මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jan 23, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 2කොටස

“සුදු මැණිකේ නැගිටින්න... දැන් හයට ලඟයි....“ කේතකීට අත්තම්මාගේ හඬ ඇසුනේ සිහිනයක් මෙනි.

“හ්ම්ම්ම්ම්ම්.....“ කියමින් ඇය අනෙක් ඇලයට හැරී යලිත් නිදන්නට  වුවාය .

“ අනේ අනේ... අද යන්නේ නැද්ද.. රෑට රෑ වෙනකල් ඇහැරිලා ඉන්නවා. පාන්දර ජාමේ නිදාගෙන අපිටයි වදේ උදේට ඇහැරවන්න ගියාම... ඔනි එකක් කර ගන්න මම යනවා යන්න..“ පොඩි නොනා  කේතකීට දොස් පවරමින් යන්නට හැරානාය.

“ඇහැරිලා ඉන්නේ පොඩි නෝනේ.... ඔය හැටි තරහා ගන්න එපා.. ඔය මදෑ වයසට ගියා..“ කේතකී සුපුරුදු ලෙස අත්තම්මා සමඟ සුරතල් වූවාය.

“මාත් එක්ක කෝලම් කර කර ඉඳලා හරි යන්නේ නැහැ. ඉක්මනට ලෑස්ති වෙන්න දන්නවනේ ලොකු මාමාගේ තරම... බස් එකේ එන්න කියලා දාලා යයි. මට එහෙම කියාගෙන එන්න එපා ඔන්න ඊට පස්සේ..“ ජනෙල් තිරය ඇද කාමරයට මද ආලෝකය වැටෙන්නට සලස්වමින් පොඩි නෝනා කීවාය.

“අයියෝ.....ඔයා දන්නවද පොඩී.. මම හිතාන උන්නේ ලොක්කට මනමාලියෙක් ගෙනාවම සේරම මුලග්ගිනි අඩු වෙයි කියලා.. කොහේද.. තිබුනටත් වඩා වැඩි වෙලා වගේනේ..“  ඇඳෙන් පැන ජනේලයේ එල්ලෙමින් කේතකී සිනාසෙමින් කීවාය..

“ඔය හිනාව නැතිවෙයි ඇහුනනම්..යන්න යන්න ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න.. අන්තිම මොහොතේ දුවන්න ඉන්නේ නැතිව...“ පොඩි නොනා විධානාත්මක  ස්වරෙයක් කියද්දි කේතකී තුවායත් ගෙන මිදුලට පල්ලම් බැස්සාය.

සමන් පිච්ච ආරුක්කුවට යටින් වැටුනු අඩි පාර දිගේ ලිඳ වෙත යන ගමන කේතකීගේ දින චර්‍යාවේ සුන්දරතම අංගයකි. යන්තමින් හිරුමොදුවන උදෑසන කහ අන්දර වැටිය මතට වැටුණු පින්න අතගාමින් ඇවිදන් යන්නට කේතකී කවදත් ආශා කලාය. අත්තම්මා විසින් දෙපස වවන ලද කංකුං මුගුණු වැන්න, ගොටුකොල වැනි පලාවර්ග කොළ පැහැයෙන් බැබලීම කේතකීගේ සිතේ සතුට වැඩි කරන්නක් විය.

ඉඩම කෙලවරේ විශාල දිඹුල් ගස් දෙකක් අතර පිහිට ස්වභාවික ලිඳ වටා බැම්මක් ඉදිකර  ගස් වැටියට අතුරින් පහලට වැටෙන සේ සකසා තිබෙන බැවින් ඉතාමත්ම සුන්දර දසුනක් මවයි.

පාන්දර යැයි නොසලකා.. ගස් අතරින් වැටෙන සීතල වතුරෙන් කේතකී නෑවාය. හැකි සෑම දිනකම පාන්දරින් නා ගැනීමට කේතකී අශා වුවාය. එහෙත් නාගෙන නිවසට ගොඩවන විටම ඇයට අසන්නට ලැබුනේ අත්තම්මාගේත් අම්මාගේත් ගෝරණාඩුවයි..

