Mar 4, 2012

My dear Edward | ආදරණිය එඩ්වඩ්



එව්ඩඩ් !! .... එඩ්වඩ් ෆයර්ෆැක්ස්  රොචෙස්ටර්, මීදුම් අතරින් ඇවිත් අසුපිටින් ඇවිත් මා ඉදිරියේ ඇද වැටුණු ඔබ, මද අඳුරේ නඟරය දෙසට යමින් හිටපු මාව පේත්තුකාර බැල්මකින් රිදවලා ආඩම්බරකාර කතා කියපු ඔබ,

මම බලාපොරොත්තු වුනු  මාන්නක්කාර   නිවැසිප්‍රධානියා  එලෙසින්ම මවා පෙන්නපු රදළ කුලයේ මාන්නක්කාර ඉඩම් හිමියා එඩ්ඩඩ්!! කහපාටින් දැල්වෙන් ගිනිඋදුනට මුහුණ ලා මට පිටුපා හිටිය ඔබ.  දුඹුරුපාට ගුප්ත ඇස් වලින් කෙලින් මාදිහා  බලාන මා තේරුම් ගන්න උත්සහ කලා ඒත් මම ඔබේ දුඹුරු ඇස් ඉස්සරහා බිය උනේ නැහැ. පුංචි ප්‍රංශ කෙල්ලට උගන්වන්න ඔබේ නිවසට ආපු ගුරුවරිය මම, ඔබේ මාන්නක්කාර කතා ඉස්සරහා සෘජු ඇස්වලින් ඔබ  දිහා බලා උන්නු තරුණ අනාථ ගුරුවරිය මම ,

ගුප්ත අඳුරු නිවස පුරාවට ඔබ ඉන්නවා බවට සලකූණු පෙන්වමින් දහවල ගත  කරන ඔබ අඳුරු රාත්‍රියේ ගිනි උඳුන අසල මත පැන් වීදුරුව සමඟ  ජීවිතේ දුක සැප කතා කරන ඔබ. මත් මතින් දොඩමලුව තමා කඩවසම්දැයි මගෙන් ඇසුව ඔබ.. එඩ්වඩ්!!

ජීවිතේ කිසිම දිනක ඔබවන් ස්වාමියෙක්  නොපතපු මාව ඔබේ මනාලිය වන තැනට අසරණ කරන්න කොයි  තරම් නම් මායම් කලාද මගේ තරුණ හිත ගාව.

රදළ යුවතියන් සමඟ රඟමින්.  ඔවුන් ඉදිරියේ මා සමච්චල් කරමින්. ආඩම්බර කාර ඇස්වලින් මාගේ හිත අසරණ කරපු ඔබ..

එක හීතල හැන්දෑවක පොඳ වැස්සේ තෙමෙන් ගමන් මගේ ආදෙර් ඉල්ලපු එඩ්වඩ්, සුදුපාට  මඟුල් ඇඳුමෙන් සැරසුනු මාව මනාලිය කර ගන්න හීන දැකපු එඩ්වඩ්!!

ඒ ආඩම්බරකාර  දුඹුරු පාට ඇස් දෙකේ දිස්නය අහිමි වෙලත් මගේ උණුසුමින් මාව අඳුන ගන්න පුළුවන් තරමට මගේ හුස්ම පොදට ආදරේ කරපු ආඩම්බරකාර එඩ්වඩ්!!

මම ඔබේ ආදර ජේන්.




එඩ්වඩ්!! .......යෝර්කී රාජකීය පෙළපතේ ඔටුන්න හිමි 4වැනි  එඩ්වඩ් රජු. රාජකීය පැලැන්තියේ සිරිත් විරිත් පාගගෙන  ශ්‍රීමත් ජෝන් නයිට් වරයාගේ බිරිඳව අගමෙහෙසිය කරගත්...  රාජකීය අනංගයා.  එළිසබෙත් වුඩ්විල් රැජිනට රහසින් මගේ සෙනෙහස හොයාගෙන ආපු ආදරණිය පෙම්වතා..

ආදරණිය එඩ්වඩ්!!    වංශවත් ඉංග්‍රීසි නයිට් වරුන්, සාමි වරුන්,  මගේ ආදරේ පතාගෙන මගේ රෑපයට වශීවිගෙන මගේ අත පතදද්දි  ලන්ඩනයේ උදවිය මට කිව්වේ ලන්ඩනයේ රෝස කුසුම කියලා.

විවාහය ආදරය මායිම් නොකරපු මම විවාහ උනේ  වසර පහලොවක් වැඩිමහළු විලියම් සමඟ.. මගේ මනමාලයා ඔහු රන් කරුවෙක්,  ඒත් මගේ විවාහය ලන්සුවට තිබ්බේ ඔබේ ප්‍රංශ සංචාරය නිමවීමත් සමඟ එඩ්වඩ්, මම ඔයාට ආදරේ කලා වශි උනා.

මතකද ඔබ මා  ගැන කල හැඳින්වීම.

