මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jan 3, 2012

මුදලාලි ආතා.

සිලි සිලි හඬින් නද දෙන පන්සල් භූමිය ගොම්මන් අඳුරෙන් වැසී  යන්නට ගත වුයේ සුළු වේලාවකි. බෝධි පුජාවට සාභාගි වු  බැතිමතුන්  හෙමිහෙමින් ගල් පඩිපෙල බසිද්දි අත්තම්මාත් මමත් දෙදෙනා ගමන ඉක්මන් කෙරුවෙමු. එහෙත් අපේ අරමුණ කරා යන්නට අපගේ සුළු ප්‍රමාදය හේතුවිය. 

“අයියෝ.!! අන්න පාන් කඩේ බස් එකත් යනවා... දැන්  ඉතින් පයින් තමයි යන්න වෙන්නේ...!!“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.

“දැන් ඉතින් වෙන මොනවා කරන්නද සුදු දෝනි ඔන්න ඔහේ කතාවක් දාගෙන යමු.. හඳත් පායගෙන එනවනේ.. “ අත්තම්මා සැනසිලිදායක හැඬින් පවසා සාමාන්‍ය ගමනින් ගල් පඩි පෙල බසින්නට වුවාය.

පන්සලේ සිට නිවසට ඇති සැතපුම්  කිහිපය පාගමනින් යෑම කවදත් මට හිසරදයකි. පයින් ගමන ප්‍රිය නොකල නිසාම පන්සල් යෑම විශේෂිත පොහෝදිනකට පමණක් සීමා විය. එහෙත් අත්තම්මාට එය මහ දුරක් නොවේ ඇය සතියට දෙතුන් වරක්වත් පන්සල් ගියාය. මගේ තරුණ සිතිවිලි  ඇය විවේචනය කලේ විකාර වැඩ කරන්නියක් ලෙසිනි. නමුත් පන්සල් බිමට පය තෑබු විට සිතිවිලි වලට දැනෙන නිදහස හා ශන්ත බව මමද නොමසුරුව විඳ ගනිමි.

“ ගමේ අය එකතු වෙලා උඩහා කන්දේ පන්සලක් හදන්න නේද අත්තම්මා උන්නේ.... ඇයි තාම ඒක පටන් ගත්තේ නැත්තේ? “ පයින්ම නිවස කරා එන අතරතුරේ මම විමසිලිමත් වුවෙමි.

“ අර නාකි මනුස්සයා නඩු කියන්න පටන් ගත්තනේ..“ අත්තම්මා කිවේ නොරිස්සුමිනි.

“මොන...?“

“ඇයි අර මුදලාලි උන්දෑ.. ඉඩමට නඩු කියන්න පටන් ගත්තනේ..“

“මොකක්!! ඒ කැලෑවටත් අයිති කාරයෙක් ඉන්නවද.. අනේ හැබෑට.. ඔකේ තියෙන තරමක් තියෙන්නේ කැලෑ මීවනයි තිරුවාණා ගලුයිනේ.. ඔයාට මකතද  ඉස්සර චමරි අක්කයි මායි ඒ කන්දේ මීවන අතු කඩන්න යනවා..“  කුඩා අවදියේ සුන්දර මතකයන් අතරට යමින් මම පැවසීමි.

“හ්ම්ම්ම් තිරිවානා ගල් උනත් ඉඩම මිනිහට වටිනවා කියන්නේ... ඩොසරේ දාලා පාර කප්පපු දවසේ ආවේ ඔය සරමත් කරට අරන් මිනිස්සුනට බැනගෙන.. දැන් ඔන්න නඩු කියනවලු ගමේ මිනිස්සු එක්ක...“ අත්තම්මාගේ ස්වරයේ කලකිරිණු ස්වභාවයක් විය.

“ කවුද අත්තම්මා මුදලාලි උන්දෑ කියන්නේ...?“

“ඇයි ළමයෝ අහලා නැද්ද අර එළවලු තොග කඩේ පත්මේ මුදලාලිගේ තාත්තා.. ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි ආතා  කියලා“

“පත්මේ මුදලාලි කියන්නේ සල්ලි කාරයෙක්නේ.. ඉතින් ඔය මනුස්සයා කරන දන් පින වල හැටියට පුදුමයි ඔය ඉඩං කෑල්ලට ලෝබ උනා.“

“පත්මේ මුදලාලි දන් පින් කරාට මහ මනුස්සයා කුනු ලෝබයා.  කුඩු කේඩු කම් කරලමයි වයසට ගියේ...“

“ අනේ මන්දා.. ඒ ඉඩම ලැබුනනම් අපිටත් ගමට පන්සලක් තියෙනවා.. කොව්වර උනත් දැන් අපි යන්නේ අනුන්ගේ ගමක පන්සලකටනේ..“

“අනුන්ගේ වෙන්නේ කොයිද ළමයෝ.. මේක ඔයාගේ ආතාගේ ගම... මේ පන්සලට අපිටත් අයිතියක් තියෙනවා“

“ ඒ උනාට ඉතින් හැතැප්ම ගානක් පයින් බඩ ගාන්න ඔනිනේ...“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.