“එනවකෝ හවසට ඔළුව බදාගෙන මම නම් හැරිලා බලන්නේ නැහැ.. අදම අප්පච්චිට කියන්න ඔනි.. ලිඳ වහන්න කියලා.. මෙයා දිය කිඳුරි වගේ ඒකේමයි.. ලෙඩ උනාම පොඩි බබා වගේ අපිටම වද දෙනවා..“ අම්මා නෝක්කාඩු කියමින් කුස්සිට ගියාය

“අපි දෙයක් කිව්වටනම් කවදාවත් අහන්නේ නෑ. අන්තිමේ ලෙඩ උනාම අපිත මයි වද විඳින්න ඔනි.. එයයිට මොකද දේවින් වහන්සේට වගේ අපි හැමදේම කරලා දෙනවනේ“ වියපත් සුදු මුහුණ රත් පැහැයට හරවාගෙන අත්තම්මා කීවාය..

“පොඩි නෝනේ.. පොඩි නෝනේ... දෙන්න කිරිත් එක්ක සමහන් එකක් මුකුත් වෙන්නේ නෑ.. ...අන්නේ...  මෙයාට තරහා ගියාම ලස්සන..“  තමාට පසුපස හරවා සිටි අත්තම්මාව වැලඳ ගෙන ඇගේ මුව සිප ගනිමින් කේතකී සුරතල් වුවාය.

“ඇති ඇති... කපටියා.. මොකක් හරි අණ්ඩ පාල වැඩක් කරලා උම්මා දිලා ෂේප් වෙන්න එනවා.. එන්වා යන්න ඔය කොන්ඩේ පිහ දාන්න තෙත කොන්ඩේ පිටින් ඒසී ඒකේ ඉඳලා පීසන හදාගන්නද යන්නේ.. අනික ඔය ඒ සී වලට කොන්ඩේ යනවා.. අපි මෙච්චර ඔක වවන්න මහන්සි වෙනවා මෙයාට කිසි ගානක් නෑ..“ අත්තම්මා කේතකීත් සමඟ ඇගේ කාමරට යමින් තව තවත් ඇයට දොස් පැවරුවාය.

කහපැහැති ටීවීටී තුවායෙන් අත්තම්මා හිස කෙස් පිස දමද්දි කේතකී කාර්‍යාලයට ඇඳිමට සුදු ඇඳුමක් තේරුවාය. කේතකීගේ උදෑසන ආහාරය රැගෙන කාමරයට පැමිණි අම්මා ඇය සූදානම් වන තුරු ඇයට කැව්වාය.

“මෙයාට හැමදේම කරලා දීලා අපියි මුලින් වැඩ වරද්ද ගත්තේ.. අම්මා ගිහින් කෑම එක ඔතන්න නැත්නම් ඒකත් දාලා තමයි අද දුවන්නේ..“ අවසන් බත්පිඩත්  කේතකීගේ මුවට ලන් කරමින් අම්මා කීවාය.

“අයියෝ.. අයියෝ.. වෙලා ගිහින් සුදු... මම කඩෙන් මෙනවා හරි ගන්නම්.. අරයට තද වෙයි.. අන්න වෑන් එක එනවා.. “ බඹ කිහිපයක් ඈතිනි පිහිටි ලොකු මාමාගේ නිවසේ ගේට්ටුව දෙස ජනේලයෙන් බලාගෙන කියූ කේතකී. ඉක්මනින් මුහුනේ පුයර බිඳක් තවරාගෙන සාලයට දිව ආවාය.

“නෑ නෑ.. කඩවල ජරාව කන්න ඔනිනෑ.. මෙන්න මම කෑම එක දාලා ඉවරයි..“ කෑම පෙට්ටිය සහ වතුර බෝතලය සහිත රෙදි බෑගය අතින් ගෙන සාලය හරහා කඩිසරව එමින් අත්තම්මා කීවාය.

අත්බෑගයත් පාවහන් යුගලත් බිම තබා බුදු කුටිය වැඳවැටුනු ඇය මිදුලේදීම අම්මාටත් අත්තම්මාටත් දණ  ඔබා වැන්දාය.

