Feb 18, 2011

මායාකාර ඇස් 3

 මායාකාර ඇස් 2 කියවන්න
 
මම කෑ ගසා සිනාසීමි,  සිතේ සතුට දොරේගලා යන නිමේෂයක නිහඩව සිටින්නට මට සිත් නොවිය. මහ හඩින් හිනැහෙමින් දෙඅත් විහාදා නැගී උන්නනෙමි. දෙනෙත් කදුලින් තෙත් වී යන තුරුම මම සිනා සීමි... ඒ ඇසිල්ලෙන් නොනවත්වා දෙනෙතින් කදුලු ගලන්නට විය දෙනෙත් පුපුරා ගලා යන ලොකු කදුලු කැටි වලකාලන්නට මා දැරූ උත්සහයෙන් කිසිදු ඵළක් නොවීය. අරුමයකි මට මාගේ හිසකෙස් වදයක් විය... එකිනෙක උදුරා ඉවත් කරන්නට තරම්  බලවත් උවමනාවක් හදිසියේ මට දැනිණී. දෑතින්ම මගේ කෙස් අහුරු පිටින් උගුල්ලා දැමීමේ අසාර්ථක උත්සහයක මම නියැළුනෙමි. නැත කිසිදු ඵලක් නැත මම ආගන්තුක කේන්තියකින් වියරු උනෙමි. ඉදිරිපසවු මේසය මත කහපැහැති මිටක් සහිත කතුරක් විය සැනෙකින් කතුර ඩැහැගත් මා දෙ‍දණ දක්වා දිගුවු කෙස්වැටියේ කෙස් රොදින් දොද කපා දැමුවෙමි... කිසිවෙකු විසින් මා අතවු කතුර උදුරා ගනිද්දි මගේ කේත්තිය උත්සන්න විය.. මම හැකි වෙර යොදා කෑ ගැසුවෙමි. කිහිප දෙනෙකු පැමිණ මා දැඩිව ග්‍රහනය කර ගන්නා බවක් හැගිණී.. මම ඔවුන්ගෙන් මිදීමට දැඩි උත්සහයක් ගතිමි. අඩි පොළවේ ගසමින් දිගුනිය වලින් ඔවුන්ව සූරා කමින් වියරුවෙන් කෑ ගසමින් ගතකල විනාඩි කිහිපය අවසන මම හෙමිබත් වීමි.. සුව නින්දකට පිවිසීමේ බලවත් උවමනාවකින් මම පෙළුනෙමි.. වදෙන් පොරෙන් බිම වාඩි වී මොහොතක් නිසල වීමි.. 

අවකාෂය මා වාටා කැරකෙන බවක් මට හැගිනි. මහ හඩින් හිනැහෙමින් මා වටා කරකරවෙන විකාර රෑප සියල්ලගෙන්ම සැගවීමේ ක්ෂණික අශාවකින් මා දැවුනෙමි.. සීතල සිමෙන්ති පොළවේ උණ්ඩි වී දෙදණ මත මුහුණ සහවා ගතිමි. එහෙත් මුළු ලොවම මා දෙසම බලා ඉන්නා බවක් හැගීගියෙන් මම හොර ඇසින් විපරම් කලෙමි. මා‍ සිතූ දෙය නිවැරදිය ඔවුන් සියල්ලොම මා දෙස ගිජුව බාලා හිදී. ළගක උල් ආයුදයක් ඇත්දැයි සොයද්දි මා අතින්ම ගිලිහි වැටුණු කතුර සොයා ගතිමි, සැනින් එය ඩැහැගත්මා දෙතුන් දනෙකු වුවත් මරා දැම්මේ වියරු උවමනාවෙන් ඉදිරියේ උන් පිරිස දෙසට කඩාපැන්නමි. අනපේක්ෂිත අතුල්පහරකින් කම්මුල් හිරිවැටී යද්දී  මලානික සිරුර සිමෙන්ති පොළව මතට කඩාවැටෙනු මටම දැනුනි.

************************************************************************

------------------------------------------------------------------------------------------------------------
________________________________________________________________________

අගුල් වැටී තිබුණු ඇසිපිය විවර කරන්නට බොහො වේලාවක සිටි දැරූ උත්සහය අවසන සාර්ථක විය නමුත් අවට කිසිවක් පැහැදිලිව නොපෙනෙන ලෙසට ඇස වටා විනිවිද පෙනෙන ආවරණයක් දැමුවාක් මෙන් විය.. දෑතන් දෙනෙත් පොඩි කරන්නට සිතුනිද දෙඅත් සෙලවීමට නොහැක , මම හිස හරවා බැලීමි. ඇදවියලට දමා තිබුණු මාංචු යුවලකින් මා දෙඅත් සිරවී තිබුණි.

