May 7, 2011

ආදර කතාව 1 කොටස

බුවා:
අංජනයකි නෙත් ලග ඔබ මගේ සංජනා
ගව්සිය දහසක් ඇවිදින් සොයා‍ ගත්තේ මා
නෙත් සර පහසින් මන් මත් කරන අංගනා
නුඹ නැතිනම් මට ජිවය නැතිය කිසි දිනා


බුවී: 

නෙත් සර බැල්මෙන් සනසමි රත්තරන් ඔයා
නුඹ වෙනුවට මම කැප වෙමි ජීවිතේ පුරා
අහසින් වැටෙනා තරුවක රන්දලා මෙමා
සබද ඉතින් මා රකින්න මේ භවේ පුරා


බුවා: 

සමනල තටුවක සතපමි රත්තරන් ඔයා
දේදුණු පාටින් සළුපිලි පළදමි සැමදා
මගෙ කරගත් දිනයක නුඹ මගේ සංජනා
මුළු ලොව හිමිවු ලෙසකට සැනසෙන්නෙමි මා

බුවී: 

සමනල තටු නුඹ තුරුලයි එය දන්නෙමි මා
මුමුණමි පෙම් ගීයක් සියුමැලි හඩකින් මා
සිහිනේ පාරාදීසෙක නතිවී ඔබ මා
මුමුනමු සෙනෙහසේ කවිය එක්වී සැමදා



බුවා: 
නුඹ නැති මොහොකත් මට කල්පයක් දුර නිසා 
නුඹ ලග ඉදිනෙමි මගේ මුළු ලොවම නුඹ නිසා
මොහොතකටත් දුර නොම යමි නුඹ තනි කරලා
නෙතේ නිල්ල සේ රැදෙන්න මගේ අංගනා

බුවී:
රැය දුරවැඩියි නුඹ මා ළග නැති හින්දා
ඔය උණුහුමට මම ලෝබයි සිත බැන්දා
මුළු රැය පුරා මුමුණන්නට කවි ගොතලා
මනමාලිය කර මා ගෙන යනු කැන්දා...

බුවා:
මගේ ලොව එළිය කරනා සද නුඹ හින්දා
තව කුමකටද දුක් විද අදුරේ රන්දා
මාල පලන්දා නුඹ ගෙන යමි කැන්දා
හෙට උදයේම නුඹ එනවද මා එක්කා

බුවී:
නුඹ නැති ලොවක මට දිවියක් නැති හින්දා
මම එමි නුඹ සමග යනු මැන මා කැන්දා
මා පිය අවසරය ගමි විගසින් අසලා
මංගල රියෙන් එනු මැන මග බලනෙමි මා....






අන්න එහොම කවි කියාපු අපේ බුවා සහ බුවී.. හදිස්සියේම පහුවදා කසාද බදින්න කල්පනා කලාලු...........


ඊට පස්සේ වෙඩිමේ  කතාව මතු සම්බන්ධයි............... :) :)











7 comments:

  1. ලස්සනයි අළුත් ඇඳමත්. කවි පෙළත්...:D

    ReplyDelete
  2. ඇත්ත අලුත‍් ඇඳුම හොඳා... කවි පද ටිකත් අපූරුයි... අදහසත් අපූරුයි... ඉතිරිය අහන්න බලා ඉන්නවා... :)

    ReplyDelete
  3. ස්තූතියි ප්‍රියන්න අයියේ..

    ‍ස්තූතියි ලොකු අක්කේ.. මයේ හිතේ අදමයි මේ පැත්තට ආවේ.... :) :)

    ReplyDelete
  4. නියමයිනෙ හලෝ.අමුතුම විදියෙ ක්‍රමයක්.එල ආ.අනිත් එකත් අනිවා කියවනවා.ඉක්මනට දාන්න.10/10

    ReplyDelete
  5. එහෙනම් සුභ මංගලම් කියල වෙඩින් එකේ කතාවත් බලලා ඉමු...

    ReplyDelete
  6. අලෙ සුදු අක්කි මගෙ කට කහනවා ( තොලි අත කහනවා :D ) මෙ බුවා ටයි බුවි ටයි අපෙ එක්කම ඉන්න එවුන් දෙන්නෙක්ගෙ නම් = කරන්න බැරිව....... :D :D :D :D

    ReplyDelete