“මම යනවා පොඩ්ඩියේ.. අර මම ඊයේ ඇඳපු ටී ෂර්ට් එක පොඩ්ඩක් සෝදන්න හොඳේ.. “ ඇය අත්තම්මාව සිප ගනිමින් කීවාය..
“ඇති ඇති බටර්.. අන්න මාමා ආවා ...“ අත්තම්මා කේතකීගේ පහසින් මිදෙමින් කීවාය..

“ඔක්කේ.. බා....යි....“ ගේට්ටුව දෙසට දිව යමින් කේතකී කෑ ගැසුවාය...

කේතකී රැගත් සේනකගේ වැන් රථය නොපෙනී යන තුරුම පොඩි නෝනාත්, සකුන්කලාත් මිදුලෙහිම රැදුනෝය.

“ඇති යාන්නං යුද්දේ ඉවර උනා. අපිට උදේට කන්න මොනවා හරි හදන්ඩ ඔනි ලොක්කියේ. උදේට සුදු හාල් බත් කෑවම සීනි වැඩි වෙනවා.“  මිදුලේ වූ සිමෙන්ති බංකුව මත වාඩි වෙමින් පොඩි නෝනා කීවාය.

“ කැකුළු හාල් පිටි ඇති අම්මේ... ඉඳි ආප්ප දෙකක්වත් හදා ගමු.. කොහේද මේ සුදු මැණිකේගේ කෝලම්, කැකුළු හාල් කන්නේ නෑනේ.. දෙපාර දෙපාර උයන්න ගියාම එපා වෙනවා. අපි තමයි ඔය ළමයා ඔය හැටි හුරතල් කරලා වැඩේ වරද්ද ගත්තේ.“ පෙරදින හවස සෝදා තිබූ ඇඳුම් ම්දුලේ අන්දර වැටිය මත අතුරමින් සිටි සකුන්තලා කීවාය.

“ඔය සැප සේරම ගෙදර ඉන්නකල්නේ ලොක්කියේ.. කවුද දන්නේ එයාට මොන විදියේ මහත්තයෙක් හම්බ වෙයිද කියලා... හොඳ වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්... “ 

“නන්දන නම් කියන්නේ ඉක්මනට කාව හරි හොයලා සුදු මැණිකේගේ වැඩ කටයුතු ඉවරක් කරමු කියලා.. දැන් එයාගේ වයස හරි අම්මේ.. තව කල් තියාගෙන බැහැ..“

“හැමෝම ඔයාගේ නන්දන වගේනෑ ලොක්කී.. චූටිට සිද්ද වුනුදේ දැක්කනේ.. යෝජනා හතලිස් ගානක් ආවා.. කොච්චර හොඳ මිනිස්සු ආවාද.. අපියි වංශේ කබල් ගෑවේ.. අන්තිමේ හම්බ උනේ.. කුණු ලෝබයෙක්.. කෙල්ලටයි දරුවන්ටයි උදේට තේ එකක් බොන්න කිරි පිටි පැකට් එක්ක වත් ගේනේනේ නැති ලෝබයෙක්.. බැංකු පොත්වල සල්ලි පොදි ගහන්න විතරයි ලෝබ නැත්තේ.. සුදු මැණිකෙටත් එහෙම වෙනවට මම කැමති නෑ“ වියපත් දෙනෙත් වල මතුවු කඳලු කැට වීත්ත පොටින් පිස දමමින් පොඩී නෝනා කීවාය.

