උදේ වැඩට ආපු වෙලේ ඉදන් එකෙක් මගේ බ්ලොග බැලුවැයි බැලුවැයි කිය කිය වද දෙනවා.. මට කොහේ වෙලාවක් ඔව කරන්න බස් පදින්න තියේ පේසු බුකියේ කවි කියවන්න තියේ වදේ බැරි කමට ඔන් ඒ බ්ලොගට ගියා ඔන්න කවුද එකෙක්ගේ සදක් ඒ බ්ගොග් එකේ නම.... ඒක කියවපු වෙලේ ඉදන් මට හිසේ ඇම්ම... එෆා... වෙන බෝරිං කදුලු බැරල් එකක් ඒක....
මලවදේ ඉවසන්නම බැරි තැන ලිව්වා මම විචාරයක් අලුත්ම අදෝනාවට...
ගිම්හානයට වියළි ගිය රළු පොළව මත
දෙපයින් සිට ගැනීමට වත් නොහැකිව
වාරු නැති ගත මතට අත් වැලක් සොයමින් ඇවිද ගිය සඳ
නේක කම්කටොළු මැද
ඉරි තැලී ගිය මැටි පිඩැලි ගෑලි විසි වන පොළව මත
රුධිරයෙන් නැහැවී ගිය ආත්මය අමතක කොට
සොයා ආවෙමි දිය පොදක්
බොන්නට නොව විදින්නට ඒ සිසිලස........
මෙයින් කියවෙන්නේ පතන් බබා නැමැති කවියා.. උහුලා ගත නෙහැකි කට්ටක් කමින් කෙල්ලක් නැති කම නිසා වේලී වේලී ආපු කටුක කර්කෂ තුච්ව අතීතයේ දුක්මුසු මතකයන්ය කෙල්ලක් නැති කමින් කෙල්ලක්ගේ පෙමක් නැති කමින් වියලී කරවී දුරවරණ වී ගිය මරුමුස් මුහුණ සහ ලේ පොදක් නැතිව කිසිම ගො එකක් නැතිව පල් වි තිබුණු හදවතට සිහිල් පැන් පොදක් වගේ සුකිරි කෙල්ලක් හොයාගෙන කටු කාගෙන ගිය ඒ අති දුෂකර ගමන ගැනය. නමුත් අවසානයේ මු කියනා දෙය ඉතාමත් පුගුස්සාජනකය... කට්ට කරවෙන අව්වේ කුටු කන එකා වතුර හොයන්නනේ බොන්න නෙවෙයිලු සිසිලස විදින්නටලු නෙදකින් විතරක් මෙහව් කවි.......
නේක කටු පදුරු වලින් වැසී ගිය
පතොක් ගසක පිපි සුන්දරම මලක් විලසට
ආත්මය නුඹ නමට ලඝු කොට
පුදන්නට විය වේදනාවෙන් පිරි හදවත...
දැන් ඉතින් පතන් කියන මහා කවියා කාන්තාරේ වතුර හොයන්නේ බොන්න නෙවේලුනේ සිසිල විදින්නලුනේ.. අන්න එහෙම කියන්නැහේ... කටු කමින් කටුක ගමනක් යන මේ මහා පුරුෂයාට හමු වුනාලු කරදර බාදක ගොඩක් මැද බන්න ලස්සන කෙලි පැටික්කියක්... පතොක් ගසක පිපි මල කියා මේ අපූරු කවි උත්තමයා හදුන්නලා තියෙන්නේ ඒ හුරුබුහුටි කෙල්ලවලු.. ඉතින් මේ කටු කකා කලු වෙවී ඉන්න මේ කැහැට්ටා.. අර කෙල්ලට ලන් උනාලු නිකං නෙවේ ආත්මයම ලඝුකොට... ලේසි සහසු නැහැ හරිය.. ඔය වචන දෙක මහාලොකු අර්ථයක් කියෙන වචන දෙනක්.. මුළු ආත්මයම ඒ බැදීමට යටත් කියලයි කියන්නේ ලේසිද පහසුද.....
