මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jan 30, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 3 කොටස



කේතකී කාර්‍යාලයේ ගේට්ටුව අසලන් වහනයෙන් බැස ගිය පසුත් ඇය ප්‍රධාන දොර පසු කර යන තුරුම සේනක වාහනය නවතා බලා සිටියේය. කේතකීව උදෑසට කාර්‍යාලයට අරලවීමත් හවස ඇය ආපසු නිවස වෙන කැඳවාගෙන ඒමත් සේනකගේ දිනචර්‍යාවේම අංගයක් විය.

සකුන්තලාගේ සොයුරා වු සේනක කේතකී කුඩා කාලයේ සිට ඇයට බෙහෙවින් ආදරය කලේය.  සේනකගේ සෙනෙහස නිසාම ඔහු හැමවිටම කේතකීව නීති රීති වලින් සිර කර තැබුවේය. සකුන්තලා ඇතුළු සොයුරු සොයුරියන්ගේ දරුවන් සමඟ කාලය ගෙව් නිසාමදෝ.. සේනක විවාහ වුයේ මෑකතදීය. ඒත් පොඩි නෝනාගේ බලවත් පෙරත්තය නිසාය.

විවාහයෙන් පසුව මහගෙදරින් ඈතව වාසය කලත් මව සහ සොයුරු සොයුරියන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහු නොපිරිහෙලා ඉටු කලේය.  එහෙත් ඔහුගේ බිරිද ශ්‍යාමලී ඒ පිළිබඳව  වැඩි මනාපයක් නොදැක්වූවාය.

-**-

ගුඩ් මෝනිං මිස්... ප්‍රධාන දොරටුව අසල මුරකුටියේ සිටි සුනිල් කේතකී දැක අසුනින් නැගිට ආචාර කලේය.

වෙරි ගුඩ් මෝනිං අන්කල්... සුපුරුදු සිනාවෙන් ඔහුට සංග්‍රහකොට කේතකී ඉක්මන් ගමනින් පඩිපෙල ඉහලට දිව ගියාය.

ආ.. සුදු මිස් අදත් උදේම ඇවිත්.. ගුඩ් මෝනිං මිස්... කේතකීගේ කාර්‍යාල කුටිය අතුගාමින් උන් විමලා සුපුරුදු ලෙස කේතකීට ආචාර කලාය.

වෙරි ගුඩ්මෝනිං විමලෝ.. තම අත් බෑගය පුටුව මත තබා ජනෙල් නිරය විවර කරම්න්ම කේතකී සිනා මුසුව කීවාය.

මම අතුගාලා ඉවර වෙනකල් එලියෙන් ඉන්න මිස්... මේ දුවිල්ල හරි සැරයි..කාපට් එකේ දුවිලේ හරියට විස බීජ

අපෝ.. විසබීජ වලට මම බය නෑ.. විමලා දන්නවානේ.. මම ඉන්නේම විස බීජයක් එක්ක කියලා.. සැරපරුෂ කලමනාකරු සිහිවි කේතකී සිනා මුසුවු කීවාය.

හිහ්!! හිහ්!! හී..!!! මිස් නම් කියයි ඇහුනොත් හේම  ඉඳලා ඉවරයි අදත් උදේ පාන්දර.. කෝ කෝ.. කිව්වම අහලා එළියෙන් ඉන්න ... මහ හඬින් සිනාසෙමින් විමලා කියද්දි කේතකී පනාවත් රැගෙන විවේක කාමරය වෙත ගියාය.

උදෑසන කලබලයට මනාව පීරාගන්නට නෙහැකි වු කෙස්කළඹ පිරාගෙන කේතකී පැමිනෙන විට විමලා, කාර්‍යාල කුටිය පිරිසිදු කර අවසන්ව තිබුනි. පෞද්ගලික ආයතනයක් වු නිසාත් නිතර ගනුදෙනුකරුවන් කේතකීගේ කුටියට නොපැමිණුන නිසාත් කේතකී ඇයට ඇවැසි පරිදි කුටිය සකසා තිබුනාය. කුඩාකල සිටම ආශාකල ඩිස්නි සුර කුමරියන්ගේ පින්තූර කිහිපයක් රාමු කර බිත්තිවල රඳවා තිබු  අතර, කේතකීගේ පුටුව ඇයහා සමව අයිති කරගත් සෙල්ලම්  වලස් පැටියෙකුද කාර්‍යාලයේ විය. මේසය මත කෘත්‍රීම කානෙෂත් මල් පොකුරක් සහිත බඳුනක් තිබූ අතර, අසල රාක්කයෙ කේතකීගේ රාජකාරීන්ට අදාලා ලිපි ගොනු පිළිවෙලට ගොඩ ගසා තිබුණි.