“එහෙම දෙන්නම් වාලේ දෙන්න දෙන්නේ නැ අම්මේ.. හොඳට හොයලා බලලා දෙන්නේ.. එදා මම කඩේට ගියවෙලාවේ ඉස්කෝලේ නැන්දා ඇහුවා සුදු මැණිකේ ගැන.. හසන්තලාගේ නෑ කෙනක්ට... චූටිගේ මඟුලෙන් පස්සේ මට නම් ඉස්කෝලේ නැන්දගේ යෝජනා තිත්ත උනා.. මම කීවා කෙල්ල තාම ඉගෙන ගන්නවා කියලා..“

“ඔය යෝජනා පසසේ යනවට වඩා මම නම් කියන්නේ කෙල්ලට කැමති කෙනෙක් හොයා ගන්න නිදහස දෙන්න කියලා. අනික.. ඔයා උනත් නන්දනව හොයා ගත්තා මිසක අපි නෙවෙයිනේ ඔයාට හොයලා දුන්නේ..“

“ඒක ඇත්ත තමයි අම්මේ.. ඒත් ඉතින් අම්මා කරපු දේ දුවත් කරන්න ඔනි කියලා නෑනේ.. පුතා උනත් කියන්නේ අක්කට අම්මලාම කවුරු හරි හොයලා දෙන්න කියලා අනික දැක්කනේ ලක්මාල් කරපු වැඩේ.. එයාට තාම තේරෙන්නේ නැ තනියම තීරණයක් ගන්න.. ලක්මාල් ගැන කියද්දි කොහොමද කිව්වේ..  අන්තිමේ කරන රස්සාවේ  ඉ දලා මිනිහා කෙල්ලට කියලා තියෙන්නේ බොරු... මෙයත් ගොන් ගහ වගේ ඒකා කියන හැමදේම විශ්වාස කලා.. සුදු මැණිකේ බොළඳ වැඩියි. අම්මේ..  අපිම එයාට කවුරු හරි හොයලා දෙන්න ඔනි.. නන්දනටත් වෙලාවකට එයා තාම අවුරුදු පහේ දහයේ කෙල්ල වගේ.. ඒත් ඉතින් ඓහම කියලා බැනේ.. හැමදාමන් අපිම හැමදේම කරලා දෙන්න ගියොත්. කවදා හරි කසාදයක් බැඳලා ගිය දවසකට අපිටත් යන්න වෙයි එයා එක්ක මහත්තයාගේ ගෙදරට..“  සකුන්තලාද පැමිණ පොඩි නෝනා අසල වාඩී වී  කීවාය..

“ලොක්කි හිතන්නේ ඔය කෙල්ල බැඳලා ගිය දාකටත් අපිට නිදහසේ ඉන්න පුළුළුන් වෙයි කියලද.. දරුවෙක් එහෙම ලැබෙන්න ඉන්න කොට අපිට තමයි විඳවන්න වෙන්නේ.. දැනටත් උණක් හෙම්බිරිසාවක් හැදුනත් එයාට වඩා වද විදින්නේ අපි දෙන්නානේ..“ පොඩි නෝනා සිනාසෙමින් කීවාය..

“ඒකනම් ඇත්ත අම්මේ නන්දනත් හැමවේලේම ඔක කියනවා.. අර පහුගිය දවසක රෝස කටුවකට අත සීරිලා තිබුනේ.. එවෙලේ නන්දන ගෙදර ආපු හැටියේ දුවගෙන ගිහින් කියනවලු.. අප්පච්චි අත කැපුනා.. ඉන්න බෑ දනවා බෙහෙත් දාන්න කියලා.. නන්දන හිනා වෙනවා  මා එක්ක කියලා.. මොකෙන් හරි හුරතල් වෙන්න බලන්නනේ කියලා..“ සකුන්තලාද සිනහවට එකතු වුවාය .. 


“කෙල්ල නන්දනගේ පණ.. අපි වගේ හැම වෙලාවේම හුරතල් කරේ නැතිවට නන්දනට කෙල්ල නැතිව ඉනන බෑ.. ඒදා උපනන්ද ආපු වෙලාවේ අයියලා මල්ලිලා තුන් දෙනා බෝතලේ හිස් කරලා ඉවර වෙනකල්ම කතාව කෙල්ලගේ මඟුල ගන්න විදියක් ගැන.. ශිවන්ත කෙල්ල ගෙන්නලා අහනවා කොල්ලෙක් ඉන්නවද.. ඉන්නවනම් බාප්පිට කියන්න පුතේ.. මම අප්පච්චිට කියලා කොහෝම හරි කරලා දෙන්නම් කියලා..“ 


