..එතකොට කට්ටිය එයි වැඩිපුර....සුබ පැතුම්........

    ReplyDelete
  2. බ්ලොග් අවකාශට ආදුනික මට උදවි කරනවට ගොඩක් පින් මල්ලියා.....

    ReplyDelete