Oct 29, 2010

දෙන්න අවසර




දෙපා පාමුල  වැටී හඩනා අහිංසක මට දෙන්න අවසර
අදුරු විජිතය එලිය කරවන පහන් සිල වී ලග රැදෙන්නට
දුක් පුරන හිත දැවෙන ගිනිගෙන, පිරිත් පැන් ඉස නිවාලන්නට
ළගට වී සැනසුම දෙවන්නට අනේ චුට්ටක් දෙන්න අවසර

ඔබට බැදුනාවු සෙනෙහෙ දම කෙලෙසකත් බැහැ සිද දමන්නට
ඔබව හැර වෙන් නෙලා යන්නැයි කියනු වෙනුවට ඉන්න නිහඩව
බෑ කොහෙත් මට ඔබව අතහැර වෙන්ව යන්නට මේ අතර මග
අනේ මම ඉන්නම් හොරෙන් හිත් පොඩිය සරසා අහිංසක ලෙස

ආදරේනම් මේ තරම් මට කියනුයේ ඇයි වෙන්ව යන ලෙස
දන්මි මම ඔබ හට නොහැකි බව මා පෙලා සිත නිවා ගන්නට
කටුක නම් මේ ජීවිතේ ඇයි ඔබම රිදවා ගනුයෙ ඔබටම
ඉඩ දෙන්න මට පොඩි මලක් වී පිපෙන්නට ඔය දෙපා පාමුල

හිදින්නම් මම මහ මෙරක් සේ රිදුම් දෙන හිත ළග පිපීගෙන
නිවන්නම් දුක්ගිනි ඔබේ සුදු මුදු සමන් මල් නෙලා දෝතට
වෙන්ව  යනු බැහැ කොහෙත්නම් මට අසරණයි හුරතල් මගේ හිත
හැර ගියොත් ඔබ මහ පවක් එය ඉඩදෙන්න මට පෙම් පුරන්නට

Oct 15, 2010

කදුලු කැට II


හෙමිහිට ඇදිල යන දුම්රියේ පාපුවරුවේ
ඉදන් ඔයා බලාගෙන හිටපු විදිය......
ඔයාගෙ ලොකු ඇස්වල තිබුණ අසරණ කම..
ඇස් පියාගෙන ආයෙත් මතක් කරන්න පුලුවන් මට....
අවුරුදු හතරක් ගෙවුනටත් පස්සෙ......
මම තවමත් දුම්රිය පොලේ....වේදිකාව උඩ.....
ඇද්ල යන දුම්රිය දිහාට අත දිගු කරන් තවමත් අඩාවැටෙනව....
එදා මට බැරි උන නිසා කියන්න.....
“දාල යන්න එපා මාව.......මට බැ ඉන්න ඔයා නැතිව”

පසුව ලියමි......
හමු උනොත් අහම්බෙන් හරි එකම එක දෙයයි මම අහන්නේ..... “ඇත්තටම ඇයි මාව දාල ගියේ.....? ”

හීන-II


මම මිය යා වි.... ඉක්මනටම...
ඒත් මං ආයෙත් ඉපදෙන්නෙ නැහැ.....
හුලං පොදක් වෙලා මම ඉන්නව ඔයා වටේ.....
ඔයා හුස්ම ගන්නකොට
මම ඔයාගෙ ශරීරයට ඇතුල් වෙනවා.........
කවදා හරි ඔයා මිය ගිය දවසක
මම ඔයාට තත්පරේකට පස්සේ පිට වෙනවා....
ඒ ඇයි දන්නවද...............
ආයෙත් ඔයා ඉපදෙනනකාට.....
ඒ දවසට එක දවසකට පස්සෙ ඉපදෙන්න..........
“මෙ ආත්මෙ මම ඔයාට කලින් ඉපදුන වරදට ඔයා මාව දාල ගිය නිසා”

සිදංගනා.........


Oct 11, 2010

පිච්ච මල I


ගෙදර ඉන්න කමිමැලි කමට පාරට බැස්සත්, කොහේ යන්නද මොනව කරන්නද කියල නිශ්ච්ත අරමුණක් මට තිබු නෙ නැහැ.
          අය්යගෙ අලුත්ම කාර් එක විශ්වාසෙන් මට දුන්නු නිසා හරි පරෙස්සමෙන් පැදෙව්වේ, මගේ ඉතිහාසයේ හැටියට මට පුදුමයි අය්ය යතුර දුන්නු එක ගැන....
          දිගු කාලයක් විදේශයක ඉදල පළමු වතාවට ගෙදරට ගොඩ උණු ගමන් මම දුවගෙන ගියේ මගේ මෝටර් සයිකල් එක බලන්න, ඒත් එත්න තිබුනේ මළකඩ කමින් තිබුන පරණ යකඩ ගොඩක් විතරයි.
ඒ අතරින් මැවිල පෙනෙන කදුලු මතකයන් අමතක කරන්න ඔනි නිසාම මම ආයෙත් ඒ පැත්තවත් බැලුවෙ නැහැ.
            ගෙදරටම කොටුවෙලා  ඉන්න එක හිතට වදයක් නිසයි එළියට ආවෙ‍‍‍‍, ඒත් ඒක ඊට වඩා හිතට වදයක් බව ටික වෙලාවක් යද්දි මටම ‍තේරුනා.  වට රවුම් වලින් කැරකිලා මම නැවතුනේ කලාගාරයේ වාහන අංගනයේ “නේත්‍රා කුලුදුල් සිතුවම් දැක්ම” නාම පුවරුව දුටු හැටියේම ඉබේටම වගේ මගේ දෙපා ශාලාව දෙසට ඇදුනා  


