May 28, 2011

මුණු පොතේ රස කතාවක් 1 හෙවත් කැළුම් අයියාගේ කවිය 1 කොටස....

 සිදංගනා ලෙස මුණු පොතේ පිස්සු නටන කාලේ සිද්ද වුනු රසවත් සිද්දියක් මේක.... ඒ සදහා  මුල් වෙන්නේ කවිය නමින් බ්ලොග් එකක් ලියන  අපි කවුරුත් දන්න  මුණු පොතේ පරිඝණක උදව් ගෘප් එක කරන අපේ කැළුම් අයියාගේ ස්ටේටස් එකක් ..


කැළුම් විජේවර්ධන
මුණු පොතේ නුඹ ඉන්නා ඉසව්වේ
අනංගයෝ කැරකෙනවලු නිදැල්ලේ
වැට් ආවට නොවැටී මං මුලාවේ
නුඹ ඉදපන් මගේ සිහින ඉසව්වේ

සුජී විදාන පතිරන
මැක්සා...

ධම්මිකා පෙරේරා
හී හී......

වජිර උඩුරාවන
ලොල්


එරංගා නදීශානි මුදලිගේ
ප්‍රොෆයිල් එකේ පාට පාට මුණු දමනවාලු
සමහරවිට කවුද කියා අදුනන්නත් බෑ ලූ
ජීවිතේට දැක නැතුවට ඇක්සෙප්ට් වෙනවාලු
මගේ රංකද මතක නේද මා එක්කයි යාළු

කැළුම් විජේවර්ධන
@එරංගා :D :P

කිනිත් හෙට්ටිආරච්චී
දකින දකින සැරේ ඇවිත් poke කරනවාලු
ඒ මදිවට wall ඒකේ link දමනවාලු
දමන දමන photo එකත් like කරනවාලු
මගේ රන්කද like වලට රැවටෙන්නේ නෑ ලූ

කැළුම් විජේවර්ධන

@ එරංගා , කිනිත් :D :P

වින්ධ්‍යා ෆර්නැන්ඩූ
:D
 

නාමලී ගුණතිලක
ගැහැණු මුහුණු දමා ගත්තු පිරිමි ඉන්නවාලු
පරිස්සමින් හිටියෝතින් අනතුරු වෙන්නෑ ලු
අනංගයෝ කැරකුනාට සයිබර් අවකාශේ
ඔබේ රන්කද ඒ අයට රැවටෙන්නේ නෑලු

කාව්‍ය සංකල්පනා
ගෑණු වෙස්  අරන් පිරිමිත් ඉන්නවාලු
පිරිමි වෙස් ගත්ත ගෑණුත් මෙහි ඒලු
මේ ඔක්කොම එකතු වෙලා අපි රවටනවාළු
මගේ රන් කද මං නම් මුන් ඇඩ් කරගන්නෑලු

උපේක්ෂා ප්‍රේමතිලක
ලයික් දාදා පස්සෙන් විත් මාරයි ඔබ කියාවි
වයස ගියත් පේන්නේ නැ සෙක්සි ලුකින් කියාවී
කොල්ලෙක් හිටියත් කම් නැත ආදරේද අසාවී
හදුනාගෙන අනංගයින් ජීවත්වෙන් ප්‍රියාවී

ආරියවංශ හීමූ
වයස ගියත් ඔයා තාම කොල්ලා වගේ කියාවී
ඔය තරමට පින් පාටක් ලැබුනේ කොහොම අසාවී
පණ දෙන්නට වගේ ඇවිත් ප්‍රේම කතා දොඩාවී
පර්ස් එකට ඇනලා පනින කොල්ලොත් මෙහි සිටීවී

සිදංගනා
මුණු පොතේ මම ඉන්නා ඉසව්වේ
අනංගයෝ කැරකුනාට නිදැල්ලේ
වැට් දැම්මට කවි ලිව්වට බිත්තියේ
නුඹට පමණි මගේ සෙනෙහස කුමරුණේ

සන්ධ්‍යා බටු ගහගේ
මොනවා උනත් ඇත්තම ඇත්ත කිව්වේ

කාවින්ධ්‍යා රත්නායක
නමක් ගමක් නොකියනා අය නුඹට ප්‍රේම කරාවී
දුරකතනෙන් කොමළ වොයිස් දාගෙන කවි කියාවී
සිදංගනා හොරෙන් ඇවිත් නැළුම්ට කවි කියාවී
කාවින්ධ්‍යාට හුලං තමයි අනේ ඉතින් හඩාවී ;)

කවි කාරයා
පට්ට කෑල්ලක් දැක්කොත් ඇක්සෙප්ට් වෙනවාලු
මොක කීවත් මේ මීමට තේරෙන්නේ නෑලු
එක පාරක් දෙකක් මට්ටු වුවත් තව බෑලු
මගේ සූකිරි හරක් පැටියා හැදෙන්නේම නෑලු

කාවින්ධ්‍යා රත්නායක
කවි අයියේ කට අරනින් සූකිරි කැට දෙන්න
කැළුම් පුතාගේ සිද්දියේ කවි රස වැඩි වෙන්න
දකින දකින කෙල්ලන් ගැන රස කවි ලියමින්න
මෙයා කරපු දේවල් ගැන ලොවට කියා දෙන්න

කවි කාරයා
දවසක් සූකිරි කෙල්ලක් රික්වෙස්ට් කෙරුවාලු
අපේ මීමත් උඩ පැනගෙන ඇක්සෙප්ට් කෙරුවාලු
කොයි දේසේ හිටියද ඌ මූ හඇක් කෙරුවාලු
කැළුම් බබා මතක නේද අම්බානක චා..ලු..