“ශිවන්තත් හරියට මහන්සි  වෙනවා සුදු මැණිකෙට හොඳ තැනක් බලන්න .. නන්දනලගේ පවුලේ එක කෙල්ලෙක් හරියට දීගයක් ගියේ නෑනේ.. සේරම හිතුවක්කාර කමට ගියේ. උපනන්ද අයියත් එයාට ඉශ්ධ කර ගන්න බැරිවුනු බලාපොරාත්තු ඉශ්ඨ කරගන්න ඉන්නේ සුදු මැණිකෙගෙන්.. පෙනෙන්නේ නැද්ද උපන්නදයියලා දෝනියන්දෑගේ මනුස්සයා.. උපන්ගෙයි මෝඩයෙක්නේ.. මොකට මේ කෙල්ල ඔය යකා එක්ක පනලා ගියාද මන්දා.. අයියා ඒ ගැන ඉන්නේ පුදුම හිතේ ආමාරුවකින්..“ 


“එහෙමයි කියලා ඔයා සුදු මැණිකේව හිර කරන්න යන්න එපා.. ලොකු දුව..  ඔයයි නන්දනයි යාළු වෙලා කියලා නොදැන මම ඔයාට මඟුල් කතා කරලා අන්තීමේ ඔයා කාටත් හොරෙන් බැන්දා.. ඒතනදි ඔයාට වැරදුනේ නෑ තමා.. අන්තිමේ ඔයාලට විරුද්ධ වුනු මටත් කන්න බොන්න දෙන්න උනේ නන්දනට.. කේතකියි කේනුලයිත් සමාජෙට හොඳට හදන්න පුළුවන් උනේ නන්දනගේ ගතිගුන නිසා. .. අම්මට වගේ දුවටත් බැරි වෙන එක්ක නෑ. හොඳ මහත්තයෙක් හොයා ගන්න.. එයා කොහොමත් හොයන්නේ අප්පච්චිගේ ගතිගුණ තියෙන කෙනෙක්වනේ..“ පොඩි නෝනා මද සිනහවකින් මුව සරසා කියද්දි, සතුන්තලාද එය අනුමක කර සිනා සුනාය.. 



13 comments:

  1. හී හී....පොඩි එකෙක් වගේනෙ කේතකී...

    ලස්සන කතාව..

    ReplyDelete
  2. පිස්සු හැදෙයි!:D
    මට බැරිද ඇප්ලිකේෂන් ක් දාන්න කෙතකිට!:/

    ReplyDelete
  3. හ්ම්... කසාදයක්....

    ReplyDelete
  4. කේතකී..හලේ.. සංසාරේ........

    ReplyDelete
  5. හරිම ලස්සනයි... පුදුම ලස්සනට ලියනවනෙ අක්කි.. ලස්සනම ලස්සන මම ආසම නව කතා පොතක් කියවගෙන කියවගෙන යනකොට එන වගේ පෙරේතකමක් මට අඅවා මේක කියවද්දි.. ඉතුරු කොටස් එනකම් බලන් ඉන්න වෙන එක තමා අවුල... ඉක්මණට ලියන්න අක්කි. මේක හරිම ලස්සනයි!!!!

    ReplyDelete
  6. කේතකීගේ වැඩ තාම පොඩි එකෙක් වගේනේ.. මේ කේතකීගේ වයස කීයක් විතරද කියන්නකෝ අක්කේ... අර නුවන් කිවුවා වගේ ඇප්ලිකේශන් එකක් දාන්න.. :)

    ReplyDelete
  7. අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !

    ReplyDelete
  8. හරිම ලස්සනට ලියලා තියෙනවා අක්කියෝ..

    සමන් පිච්ච ආරුක්කුවට යටින් වැටුනු අඩි පාර දිගේ ලිඳ වෙත යන ගමන කේතකීගේ දින චර්‍යාවේ සුන්දරතම අංගයකි. යන්තමින් හිරුමොදුවන උදෑසන කහ අන්දර වැටිය මතට වැටුණු පින්න අතගාමින් ඇවිදන් යන්නට කේතකී කවදත් ආශා කලාය. අත්තම්මා විසින් දෙපස වවන ලද කංකුං මුගුණු වැන්න, ගොටුකොල වැනි පලාවර්ග කොළ පැහැයෙන් බැබලීම කේතකීගේ සිතේ සතුට වැඩි කරන්නක් විය.