විදින්නට හැකි විය සුවද මට
මලක් විය නුඹ ලොවට පෙති විදහා පිපුන
ආශා කළෙමි විදින්නට ඒ මල සුවද
ලං කළෙමි දෙතොල විදින්නට මොහොතකට සිසිලස
අර දුස්කර මගේදි සැට් උන පතොක් මලට මූ හෙනට ලව් කරලනේ හත්දෙයියනේ ලව්කරලනම් විතරක් මදෑ.. මලේ සුවද විදින්ද මොකක්ද එකකුත් කරන්ඩ ගිහින් චික් විතරක් මේ ගැන මම විචාරය නොකර ඉන්න තීරණය කලා
විදිමින් සිටින විට සිසිලස
අමතකව ගිය අරුමයි එ'ගස පතොක් බව
ඇනුන විට කටු සුමුදු දෙතොල මත
යළිත් සිහිකරවයි ගසේ ඇති රළු බව
යස වැඩේ මූට වෙලා තියෙන්නේ හොද වැඩේ සාදු සාදු.... මලේ සුවද විදින්න ගිහින් මූ පතොක් කටු ඇනගෙන ඒක තමයි කියන්නේ මල්ලී (අඩේ මූ මගේ අයියා නේද..) පනින්න පෙර සිතා බලපන් කියලා... කෙල්ලො දැක්ක පලියට ආදරේ කරන්න යනවද බොල හිතට කියාපන් ඉවසන්න කියලා.. අනික බෝ වතුර හෙව්වේ බොන්නත් නෙවෙයිනේ... අනේද කියන්නේ මගේ( කට) ඇගිලි ටික මෙවට හොද ඒව්වා එනවා ටයිප් කරන්න $$@^%^*(&(^*&%^*&)&)*_*&^*%&$$$$^&%*^(^&^%*(*&^*&^$$%$$$%@@$$@@@@@@ ඔන්න මම කීවා කියලා හිතාගන්න් ගෙරි කවියෝ (පසනෝ)
ගැස්සී පියවි සිහියට එළැඹි කළ
නැවත දුටුවයි සුන්දරත්වය එමල මත රැදුන
කෙදිනක හෝ සැගෙවෙනාතුරු කටු ගස මත රැදුනු
පෙම් කරමි මම දුර සිටම එමලට නිබඳ.......
ඔන්න ඉතින් අපේ දක්ෂ කවියා.. කවි උත්තම පසන් කුමාරයා අස්සයාගේ පිටේ නැගලා යනවලු... සුන්දර තෘණ නිම්මනයක් දිගේ ලස්සන හිම කුමාරියක් රොස මල් කූඩයක් අරන් පාර අයියේ ඉන්නවලු... අලුත් පැසොන් එකට අතපය වනලා ලිෆ්ට් එකක් ඉල්ලද්දි අහක බලන් යන්න බැරි කමට මේ පසන් කුමාරයා නංගා ගත්තලු ඒ හුරුබුහුටි කුමාරිව අස්සයාගේ පිටට දෙන්න එක්ක අස්සාගේ පිටේ ඩබල් දාල යන අතරේ මේ සුන්දර හිම කුමාරි පසන් කුමාරයාට "ආදරෙයි" කිව්වලු හත් ඉලව්වයි.. පසන් කුමාරයාටත් ඒක මැදෑ.. වේලි වේලි නොවැ උන්නේ.... මයේ හිතේ ඒ කුමාරි වෙන කිසිම කුමාරයෙක් දැකලා නැහැ මූට කැමති වෙන්න... ඉතින් ඔහොම යනකොට... හලේ.. මටනං ලැජ්ජයි මේ වෙන දෙවල් ලියන්න... ඒත් මක් කරන්නද ලියන්නම ඔනිනේ... අර සුන්දර අහිංසක හුරුබුහුටි සුකොමල ළද බොළද කුමාරිකාව පයින් පාරක් ගැහුවලු පසනට.... මේක වීසි වෙලා වැටිච්චි පාරට ඇද යටලු.... හත් දෙයියනේ... මෙහෙමත් විකාර... අහිංසකී අක්කා තැළුම් තෙල් බොතලයක් අරන් ඇවිත් මේකගේ පිට කොන්දේ උලනවා.... අනේ යසයි තියෙන පවුල කාගෙන ඉන්න බැරිව හීනෙනුත් පෙම් කෙලින්න යනකොට
වැදගත්:::::: ඔබලගේ කවියටත් මගෙන් විචාර අවැසි නම් ගුගල් බසයේදී මා අමතන්න
යුගයේ අති දක්ෂ විචාරිකා... සුදු හංසී...... ;)
බුදු අම්මො............... මට නම් ලව් එපා වෙනවා. මට නම් බැ කටු කන්න. මගේ දත් කඩා ගන්න මට බෑ............
ReplyDeleteබුදු අම්මෝ..නංගියේ උඹනං මගේ එක පැත්ත පළාතෙවත් එන්න එපා..
