May 25, 2011

නූතනයේ ඒව් විසින් ආදම්ට ලියන වගනම්....

හිතවත් ‍ආදම්..

සියලු ගහ කොල සතුන් අතරේ නුඹ තනිව සිටිනා බව මා දනිමි. සහයෝගයට නුඹට කිසිවෙකු අවැසි බව සුළග ගහ කොළ දුහුවිල්ල සහ මීදුම පවා දන්නා කරුණකි . නුඹ සමගින් දුක සැප බෙදා ගන්නට කෙනෙකුන් සිටිය යුතු බවද මා දනිමි එහෙත් නුඹේම සහකාරිය ලෙස මා මැව්නේ  යැයි ලෝ වැසියන් කිවත් මම එය විශ්වාස නොකරමි.. මන්ද.. ඔවුන් කියන්නේ මාද නුඹගේම ශරිරයේ කොටසක් බවයි.
එය සැබැවක් වන්නට ඇත, නුඹ ශරීරයෙන් මා නිපදෙන්ටත් ඇත නුඹේ ජීවන හුස්ම මා හට ලැබෙන්නටත් ඇත.. ඒය නුඹත් මමත් අතර වු ගනුදෙනුවක් ලෙසට සැලකූ කල මම නුඹට මනුෂ්්‍යත්වයේ නාමයෙන් යහපත් ලෙස සලකමි.

මෙලොව වසන එකම පිරිමියා නුඹ බැවින් නුඹ ආඩම්බර වන බව මා දනිමි. හිතවත් ආදම් මාද ආඩම්බර විය යුතුමය, මක් නිසාද යත් මෙලොව සිටින එකම ගැහැනිය මමයි. මිනිස් කුලය නියෝජනය කරමින් නුඹත් මමත් පමණක්ම ඉතිරි වු ලොවක් තුල නුඹට සිටින්නේ මා පමණක්ම මෙන්ම මට සිටින්නේ නුඹ පමණක්මය.. අප දෙදෙනා  අතර වු බැදීම එකම කුලයේ සතුන් දෙදෙනෙකු සහ එකම කුලයේ ශාක දෙකක් අතර පවතින අන්තර් සහජීවනයක්ම පමණක් බව කරුණාකර තේරුම් ගන්න.

අප සිටිනා ඉසව්වේ නුඹත් මමත් දෙදෙනාම හදුනන්නන් අතර සර්පයා නුඹට ඉතාමත් සමීප බව මා දනිමි.. නුඹ හා මම නොදත් යහපත සහ නපුර පිළිබදව. සර්පයා මා හා බොහෝ දෑ පවසා තිබේ... ඒ අතර නුඹ හා මම අතර මේ තිබෙන්නාවු සබැදියාවේ ස්වරූපය වෙනස් කිරිමේ කූට උවමනාවක් සර්පයා තුල තිබෙන බට මට පැහැදිලිය.. තහනම් ගසෙහි වු මිහිරි ථලය පිළිබදව සර්පයා මා හා පැවසූ දැයින් මා සිත කැළඹුණු බව මා පිළි ගනිමි.. ක්ෂනික මායාවක් යැයි සිතා මා එය අනුමත කලත් මම ඒ ථලය නොවැලදුවෙමි.. මන්ද.. තෘශ්නාව මා තුල නැත . අශාවද මා තුල නොවන්නේය.. සර්පයා විසින් කරනා ලද වර්ණනාව මා සවදානව අසා සිටි බව සත්‍යයකි එහෙත් ගත යුතු දෙයක් එහි නොවුයෙත් ඇසු කනින් අමතක කලෙමි. ඒ හැර ඒ රස පළතුර කන්නට මා තුල සිත් නොවීය...

නමුත් හිතවත් ආදම්.. මා හට වැටහෙන පරිදි නුඹ සර්පයාගේ බසට අවනතව ඒ රස පළතුර අනුභව කර ඇත.. නුඹත් මමත් මෙතුවක් නොදැන සිටි  සංකල්පයන්ගෙන් නුඹේ මනස අවුල් වී  සිතිවිලි ගිනියම්ව ඇති බව මට මනාව පැහැදිලිය. කිසිවිටෙක් මා අපේක්ෂා නොකල තරමේ අසැබි වදනකින් නුඹ මා අමතන්නට යෙදුනේ එනිසා විය හැකිය. නුඹ පළතුර අනුභව කල බවක්වත් නුඹ සිත පිලිගන්නට නොකැමතිය, පළතුර අනුභව නොකල මට වැටහෙන ඒ සත්‍යය අන්ධව සිටින නුඹට නොවැටහෙන්නේ එහෙයිනි.. 