අම්මාත් තාත්තාත් සමග පොලිස් කාර්්‍යාලයේ උන් මා දැන් සිටින්නේ රොහල් කාමරයක බව වැටහුනෙන් මම විස්මයට පත් වුවෙමි. අවට නෙත් හරවා බලන විට දුවුවේ.. එකම වර්ණයෙන් යුතු ඇදුම් වලින් සැරසුණූ රෝගින් පිරිසකි. ඔවුන්ගේ හැසිරීමි විවිධාකාරය.  තම කෙස් වැටිය කොන්ඩ කරල් විස්සකට තිහකට ගොතාගත් කාන්තාවක් කුඩා මල් ගෙන වරලස සරසමින් උන්නාය. තවත් තැනක මාගේ වයසේ පමණ යුවතියත් මහ හඩින් සිනාසෙමින් දෙඅත් විහිදා රගමින් උන්නාය. මැදිවියේ කාන්තාවක් පත්තර පිටුවත් කිසි පිළිවෙලක් නොමැතිව ඒ මේ අතට පෙරලා බලමින් ඒ දෙසට සිනාසෙයි. විටෙක මහ හඩින් හඩා වැලපෙයි. යාබද ඇදේ සිටින්නිය කිලිටි බොනික්කියක් ගෙන සුරතල් කරමින් සිටියි. බුද්ධියෙන් සිතා බලන කල මා සිටිනා තැන ගැන මට හොදින් අවබොදවිය..මා සිටින්නේ මානසික රොගින් සිටින රොහල් වාට්ටුවකය  එහෙත් කවුරුන් කෙසේ මා මෙහි ගෙනැඩිත් දැමුවාදැයි මම නොදනිමි. ඒ ගැන සිතන්නට සිත සන්සුන් තරගන්නට මම මොහොතකට දෙනෙත් පියා ගතිමි...

පබොදා......

කිසිවෙකු නම කියා මා අමතද්දී.. මම ගැස්සී දෙනෙත් විවිර කලෙමි. මා ඉදිරියේ උන්නේ තරුණ වෛද්‍යවරුන් දෙදෙනෙකි. ඔවුන් හා සිනාසීමේ අසාර්ථක උත්සහය අතරතුර මා දෙනෙත් කදුලින් බොද විය...

ඇ....ඇ..යි... ම..ම... මෙ..හේ...... අමාරුවෙන් කෙල පොදක් ගිලගන්නට හැකිවුණු ඇසිල්ලේ මම විමසීමි...

ඔයාට ටිකක් අසනීප උනා පබොදා.... ඒකයි ඔයා මෙහේ.... ඔවුන් කරුණාබර හඩික් කියද්දී විස්මය පිරි දෑසින් මම ඔවුන් දෙස බලා උන්නෙමි.

මට පිස්සු නැහැ.... ඇයි මාව පිස්සක් කොටුවකට ගෙනාවේ.... සිත තුල වු වේදනාව වචන හා මුසු කොට මිමිණීමි.

මෙතන කාටවත් පිස්සු නැහැ පබෝදා... කිසි කෙනෙක්ට පිස්සු නැහැ. ඒයාලා මානසික රොගින්.. හැම වෙලාවෙම නැතත් සමහර වෙලාවල් වලට ඒ අය අසාමාන්‍ය විදියට හැසිරෙනවා.... ඒක අසනීපයක් මිසක්  පිළීකුල් කරන්න දෙයක් නෙවෙයි... අපි ඒ අයව තේරුම් ගන්න තරමට එයාල එක්ක ජීවත් වෙන්න ලේසියි...

තරුණ වෛද්‍යවරයා නිවුණු හඩින් කියද්දී.. මම නිහඩව අසා උන්නෙමි...  

කවුද මාව මෙහෙට ගෙනාවේ..... තාත්තද...... සිත තුල බොහෝවේලාවක් පැසවමින් උන් පැනය ඉදිරිපත් කල මා විස්මය පිරි දෑසින්ම වෛද්‍යවරුන් දෙදෙනා දෙස බලා උන්නමි.

ඔයාට මතකද මෙහේ එන්න කලින් ඔයා කොහේද හිටියේ කියලා...

මෙහි එන්නට මත්තෙන් මා උන්නේ.. සැරපරුෂ පොලිස් නිලධාරිනියන් සමග පොලිස් ස්ථානයක බව මා මතකයේ විය... ඒහෙත් මා පොලීසියට ගියේ කුමකටදැයි මට දැන් අමතකය.. මොහොතක් විපක්ෂිතව  එය සිහි කරන්නට වීමි. එහෙත් ඒ ගැන මතකයක් මා සතු නොවීය...

පොලීසීයේ.... ඒ.. ඒත් ඇයි මම පොලීසියට ගියේ... කෝ.. අම්මයි තාත්තයි... එයාලා පොලීසියට ආවා මව ගෙදර එක්කරන් යන්න.... අ..අනේ....කෝ.. අම්මා..... ළදැරියක් මෙන් මා ඉකිබිදින්නට වීමි.