**ℓℓℓℓℓℓℓ**

“අන්න අප්පච්චිලා හෙට ලොකු පිනක් කර ගන්න යනවා..“ පොතකට මුහුන ඔබා සිටි මගේ හිස කෙස් වලට පොල්තෙල් අතුල්ලන අතර අම්මා කිවාය..

“හෙට ඉතින් පොසොන් පෝය වෙච්චි එකේ කවුරු කවුරුත් පින් තමා කරන්නේ..“ මම සරදම් කලෙමි..

“ විහිලු නෙවෙයි ළමයෝ... තකහනියක් පෙරේරා සර් ලඟට ගිහින් නැකත් බැලවේවා හෙට අර ලයිට් කණුව පල්ලෙහා ගල් ගොඩේ බෝධියක් හිටවනවා කියන්නේ,  ඔන්න දැන් උදැල්ක් උස්සගෙන ගියා වට පිටාව සුද්ද කරන්න.. ගමේ කොල්ලෝ සේරම එකතු වෙනවා කියන්නේ.“ 
අම්මා විස්තර කලේ ඇඟිලි තුඩු වලින් මගේ හිස සම්භානය කරමින්මය.

“එහෙනම් අම්මේ අපි ගිහින් උදව් කරමු.... හරි නෑනේ.. අනික අපේ අල්ලපු වැටනේ.. “ නැවුම් උනන්දුවකින් මා නැගී සිටියේ බෝ සෙවනක ගොම්මන් වාමය ගත කරන සුන්දඑ කාලය දුර ඇතක නොන බැව වැටහුනු නිසාවෙනි.

“ඔයා  ගිහින් කීදෙනකේද ඉන්නේ කියලා බලන්න.. එන ගමන් කඩෙන් බිස්කට් මොනවා හරිත් ගේන්න අපි තේ ටිකක් හදාගෙනම යමු..“ අම්මා කීවේ නැවුම් උනන්දුවකිනි.

“ හරි.... අපිත් පිනක් කර ගන්න එපායෑ.. ඔන්න බිස්කට් මගේ ගානේ..“ කියමින් මම මිටින් හල කිරිල්ලියකසේ  එම ස්ථානයට දිවගියෙමි.

ප්‍රධාන පාරට මුහුනලා පිහිටි ඉඩම විශාල කළු  ගලක් සහිත කටු පඳුරු පිරුණු භුමියකි. එය අයත් වුයේ ගමේ දුප්පත් තරුණ සහොදරයින් දෙනෙකුටය. කෙනෙකු කිරි හරකුන් සහ කුකුලන් ඇති කරමින්  කිරි හා බිත්තර වලින් ලැබෙන ආදායමින් ජීවත් වන අතර අනෙකා ගමේ වතු වල දවසේ පඩියට කුලී වැඩ කරමින් ජීවත් වෙයි.

උදාවු පොහෝදින  සෙත් පිරිත් හඬ මැද්දේ අභි නව බෝධිය රෝපණය කෙරිනි. එම අවස්ථාවට සාභාගී වු හිමි නම පවා  ඉඩම ලබා දුන් තරුණයින්ට පැසසු සේක.

**ℓℓℓℓℓℓℓ**

 බෝධිය කෙමෙන් වැඩෙනනට විය ප්‍රෙදශයේ දානපතීන් බුදු කුටියක් ඉදිකිරීමට නොමසුරුව ආධාර කලෝය. ගමේ මේසන් වරු තම තමන්ගේ විවේක වේලාවන්හීදි කැපවී වැඩ කරමින් බුදු කුටියේ වැඩ කලෝය. සියලු දෙනාගේ සිත් වල බලා පොරොත්තු පහන් දල්වමින් බෝධින් වහන්සේගේ රන්වන් පැහැයෙන් දළුලමින් වැඩුනු සේක්.. 

එහෙත් ගමේම ඊට විරුද්ද කල්ලියක් විය. ඔවුන් බෝධින් වහන්සේට කිරි වත් කොට නැවුම් දළු කරවන්නට සැලසුවෝය. එහෙත් සැදැහැතියන් නොසැලී දිවා රෑ වෙහෛසී බොධින් වහන්සේ රැක ගැනීමට කට යුතු යෙදුවෝය.

දිනක උදෑසන කාලයේ නිදි ගැට කඩමින් මිදුලේ තණ බිස්සේ සක්මන් කරමින් සිටි මට දෙවැට දෙසින් අත්තම්මාගේ  හඬ ඇසි විපරම් කලෙමි...

“ආ... නැන්දා.. මල ගෙදර යන්නේ නෑද?“ හරක් දක්කාගෙන  යමින් සිටි තරුණයා අත්තම්මාගෙනි ව්මසුවේය.