ReplyDeleteමට කවුරු හරි එකෙක් කියා දියල්ලා මේකිට එන්න බැරි වෙන්න මගේ බ්ලොග් එක බ්ලොක් කරන විදිය
මෙන්න විචාර.... මෙච්චර කල් ඔය විචාරකයොයි කියන උන් අමු බොරුවක්නෙ කොරලා තියෙන්නෙ..... මේවනෙ විචාර. මඤ්ඤං වෙලා ආයෙත් පාරක් මඤ්ඤං උනා. මල කෙලියයි මාව කෝමා තත්වෙට පත් වෙයිද මන්දා.....
ReplyDeleteහැකා අයියා... තේරුණානේද ප්‍රේමයේ රග...
ReplyDeleteමාරයා අයියා.... එවිව නොට් වැඩ පුතේ..... මම එවවා මාව නවත්තන්න එපා මම පව්නේ....
පණුවෝ... ඔයාටත් මම විචාරයක් දෙන්නැයි....
නංගි බලහන් ඉස්සර පතන් අයියා ලියපු කවිවල දුක 20 - 30 % ප්‍රමාණයක් තමයි ගැබ් වෙලා තිබුනෙ.. දැන් එ ප්‍රමාණය 90 -92 % අතර ප්‍රමාණයකට ගිහින් නෙද හොදට බලන්න.. පව් අසරණයා.. මම නම් කියන්නෙ දෙන්නම නතර වෙන්නෙ අසපුවකින් තමයි :D:D:D
ReplyDeleteරවා
හ්ම්ම්ම්ම්ම් අපිට දානේ අරන් යන්න වෙයි වගේ... දෙන්නට..
ReplyDeleteහී හී සෙල්ලම නැ සුදු හංසිගේ විචාරත්...
ReplyDeleteමරු විචාරයක්!!!හික් හික්!!!!! පොඩ්ඩක් බලන්න අරෑ යහතින් ඉන්නවද කියලා
ReplyDeleteපසනෝ උබ ඉවරායි..................
ReplyDeleteඉකේයියා.....මම පොඩි එකා....තාම කිරි සුවද ගිහින් වත් නෑ..අම්ම තමා මට බත් කවන්නෙත්...අනික පොඩි දෙයකටත් අඩනවා...කුප්පයිත් එක්ක....ඉකේයියා....මාව බේරගනියෝ....
ReplyDeleteනරියා උඩ පැනලා පැනලා මිදි තිත්තයි කියලා පාඩුවෙ යන්න ගියා කියන්නේ.. මෙතන තියෙන්නෙ නරිච්චි සීන් එකක් වගේ....
ReplyDeleteඅප්පා .... සුදු අක්කා ව උස්සයි දැන් සුදු වැන් එකෙන් විචාර කරන්න ගොහින්...:)
ReplyDeleteහයියෝ අපරාදේ.. ඔයා අපිට සිංහල උගන්නන්න ආවානම් අපි ලියනවා විචාර කෝමද.. සිටි සිටි ගාලා..
ReplyDeleteහී... හී....
ReplyDeleteබුබුලුවෝ.... තනිකමේ කවි වලටත් විචාර ලිව්වැකි අවසර තියේනම්....
ගඩොල් මලේ... ඒකට උණ සන්නිපාතේ... අහිංසකී අක්කා දෙන්න ඇති කොස්ස කැඩෙන්න මගේ විචාරේ කියවලා
ඉලන්දාරි අයියේ... ඔය පසනට ඔහොම වෙලා මදි නේද...
රත්ගමයෝ... ඉකේයියා...බොට තනියම බත් කටක් කාගන්න බැරිද මලේ... ඔහොම ඉදලා බෑ කොල්ලෝ... රත්ගමිච්චියක් ගොනෙන් විගහට
හලේ අභි අයියා... කවුද හැබෑට ඒ නරිච්චි.....ඔන්න මම නං නෙවේ...
නිමේෂා නගේ.. මාව බය කරන්ට එපා දෙයියෝ... ඉදිරියටත් විචාර ලියන්නයි ඉන්නේ... ප්‍රවේසම් වෙයන් නගේ කවි ලියද්දි
හලේ... ළමයා මලේ.. දැන් උනත් උගන්නන් බැරි කමක් නැතුවා...
ඔන් එහෙනම් කස්ටියටම ටැංකු මේ පැත්තට ආවට
අනේ සුදු නගේ... මම නම් කවියක් දාන්නේ ඉඳලා හිටලා, ඒකටනම් කෙලවන්න එපා ඕං.
ReplyDelete