Feb 10, 2011

මතක බණවර

සසර සුපුරුදු නැවතුමට ගිය
බිඳුනු ඔරුවේ හබල මම විය
නුඹට නොව ඔය හිතට පෙම් බැදි
සිත තනිව විදි පෙම නිමාවිය

සොහොන් ගතවු ඒ පුරාවත
දැන නොදැන උන් දනන් බොමය
නුඹට කියනට බැරිව ලතැවුණු
සෙනෙහසේ මළගම නිමාවිය

මංමුලාවු බොළද සිතිවිලි
පාළු මංසල විසිර ගිය තැන
අහිම් ප්‍රෙමයේ දෙන උහාගෙන
මතක බණවර අසමි හෙට දින

3 comments:

  1. Anonymous9:36:00 PM

    සසර පුරුද්දෙන් සොයා ගිය
    අහිංසක සිතක් ලග නැවතුන
    සරා සඳ පෙම් බදින අහසක
    කිම පිපුනෙ තනි තරුව විලසට

    සොහාන් ගත වුනිද නුඹෙ පුරාවත
    පෙමට ගරහනු ඈයි තලා නුඹ
    සිතනු කෙලෙසද සඳ දුරස් බව
    පෑයු විලසට අහසේ ඇති කළ

    පාලු කතරක මංමුලාවුන
    අනන්තය වෙත පිය මනින සසරක
    එපා කිසි විට සිතනු මෙලෙසක
    ඒ සරා සඳ ඇතිය පායා අහස මත

    ReplyDelete
  2. කවියේ වැරදි නිවරරදි කර කවි රසය මතු කල කවි අයියාට (කවිකාරයා) හද පිරි ස්තූතිය....

    ReplyDelete
  3. මේ පාපය කල ගෝතයාට හැම ආත්මයකම කෙල්ලෙක් නොලැබේවා!!!

    ReplyDelete