“කවුද.. පුතා.. ආරංචි උනේ නැහැනේ...“ අත්තම්මා කුතුහලයෙන් යුතුව ඔහු දෙම බලා ඇසුවාය.

“ඇයි මුදලාලි ආතා.. ඔන්න ඊයේ හවස පරලොව ගියාලු... “ සමච්චල් හඬන් කියා ඔහු හරකුන්ට කෙවිටෙත් තැලුවේය

“හැබෑට!! එහෙනම් යන්න වෙයි නේද... පුතා ඔය  ගමන්ම යනවද....“

“ දැන් බෑ නැන්දා.. අර උඩහා කන්දේ ඉඩම අරන් යනන් ඔනි.. උන්දෑගේ පෙට්ටියට දාන්න..“ සමච්චලයට කියා ඔහු හරකුන් දක්කාගෙන කන්ද පහලට ගියේය..

“ඔය මනුස්සයාට එහෙම කියන එක වැරදියි. පන්සල හදන්න ඉඩම කවුරුත් ඒ මනුස්සයාගෙන් ඉල්ලලා නැහැ. මේ  මිනිස්සු බලෙන් ගිහින් ඉඩම සුද්ද කරද්දි ඒ ආතා ඇවිත්.. ඇයි අහපු වෙලේ  අම්මා අප්පා මකත් කරලා කුණුහරුපෙන් බැනලා.. ඒකනේ ඔය ඉඩම දෙන්න බෑ කියලා තියෙන්නේ“ මෙතෙක් වෙලා පත්තරයට මුහුණ ඔබා සිටි අප්ච්චී කණ්නාඩි කුට්ටමට ඉහලින් බලමින් කීවේය. 

8 comments:

  1. සමහර සල්ලි තියෙන මිනිස්සු දෙයක් කාටවත් දෙන්න ලෝබයි...

    ReplyDelete
  2. මම හිටියා නම් මාත් යනවා උදවු වෙන්න. මාත් ඔය පින් අතේ වැඩ වලට සෑහෙන මනාපයි. අපේ පන්සලේ බෝධිය හදන වැඩ වලටත් ගියා.

    ReplyDelete
  3. කථාවනං නියමයි කොහොමද මූන හකුලන්නේ?....කී පාරක් මූන හැකුලුවද....

    ReplyDelete
  4. අප්පච්චි විචාර බුද්දිය තියෙන මනුස්සයෙක් වගේ . . .

    අර කිව්වත් වගේ කිසි කෙනෙක් හොයන්නේ බලන්නේ නැතුව නැතුව අන්තිමට මුදලාලි ආතට ලේබල් ගහලා ලෝබයා කියලා . .

    ලස්සනයි . .

    හොඳට ලියලා තියෙනවා නගේ.

    ReplyDelete
  5. පත්මේ මුදලාලිට කීවනම් ප්‍රස්නේ ගොඩ දාගන්න තිබ්බනේ ....

    ReplyDelete
  6. @ දිනේෂ් මල්ලි...
    ඇත්ත තමා මල්ලි තියෙන මන්ස්සයා දෙයක් දෙන්න ගියාම හිතනවා වැඩියි දුප්පතාට දෙන්න නැති නිසා දුක් වෙනවා

    @ මධුරංග මල්ලි
    අපේ ආත්තම්මනම් යනවා රට පුරා මහමෙව්නාව භාවනා අසපු හදන තැන් වලට.. ඔයාට ලඟ පාතත් ඇති එහෙම තැන්.. :)


    @ ඔබ නොදු‍ටු ලොවක්

    හි.. හි.. මුණ කැත කරන් අප්සට් එකේ ඉන්නේ අන්න ඒ වෙලාවට මුණ නිකම්ම ඇකිලෙනවා යාළු..:D


    @ දුකා අයියා.

    බොහෝම ස්තූතියි අය්යේ..

    @ තනිකඩ
    තාත්තගේම පුතා නොවෑ ඉඩං වලට ලෝබ ඇති :) :)

    ReplyDelete
  7. තවත් දිගට උනත් ලියන්ට තිබුනු හොඳ කතාවක්.

    හැබැයි ඔය තණ්හාව හැම කෙනෙකුටම පොදු දෙයක්. ඒකට දුප්පත්, පෝස්ත් භෙදයක් තියනවා කියලා හිතන්ට අමාරුයි.

    ReplyDelete
  8. ඔයාලට තාත්ත කිව්වා වගේ මුදලාලි ආතාගෙන් අහලාම ඔය වැඩේ පටන් ගන්නයි තිබ්බේ....
    (ඔයා ආතාව මුලින් කළු පාට කරලා පෙන්නලා මැරුණට පස්සේ එක පාරට එයාට සුදු හුණු ටිකක් ගාලා
    හරියට අර මළගෙවල්වල කරන කතා වලදී වගේ)

    කමක් නැහැ ඒකෙත් වරදක් නැහැ වගේ.... :))

    ReplyDelete