මිස්.... යාබද කුටිය පිරිසිදු කරමින් සිටි විමලා වීදුරු දොරින් එබෙමින් කේතකී ඇමතුවාය.

ම්ම්ම්ම්... ලිපි ගොනු සහිත රාක්කය දෙසටම යොමා ගත් නෙත් ඇතිව සිටි කේතකී.. ගෙල හරවා විමලා දෙස බැලුවාය.

අද සමන්ති මිස්ගේ උපන්දිනේ..මට අමතක උනානේ මිස්ට ආව ගමන් කියන්න...

ආ..න්..නේ..... කෝ කෝ.. සමන්ති අක්කා ආවාද? කලබලයෙන් පිටතය පැමිනෙමින් කේතකී ඇසුවාය.

තාම නෑ මිස්.. නවය කිට්ටු කරලානේ එන්නේ...

අන්න විමලෝ.. එහෙනම් අනිත් අයටත් කියලා පටස් ගාලා රිසෙප්ෂන් එක ලඟ ලෑස්තිවෙන්න මම දුවලා ගිහින් මල් ටික අරන් එන්නම්... විගසින් තම කුඩා අත්පසුම්බියත් දුරකතනයත් අතට ගත් කේතකී වේගයෙන් පඩිපෙළ බැස රථගාල වෙත දිව ගියාය.

බණ්ඩාර.. එන්න ඉක්මනට... ලස්සන මල් එකට දුවලා එමු... වාහනයට පිටදී දුරකතන ඇමතුමක සිටි රියදුරු අමතමින්ම කේතකී ඉදිරි පසු  අසුනේ හරිබරි ගැසුනාය.

ආ... ඇයි මිස් උදේම...ලස්සන මල් යන්නේ... දුරකතන ඇමතුම විසන්ධි කොට රියදුරු අසුනට බරවු බණ්ඩාර සුපුරුදු ලෙන්ගතු කමින් ඇසුවේය.

අද සමන්ති අක්කාගේ උපන්දිනේ.. මටත් දැන් විමලා මතක් කලේ..

අයියෝ.. මිස් උදේ කිව්වනම් එන ගමන් ගේනවානේ.. අපරාදේ.. මිස් අන්තිම මොහෝතේ දුවන්නේ...

අන්නේ.. බන්..... මම කලින් දන්නවනම් ඉතින් කියනවනේ.. මටත් දැන් විමලා තමයි කිව්වේ.. අමතකම වෙලා හිටියේ...

ආ..... ඔව් නේද..... බණ්ඩාර සුපුරුදු මෝඩ සිනාව පාමින් වාහනය ඉදිරියට ධාවනය කලේය. ඒ අතර යලිත් ඔහුගේ දුරකතනය නාද විය.

බණ්ඩාරගේ ගෑණු ළමයා හරියට වද දෙනවා නේද..කේතකී ඉගිමරමින් කිසා බණ්ඩාරට සමච්චල් කලාය.

නෑ.. මේ වෙන එක්කෙනක් මිස්..හදිස්සියකට සල්ලි වගයක් ඉල්ලනවා... බණ්ඩාර තනමින් කීවේය.
මොකා?.. ගෑණු ළමයෙක්ද?

ඔව් මිස් දන්නේ නැද්ද.. මම කලින් ට්‍රයි කරපු එක්කෙනක්..

දැන් ඉතින් ඇයි  ඔයාගෙන් සල්ලි  ඉල්ලන්නේ... එයා ඔයාට අකමැති උනානේ...

ඒකනම් එහෙම තමයි මිස්.. ඒ උනාට ඉතින් උදව්වක් ඉල්ලුවාම නොකරත් බෑනේ..