    මැවිලා පෙනුනා..

    කේතකීට කවුරු ලැබෙයිද.. බලාගෙන ඉන්නවා ඉතිරි කොටස එනකල්.. :)

    ReplyDelete
  9. ලොවෙත් නැ හංසි අක්කි....... ගහන ගම්මිරිස් ඇටෙ තක්කෙටම නියම තැනටම වදිනවා....... කලිසන් ඔලුවෙන් ගැලවී....ගෙන යනවා . :D හොද හොද සෙල්ලම් එළි වෙන ජාමෙට කිව්වලු හංසි අක්කෙ.... අක්කණ්ඩිගෙ පන්හිදට යොධ බල යොධ ශක්තිය ලැබෙවා ........ :D :D :D
    අම්බො කඳුලුත් එනවා අක්කෙ හිනා වෙලා .......:D :D :D

    ReplyDelete
  10. හරිම ලස්සනයි අක්කෝ

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්... සින්දු කිරිල්ලි ලස්සනයි.. සෙසු චරිත වලට භාවිතා කරලා තියෙන නම් ගොඩක් ලස්සනයි ඒ නිසා කතාව තවත් ලස්සනයි - සුභ පැතුම් - ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
  12. @ නිසුපා
    ස්තූතියි නිසූ..
    ඔව් අනේ වසය ගියත් පොඩි උන් වගේ හුරතල් වෙන කෙල්ලෙක්ව තමයි මට මවන්න ඔනි උනේ.. මම සාර්ථකයි කියලා හිතෙනවා.. :)


    @ Nuwan Tharaka
    ම්ම්ම බැරිවෙන එකක් නෑ.. නමයි ගමයි වයස එක්ක ඉල්ලුම් කරන්න බලන්න..;)

    @Tanikada
    හ්ම්... හ්ම්ම්ම්ම කසාදයක්.... තමා තනකඩ පව්නේද කේතකී..

    @ සිතුවිලි නිහඬයි
    හම් හම්.... විතරද නංගා වෙන මුකුත් කියන්න නෑද..:) ස්තූතියි ආවට

    @ Pasan අයියා
    හලේ.. සංසාරේ. නේන්නම්.. කේතකී.. කේතකී... ;)

    @ හිතුවක්කාරි
    ස්තූතියි නඟා.. ලියාගෙන යද්දි මටත් ආසයි දිගටම ලියන්න.. ඒත් මේ ලියන්න වෙලාව හොයාගන්නේත් හරිම අමාරුවෙන්.. ඒත් කොහොම හරි ඉක්මනින් ලියනවා අනිත් කොටසත් :)

    @ Dinesh මල්ලි
    ම්ම්ම් විස්සක් විසි පහක් කියලා හිතා ගන්නකෝ.. දාලා බලන්න ඇප්ලිකේෂන් එකක් ;)

    @ sAm (සෑම්)
    වෙල්කම් වේවා සෑම්!! බොහේම ස්තූතියි තවලම එකතු උනා එහෙනම් ඔහෙමම යමු ඉදිරියට :)

    @ නන්ඳු
    ස්තූතියි නංගා..!! ඇත්තටම ලස්සන පරිසරයක් නේද.. මාත් ආසයි ඒ වගේ තැනක් හදා ගන්න ඒකයි ලිව්වේ :)



    @ සිරි කොලුවා
    ටැන්කෝ මල්ලේ.. හි හි... උයා ඔහොම කියද්දි ඇඬෙනවා වගේ... බලමු නේ ඉස්සරහට..:D

    @ අකීකරු හිත
    ස්තූතියි නංගි බබෝ...!!

    @දිනේෂ් සංජය
    ස්තූතියි සා...
    ඔයාගේ සින්දු තරම්ම ලස්සන නෑ ඒත් :)

    ReplyDelete