හිතවත් ආදම් මම නුඹට වෛර නොකරමි.. එහෙත් නුඹ පිළිබදව මා සිත තුල කිසිදු ප්‍රේමණිය හැගීමක් නැතිබව මා තරයේ කියා සිටිමි.. නුඹ දැන් කිලිටි වී අවසානය.. නමුත් මා තවමත් නොකිලිටිය.. ඒයම අප අතර දුරස්ථ භාවයට හේතුවක් නොවන්නේද... ඒ දුරස්ථ භාවය එකම මිනිස් කුලය නියෝජනය කරන්නන් දෙදෙනෙකු වන අප දෙදෙනො නන්නාදුනන්නන්  බවට පත් කීරිමට තරම් ප්‍රභල බව නුඹ නොදන්නේද... ඒ නම් මෙලොව මට සිටින එකම මිනිස් පුරුෂ ප්‍රාණියා වුනු නුඹට පෙම් නොකරන්නට තරම් මා සිත අද දරදඩුය.. හේතුව සර්පයා හා එක්ව නුඹ විසින් ආත්මය කිලිටි කරගැනීමයි...

ස්ත්‍රිය යනු සැම විටම වරදෙහි බැදෙන්නියක් නොවන බවත් පුරුෂයන් යනු සුද්දවන්තයින්ම නොවන බවත් ලොවට කියා පාන්නට නුඹ හා මම අතර වු මෙම සිදුවීම ඉදිරියෙහි මිනිස් සත්වයෙකු මෙලොවට බිහිවුනු කලෙක ඔවුනට දැන ගැනීම පිනිස මෙම ලිපිය සුරැකිව තබා ගන්න.. නුඹත් මමත් අතර එක්වීමකින් මිනිස් සත්වයෙකු බිහි නොවුනේ මන්ද හො නුඹ හා මාගේ වැයමෙන් මිනිස් පරම් පරාවක් බිහි නොවුනේ මන්ද යන්න අනාගත ලොවට දැන ගැනීමට මෙම ලිපිය සාක්ෂියක් වනු ඇත...

ඔබට සුභ දවසක්

මීට හිතවත්
ඒව්



ප:ලී ::: කිතුනු භක්තිකයන්ගේ ඇදහිමක් මෙලෙස වෙනස් කොට නිර්මාන රසයෙන් යුතුව ලීවේ එම ආගමට ගැරහීමක් ලෙස නොවන බව කරුනාවෙන් සලකන්න....  මා මෙහි සදහන් කල සියල්ල හුදෙක් නිර්මාණාත්මක උපකල්පනයන්ය...






17 comments:

  1. ලස්සන වැයමක් නගා
    හොද වෙනසක්
    සාර්ථක වෙයී කියලා හිතනවා මම නම්
    ජය වේවා......:)

    ReplyDelete
  2. නිර්මාණාත්මක බවේ උපරිමයයි. හොඳින් ලියවිලා තියනවා. ඉදිරියේ තවත් මෙවැනි නිර්මාණ දකින්න බලා සිටිනවා.

    ReplyDelete
  3. ගෙවල්වල පුරස්ණ බත ඉදෙනකල් විතරලු නේද? පස්සෙ ආයෙ දෙන්න යාළු වෙයි :D

    ReplyDelete
  4. {ස්ත්‍රිය යනු සැම විටම වරදෙහි බැදෙන්නියක් නොවන බවත් පුරුෂයන් යනු සුද්දවන්තයින්ම නොවන බවත් ලොවට කියා පාන්නට නුඹ හා මම අතර වු මෙම සිදුවීම ඉදිරියෙහි මිනිස් සත්වයෙකු මෙලොවට බිහිවුනු කලෙක ඔවුනට දැන ගැනීම පිනිස මෙම ලිපිය සුරැකිව තබා ගන්න}

    හිකස්....

    මෙයාගේ බොරැ ගනන් මෙයා ආදම්ට අකමැතිනම් මිනිස් සත්වයෙකු මෙලොවට බිහිවන්නේ කෙසේද?

    ReplyDelete
  5. ලස්සනට ලියන්න උත්සාහ කරලා තියනවා... තව දෙපාරක් විතර කියවන්න ඕනේ...

    දිගටම ලියන්න...

    ReplyDelete
  6. හරිම නිර්මාණාත්මකයි අක්කේ.. ලස්සනයි..

    ReplyDelete
  7. "පතිවත රකිනා කුල කුමරී - අරුම පුදුමය
    මම ඇය රැකගනිමී - වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත..."