අනේ.. මෝඩයෝ... ඔය සල්ලි ආපහු දෙයි කියලා ෂුවර්ද... කේතකී පුදුමයෙන් ඇස් විසල් කරමින් ඇසුවාය

දෙන්නේ නෑ කියලා මාත් දන්නවා මිස්.. ඒත් ඉල්ලුවාම බෑ කියන්න බෑනේ... අනික එයා දන්නවා මට හොඳ පඩියක් හම්බු වෙනවා කියලා

ගොඩාක් හිත හොඳ උනාමත් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි බණ්ඩාර.. කේතකී හැඟිම් බරව කීවාය.
ඒක වෙන්න ඇති මිසුත් හාමදාම දුකික් ඉන්නේ... අනිත් අයව සතුටු කරන්න මිස් මොන තරම් දේවල් කරනවද.. සුනිල් අයියට, විමලක්කට, මට , මිස් කොයිතරම් කරුණාවන්තද.. ඒත් ඔපිස් එකේ අනිත් අය මිස්ට කොයි තරම් ඉරිසියයිද මිස්.. මිස්ගේ වැඩ අවුල් කරන්නම ඔපිස් එන කීදෙනක්නම් ඉන්නවද.. ඒත් මිස් කවදාවත් කාටවත් වචනයක් කියනවා මම දැකලා නැහැ.. හැමෝටම එක විදියට සලකන්නේ.. මට ඉස්සෙල්ලා මිසුයි ඔය දැන් කියපු දේ හිතට ගන්න ඔනි.. බණ්ඩාර හැඟිම්බරව කියා බයාදු දෙස කේතකී දෙස බැලුවේය. ඒ වන විට ඔවුන් මල් වෙළඳ සල අසලට පැමිණ තිබුනි.

හ්ම්ම්ම්ම්.. ඇති ඇති පණ්ඩිත කම.. විනාඩි පහක් යයි ඔය අයිනෙන් පාක් කරන් ඉන්න.. මම පටස් ගාලා එනවා.. කියමින් කේතකී වාහනයෙන් බැස ගියාය.

සමන්තී වෙනුවෙන්ම සුන්දර මල් කළඹක් සකසා ගත් කේතකීත් බණ්ඩාරත්, නැවත වේගයෙන් කාර්‍යාලය වෙත ගියෝය. ඒ වන විට සියලු දෙනාම පිළිගැනිමේ කවුන්ටරය අසල  සමන්ති පැමිනෙන තුරු බලා සිටියෝය. කේතකී රැගෙන ආ මල් කළඹ සමන්තියේ සමීප යෙහෙලිය අතට දුන් කේතකී අන් අය අතරට එක් වූවාය.

තම උපන්දිනය දා කාර්‍යාල සුමිතුරන්ගේ උණුසුම් පිළිගැනීම  සමන්තිගේ සිත බෙහෙවින් සතුටු කලේය. සමන්තියේ දෑසේ සතුට දැක කේතකීද බෙහෙවින් සතුටු වුවාය.

-**-

සුපුරුදු ලෙස ලිපි ගොනුවල සිරවී සිටි කේතකීගේ අවධානය බිඳුනේ  මේසය මතවු දුරකතනයේ නාදයෙනි. ලිපි ගොනුව අත තබාගෙනම ඇය දුරකතනය ගෙලට සිර කර කතා කලාය

කේතකී හියර්...

ආ... ආන්ටී... ගුඩ් මෝනිං..

ගුඩ් මෝනිං මහී... කියන්න...

“Call from Colombo”

“okz connect it ” කේතකී කියද්දිත් මහි ඇයව පැමිණ තිබු ඇමතුම හා සම්බන්ධ කර අවසානය.

“Hello Kethakee hear…”

ආ.. මැට්ටී..... දුරකතන ජාලය හරාහා ඇදී ආ ගවේශාගේ හඬ කේතකීට හඳුනා ගත හැකි විය
.
අහ්!! ගල් ඉබ්බී.... උඹද....? කියු කියු.. ලිපි ගොනුවේ පිටු පෙරලමින්ට කේතකී පුටුවේ හරිබරි ගැසුනාය.

කම්මැලියි බන් අක්කේ... ගවේශා සුපුරුදු ලෙස ඇදෙන ස්වරයකින් කීවාය...