චන්දන එල්ලාවල
අන්න ඇත්ත කීවිවා
ඔබට කවුද ඇත්තේ
සිහින ඉසව්වක සිටියට
ඔක්කොම හරි නැත්තේ

කාවින්ධ්‍යා රත්නායක
හැඩ මූනක් පෙන්නාගෙන නංගෙක් ආවාලු
මගේ නංගි කියා මෙයා කෙයාර් කෙරුවාලු
කෝල් දිදී රෑට රැට නංගි කියෙව්වාලු
අන්තිමේදි මුණු පොතම ඈ ගිනි තිබ්බාලු

උනිදු රණසිංහ
කවි අයියේ කැළුමාගේ වැඩ ගැන තව කියන්න
මුණු පොතේ ප්‍රයිවසි ගැන ඌට කියා දෙන්න
ඇක්සෙප්ට් වී නැති අයටත් කවි ලියන්න ඔන්න
ඉඩ දුන්නේ කිමදැයි අහලා දැන ගන්න

කවි කාරයා
හිකිස් හපෝ ඇති තව කීවොත් ඔකා මාව කයි .........

කාවින්ධ්‍යා රත්නායක
කවි අයියේ.. දුරකතනය ක්‍රියා විරහිත කරලා ඔප් ලයින් යන එක ඇගට ගුනයි වගේ නැද්ද.. මොකෝ අඩු මොණරේ නැගගෙන මේ වෙද්දි ඔපීසිය කරා එනවා ඇති

කවි කාරයා
අනිවා. මම මේ ගෙදර දුවන්න හදන්නේ දුරකතනේ දැම්මම ඔෆ් කරලා තියෙන්නේ අම්මෝ බොලා ඇක්සිඩන්ට් වොඩ් වරෙල්ලා කොල්ලගෙන්  ප්‍රතිචාරයක් නැති උනොත් දවස් දෙක තුනකින්..



කැළුම් අයියා ආවට පස්සේ සිද්දිය ඊළග කොටසින්....




14 comments:

  1. හික්ස් මරු කවි ටික....

    ReplyDelete
  2. Anonymous6:29:00 AM

    හික්ස්... මාරයි කවිටිකනම්.. ඇත්තම කියල වගේ... :D
    ඊලග එකත් දාන්නකො අක්කි බලන්න :D

    ReplyDelete
  3. ස්තූතියි කිඩෝ.. සහ හිම නංගී.. මේ ඇත්තටම සිද්ද වුනු ඒවා අල්ලා ලියපු කවි තමා.....

    ReplyDelete
  4. ස්තුති නංගි .....
    මම ලිව්වත් මගේ ලගවත් නැති දෙයක් සුරක්ශිතව තියාගත්තාට නැවතත් ස්තුති.
    ඒත් කො දැන් සිදංගනා නමින් ඔයා ලිව්ව කවි ?
    ලියන්න්කො ආයෙමත්

    ReplyDelete
  5. මමත් ඔතන මොකක් හරි කුප්ප කතාවක් කිව්වා වගේ මතකයි ලාවට.............

    ReplyDelete
  6. ලස්සන කවි ටික. කමෙන්ට් වලට මෙච්චර කවි තියෙනවා කියලා අහපු පලවෙනි අවස්ථාව.

    චුට්ටක් ඉන්න. අක්ෂරේ සිදංගනා අක්කද සුදු හංසි උනේ. මට කොයිල් උනා.

    ReplyDelete
  7. කැළුම් අයියා ආවට පස්සේ සිද්දිය ඊළග කොටසින්..

    අපොයි :O

    ReplyDelete
  8. හරිම අපූරු කවි ටික අක්කේ... ඉතුරු ටිකත් ඉක්මනට දාන්න..

    ReplyDelete
  9. කැලුමගෙ සායම හරි වගේ. =))

    ReplyDelete
  10. එල කව් සෙට් එක ...........

    ReplyDelete
  11. "කැළුම් බබා මතක නේද අම්බානක චා..ලු.." :D :D :D

    පට්ට කවි ටික!

    ReplyDelete
  12. නියමයි අක්කා

    ReplyDelete
  13. මන් මේ කවි ටික කියෙවල තියනවා මුණු පොතෙන්...නියමයි..........

    ReplyDelete
  14. හිකිස්.ඔන්න මම නෑ ඔව්වට හොඳෙ
    Kawii

    ReplyDelete