Mar 7, 2012

My Dear Ladies | හෙවත් පෞද්ගලික ලේකම්ගේ කතාව


 A Very good morning  to all of you, අද මම ගොඩාක් සන්තෝස වෙනවා සභාපති තුමා වෙනුවෙන් අපේ සමාගමේ  ladiesලා එක්ක කතා කරන්න ලැබීම ගැන, ones a year කෙනෙකුට ලැබෙන මේ chance එක මේ පාර  ලැබෙන්නේ මට කියලා දැනගත්තහම Oh !! I couldn't believe it, any way.

(ස්ට්‍රෙට් කරපු කොන්ඩේ දිගේ ඇඟිලි ටික යැවීම)

අද මම ඔයාලාව පර්සනලි ඇඩ්‍රස් කරන්න හඳන්නේ අපේ සමාගෙමේ ඉඳිරි දියුණුවට ඔයාලා අතින් වෙන්න පුළුළුන් mistakes කියන මාතෘකාවෙන්.

And You all know my dear ladies, ඔයාලා මම අපි හැමෝම මේ  සමාගමේ කකුලෙන් හිටගෙන ඉන්නේ අපේ 64 strategies  වලට පින් සිද්ද වෙන්න ඒ  නිසා, please give a big hand to our 64 strategies.

(ගහපියව් බොලව් අත්පුඩියක්.. තව ...... විසිල් !! විසිල්!! )

Oh... Thank you….. thank you so much  ඇන්ඩි අපි දැන් කතා කරලා බලමු එක එක ස්ට්‍රඅටර්ජීස් ගැන වෙන වෙනම

ඉස්සෙල්ලාම අපි කතා කරමු  අපේ දැක්ම ගැන තියෙන ටොපික්ස් ටික ගැන නෙතඟ බැල්ම  , ඇස කරකැවීම , ඇස්‌ විටින් විට පියවීම, ඇස්‌ නෙරවා බැලීම, වරින් වර බැලීම,  ඇස්‌ අඩක්‌ වසා බැලීම,  ඇස්‌ සම්පූර්ණයෙන් විටක වැසීම,  ඉවත බලා සිටීම.

ඔහ්!!  ඩෑම්.. ඔයාලා ඔය හැම දිවියකටම බලන්න It's ok..  ඒත් I know  ඔෆිස් එකේ ඉන්න හැන්ඩ්සම් බෝයිස්ලා දිහා බලුවට ඔයාලා වැඩ පාඩු කරන්නේනෑ කියලා... And another thing එහෙම බැලුවේ නැත්නම් සමහර ජෙන්ට්ලිමන්ලා ගස්සාගෙන යනවා මෙයාලා කිසිම වැඩක් කර ගන්න වෙන්නේ නෑ....

හැබැයි රජෝ.. බොස් දිහා බලන්න එපා... බොස්ගේ  වයිෆ් ඔව්වාට ආසම නෑ...
(සිතෙන්: මාත් නෑ)



ඔකේ ladies දැන් අනිත් කැටගරි එක, යමක්‌ සිඹගැනීම, නාසය අකුලුවා ගැනීම, සුසුම් හෙළීම, ඔෆ්කෝස් you have to do these things  හුස්ම ගත්තේ නැත්නම් මැරිලා යයිනේ.. අනේනේ ප්ලීස්.. අපේ කම්පනි එකට ඒ තරම සල්ලි නෑ එක පාර ගොඩක් අයගේ ෆියුනරල් වලට  වියදම් කරන්න,  අනිත් එක.. නෙක්ස්ට්  මන්ත් මායි බොසුයි  ෆොරින් ටුවර් එක්ක යන්න  ඉන්න නිසා ෆන්ඩ්ස් සේව් කරන්න ඔනි..

  And next කට කොනින් සිනාසීම, තොල පිට පෙරළා සිනාසීම, කොක්‌ හඬලා හයියෙන් සිනාසීම, තොලින් තොල පටලැවීම, බොරුවට කැස්‌සක්‌ ඇති කරගැනීම, දිව දික්‌කිරීම, දිව සපමින් සිටීම, දිව ඒ මේ අත නැටවීම, කාරා කාරා එය යටපත් කිරීම, රෙද්ද නැවත නැවත ඇඳීම ( ඩ්‍රෙස් එක ඇරේන්ජ් කිරීම සහ මේකප් නැතව නැවත දැමීම ),  පැළඳි ආභරණ විටින් විට නැවත නැවත අතගෑම ඔහ්!!  මයි ගෝඩ් ( බොස් ;) )  ඇත්තටම මයි ඩියර් ලේඩීස් Do  have you time to do these things ?