"ඇසුරේදී මන බඳින ඔනෑමදෙයකට ඉක්මනින් බුද්ධිමත් පිළිතුරක්  දීමට ඉවක් ඇති ගැහැණිය, ...... එසේම... ප්‍රීතිමත්ම , බුද්ධිමත්ම.. ජූජනීයම පෙම්වතිය..... "

මට එහෙම ආදරේ කරපු  ඔබ අවසන් හුස්ම හෙලුවේ මගේ ජීවිතේ අදුරක තනි කරලා බව ඇත්ත... ඔවුන් මට වෛර කලා.. ඔබේ පුතා ජූනියර් එඩ්වඩ් අවුරුදු පහක පොඩි එකා.. ඔබේ බිරිඳ එළිසබෙත් වුඩ්විල්..

ඔවුන් මාව සිරගත කලා.. ප්‍රසිද්ධ වෛශ්‍යාවකට මෙන් දඩුවම් කලා.. ඉරිදාවක ගල් බොරළු සහිත මාවතක සැහැල්ලු කබායක් සහ යට ගවොමක් සමණක් හැඳ ඉටිපිහනක් අතැතිව යන්න නියම කලා.. ඒ එඩ්වඩ් මම ඔබට ආදරේ කරපු පාපයට... ඒත් මම ලන්ඩනයේ රෝස කුසුම විදියට ඒ  දඩුවම ආත්මාභිමානයෙන් විඳදරා ගත්තා ඒ ඔබේ ආදරේ නාමයෙන්.. !!

මම ඔබේ ජේන් ෂෝ.



ප:ලි

මගේ හිතට වැදුනු නම් දෙකක් ඒ එඩ්වඩ් සහ ජේන්..

ඒ අය මට හුමුවුනු ආකාර දෙකක්.. මොහොතට ජේන් වෙන්න උත්සහ කලා පමණයි :) 


7 comments:

  1. ලස්සනයි. ජේන් අයර් මම එකම එක පාරයි කියෙව්වෙ. ආපහු කියවන්න කොයි තරම් අවස්ථා ලැබුණත් හිතා මතාම කියවන එක මග ඇරියා. ඒ මුල්ම කියවද්දි දැනුන ඒ හැඟීම හැමදාටම තියා ගන්න ආස කරපු නිසා. මම ජේන් නම් කියල හිතුණ වාර අනන්තයි.

    ReplyDelete
  2. මේක ෆිල්ම් එකක කතාවක්ද අක්කේ?? කොහොම නමුත් ලියලා තියෙන ටිකනම් ලස්සනයි..

    ReplyDelete
  3. Anonymous4:44:00 PM

    ජේන් කියන්නේ මගේ ජීවිතේ ලොකු තැනක් තියෙන පරමාදර්ශී (මට අනුව) චරිතයක්. අලුත් ජේන් එයර් චිත්‍රපටිය බලල මාත් ජේන් ගැන ලිව්වා මෙහෙම.

    ජේන් කියද්දී මට මතක් වෙන වචන කීපයක් තියේ : moral fibre, self respect, passion... මේවායේ සිංහල පරිවර්තනේ දෙන්න මගේ දැනුම මදි. ඒ ගැන සමාවෙන්න.

    ReplyDelete
  4. harima lassanayi. meka film ekakda?

    ReplyDelete
  5. Anonymous6:54:00 AM

    නියමයි... තව විස්තරයකුත් දැම්මනම්....

    ReplyDelete
  6. කතා පොතක සීන් එකක් වගේ !

    ReplyDelete
  7. @ සංජුවා අක්කා... මට එකේ අනිත් පැත්ත... මම සින්හල පරිවර්ථනය කියෙව්වා ඊලඟට අළුත් ෆිල්ම් එක බැලුවා.. දැන් ඉංග්‍රීසි පොතත් හෙයනවා කියවන්න.. ජේන් එයර් ඒතරම් ජීවිතේට සමීපයි...

    @@ දිනේෂ් මල්ලී.. සහ වර්ණා නංගි

    (දෙන්නාම අහන්නේ එකම පුශ්නේ නිසා)
    ජේන් එයර් කියන්නේ ඉංග්‍රිසි සාහිත්‍ය පොතක් ෆිල්ම් එකකුත් තියෙනවා
    ජේන් ෂෝ නම් මට අහම්බෙන් හමුවුනු චරිතයක්

    @ Metropolisoflove

    අමා
    ඔයාගේ ලියමනත් කිවේවා.. ඇත්තටම ඉංග්‍රීසි සාහිත්‍යය කියන්නේ පුදුමාකාර සුන්දර නැතක් තව කොයි තඑම් චරිත ඉන්නවාද... මම ඒ අය ගැනත් හොයනවා.. ඔයා දන්න අය ඉන්නවානම් මටත් කියන්න.. මට හොඳ කම්පෑනියන් කෙනක් වේවි ඔයා :)


    @මාළුවා
    කලබලෙන් වගේ ලීවේ... ඇත්ත මම මේක ලියන්න ප්ලෑන් කරද්දි මීට වඩා ලියන්න කල්පනා කලා.. ඒත් ලියන්න ගත්තේ රාහු කාලේ.. ඒ නිසා පොඩ්ඩක් අවුල් ගියා.. ඇත්ත මගේ හිතට මදි මේ ලිපිය..

    @සෑම්
    කතාපොතක් චිත්‍රපටයක් වගේම.. ජේන් කියන්නේ ලියන කියවන අයගේ හීන චරිතයක්.. මම දකින විදියට :)

    ReplyDelete