අම්මා එයි ඔයාව බලන්න...අඩන්න එපා... අර බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා...එක් වෛද්‍යවරයෙකු කියද්දි.. මම හිස ඔසවා පිවිසුම් දොරටුව වෙත එබුනෙමි... 

උළුවස්සට බරදී.. මා දෙසම බලා උන් රැව දැක මා මුවේ මද  හිනහවක් නැගිනි..... මේ ආගන්තුක දනව්වේ දන්නා හදුනන එක් අයෙකු හොවීම සිතට සතුටක් විය...

"ලො......කු    අ....යි...යා......" මම මිමිණිමි.  එහෙත් ඔහු හිටි තැනම නොසෑලී මා දෙසම බලා උන්නේය...

 තාත්තාගේ ලොකු අක්කාගේ වැඩිහමල් පුතු වු ඔහුව  ලොකු අක්කාත් පොඩි අක්කාත් මමත් තිදෙනාම  මස්සිනා කෙනෙකු ලෙස නොව අපගේම සොයුරකු ලෙස පිළිගෙන උන්නෙමු. ලොකු අයියා තරමක වෙනස් චරිතයකි... ඔහු කතා කරන්නේ කලාතුරකින් වුවත් නිතර අප ගැනසෙවිල්ලෙන් පසු විය.. වෛද්‍ය වරයෙකු ලෙසට සේවයට බැදී.. ඈත පෙදෙසක රෝහලක සේවයට ගිය පසු නිතර අප නිවසට පැමිණිම නතර වුවත්  නිවසට පැමිනෙන හැම විටෙකම ඔහු අප තිදෙනා බැලීමට පැමිණියේය..  මම මේ ඔහු දකින්නේ මාස ගනනාවකට පසුව විය යුතුය.. නොබෝ වේලාවකින් ඹහු බර අඩි තබා මා උන් ගිලන් සයනය දෙසට පැමිණියේය....

"චූටී... මේ... මේ... මොනාද වෙන්නේ........." ප්‍රතාපවත් ලොකු අයියාගේ කට හඩ බිදී තිබුණී.... මා කිසිවිටෙකත් බලා පොරොත්තු නොවූ හඩකින් ඔහු මා ඇමතුවේය.. දෙනෙත් අළුතින් තෙත් විනි... 

"මම දන්නේ නැහැ ලොක්කයියේ..... ඇයි මාව මෙහෙම හිරකරගෙන ඉන්නේ...... ඇයි මාව පොලීසියට  ගෙනිච්චේ...." ඒ කිසිම සෙයක් මට තේරෙන්නේ නැහැ... ඇයි මට ගෙදර යන්න බැරි... කෝ අම්මා.... මට අම්මා ළගට යන්න ඔනි...." මම පොඩි කෙල්ලක් මෙන් කියවමින් හැඩුවෙමි. යදම්බැද සිරගත කොට සිටින මාගේ හිස කෙස් අතර  ලොක් අයියාගේ සුතර සෙනෙහසින් පිරිමැදිනි කදුලු අළුත් විය..

"ඇත්තටම චූටි ඔයාට මතක නැද්ද මොනාද උනේ කියලා......." ලොකු අයියා විස්මය පිරි දෑසින් මාදෙස බලා  උන්නේය.....

"නැහැ..... මට කිසි දෙයක් මතක නැහැ... මම පොලීසියේ හිටියා මතකයි.... ඒත් ඇයි මාව පොලීසියට ගෙනාවේ කියලා මතක නැහැ.." 

මාකාකාර ඇස් 4 

7 comments:

  1. අද නම් හොඳ ළමයා වගේ ටිකක් දිගට ලියලා... ඔයා ලස්සනට ලියනවා... මම ගොඩක් ආසාවෙන් කියවන්නෙ. එක්සෑම් අස්සෙ හරි ඇවිත් අනිවාර්යෙන් කියවනවා... ඉක්මනට අනිත් ක්කොටසත් ලියන්න හොඳද......

    ReplyDelete
  2. ලස්සන කතාවක් වගෙයි.... දිගටම ලියන්න...අපි එනවා කියවන්න....

    ReplyDelete
  3. ලස්සනයි අක්කේ...අනිත් කොටස එනකම් බලන් ඉන්නෝ..

    ReplyDelete
  4. @ තාරා... ස්තූතියි යාළු විභාග අතරෙත් තවලමට ආවට..මම ඉක්මනට ලියන්නම්..

    @Jeew ස්තූතියි... එන්න දිගටම..

    @නිමේෂා... නගේ ඉක්මනට ලියනවා.. හෙට දෙන්නම් බොහොවිට..

    @මාරයියා.. ඔන් එහෙනං යමු යමු....

    ReplyDelete
  5. අලේ මේ කොටස මිස් උනානේ මට දැන්නේ බැලුවේ..
    එළ එළ මම නම් දිගටම ෆලෝ මේ කතාව..

    ReplyDelete
  6. වැඩේ හරියන්නේ නැ... මුල ඉඳන්ම කියවන්න වෙනවා...

    ReplyDelete