මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Feb 6, 2011

නිමක් නැති කතාවේ නිමාවක් නොවන අවසන



නිවී ගිය පහන් සිල
ඉතිරිකල දුක වැළද
හඩන්නම් ඉතින් මම
නොආවත් යලිදු නුඹ

සන්තකය අහිමි වුණ
යලිදු ඉල්ලනා සිත
සනසවන්නම් ඉතින්
මතක් කර ඔබේ රුව

නුඹ සිනහ විදින්නට
නුඹෙන් පැතු බිළිදු රුව
සිහිනයක් ලෙස මියැද
පාරවයි තවත් සිත

යලිදු ‍මෙහි නොපැමිණෙන
හිමියනේ කියන් මට
කිමද මම කරපු පව
මේලෙස වෙන්වී යන්න

ඉතින් මම හැඩීමි... දින සති ගනන් හැඩීමි... සිහින සියල්ල සුණු විසුණු කොට ඔහු ජීවිතයෙන් සමු ගත් මොහොත සිහි කර කර හැඩීමි.... ඔහුගේ මූණු පොතට එබී බලන කල හට දෙස් කියා කවි දහස් ගනන් ගියවි තිබුණි. හැම පදයක්ම මගේ සිත  දරුණු ලෙස රිදවන්නට උයෙන් මම තාවකාලිකව මුහුණු පොතින් සමු ගතිමි.
ඔහුගෙන් ටිකකලකට වෙන් වුයේ ඔහුට දඩුවමක් දෙන්ට මිස හැර යන්නට නෙවන බව දන්නේ මා පමණී.... මාගේ මිතුරා සමග පරුෂ වචනයෙන් දොස් කියාගෙන එම දුරකතන ඇමතුම්ද පටිගත කොට අවසන්වරට ලියූ ලිපිය සමග තබා තිබුණි... ඒ සියල්ලක්ම මා වැරදි බවට ලොවට හගවන්නට ඔහු ගත් අති සාර්ථක උත්සහයන් විය....
හැඩුම්.. හැරහුම් මැද තනිවු මට අවසන උරුම වුයේ මානසික අසහනය පමණි. විදවීමේ අවසනක් නෙමැති කල මම මානසික වෛද්‍ය වරයෙකු හමු උනෙමි. එක දිගට මාස තුනක් බෙහෙත් පාවිච්ච්යෙන් පසු තරමක සුවයක් සහනයක් ලැබුවෙමි.
ඒහෙත් ඔහුගේ මරණයෙන් පස්වන දිනයේදී..  ඉරපතල ලෙස රොගාතුරව ඇදටම කොටුවූ අප්පාත්, මා ගැනම සිතමින් සිතින් වද විදන අම්මාත් වෙනුවෙන් කරන්නට බොහො දේ ඉතිරිව තිබිණ.. මාස ගනනකින් නිවසට කිසිම ආදායමක් නෙලැබිණි... ඉතිරිව තිබූ සන්තකයත් වියදම් වෙමින් තිබුණි. මගේ ඉගෙනුම මග නතරවිය.

ජිවිතයේ ලස්සනම කාලය ගෙවී යමින් තිබේ... මම තීරණයක් ගතිමි. ලන්ඩනයේ සිටින බාප්පා ළගට ගොස් ඉගෙනීම අවසන් කර ඇම්මාත් සමග නැවත කැනඩාවට ගොස් අළුත් ජීවිතයක් ආරම්භ කරන්නට සිතුවෙමි
 ඒහෙත් ඔහුගේ මතකයන්ගෙන් මිදිම ලෙහෙසි පහසු දෙයක් නොවීය
ඔහු යලින් නොඑනා බව සිතා සනසාගන්නා සිත එක තත්පරයෙන් බිදී වැටෙන්නේත් පිස්සියක මෙන් මා කෑගසා හඩන්නේත් එකටය....
නමුත් සිතට දිරි ගෙන මම තීරණයක් ගතිමි ඒ අනුව මෙලෙස මම ලන්ඩන් බලා යමි

උදාවෙන හෙට දවස ‍කෙලෙස වනු ඇත්දැයි කවමත් නොදනිමි... ගෙවීගිය අතීතයේ ගිනි කදු තවමත් සක්‍රීයය... ඔහුගේ සොයුරන් පිස්සු බල්ලන් මෙන් තවමත් මා සොයයි... ඒ මාද ඔහු වෙතම යවන්නටය... ඒසේ වන්නේ නම් එයද එක්තරා සතුටකි...

ඒහෙත් තවමත් මා සිතන්නේ
“ඔයා හිටියනම් මට හයියක් නේද” යන්නයි....



ඇය ජීවතුන් අතරය එහෙත් තවමත් මළවුන් අතර සිටින ඔහුට පෙම් කරයි.... ෂගානා අක්කේ.... තවත් ලියන්න හයියක් නැහැ මට කී නො කී හැම දේම නුඹ වෙනුවෙන්මයි...... මගේ එකම පැතුම නුඹට ලස්සන හෙට දිනක්.......

3 comments:

  1. ඉවරයි.......හ්ම්ම්ම්ම්ම්ම්...දැන් ඉතින් අඩන එකත් ඉවරයි නේ

    ReplyDelete
  2. මාත් පතන්නම්.. නොදන්නා ඇයට පැහැබර හෙට දිනක් .......

    ReplyDelete
  3. එකම වරක් කියා යන්න
    නුඹ ආයෙත් නොඑන හේතුව
    ඉතිරිකර යන කදුළ මම
    ආදරෙන් මතකයෙ තියාගන්න..

    ReplyDelete