 “ගොඩාක් ස්තුතියි සර් මේ ප්‍රදර්ශනය බලන්න ආවට.........”  ප්‍රවේශ පත් කවුලුවෙන් ටිකට් පතක් සමග ස්තුතියකුත් ලැබුනා...එතන හිටපු කෙල්ලන්ගෙ ඇස් අමුතු විදියට මගේ දිහාට එල්ල වෙලා තිබුණා...මට දැනුණෙ අපහසුතාවයක් මම ඉක්මනින් එතැනින් ඉවත් වෙලා ප්‍රදර්ශණ භුමිය දෙසට ඇවිදන් ගියා.
“මුන් මාව කලිනි ඉදන් අදුනනවවත්ද” මගේ හිත මටම මිමිනුවා.....මගේ හිතේ තිබුනේ මහා චකිතයක්, එතැන හිටපු ගැහැණු ළමයි හතර දෙනාම ඇස් උඩ දාගෙන බලාගෙන හිටියෙ හරියට යකෙක්ට බය වෙලා වගේ..

ඒ ගැන හිතල තවත් මගේ හිතට මහන්සි නරන්න මට හිතුනෙ නැහැ මම ඒ සොදුරු සිතුවම් එකින් එක ආසාවෙන් බලාගෙන ගියා මට දැනුනේ මම අමුතුම ලෝ කෙක තනි වුනා වගේ. වම පිටාව ගැන මට අවධානයක් තිබුනේ නැහැ.

මම කලාකාරයෙක් නෙවෙයි ඒත් ඒ චිත්‍ර දැක්කහම මටත් කලාකාරයෙක් වෙන්න හිතුනා නිතර ඇහැට දකින්න ලැබෙන දේවල් හරි අපූරුවට සතුවම් වෙලා. මට දැනුනෙ මම ආයෙත් මගෙ සෙල්ලක්කාර කාලෙට දුවනව වගේ. මං කරක් ගහපු හැම තැනක්ම  මං ඒ චිත්‍ර වල දැක්කා

ශාලාවෙ කෙලවරට ඇවිදන් යද්දි දුටු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරි වුණා.  ඒ හිටියෙ මම විශාල ප්‍රමාණයේ සිත්‍රවම් පුවරුවක මාත් මගේ කුඩු පට්ටම් උණු මොටර් බයිසිකලයත්............දකිද්දි මට උන් හිටි තැන් අමතක උණා... මේතරම් අපූරුවට මගේ ශරිරයේ හැම ලකෂණයක්ම ඒ විදියටම සිතුවම් කලේ කවුද....මට අදහගන්න බැරි උණා.. සිතුවම ඉස්සරහ මම කොයි තරම් වෙලාවක් හිටියද කියල මට මතක නැහැ..මගේ උගුර කට තෙමාගන්න කටේ කෙල පොදක් වත් නැති බව මට තේරුණේ ගොඩක් වෙලාවකට පස්සේ .................

පිස්සුවෙන් වගේ මං දුවගෙන ගියේ ප්‍රවේශපත් කුටියට, එතැන උන්නු කෙල්ලන්ට මගේවෙනස තේරෙන්න ඇති මං එද්දි එයාල බයවෙලා බලාලෙන උන්නු හේතුව මම දැන් දන්න බව එයාලට තේරෙන්න ඇති.

"නංගි කවුද මේ චිත්‍ර ඇන්දේ" හතිදාගෙන දුවගෙන ආපු වේගයෙන්ම අහද්දි ඒ කෙල්ලෝ හතර දෙනාම ඇස් උඩදාගෙන බලාගෙන හිටියා..

"අනේ.....මට කියන්න කවුද..........." මගේ හිතේ තිබුණු චකිතය වචන එක්ක පිටවෙන්න ඇති. හතර දෙනාම එකපාරට හැරුනේ ඇතුල් කාමරය දිහාවට  කාටවත් මුකුත්ම කියන්නවත් ඉඩ නොතිය මම පිම්මේ දුවගෙන ගියා ඒ දිහාවට

Oct 10, 2010

අරමුණ

ජීව්තේට අරමුනක් ඔනි උනා මට
ඇස්දෙක පියාගෙන හිතුව මම
ඉස්සෙල්ලාම පෙනුනෙ ඔබව
......
......
......
මං මගේ අරමුණ කරගත්තා ඔබව
ඔබේ ආදරේ.......
ඒත්........................................
........
........
හරිම පොඩි දුරක් යද්දි තේරැනා
මං ඇවිත් තියෙන්නේ වැරදි පාරක බව,
........
.......
මං හිතපු තරමි ඔය හිත පුජණිය නැති නියාම

ආපහු හැරෙනව මම.......
........
........
සමාවෙන්න මට.......

Oct 8, 2010

හීන

සුදු සමන් මල් හීන,
හිත පුරා පුරෝ ගෙන,
හොරෙන් සිතිවිලි වලට 
අපි ගිහින් බොහෝ දුර........
දමායන්නට බැරිව අපේ සුදු මල් හීන
බියෙන් මුලු විශ්වයට
දෙනෙත් ඉකිගසයි  අද......
අපට අපගේ වන්න
ඉවසන්න වෙයි ඔන්න,
බලාගෙන ඉදිමු අපි 
කෙදින හෝ එක් වන්න.......

Oct 4, 2010

කදුලු කැට.....

ගොඩක් අසරණ වෙලා
දගකාර මගෙ හිත,
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට....

කවුරැදෝ ගෙන ගිහින්
මගේ ඇස් වල සතුට
හෙමින් ඇවිදින් නෙතට
ලොකු බෝල කදුලු කැට...

තදින් ඔබටම බැදුන
මගෙ හිතේ ලෝබ කම
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට....

අහිමි වී යා නොදී
මං රකින සෙ‍නහසට
කදුලු පමනක් දෙයිද
රත්තරන් ඔයා මට.....