Feb 13, 2011

මායාකාර ඇස් - පළමු කොටස

අදුරු සෙවනැලි කිහිපයක් මා පසු කර ගිය බවක් හැගිණී, ඒහෙත් ඒ ගැන විමසන්නට තරම් සන්සුන් මනසක් මා සතු නෙවීය.. හැඩීමෙන් හෙම්බත්ව උන්  මා. බොහෝවේලාවක් නිදන්නට ඇත මටත් නෙදෑනිම සුව නින්දකට සම වැදී උන් මා යලි අවදි වනවිට බලා පොරොත්තූ වු උණුසුම් පොරෝනය හෝ සුසිනිදු පුළුන් කොට්ටය මා අසල නොවීය.. මා සිටිනා තැන යලිදු මට අවබෝද වීමෙන් හදිසයේ ඉකිබිදුම් නැගිනි..

ඉකියේ හඩ පිට නොවන්නට දත් ඇදි දෙක එකිනෙකට සිරකර ගතිමි.. කම්මුල් මාංශපේෂින් අසාමාන්‍ය ලෙස ඇදෙන බවක් මට හොදින් දැනිනි. ගිනියම් දෙනෙත පුපුරා  ඔසෙට කදුලු ගලන්නට විය... මම සිත දැඩි කර ගන්නට අසාර්ථක වෑයමක් ගනිමින් උන්නෙම්. වැතිර උන් තැන එහෙමම සිටිමින් දෙදණ පපුතුර දක්වා උන්ඩි
 කර ගතිමි.  මොහොතකින් යලින් මට නොදැනීම දෙනෙත් පියවෙන්නට විය.

සුව නින්දක උන් මා අවදි කලේ ලොකු අක්කා විසිනි. සැමදා සුපුරුදු ලෙසම ඇය පැමිණ මාගේ යටි පතුල් කිතිකැව්වාය..  මම කෑගසමින් සිනා සීමි කොහොදෝසිට පැමිණි පොඩි අක්කාද ඇදට පැන මා කිතිකවන්නට වුවාය.. අපි තිදෙනාම අද උඩ පොඩි උන් මෙන් දැගලීමු.
"ලොකූ... මම ආවොත් දෙනවා තුන්දෙනාටම.... මොන වදයක්ද උදේ පාන්දර..."
අම්මා කුස්සියේ සිට කෑ ගෑවාය... අපි තිදෙනා එහෙමම නිහඩ වීමු.. එහෙත් සිනහව සිරකරගන්නට තිදෙනාගෙන්  කිසිවෙකුට නෙහැකිවිය.. සුලු මොහොතක නිහඩ බවකින් අනතුරුව යලික් අප තිදෙනා කොක්හඩ තලන්නට වීමු... ඒ සිනහවට හේතුවන් හෝ නිමාවක් නොවීය... අහේතුකවම අප තිදෙනා ඇස් කදුලින් තෙමෙන තුරු සිනහ වීමු..කොට්ට වලින් එකිනෙකාට ගුටු බැට දුනිමු.. සියල්ලගේම අවසානය හැදිමිට උලුක් කරගෙන අම්මා කාමරයට පැමිණියමයි... හොර පුසියන් මෙන් ලොකු අක්කාත් පොඩි අක්කාත් කාමරයෙන් පිටව යති... ඉතින් මම යලිත් සුව නින්දට පිවිසෙමි මුළු රැයම තද නින්දේ පසු වුවත් උදෑසන අඩ නින්ද තරම් කිසිවිටකත් සුව නොවේ.. යන්තමින් ඇසෙන පිරිත් ස්වරයත් නිවයේ ආදරණිය යුද්ධයත් අතරේ දෙනෙත් පියාගෙන විදින රස බර අඩ නින්දට කවදත් මම ආසා කලෙමි.මේ නිදිබර බව වඩාත් සුන්දර වන්නේ වැසි දිනයන්ටය. මන්දාරම් අදුර අතරින් නැගි එන්නට වෙර දරණ ළහිරු කිරණ යන්තමින් ජනෙල් පියන් අතරින් කාමරයට එබෙන තුරුම මම නිදි සුව විදිමි... අක්කලා දෙදෙනාම රැකියාවට යන බැවින් නිවසේ තනිවන මා උදෑසන අවදි වුවත් දහවල අවදි වුවත් අම්මාට නිච්වියක් නැත.  දවසේ ඩැඩි වේලාවක් මම නිදාගන්නවාට ඇය කැමතිය එයට හේතුව.. ඇය කුස්සියේ වැඩක් කරමින් සිටිද්දීත් මිදුල අමදින විටත් මැහුමක් කරත්දීත් හෝ විවේකිව සිටින විටත් නොයෙකුත් ප්‍රශ්ණ අසමින් ඇය අසලින්ම දැවටෙමින් ඇයට සුන්දර මෙන්ම ආදරණිය වදකාරියක් වන නිසාය...  එහෙත් දහය පසුවන තුරුත් මම හොර නින්දේ පසු වන්නේ නම් අම්මා පැම්ණ කෙසේ හෝ මා අවදි කරවයි... මගේ හිසකේ අතර ආදරණියව ඇගිලි දුවවමින්. "චූටි දෝනී.. දහයත් පහු උනා" යි කියන තුරුම මම ඇදෙන් නෙබසිමි... අම්මාගේ උකුලේ හිස හොවාගෙන බොරුවට හුරතල් වෙමින් විනාඩි කිහිපයක් ගත කිරීම මගේ හොර නින්දේ සුපුරුදු අංගයකි.

"නැගිටලා මේක කනවා... හුරතල් කරන්න අය නැහැ...." කිහිල්ලට වැදුණු පා පාහරත් දෙකන් බිහිරිවන සුලු රුදුරු හඩත් නිසා මම ගැස්සී.. ඇහැරුනෙමි...කාකි නිල ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරිණිය බෙලෙක් තැටියක් මා අසල තබා පිටවී ගියාය.. දෙඅත් දිගහැර බැලීමි... පාහරයෙකුගේ ලේ පැල්ලම් තවමති ඉතිරිව තිබේ... ඒහෙත් කන්නට හෝ දෙඅත් සොදාගන්නට පිරියක් මට නොවිනි...  සිටි ලෙසම මොහොතක් ගල් ගැසී.. දෙනෙත් පියා උන්නෙමි... හඩා පලක් නැති බව දනිමි.... ඒහෙත් අම්මා තාත්තා සහ අක්කලා දෙදෙනා උමතුවෙන් මෙන් මා සොයන බවක් මට ඉවෙන් මෙන් දැනෙන්නට විය... එහෙත් තව දුරටත් මම ඔවුන්ගේ සුරතල් සුරගන නෙවෙමි.... 

මායාකාර ඇස් 2

4 comments:

  1. ඊලඟ කොටසත් දාමු.. එළ වගේ ස්ටෝරි එක නම්

    ReplyDelete
  2. සිරා කැමතිවෙයි මේකට... මෙයත් සිරේ ඉන්නේ.... ටැංකූ මේ පැත්තට ආවට...

    ReplyDelete
  3. ලියමු ලියමු... ඉක්මනට හරිය.....

    ReplyDelete
  4. හරි සර්... ඉක්මනින් ලියන්නම්...:)

    ReplyDelete