නෑ මමනම් පිළි ගන්නේ නැහැ.. මම දන්නවා ඔයාලාට ඔව්වා කරනවාට වඩා කරන්න දේවල් ඔනි තරම් තියෙනවාද..  So මම මොඩරන් ටොපික්ස් ටිකකට යන්නම්..

දැන් කල්පනා කරන්න උදේම ඔෆිස් අව ගමන් ඔයාලා කරන්නේ මොනවද කියලා.  හස්බන්ඩ් ගෙයි බබාගෙයි  මදර් ඉන් ලෝ ගෙයි වැරදි කියනවා එක්කෙනක්.. ඔහ් නෝ....!! අනිත් කෙනා කියන්නේ එයාලාගේ හොඳ...

ඊලඟ දවසේ හොඳ කියපු කෙනා වැරදි කියලා වැරදි කියපු කෙනා හොඳ කියනවා....  Oh !! Shit.........  what a F**

Oh !! I apologize, sorry am so sorry, I forgot that  I have to be too professional .

(වතුර වීදුරුව පානය කර දෑගිලි වලින් නෙත් පොඩි කරගනිමින් මදක් නිහඬව සිටී)


And next ඔෆිස් එකේ ඉන්න ජෙන්ස්ලාගේ වයිෆිව ක්‍රිටිසයිස් කරන්නත් ඔයාලා  ටැලන්ට්ටඩ්නේ, .. අන්න ඒ ටැලන්ට් එක ඔයාලා ගන්න ඔන අපේ කම්පනි එක පැත්තෙන් ඇඩ්වාන්ටේජ් එකකට, If  you are smart :  try to criticize  our competitors, in front of  කස්ටමර්ස්,

And always be ජෙලර්සී... හැමෝටම  ඒත් not  to me ( වෙරෝනිකා දෙසට දෑස් සහ දඹරැඟිල්ල දිගුකොට) මම දන්නවා ඔයාලා මටත් ජෙලස් කියලා.. Who cares…. (සමව්වල් සිනාවක් මුවට නඟා ගනිමින්)  මම තවත් දන්නවා මට ජෙලස් වෙන්නේ coz  am too smart (සෙකට්‍රි නිල ඇඳුමේ කොලරය අතින් සකසමින්) ,
 ඇන්ඩ් ඔල් සෝ... ඔයාලා මට ජෙලස් වෙන්න වෙන්න මම ප්‍රවුඩ් වෙනවා. සෝ ප්ලීස් ස්ටොප් දැට්.

ඇන්ඩ් මිසිස් ග්ලැරීඩා. දිස් ඉස් පර්සනල් බට් අයි හැවු ටු සේ..

මම ප්‍රෙජෙක්ට් ABC එකෙන් අයින් උනේ මට එතන ඉන්න ඔනි නැති නිසා.. අයි ටෝල්ඩ් බොස් , දැට් අයි කාන්ට්. ඔයා ඒකට පස්සේ ඔළුව දාගත්තාට හිතන්න එපා ඔයා ලොකු වැඩක් කලා කියලා.. මට පේන්න උඩ පැන්නාට මම දන්නවා  you can’t  act like me. Coz am smarter than you.

ඒ නැතත් ඔයා හිතනවාද  මිස්ටර් පෝල් එක්ක වැඩ කරන්න ලැබීම ඩිස්නි කැරැක්ටර් එක්ක ලැබුනු වැඩක් කියලා. No my  dear, මිස්ටර් පෝල් ස්මාර්ට්නම්. මේ මිස් සෙකට්‍රි කවදාවත් එයාව රිජෙක්ට් කරන්නෑ.

අනික මිස් වෙරෝනිකා. I have enough work other than searching  gossips about you .. Nothing to  search since you are acting publicly, And for me you a just a water balloon, with just one pinch you will blast. සෝ ප්ලීස් ඔයා ගැන මම බොස්ට කේලාමි කියනවා කියලා තැන තැන කියන එක  නතර කරන්න. 

(ආඩම්බරයෙන් කාන්තාවන් දෙස බලමින්: කාන්තාවන් කටවල් ඇරගෙන සෙකට්‍රි නංගි දෙස බලමින්)

මද නිහැඬයාවක්

Oh  my dear ladies…..  ( අවිහංසක කෝමල සිනාවක් මුවට නගා ගනිමින්)

ප්ලීස් ඔයාලාගේ ටැලන්ට් සේරම අපේ කම්පනි එකේ දියුණුවටම යූස් කරන්න. මම ගොඩක් කතා කරන්න යන්නේ නැහැ.. මට බොස් එක අපොයින්මන්ට් එක්ක තියෙනවා.. මාව අහගෙන හිටියාට ස්තූතියි!! THANK YOU SO MUCH

Wish you a happy Ladies day 2012 !!

