Feb 15, 2011

මායාකාර ඇස් දෙවන කොටස

මායාකාර ඇස් 1 කියවන්න

දෑත් වලින් හමන පිලී ගද මටම ඉවසන්නට බැරි නමුත් ඒ සමග සිතට දැනෙන කුරිරු සතුට හදවතින් වින්දෙමි. කන්නට පිරියක් නැත නොඑසේනම් මට කුසගින්නක් නැත. දින ගනනාවක තිස්සේ මා දැවුණු ගින්න නිමා දැමුවායැයි සිතමි.. මොහොතකට මා නිහඩ වීමි.. දෙනෙත් තෙමෙන ඇසිල්ලේ.. සුපුරුදු හඩකින් ගැස්සුණු මා හැරී බැලුවෙමි.. පිටතින් උන්නේ අම්මාත් තාත්තාත්ය..දෙදණ මත හිස හොවාගත් මා නොසෑලී උන්නෙමි. 

"චූටි දොනී.. මේ මොනවද වෙන්නේ...."

තාත්තාගේ හැගීම්බර හඩ ඉදිරියේ තවත් සැගවී ඉන්නට මට නොහැකි විය. එහෙත් ආයාසයෙන් නෙසැලී උන්නමි...

"ඇයි මගේ දුව ඒ වගේ වැඩක් කලේ...." 

 තාත්තාගේ කට හඩෙහි වු වෙවිලිල්ල මොහොතකට මා සිත සලිත කලේය.. පාසැලේ මුලු ගුරුවරයා වු ඔහුගේ හඩ බිදින්නට දරු සෙනෙහස කොතරමි හැගීම්බර විද... දෙමාපියන්ට මුහුණ දෙන්නට මට බැරි වුයේ මීට මාස ගනනකට ඉහතය  ඒ වරද නිවැරදි කල අද දින තාත්තාගේ මුහුණ බලන්නට බැරිව මා අසරණව සිටිමි......

"චූටි දොනි කතා කරන්න....ඔයාව ගෙදර ගෙනියන්නයි අපි ආවේ... සුමනසේකර අන්කල්වත් එක්කරගෙනමයි අපි ආවේ.... ඔයා කතා නොකලොත් හෙම උදේ වෙනකල් ඔයාට මෙහේ ඉන්න වෙයි......"

කුමක් කියන්නද... මම නිහඩවම උන්නෙමි......මෙහොතකින් යකඩ දොරටුව විවර විනි පොලිස්  නිලධාරිනිය මා ඇදගෙන මෙන්  ප්‍රධාන නිලධාරියාගේ නිල කාමරය වෙත ගියාය. අම්මාත් තාත්තාත් සුමනේ අන්කලුත් විය... මම හිටගෙන උන් තැනම ගල් ගෑසී උන්නෙමි.. ඔවුන් කියනා කිසි දෙයක් මට නෑසුණි මම දැනුනේ මම අවකාශයේ පාවීයන සෙයකි සැනෙකින් උස් අහසට නැගුණු මා නිදහසේ පාවී ගියෙමි 

පසුකන් මහ වනඋයන් 
කුරුළු ගී නද රස මැදින්‍
පාව යමි නිසසලේ මං
සොයාගන නොම දත් යමක්
හීනි මුනු මුනු නාදයෙන්
වැයෙන සත්තර රාවයෙන්
රස විදිමි මම ආදරෙන්
මග හැරුණු සුන්දර යමක්




සුන්දර කුමරියන් සැරිසරණ වනාන්තරයක.. මද අදුරු හැන්දෑවරුවක...  ඒ කුමරියන් සමග මම කෙලි කවට කම් කලෙමි.. ඔවුන් හා සිනාසුනෙමි.. අපි අත්වැල් බැදන් රැගුවෙමු.. උස් හඩින් සිනාසීමු.. අපව වලකන්නට කිසිවෙකුත් නොවීය... වන උයන පසු කරන් දිව ආ අපට හමු වුයේ.. සුන්දර මලින් පිරි මිටියාවතකි... අළුත් තණ බිම් මත නිරුවන් දෙපයින් සක්මන් කලෙමු.. සුන්දර ටියුලිප් මල් මිටක් මා අත විය.. මම දෙනෙත් පියා සැහැල් ලු හුස්මක් ගතිමි.. ජීවිතය මෙතරම් සුන්දර ඇයිදැයි කියා මොහොතකට මට සිතුණි. ඒ සැහැල්ලුවෙන්ම යලිත් මා අකාෂයට නැග පියාඹන්නට වීමි.. හොහොතකින් සිනිදු වලාකැටියක් මතට නැගුණු මා සුවසේ නිදන්නට වීමි.....


මායාකාර ඇස් 3



6 comments:

  1. හිරෙත් ගියා එහෙනම්......

    ReplyDelete
  2. හම්ම්ම්ම්.. මාරයි..

    ඊළඟ එකත් බලමු ඉක්මනටම..

    ReplyDelete
  3. හරි.. කොටස් දෙකක් බැලුවා.. හැබැයි මේ ටික නන් මදි.. කෝ දැන් තුන්වෙනි කොටස........:-D

    ReplyDelete
  4. ඒක නියමයි.. මම දැනුයි දැක්කෙ.. කොටස් දෙකම කියෙව්වා.. හොද කාතාවක් වගේ.. ඊලග කොටසත් ඉක්මනට ලියන්න.. :)

    ReplyDelete
  5. හංස පැටියෝ... ඔයා කතාව ලස්සනට ලියනවා.. ඒත් පොතක් අතට ගත්තාම එක හුස්මට කියවලා ඉවර කරන පුරද්දක් තියෙන නිසාද මන්දා මේ චූටි චූටි කොටස් කියවද්දි හරියට හුස්ම නාස්පුඩු වල ගෑවෙන්නත් කලින් ආපහු හැරිලා ගියා වගේ දැනුනා... මීට වඩා චුට්ටක් දිග කොටස් ලියන්න්න බැරිද???

    ReplyDelete
  6. Anonymous2:07:00 PM

    එක දිගටම කොටස් දෙකම කියවන් ගියා සුදු අක්කි...ඇත්ත ..හරි කෙටියි..එත් ලස්සනයි....ඉක්මනට අනිත් කොටසත්...

    ReplyDelete