    ReplyDelete
  8. ලොල් මේ ලිපිය ඒව් ලියල තියෙන්නෙ ආදම් තනියම ඇපල් කාපු එකට මල පැනලා....
    "නුඹත් මමත් අතර එක්වීමකින් මිනිස් සත්වයෙකු බිහි නොවුනේ මන්ද හො නුඹ හා මාගේ වැයමෙන් මිනිස් පරම් පරාවක් බිහි නොවුනේ මන්ද යන්න අනාගත ලොවට දැන ගැනීමට මෙම ලිපිය සාක්ෂියක් වනු ඇත..."
    කතාව ඇත්තනෙ මුන් දෙන්නගෙන් මිනිස් පරපුර හැදුනෙ නෑ නෙ... මිනිස් පරපුර හැදුනෙ වානරයොන්ගෙන්ලුනෙ... දැන් ඉතින් ඊලග කමෙන්ට් වලින් අර පරන ජෝක් එක කරල ආතල් ගන්න හදන්න එපා... ඔන්න කලින්ම කිව්වා...

    ReplyDelete
  9. ඇත්තම ඇත්ත කතාවක් නිර්මාණයක් විදිහට ලියන්න හැදුවදෝ කියලා මට හිතෙනවා

    ReplyDelete
  10. ආදම් තනියම ඇපල් කාපු එක වෑරදි,මොකක් වුනත් දෑන් ඔය තරහ මරහ පෑත්තකට දාලා යාලුවෙන්න,කතාවනම් නියමෙට ලියලා තියන්වා...නියමයි

    ReplyDelete
  11. නියමයි ලස්සනට ලියල... හැබැයි ඉතින් ගෙදර ප්‍රශ්න පිටට දෙන්න හෝදා නෑ නේද? ....:D

    ReplyDelete
  12. නියමයි අක්කේ...ඇත්තටම වුන කතාවක් කියල හිතෙන තරමට නිර්මාණාත්මකව ලියල තියනවා

    ReplyDelete
  13. කිව්ව දේ අතර ලොකු දෙයක් සැඟවිලා තියෙනවද මන්දා.....

    ReplyDelete
  14. මට මේක තේරුනා කියලා හිතනවා.. කෝකටත් ආයේ වෙලාවක කියවලා බලන්න ඕන.. නියමයි අක්කේ..

    ReplyDelete
  15. හැමොටම ලොඩාක් ස්තුතියි.. වෙනස් ආකාරයේ අරමුනකට ලියන ලද වෙනස් ආකාරෙය් ලියමනක්.. පුසා ගේ සහ හසියා ගේ උපකල්පන හරි...

    එහි සාරය ඇත්තේ එකම එක ඡේදයක පමණක් බව කරුනාවෙන් සලකන්න... :)

    අප සිටිනා ඉසව්වේ නුඹත් මමත් දෙදෙනාම හදුනන්නන් අතර සර්පයා නුඹට ඉතාමත් සමීප බව මා දනිමි.. නුඹ හා මම නොදත් යහපත සහ නපුර පිළිබදව. සර්පයා මා හා බොහෝ දෑ පවසා තිබේ... ඒ අතර නුඹ හා මම අතර මේ තිබෙන්නාවු සබැදියාවේ ස්වරූපය වෙනස් කිරිමේ කූට උවමනාවක් සර්පයා තුල තිබෙන බට මට පැහැදිලිය.. තහනම් ගසෙහි වු මිහිරි ථලය පිළිබදව සර්පයා මා හා පැවසූ දැයින් මා සිත කැළඹුණු බව මා පිළි ගනිමි.. ක්ෂනික මායාවක් යැයි සිතා මා එය අනුමත කලත් මම ඒ ථලය නොවැලදුවෙමි.. මන්ද.. තෘශ්නාව මා තුල නැත . අශාවද මා තුල නොවන්නේය.. සර්පයා විසින් කරනා ලද වර්ණනාව මා සවදානව අසා සිටි බව සත්‍යයකි එහෙත් ගත යුතු දෙයක් එහි නොවුයෙත් ඇසු කනින් අමතක කලෙමි. ඒ හැර ඒ රස පළතුර කන්නට මා තුල සිත් නොවීය...

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම් කතාව පැහැදිලි නැති උනාට ටිකක් පැහැදිලියි. ඔය ඡේදයත් ඊට යට ඡේදයත් මොනවදෝ කියනවා වගේ..........

    බලමුකෝ නේද........

    ReplyDelete
  17. මලෙ මලු හ0සි අක්කෙ... හික්zz ඔය තොප්පිය හරි යන අය ඔක මෙලාටම දා ගෙන අති කියලා හිතනවා.. හික්zz ..... :D :D

    ReplyDelete