හෑ.. මොකා...!! දැන් උඹට කම්මැලියි කියලා මම පලිද.. වැඩ තියෙනවා පිස්සියේ... කේතකී ආදරයෙන් කියා සිනාසුනාය..

මොකක්ද බන් අක්කේ.. අපිට ඔපිස් එකේ මේ සා අධිවේගී දුරකතන පද්දතියක් දීලා තියෙන්නේ Branches අතරේ communication develop කරන්නනේ.. මොනවා මොනවා හරි කියනවකෝ... ගවේශා.. සුරතල් වුවාය..

මේ ගවේසෝ.. මගෙන් මුකුත් නාහා හිටින්.. Head office එකේ උඹලා අයිස් ගහනවා අපියි කටු කන්නේ මෙහේ.. වැඩ කරපන් වැඩ කරපන්.. කේතකී සිනාසෙමින් ගවේශාට තරවටු කලාය..

ඒ.. මේ මාර සීන් එකනේ...... ගවේශා ලොකු කතාවකට සැරසුනාය.

ආ.. අර අද උදේ බස් එකේ ලස්සන කොල්ලෙක් ලඟ වාඩි වෙලා ආපු සීන් එක නේද.. කේතකී ගත් කටටම ඇසුවාය.

උඹ කෝමැයි ඒක දන්නේ.. ගවේශා පුදුමයෙන් ඇසුවාය.

ඇයි බන් අද BBC News වලට කිව්වේ...” කේතකී සරදම් කලාය...

ඒ.. ඇත්ත කියනවා.. කොමද දන්නේ...

ඇයි බන් ගවේසෝ උඹ උදේට ටොයිලට් යන ඒකේ ඉඳලා.. රෑට නිදා ගන්න කලින් දත් මදින එකට එනකල් සේරම Facebook එකේ දානවනේ..   කේතකී මහ හඬින් සිනා සෙමින් කීවාය. ඇගේ සිනාවට යාබද කුටියේ සිටි අනුරංගී පවා හැරී බලද්දි ඇය සිනාව පාලනය කර ගත්තාය..

යනවා යනවා මැට්ටී..... ඒ මාර හැන්ඩ්සම් පොරක් බන් අක්කේ....

හැබෑට.. උඹට තිබුනේ  නොම්මරේ ඉල්ල ගන්න... අපාදේ නේ.... කේතකී නැවත නැවතත් ගවේශාට සමච්චල් කලාය.

සික්... කොහේද.. පොර පුම්බගෙන හිටියා මිසක්.. මා දිහා හැරිලා බැලුවේ නෑ  බන්...ගවේශා කනස්සල්ලෙන් කීවාය..

දෙන්නෙයි ෆ්‍රි ඇඩිවයිස් එකක්.....

දී කෝ බලන්න...

හැමදාම ඒ බස් එකටම නැගපන් අඩුම ගානේ එක දවසක් හරි ආයි සැට් වෙයිනේ..

අනේ මන්දා.. බන්...

බැරිනම් නටා ගනින්...

ඒ... ඒ...අක්කේ.... මාරම සීන් එකක් වෙමින් පවතී..... එක්වරම කතාව වෙනස් කල ගවේශා රහසින් මෙන් කීවාය..

මොකක්ද ගවී... කේතකීද පුදුමයෙන් මෙන් ඇසුවාය.

ඒ.. ඔයාගේ ලක්මාල් අයියා ඇවිත්.. බවන්ත අයියාගේ කැබින් එකේ... ගවේශා.. රහසින් මෙන් කීවාය..

ආහ්!! .ඇ....ත්...ත..ද.. කේතකී ගනනකට නොගෙන කම්මැලි ස්වරයකින් කීවාය. ඇයට ලක්මාල් ගේ නම ඇසීම පවා මානසික වදයක් විය.

ඒ දැන් බලමු පොර මා එක්ක කතා කරයිද කියලා.. ... අම්බේ... අන්න පොර මගේ කැබින් එකට එනෝ... ඒ.. ඒ... මම තියන්නම්.. ගවේශා කලබලයෙන් මෙන් කීවාය

ඒ.. ඒ.. ප්ලීස්.. කට් නොකර හිටු.. ප්ලීස් ප්ලීස්.... මම සුට්ටක් කට හඬ අහන්න... කේතකී බැගැපත් වුවාය. 