(ඔපිස් කාමරය පිරෙන්නට මහා අත්පොලසන්නාදයක් සමඟ විසිල් හඬ!!)

ප:ලී
  තොප්පි කියා දෙයක් නැත!! සියලු කාන්තාවන් තමා ගැන සිතා සිටිනා තරමටම ඔවුන් පරිපුර්ණ නොවන්නේය. ඔබ යහපත් පර්පුර්ණ ගැහැනියක්නම් ඉහත විවේචනයට ලක්කල දුර්ගුනයන්ගෙන් මිදිය යුත්තේ වන්නෝය..


සැමට සුබ කාන්තා දිනයක් වේවා


ප: ප: ලී

අයියෝ.. මීට වඩා  ලියන්න තිවුනා..  හය වෙලා නොදෑනිම :( 

16 comments:

  1. ඔය ගුන කෙසේ වෙතත් ඔන්න මමත් සුභම සුභ කන්තා දිනයක් වේවා කියලා සුභ පැතුවා....

    කන්තාවන්ට එක දිනයයි.... අනිත් ඔක්කොම දින පිරිමින්ටද? (නොදන්න නිසා අහන්නේ)

    ReplyDelete
  2. සුභම සුභ කන්තා දිනයක් වේවා .......!

    ReplyDelete
  3. හී හී...සුබ කාන්තා දිනයක් වේවා ඔයාටත්. නියම කතාව හොඳේ...

    ReplyDelete
  4. එහෙනම් අක්කටත් සුභම සුභ කාන්තා දිනයක් වේවා....!!!!

    ReplyDelete
  5. හික්ස්.... නියම උපදෙස් ටික.. අනුගමනය කරන්න කරන්න වටිනවා.

    සුභ සුභම කාන්තා දිනයක් වේවා..:D

    ReplyDelete
  6. සුපිරි කතාව..දැනං හිටියෙ නැති හැට හතරෙන් ගොඩක් දැනගත්තා..
    අදවත් පාවිච්චි කරන්නෝනෑ..:D

    ReplyDelete
  7. මට ගොඩක් දේවල් තේරුනේ නෑ..අනේ මන්ද

    ReplyDelete
  8. සුභම සුභ කාන්තා දිනයක් වේවා!!

    ඒක නෙමෙයි අක්කේ කෝ කතාව? ඒක පරක්කු කරන්න එපෝ....

    ReplyDelete
  9. සුභ කාන්තා දිනයක් වේවා

    ReplyDelete
  10. ඔන්න මාත් බැලුවා සුභ කාන්තා දිනයක් පතනවා !

    ReplyDelete
  11. අලෙ හංසි අක්කව හෙටම ගන්නවා කාන්තා කිරිකට් කණ්ඩායමෙ පිටදඟ පන්දු යවන්නියක් විදියට.. හික්zz .... යකඩො මෙ වගෙ බොලෙ දඟ කවන්න බැ අපෙ මුරලිටවත් .... :D :D
    thumbs up hansi akke (Y)

    ReplyDelete
  12. හැට හතර ගැන කියපු ටිකත් වටිනව. මං හිතන්නෙ දැන් අපේ රටේ කාන්තා දින ඕර්ගනයිස් කරන එවුං කතා කරන ස්ටයිල් එක ඔයා නියමෙට ‍ෆලෝ කරල තියෙනව.
    කාන්තාවන්ට ඒක තේරුනාද දන්නෑ.

    ReplyDelete
  13. හොඳ කාන්තා සංවිධානයක සාමාජිකාවක් වගේ

    ReplyDelete
  14. කාන්තා දිනේ නිසාද??

    ඇයි බොල 365 දවසම එයාලගෙ සද්ද අහං ඉදලා අද දවසත් එයාලට දුන්නේ..

    ReplyDelete
  15. ෂැහ්... ඇන් ජී ඕ එකක් දාලා දෙන්න වටිනවා කාන්තා අයිතිවාසිකම් සුරකින... ! සුබ මෙව්වා එකක් වේවා එහෙනම්!

    ReplyDelete
  16. ගැහැනු ළමයෙක්ගෙ කටින්ම ආපු එක තමයි වටින්නේ!

    ReplyDelete