ගවේශා කිසිත් කියන්නට හෝ දුරකතනය විදන්ධි කරන්නට පෙර ලක්මාල් ඇය අසලට පැමිණියේය.

අලෝ.. සුදු නංගියා.. කොහෙමද ඉතින්.... ලක්මාල්ගේ කට හඬ දුරකතන ජාල හරහා පැමිණ කේතකීගේ සවන් පත් මෙන්ම හදවතද රිදවුවේය. ඇය වෙව්ලන සුරතින් රිසීවරය සිරකරගෙන අසා සිටියාය නමුත් ඇයට ඉන් පසු කිසිත් ඇසුනේ නැත. පසෙක තිබු. ඇයගේජංගම දුරකතනය නාද වෙද්දි ඇය රිසීවරය අතහැර ජංගම දුරකතනය අතට ගත්තාය. ඇමතුම බවන්තගෙනි.

12 comments:

  1. කලින් පෝස්ටුවේ අපේ කමෙන්ට්වලට රිප්ලයි නැද්දෝ.. ?

    ReplyDelete
  2. ස්තූතියි සෑම්.. ඔන්න රිප්ලයි කලා.. ටිකක් කාර්‍ය බහුල නිසයි මග හැරුනේ.. සමාවෙන්න ඔනි.. :)

    ReplyDelete
  3. නියමම කතාව...
    කේතකීගෙ චරිතෙ හරිම ශෝක්.... :))

    ReplyDelete
  4. එල එකෙන්ම සුපිරි.......!!!!

    ReplyDelete
  5. කතාව ලස්සනට ගලාගෙන යනවා....

    ReplyDelete
  6. කතාව ලස්සනයි අක්කේ... මේ කේතකී ගැන මට හිතක් පහල වී ගෙන එන්නේ....

    ReplyDelete
  7. @නිසූ..
    ස්තුතියි නිසු.. කේතකී හැමෝම ආදරේ කරන චරිතයක් කරන්නයි මම ආස. :)

    @අසංක
    ස්තුතියි අසංක..!! :):)

    @නෙරංජි
    ස්තුතියි නංගී..ඔයාගේ කමෙන්ට් එකට.. ම්ම්ම් නවකතාවක් තමයි..

    @පොඩ්ඩි අක්කා..
    යා යා අක්කේ.. ගලාගෙන යනවා.. :) දිගටම කියවන්න හොඳඳ :) :)

    @දිනේශ් මල්ලි
    කොල්ලා එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගන්න කීවලු.. ;;))
    මල්ලිටත් කේතකී වගේ කෙල්ලක්ව අපි හෙමීට හොයමුකෝ... :):)

    ReplyDelete
  8. sha...onna ada kathawe godak dala...onna oya widiyata dannako .....

    Dinesh ayiyatanam hadigena ena lede hoda na....neda Sudu akke.....

    ReplyDelete
  9. හ්ම්.. කතාව දෙතුන් පාරක් කියෙව්වා එත් නිවි හැනහිලේලේ කියෙව්වේ අද කොටස් දෙකක් එක සැරේ කියවිම පිළිබදව සතුටුයි.. ඔයා ලස්සනට ලියනවා.. කියවන්න ආසයි ඒ නිසා එක දිගට හිනා යනවා ලියලා තියෙන දේවල් දකින කොට.. භාෂාව ලස්සනට හසුරන නිසා එක දිගට කියවන්න ආසයි.. කොහොම උනත් සින්දු කිරිල්ලි නම් ඇත්තටම සුන්දරයි ... සුභ පැතුම් තවත් හොදට ලියන්න....

    ReplyDelete
  10. මේ කොටසට කියෙව්වට කමෙන්ට් කරන්න බැරි ව්උනානෙ... කේතකීට ඕන කොල්ලෙක්ට ආදරේ හිතෙනවා අක්කෙ.. හරිම ලස්සන චරිතරය්ක්

    ReplyDelete
  11. ශා.......... හංසි අක්කි නියමෙට මැච් එක ප්ලේ කරනවා නෙව. thumbs up akke ..(Y) .... ලොවෙත් නැ ... :D

    ReplyDelete